Ads 468x60px

Showing posts with label විනෝදාත්මක. Show all posts
Showing posts with label විනෝදාත්මක. Show all posts

Tuesday, July 13, 2010

මේක මගේ ගෙදර...නෑ යකෝ මගේ ගෙදර????

ඔන්න එක දවසක් දෙන්නෙක් තැබෑරුමකට වෙලා හොදටම බිව්ව එදා ඔවුන් දෙන්නම බිලා තියෙන්නෙ පහුවදාට රටේම අරක්කු තහනම් කරනව කියල හිතාගෙන..කන සාක්කුවේ.. තැබෑරුම වහන්න හදන කොට දෙන්නටම නැගිටින්න සිද්ද වුණා.ඒදෙන්න ම පාරට බැහැට යන්න පිටත් වුණා..මෙන්න මෙහෙම කිය කිය..

Monday, June 21, 2010

පුළුවන් නම් කුණුහර්ප 20ක් කියපන්...!

නොබෝදා මා සේවය කරන ස්ථාන අසල මිනිසුන් පිරිසක් කුණුහර්ප කියමින් බැණ ගන්නා ආකාරයක් ඇසී මා ද ඒ දෙසට අවධානය යොමු කළේය   . එහී දී මට අසන්ට ලැබුනේ වචන ඉතා සුළු ප්‍රමාණයකි... කුණුහර්ප යනු තම ආවේගයන් පළකිරීම සඳහා තම භාෂාව හා බැලූවිට එහි නිතර නොකියවෙන වචන හා නුහුරු වචන භාවිතා කරමින් තනා ගත්  වචන කිහිපයකි. සිංහලයේ පමණක් නොව ඕනෑම භාෂාවක මෙවැනි වචන මාලාවන් ඇත.සමහර මිනිසුන් මේවා ඇසීම දැඩි සේ පිළිකුල් කරති එසේම සමහර මිනිසුන් මෙම වචන භාවිතා කිරීම දැඩි ‍සේ පිළිකුල් කරති තවත් සමහරුන් තම දරුවන්ට මෙවා ඇසීමටවත් ඉඩ නොතබයි මෙම වචන වලට බිය වෙති.

Thursday, June 10, 2010

හොඳ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න තියෙන්න ඕන හොඳම දේ??

බොහෝ මිරිමින් තමාට සුදුසු සහකාරියක් සොයා ගැනීමට අපෝසත්ව හිතට එකඟ නැති සහකාරියකට අවසානයේ කැමැත්ත පලකරමින් තම පව්ල් ජීවිතය අවුල් කර ගනිති...සමහරුන් තමන්ට හොඳ කෙල්ලකු සමඟ යාළුවන්ට සුදුසු කමක් නැතැයි මානසිකව පීඩා විදිති කෙසේ වෙතත් තමන්ට සුදුසු හොඳ කෙල්ලක් සමඟ හාද වීමට අවශ්‍ය විශේෂ සුදුසුකම් මොනවාදැයි දැන ගැනීමටත් විනෝදාශ්වාදය පිණිසත් මේ පිලිබඳ මත විමසුක් පැවැත් වීමට මනුස්සකම අඩවිය තීරණය කර ඇති අතර මෙහි දී ඔබගේ පෞද්ගලික මතය පලකිරීමටද අවස්ථාව සලසා ඇත.පහත සඳහන් සබැඳියෙන් එම මත විමසුම වෙත ගොස් ඔබේ වටිනා අදහසත් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දැනුම් දෙමු.



Tuesday, June 1, 2010

මෙන්න පලු...

