Ads 468x60px

Showing posts with label සමාජීය-අසාධාරණකම්. Show all posts
Showing posts with label සමාජීය-අසාධාරණකම්. Show all posts

Friday, March 19, 2010

මව් සෙනේ අහිමි පිං මද පුතුනි.....!

(කරුණාකර අධිසංවේදී සහ ගැබිනි මාතාවන් මෙම ලිපිය කියවීමෙන් වලකින්න)

මාර්තු 18 වෙනිද පත්තරේ තිබුණ සිද්ධියක් දැකල මට හිතුන තවමත් මනුස්සකම සමාජය තුල තියනව කියල මොකද ඒකෙ තිබුණෙ ඇබිලිපිටි‍ය මහ ‍රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් කල හපන් කමක්....ඒ වගේම මනුස්සකම දන්න ආදරණිය මවක් සහ පියෙක් ගැන.. මොලය මියගිය තරුණ මහහතකුගෙ ශරීරයේ අනෙකුත් කොටස් තවත් මිනිසුන් සුවපත් කීරිම උදෙසා ඉවත් කෙරුණු කථාව! වෙලාවකට ඒක සංවේදි කථාවක් වගේ ඒ දෙමාපියන් එම කාර්යයට කැමැත්ත පළ කරේ පිං ලබාගන්නට සිතා නොවේ කාට හෝ එම කොටස් වලට පිහිටක් වේයැයි සිතාය මියගිය තරුණයාටද එය සෑබෑම පිනක් වවනු නිසැකයි.එම කථාව එලෙස කියද්දි තවත් සෝචනීය සිදුවීමක් කියන්නයි ලැහැස්තිය.....

Wednesday, March 17, 2010

දේශ බම්බු.....

කවුරු කවුරුත් බලයි මොන බම්බුවක්ද මේ..කියල, හැබැයි මේකත් ඉතින් එක්තරා අසාධාරණයක් තමයි! ඉස්සර කාලේ ගමක ගරු නාමයක් ලබන්න නම් හොඳ නමකුත් අරගෙන වැඩදායි පුද්ගලයෙක් වෙන්න ඕන ඒ විතරක් නොවෙයි පන්සලේ හාමුදුරුවන්ගෙ සහ ප්‍රදේශයේ ප්‍රභූන්ගෙන් නිර්දේශයකුත් ඕන මොහු ගරු නාමයක් සඳහා සුදුස්සකුයි කියා. ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ??

  සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඕන සුනඛයෙකුටත් පුද්ගලයෙකුට එම අවස්ථාව ලබා දෙන තත්වයක් තමයි තියෙන්නෙ.පහුගිය කාලෙ රජයට අයත් ප්‍රාදේශිය සභා සහ පළාත් සභා වල සියලුම සභාපති වරුන්ට /නගරාධිපති වරුන්ට මේ "දේශ බන්දු" යන ගරු නාමය පුදකරගෙන ගියා ඒ අතර වංචා,දූෂණ,හිරේ විලංගුවේ වැටුණු ආදී සෑම සියලු දෙනාටම ඒ පට්ටම ලැබිල තියනව මෙම ගරුනාමයන් ලබාදීම කොතෙක් දුරට සාධාරණද? කවුද මේව දෙන්නෙ? කාටද බලය තියෙන්නෙ?මෙම ගරුනාමයන් ලබාදෙන්නේ රජයේ මැති ඇමති වරුන්ද?

ගරුනාම ගැන කථා කරනකොට ආචාර්යය උපාධිය ගැනත් කථා කළ යුතුයි අට වසරට විතරක් ඉස්කෝලෙ ගියපු කෙනෙක්ට ආචාර්යය උපාධියක් දුන්නොත් ? මැරකම් කරන කෙනෙක්ට ඒ මැරකම් වෙනුවෙන් උපාධියක් දුන්නොත්? නොගෙන ඉන්නෙ කවුද? කිසිවිටකත් එය ලබාගත් පුද්ගලයාට දොස් පැවරීම සාධාරණ නැත මරකම තිබුණද එය ඔවුන්ගේ වාසනාගුණය මතුවීමක් විය හැක නමුත් මේ උපාධි දෙන එවුන් නම්...."ගරු" යන වචනයෙහි පවා අරුත වනසන සුනඛ ගනයේ රොත්තකි.කට්ටිය නම් කියයි කෝ ඔයාගෙ මනුස්සකම ඇයි දේශ බම්බු කියල දැමිමෙ කියල එහෙම දැම්මෙ දැනට දීපුව ඔක්කොම එහෙම නිසා.

දේශපාලන වාසි තකා දේශයේ ගරු නාමයන් වැනසීම මනුස්සකම වෙබ් අඩවිය හෙළා දකියි!




Sunday, March 14, 2010

අතිගරු ජනාධිපති තුමනි!

