Ads 468x60px

Friday, November 18, 2011

YouTube එකේ තියෙන වීඩියෝ පහසුවෙන් බාගත කරන්නෙ කොහොමද?

YouTube එකේ තියෙන වීඩියෝ පහසුවෙන් බාගත කරන්නෙ කොහොමද? කියන එක ගොඩක් අය මගෙන් අහල තියෙනව ඒ නිසාම තමයි මේ ලිපිය ඉදිරිපත් කරන්නත් හිතුනෙ..ගොඩක් අය මේකට සොෆ්ට්වෙයාර් හොය හොය ලත වෙනව..මේක අන්තර්ජාලය හරහාම පහසුවෙන් කරගන්න පුළුවන් ඒ වගේම වීඩියෝ MP4 විදියට හෝ 3GP,MP3 විදියට ලබාගන්නත් පුළුවන්. පහත තියෙන සබැඳියන් වලින් එකකට ගිහින් Youtube එකේ ඩීඩියෝව අඩංගු (URL) වෙබ් ලිපිනය  Copy කර එහි ලබාදී ඇති ස්ථානයට Paste කිරීමෙන් පසු Download Link එක ලබාගන්න පුළුවන්.

Friday, November 11, 2011

පරිගණකයේ කරන ක්‍රියාකාරකම් Record කිරීම සඳහා හොඳම වැඩසටහන...

මේක ඉතා ජනප්‍රිය පරිගණක වැඩසටහනක් Camtasia Studio තමයි මේකෙ නම. මේ වැඩසටහන භාවිතා කරමින් පරිගණක තිරයේ දර්ශනය වන සියලුම දේ ඒ කරන ආකාර‍යෙන් වීඩියෝ විදියට තැටිගත කරගන්න පුළුවන් පරිගණක උගන්වන පුද්ගලයෙකුට නම් මේ ගොඩක් වටිනව ඒ ඒ ක්‍රියාකාරකම් වීඩියො විදියට කරමින්  පැහැදිලි පරිගනක පාඩමක් හදාගන්න පුළුවන් ඒ වගේම පවර් පොයින්ට් වල කරපු වැඩසටහනක් වීඩියෝ එකක් විදියට හරව ගන්නත් මේ වැඩසටහනින් පුළුවන්.....;

පහත ඇති සබැඳියෙන්ලබා ගන්න.....



Saturday, November 5, 2011

කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වුණ සෙවුම් යන්ත්‍ර (Search Engine for Kids)

අන්තර්ජාලයේ සැරිසරන ඔබට නිතර දකින්නට ලැබෙන්නේ අසභ්‍යය දර්ශන ,කුඩා දරුවන් සමහර වෙලාවට නොදැනිම මේ වගේ අසභ්‍ය පින්තූර පසුපස ගොස් තම ළමා මානසික තත්වයෙන් ඔබ්බට යන අවස්ථා ඇති බව අප දනිමු කෙසේ වුවත් තත්වය සියට 100 ක් ම පාලන කල නොහැකි වුවත් වයස් මුහුකුරා යනතුරු වත් ළමා කම රැකදීම නුවණ ඇත්තවුන් කලයුතුව ඇත. එසේ කීමට හේතුව මෙවන් අසභ්‍ය දේවල් සමඟ හිත වෙනතකට යොමුකර ගනිමින් ඔවුන් අධ්‍යාපනය පවා කඩාකප්පල් කරගන්නා අවස්ථා ඇති බැවිණී ඒ සඳහා කළහැකි යමක් ඇත්නම් නෙපමාව කළ යුතුය.. අන්තර්ජාලයේ තොරතුරු ගවේශණයේදී ඒ සඳහා සුදුසු සෙවුම් යන්ත්‍ර භාවිතය සහ නෙට් නැනී (Net Nanny) වැනි පෙරුම් වැඩසටහන් භාවිතා කිරීම තුලින් ඉහත කී තත්වයන් සුළුමට්ටමින් හෝ පාලනය කරගැනීමට හැකියාව ඇත . කුඩා දරුවන්ට පහත සඳහන් සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට සලස්වන්නේ ඒ තුලින් සාර්ථක සෙවුමක් සේම අසභ්‍ය දේ රහිත සෙවුමක් සිදුකළ හැකි වනු ඇත.

01) KIdrex
04) Kigose
07) OneKey

නොමිලයේ බාගත කරන්න පහසු විදි (1) ......(Free Download)

Google සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් යමක් සොයද්දි නොමිලයේ බාගත කිරීම් කරන්න පුළුවන් ලේඛන සොයන්න ටිකක් අමාරුයි ඒක එක එල්ලයේ කරන්න බෑ සබැඳියන් කිහිපයක් පරික්ෂා කරන්න සිද්ධවෙනව ඒ නිසා ඒකට වෙනත් සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරල පහසුවෙන්ම බාගත කිරීම් සඳහා ලේඛනයන් සොයාගන්න පුළුවන් Mediafire කියල කියන්නෙ ගොඩක් අය අන්තර්ජාලයේ ලේඛනයන් ගබඩාකිරීම සඳහා යොදාගන්නා ස්ථානයක් ඉතින් ඒ ගබඩා තුල ඕනම ආකාරයේ ලේඛනයන් තැන්පත් කරල තියෙනව ඒවා පරික්ෂා කරල අපිට අවශ්‍ය ලේඛනයන් සොයාගන්න පුළුවන් ඒ සඳහා විශේෂිත වූ සෙවුම් යන්ත්‍රක් ගැන තමයි මේ කියන්න හදන්නෙ Nerd-Search කියන සෙවුම් යන්ත්‍රය නම් මරු...පාවිච්චි කරලම බලන්නකෝ....

http://www.nerd-search.com