වියලි කළාපීය ප්‍රදේශයන් හී විශේෂයෙන් දකුණු පළාතේ හම්බන්තොට ප්‍රදේශයේ ඇති "පලු"  ඉතා විශාල ගස් වර්ගයකි පලු ගස් ඉතා විශාල සේම එහි හටගන්නා කුඩා ගෙඩි ඉතාම රසවත් පලතුරක්ද වෙයි සෑම අවුරුද්දකම මැයි-ජුනි මාසවලදී පලු ගස් ගෙඩිවලින් බරවෙයි පලු ගෙඩි ඉදුනු පසු තද කහ පැහැයක් ගනී.බොහෝ පිරිස් මෙම කාලයට "පලු" කැඩීම සඳහා කැළයට ඇතුල්වෙයි එය ඉතාමත් විනෝදජනක ගමනක් මෙන්ම තරමක භයානක ගමනක්ද වෙයි කැති,පොරොව, වැනි අයුධ සමඟ කැළයට ඇතුලුවෙයි එමෙන් පිපාසය සඳහා වතුරබෝතල්ද රැගෙන යාම අනිවාර්යය වේ.එම කණ්ඩායමට විශාල ගස් නැගීමට පුරුදු පුද්ගලයෙක් ද සිටිය යුතුය පලු කැඩීම සිදු කරන්නේ විශාල පලු ගස්වලට නැග එහි අතු කපා බිම හෙලයි පසුව ගසයට සිටින පුද්ගලයන් එම ගෙඩි කඩා භාජනයකට එක් රැස් කර අවසානයේ සම සමව එම පලු ගෙඩි බෙදාගැනීම සිරිතකි. පලු කැඩීම ඉතාම අනතුරුදායක ක්‍රියාවකි එයට හේතුව පලු ගස් ඉතා විශාල බැවිණි එසේම පලු ගස් වල එතුන එරමිණියා නම් දරුණු කටු සහිත වැල් නිසා එහි නැගීමද ඉතා අසීරුය එමෙන් ගස මුදුනේසිට පහලට අතු කපා දැමූවිට එහි ඉදුනු පලු ගෙඩි බොහෝමයක් බිමට වැටීමෙන් අත්තක ඉතුරුනව පලු ප්‍රමාණය ඉතාම අඩුය එබැවිණ් විශාල ගස් ප්‍රමාණයක නැගීමටද සිදුවේ සමහර අතු පහත ඇති කුඩා ගස් මතට වැටීමෙන් එවා ගැනීමට අපහසුය.

Monday, April 19, 2010

ගිරා මල....

මල් වර්ග විවිධ හැඩයන්ගෙන් දැකගත හැක නාරිලතා මල කාන්තාවකකගේ ස්වරූපයට බෙහෙවින් සමාන මලකි එසේම කුරුල්ලන්,මිනිසුන් ,සතුන් හා නොයෙකුත් හැඩ වලින් පුෂ්පයන් දැකගත හැක මෙයත් එවැනි පුෂ්පයකි ගිරවකුගේ ස්වරූපය ගත් මෙම අපූරු පුෂ්පය තායිලන්තයේ මල් උයනකින් හමුවී ඇත ගිරවකුගේ හොටය ඇතුළුව සියලුම අංගයන්ගෙන් සමන්විත මෙම පුෂ්පය ලංකාවේ පරවි මලට මදත් සමාන කමක් දක්වයි නමුත් එයට වඩා වර්ණවත් වීම මෙහි විශේෂත්වයයි..පහත දක්වා ඇත්තේ එම ගිරා මලයි..

Sunday, April 4, 2010

පාට කොළේ නිකං කොළේ......

අලුත් අවුරුදු කාලෙත් දන්නෙම නැතුව කිට්ටු වෙලා හැබැයි ඉතින් ඉස්සර වගේ විනෝදයක් නම් නෑ ඉස්සර නම් ඉතින් අපිට අවුරුදු වගේ.හරි කොහොම වුණත් මේ අවුරුදු කාලෙට වටේම ඉන්න පොඩි එවුන් ටිකයි අක්කල නංගිලා ටිකයි එකතු කරගෙන සෙල්ලං දාන එක කොල්ලන්ගෙ විනෝදාංශය නේ..මම කියන්න හදන්නෙ මේ කාලෙට කරන්න හොඳ සෙල්ලමක් ගැන කාඩ් කුට්ටමෙන් කරන සෙල්ලමක් මේවත් ඉතින් මැජික් තමයි.

මුලින්ම කියන්න ඕන පාට කොළේ කියන්නෙ හේර,පොරව,බූරුව ආ එහෙම කිව්වට සමහරු දන්නෙ නෑ නේ රජතුමා,බිසව,ඇමතියා ගේ රූප, අනිත් ඒව නිකං කොළ එහෙනම් වැඩේ පටන් ගමු මේක තනියම කරන්න බෑ තව කෙනෙක් සෙට් කරගන්න ඕන හැබැයි විශ්වාස වන්ත කොනෙක් එයාට කියන්න ඕන පාට කොළයක් එන කොට පොඩි සංඥාවක් දෙන්න කියල කාටවත් පේන්න සංඥාවක් දැම්මොත් වැඩේ අහුවෙන නිසා පාට කොළයක් එනකොට හිමිහිට කකුල පාගන්න කියන්න දැන් කාඩ් කූට්ටම අරගෙන රෑප සහ අංක සහිත ‍පැත්ත අනිත් අයට පේන්න තියා ගන්න එතකොට අපිට ඒක පාට කොළයක්ද නිකන් කොළයක්ද කියල පේන්නෙ නෑ හැබැයි අපේ බඩියට පේනව...‍ෂෝ එකටත් එක්ක ‍ඇස් දෙකත් පියා ගන්න දැන් කියන්න පටන් ගන්න පාට කොළේ, නිකං කොළේ, පාට කොළේ නිකං කොළේ කියල හැබැයි ඉතින් නිකං කොළයකටත් අනිත් එකා කකුල පෑගුවොත් ඔන්න අපි නෑ...