ඇත්ත කතා කලාම අදාල පුද්ගලයින්ට වදිනව ඒකට මම කියන්නෙ හරි තොප්පිය දාගන්නවා කියල කලින් ලිපියෙ සිදුවූ අසාධාරණයක් ගැන කථා කළාම ඒකට අදාල මින්ස්සු කුප්ත වෙලා මට දුරකථනයෙන් පවා බැණ වදිනව ඒකයි අහිංසක මම දුරකථන අංකය ඉවත් කලේ බයට නෙවෙයි වාතයක් වුණ නිසා. කොහොම වුණත් මහ ලොකුවට මනුස්සකම ගැන කථා කරන උදවියමයි ඒ වගේ අමනුස්සකම් කරන්නෙ.
ඒත් අපි කොහොමද අසාධාරණේ දැක දැක ඇස් කන් පියාගෙන ඉන්නෙ? අද මම කියන්න හදන්නෙ තවත් ඒවගේ දෙයක්.......

බොහොම අමාරුවෙන් අපේ කොල්ලො කෙල්ලො ඉගෙන ගෙන කැම්පස්වල කට්ට කාල උපාධියක් ගත්තම එහෙමතත් නැත්තම් අමාරුවෙන් විය හියදම් කරල ඉගෙන ගෙන උපාධියක් ගත්තම ඒ අහිංසක උපාධිය අතකොලු කරගෙන මේ අහිංසකයින් ගෙ කරපිටින් සැප ගන්න හදන අපේ රටේ දේශපාලන හෙංචයියලා ගැන කථා කළ යුතයි. මේ දින වල උපාධිධාරී සංගම් හරියට......හරිම ක්‍රියාශ්‍රීලියි....සතියට එකක් වත් රුස්වීම්.....ගස් ගල් ගානේ පොස්ටර් ගහන්නෙ උපාධිධාරීන්....ගෙයින් ගෙට ගිහින් ජන්ද හිඟමන් යදින්නෙත් උපාධිධාරීන් ,තරුණ පෙරමුණු හා සංගම් හතු පිපෙන්නාක් මෙනි.ඇයි එක පාරටම මේ වගේ ප්‍රබෝධයක්?????

ආණ්ඩුපක්ෂය දේශපාලන තුරුම්පුවක් ලෙස භාවිතා කරණ "ජනසභා ලේකම්" තනතුර නිසා නොවෙද  මේ පිබිදීම? එමෙන් ජලසම්පාදන/ලංගම/වරාය/ගුවන් තොට වැනි ආයතන වල ඇති තනතුරු පොදි පිටින් වපුරමින් ‍මේ හොර දේශපාලුවන් තමන්ට ඡන්දය දුන්නොත් මෙම පත්වීම් හදා දෙන බව කියමින් ගජරාමෙට තම දේශපාලන අරමුණු මුදුන් පමණුවා ගැනීමට වෙහෙසෙන ආකාරයක් දැක ගත හැකිය අහිංසක උපාධිධාරීන් හා රැකියා විරහිත තරුණයින් තම දහසක් පැතුම් හද තුල මුළුගන්වා බලාපොරොත්තු නම් වූ මිරිඟු දිය දැක දැක ඒ දෙසට දීවිමට සිදුව ඇත.....

කෙසේ නමුත් මෙම දේශපාලන කාරයින් තවත් වසර හයකට බලය ඉල්ලාගත් පසු තම යුතුකම එසේ නැත්නම් දුන් පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටුකළ යුතුයි කියා නීතියක් නොමැත එම පොරොන්දු ඉටු නොකළ හොත් අපට කළහැකි කජ්ජක්ද නොමැත එම අවුරුදු හය අවසන් වූ පසු මේ උපාධිධාරීන් සහ තරුණයින් පිරිස කුළිවැඩක් හෝ සොයාගෙනය එම අවුරුදු හයෙන් පසු රැවැට්ටීමට තවත් පිරිසක් බිහිවීද ඇත එවැනි තත්වයක් උඩ මොවුන් තම යුතුකම ඉටු කරාවි යැයි අහිංසක ලෙස බලාපොරොත්තුවක් තබාගත හැකිද?

කෙසේ නමුත් ආදරණිය දේශපාලන මහතුවරුණි/නොනාවරුණි අපේ අසරණ දුප්පත් උපාධිධාරීන් හා තරුණ තරුණියන් මෙලෙස අමු අමුවේ බොරු පොරොන්දු දී දේශපාලන වැඩකටයුතු වලට යොදා ගැනීම මනුස්සකම බ්ලොග් අඩවිය හෙළා දකියි! ඔවුන්ගේ දක්ෂතාවන්ට ගරුකොට ඔවුන්ට රැකියා ලබාදීම මැනවි .


අතිගරු ජනාධිපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි!

ලැජ්ජයි කියන්නෙ විලි ලැජ්ජයි....!

