Ads 468x60px

Thursday, March 31, 2011

මෝඩයාගේ දවසට ගන්න අදහස් 100 ක්!

දන්නව නේ අද ඉතින් අපි කාගෙ කාගෙත් දවස කියල..කොහොමද හිතන් ඉන්නෙ ? මෝඩයාගෙ දවසෙ කවුරුහරි රවට්ටන්න නම් ඕන ...ඒත් හොඳ අදහසක් නැහැ නේ..????? මම දෙන්නම් එකක් නැතුවට 100ක්ම .අදහස් සීයයක්!!! හ්ම්....එහෙනම් මේ සැරේ දෙන්න ඕන හොඳ ගේමක්..ආ..හැමෝමමෙතනින් බා ගෙන  හොඳ අදහසක් මේකෙන් ගන්න බලන්න....



Sunday, March 27, 2011

සජිත් , ප්‍රේමදාස මහත්තයගෙ පුතෙක් නොවෙයි!

හැමෝම වගේ පහුගිය ඡන්දයේ අන්ත පරාජය සමඟ යූ ඇන් පීය ගැන බොහොම කලකිරීමෙන් තමයි කථා කලේ හැමෝම හිතුවෙ මේකෙන් පස්සෙවත් ලොක්ක  අස්වෙලා හම්බන්තොටට නායකත්වය දීල නව ගමනක් අරඹාවි කියල කොහොම වුණත් සිද්ධ වුණේ හැමොම පුදුමයට පත්වන ආකාරයේ දෙයක්... කරු ජයසූරිය මහත්තයට අමතරව තවත් නියෝජ්‍ය නායක කමක් ඇති කරල සජිත්ට දුන්න සජිත් උන්නැහේත් ඒක හිනාවෙලා භාරගත්ත. රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා සජිත් නායක කමට සුදුසුයි කියල යෝජනා කරද්දි ඒ යෝජනාව ස්ව කැමැත්තෙන් අස්කරගන්න තරම් සජිත් තුච්ච වුණේ ඇයි? ඡන්ද කාලෙ මම නායකත්වයට පත්වෙනව , මෙවර යූ ඇන් පී කාරයො අවුරුද්ද කන්නෙ සජිත්ගෙ නායකත්වයෙන්... කියල යටිගිරියෙන් කෑ ගහපු සජිත්ට මොකද වුණේ ??? 

Wednesday, March 23, 2011

දුන්න පොරොන්දු ඉටුකරපල්ලා....

දහසක් පොරොන්දු අහිංසක මිනිසුන්ට වපුරපු අපේ දේශපාලන හැත්ත අද ජයග්‍රහණයෙන් උදම්ව ජයපැන් බොමින් ජයඝොස නඟමින් පාර පුරා පෙළපාලි යති...අහිංසක මිනිසුන්ද ඔවුන්ට අද ඔල්වරසන් දෙමින් බලු කුක්කන් සේ ඔවුන් පිටුපස ගමන් කරති එහෙත් තව නොබෝ දිනකින් සිදුවන දේ කුමක්ද? මිනිසුන්ගේ ජීවිත සුපුරුදු ලෙසට පත් වන අතර අරුන්ගේ සාක්කුවල රුපියල් දහස් ගනන් පිරෙන්නේ ඒ පස්සෙන් ගිය මිනිස්සුන්ගේ රටේ සියලුම මහජනතාවගේ සල්ලි වලිනි....අඩුම තරමින් ඔවුන් ගහන මාටියා පාරටවත් හරියන්නට ජනතාවට සේවයක් කරනවානම් දුක නැත. ජනතාවට සේවය කරන්නට එන බව පවසමින් ගැසූ ඒ පොරොන්දු ඉටු කිරීමට දැන් ඔබට කාලය එළඹ ඇත..

Tuesday, March 22, 2011

රනිල් වල් බල්ලා වෙයිද?

දිගින් දිගටම පරාජය පමනක්ම විඳින අපේ අසරණ යූ ඇන් පී කාරයින්ට අද වැලේ වැල් නැත... ඡන්ද ප්‍රතිඵල දිහා බලමින් ඔවුන් සුසුම් හෙලන්නේ අතීතය ගැන සිහින මවමිනි. පක්ෂයට හිතැති කවදත් යූ ඇන් පී කාරයින් එසේනැත්නම් කැපුවත් ‍කොළ රුධිරය ගලන නියම යූ ඇන් පී කාරයින් අද කඳුළු හෙලන්නේ යූ ඇන් පී ආණ්ඩුවක පෙර මඟ සලකුණු පවා මැකී ගොස් ඇති බැවිණි. ඒ ඉලව් අස්සේ සිරිකොත මන්දිරයේ ගොන් පොර අල්ලන යූ ඇන් පී පාලන හැතිකරය නායකත්වය වෙනුවෙන් ඔවුන් ඔවුන් ඇන කොටා ගනිති. ලෝකයේ එක දිගටම වැඩිම වාරගනනක් පැරදුන විපක්ෂ නායක රනිල් මහතාද  නායකත්වය වෙනත් කෙනෙකුට දීමට මැලිවන්නේ ඔහු ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයා වන බැවණි... ජනතාවට හොරා මහින්ද රාජපක්ෂමහතාගේ පිටිපස්ස ලෙව කන ඔහුට ඒ වෙනුවෙන් මස්කටු ලැබෙන බවද අහිංසක යූ ඇන් පී කාරයින් දන්නෙ නැත...