Friday, March 12, 2010

රෙද්දෙ මැජික්......


මැජික් දාපු කලින් ලිපිය ගොඩක් දෙනෙක් බලල තිබුණ හැහොම කැමතියි වගේ ඒ නිසා ඔන්න තවත් මැජික් එකක් දාන්න හිතුණා.හැබැයි මැජික් කිවිවට මැජික්මත් නෙවෙයි පොඩි සෙල්ලමක් බලන් ඉන්න අයට නම් මැජික් වගේ තමයි.මෙහෙමයි කරන්නෙ,
  1. කාඩ් කුට්ටම අරගෙන අත් දෙකත් හෙඳට වැහෙන්න විදියට රෙද්දකින් වහ ගන්න
  2. කාඩ්ටික ඔක්කොම  අංක සටහන් නොකරපු පැත්ත උඩට සිටින සේ තියා ගන්න ඕන
  3. ඉස්සරහ ඉන්න කෙනාට කියන්න ඒකෙන් රෙද්ද ඇතුලෙන් හිමිහිට කොළයක් අරගෙන බලලන්න කියල
  4. ඒ බලන අතරෙදි අර පුද්ගලයාට නොදැනෙන ලෙස කාඩ් ටික අනෙත් අතට හරව ගන්න (අංක සටහන් කල කොටස උඩට හිටින සේ)
  5. දැන් එයාට කියන්න කොළය තමන්ට ඕන තැනක තියන්න කියල (හැබැයි රෙද්ද උස්සන්න ඉවත් කරන්න නම් දෙන්න එපා එතකොට වැඩේ මාට්ටු)
  6. එතකොට ඒ පුද්ගලය කොළය තියන්නෙ ගත්ත විදියටමයි ඒ කියනෙ අංක සටහන් කල පැත්ත යටට සිටින සේ.
දැන් අරන් බලන්න එයා බලපු කොළය මොකද්ද කියල අපිට කියන්න පුළුවන් මොකද අනිත් කොළ ඔක්කොම එකම දිශාවකට තියෙන කොට ඒ කොලේ විතරක් අනෙක් අතට තියෙන්නෙ ඇයි අපි කාඩි ටික අනෙක් අතට හැරෙව්ව නේ මම කියපු දේ පැහැදිලි වුණාද දන්නෙ නෑ කමක් නෑ කට්ටියට පොඩ්ඩක් හිතන්නත් ඉඩ තියන්න ඕන දැන් ඉතින් පොඩි එවුන් ටිකක් වටකරගෙන ඔය මැජික් එක කරන්න තියෙන්නෙ.

Thursday, March 11, 2010

අපිත් පෙන්නමු මැජික් .....

ගොඩක් අය මැජික් පෙන්නන්න නම් දන්නව හැබැයි ඒව මැජික් කිව්වට මැජික්මත් නෙවෙයි ඒවට නින්ජා පෙන්නනව කිව්වෙත් නම් හරියටම හරි ඒත් මම දැන් කියන්න හදන්නෙ ඇත්ත මැජික් ගැන හැබැයි මැජික් කාරයො නම් කවදාවත් මැජික් එකක් තවත් කාටවත් කියල දෙන්නෙ නෑ ඒත් මම එහෙම නෑ හැබැයි ඉතින් මම මැජික් කාරයෙක් නෙවෙයි වුනාට කාඩ් කුට්ටම ගත්තම නම් මැජික් පෙන්වනව.

මේ මැජික් පොත මට හම්බවුනේ අන්තර්ජාලයෙන්මයි  එකක් දෙකක් කරල බැලුව කරන්න පුළුවන්  පොඩ්ඩක් බලන්න සිම්පල් මැජික් ටිකක් තමයි තියෙන්නෙ පොඩි තැනින් පටන් ගත්තොත්  අපිටත් ක්‍රිස් ඒන්ජල් වගේ හොඳ මැජික් කාරයෙක් වෙන්න පුළුවන් එතකොට අපිටත් පුළුවන් වෙයි ඔෆිස්වල තියන බඩු එහෙම අතුරුදහන් කරන්න.