Ads 468x60px

Monday, September 30, 2013

Windows XP Service Pack 2 නම් 3 වලට මාරුකරගන්න ලේසිම ක්‍රමය....

Windows XP Service Pack 2 වලට බොහෝමයක් වැඩසටහන් සපෝට් කරන්නෙ නෑ ඒ වගේම වින්ඩොස් එක්ස් පී එකට 2014 ඉඳන් අලුතින් නිෂ්පාදනය වන කිසිම වැඩසටහනක් සහයෝගය දෙන්නෙ නැති බව දැනටමත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ප්‍රකාශ කරල තියෙන්නෙ කොහොම වුණත් දැනට අපට අවශ්‍ය‍ කෙරන වැඩසටහන් වත් ධාවනය කරවන්න Windows XP Service Pack 3 වලට මාරු කරගන්න ඕන ඒ සඳහා මෙන්න මේ ක්‍රමය අත්හදා බලන්න හැබැයි 100% විශ්වාසය තැබිය නොහැකියි හේතුව මෙහිදී සම්පූර්ණ ලිපිගොනු අකෘතිය වෙනස් නොවන බැවිණි කෙසේ වුවත් සමහර වැඩසටහන් මෙම ක්‍රමය මඟින් ධාවනය වන බව අත්හදා බලා ඇත.... ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න..

change windows xp service pack 2 to service pack 3


01) Start 
 
02) Run
03) "Regedit" ලෙස ටයිප් කර OK කරන්න
04) HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Windows ලෙස උපදෙස් තෝරාගන්න
05) 

ඉහත රූපයේ පෙනෙන පරිදි CSDVersion ඩබල් ක්ලික් කර එහි ඇති Value Data අවස්ථාව 200 ලෙස සටහන් වී ඇති අතරය එය 300 ලෙස වෙනස් කිරීම සිදු කළ යුතුය දැන් ඔබට අවශ්‍ය වැඩසටහන් ස්ථාපනය කර බලන්න මෙම ක්‍රමය අසාර්ථක වුවහොත් Windows XP SP Update එකක් සිදු කිරීම කළ යුතුය

පෙට්ටියට දැමීම හෙවත් Dropbox

පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි Dropbox.  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව  Media-fireRapid-share Skydrive වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ  ගබඩා කරන්නත් පුළුවන් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ෆයිල් Share කිරීම සඳහාද මෙය යොදාගත හැක .