ශ්‍රී ලංකාවේ දැනට විශාලම පරිගණක ජාලය වන School Net හී හැම පාසලකටම ලබා දුන් වෙබ් අඩිවි සේවාවට මොකද වුනේ? පාසල් වෙබ් අඩවි ‍ටික කෝ? මෙයට වග කිවයුත්තේ කවුරුන්ද? අප දන්නා ආකාරයට නම් සිදුව ඇත්තේ මෙම වෙබ් අඩවි Hacker වරයකුගේ ග්‍රහණයට හසුවී මයි මහ ගෙදරටත් හොරු පැනපි. කෙසේ නමුත් මෙම වෙබ් අඩවි භාරව ක්‍රියා කළ ආයතනය ගැනද සඳහන් කිරීම වටී එනම් ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ මහ ගෙදර නමින් විරුදා වලිය ලත් මොරටුව සරසවියයි.මෙම සරසවියේ මහ ලොකු ඉංජිනේරුවන්ට අඩුම තරමින් වෙබ් සර්වර් එකක් වත් පාලනය කළ නොහැකිද? මොවුන් මෙසේ වගකීමෙන් තොරව කටයුතු කරන්නේ මන්ද? මා ඉහත කී කථාව කට කථාවක් නම් වහාම මේ පිළිබඳ වගකිව යුත්තන් අහිංසක පාසල් ළමුන් ඉදිරියේ මෙම පාසල් වෙබ් අඩවි නැති වීම සම්බන්ඳව කරුණු දැක්විය යුතුය.

මොරටුව සරසවියේ (බලධාරියා විසින් කපාහරින ලදී) අදාල බලධාරින්ට මීට වැඩිය ලැජ්ජාවක් තවත් කොයින්ද එහෙව් වගකීමක් නැති සරසවියේ අදාල අංශය ඉදිරියේ සරම කැහිපට ගසා හූවක් කීමට තරම් වටී.
*සැලකිය යුතුයි- මෙහි දී මා ඉදිරිපත් කළ කරුණු අසත්‍ය නම් එහි සත්‍යය කරුණු දන්නා අයට මෙහි සත්‍යය වටහා දීමට හැකියාව ඇත
*එසේම මේ පිළිපිබඳ පාසල් ප්‍රජාව ඉදිරියේ කරුණු දැක්වීම වටී

Saturday, March 6, 2010

කුහක හෙදියන් හා වෙදුන්

කරුණාවන්ත ක‍මෙන් ද මිහිරි චඩනයෙන්ද සොදුරු දැකීමෙන්ද  හුදෙක් මනස පමණක් නොව ලෙඩරෝග පවා සුවපත්නව බව විද්වතුන්ගේ මතය සේම ශ්‍රේෂ්ට පඩිවරුන් මෙන්ම අපේ බුදු රජානණ් වහන්සේ පවා දෙසා ඇති බව අප දනිමු කවුරු කෙසේ කීවත් අත්දැකීමෙන් පවා අප ඒ ගැන දනිමු.කෙසේ වෙතත් අද ලාංකේය හෙදියන් බොහෝ සේ අකාරුණික පිරිසක් බව නොරහසකි හැමෝම එසේ නොවුනත් වැඩි පිරිසක් අකාරුණික බව පිළිගත යුතුය  හෙදියන් මෙන්ම වෛද්‍ය වරුන්ද වැඩි ප්‍රමාණයක් අකාරුණික වී ඇත මේ තත්වයට හේතව කුමක් දැයි සොයා බැලිය යුතුය !

වෛද්‍යවරුන් නම් මුදල් පසුපස හඹා යෑම නිසා මෙසේ අකාරුණික තත්වයට පත්වීදැයි සිතේ නමුත් ඔවුන්ගේ පුද්ගලික බෙහෙත් දෙන ස්ථාන වලදී නම් කරුණාව සීමාවක් නැති තරම්ය එහෙත් රජයේ රෝහල් වලදී මෙවුන් පිස්සන් සේ හැසිරෙන්නෙ මන්දැයි කාට කියම්ද? ඔවුන්ගේ දක්ෂතාවය මත වුවත් රජයේ වියදමින් ඉගෙනගත් ඔවුන් රජයේ රෝහල් වලදී තිරිසනුන් සේ හැසිරීම පිළිගත හැකිද?මෙයට කළහැක්කේ කුමක්ද අපි තව තවත් ඉවසුමුද?

 මිනහෙදියන් ද ‍රජයේ රෝහල් වලදී රෝගීන්ට සලකන ආකාරය ගැන සතුටුවිය නොහැකිය මිනිස් ජීවිතයක වටිනාකම නොතේරෙන පුද්ගලයින් හෙද පාසල් වලට තෝරාගැනීම මෙහි පදනම යැයි සිතේ එමෙන් අද මෙම හෙද වෘතියද දේශපාලනීකරණය වී ඇති බව පැහැදිලිය හෙද විදුහල් වලට තෝරා ගැනීමේදී දේශපාලනයද එක් සාදකයක් වී ඇති බව අප දනිමු කෙසේහෝ මෙම වෛද්‍ය සේවාව අනිවාර්ය සේවාක් නැතිනම් අත්‍යාවශ්‍යය සේවාවක් කිරීමේ කාලය එළබ ඇත ‍