Ads 468x60px

Showing posts with label සමාජීය-පොදු. Show all posts
Showing posts with label සමාජීය-පොදු. Show all posts

Thursday, March 4, 2010

Hello වෙනුවට ආයුබෝවන්!


"හලෝ" "හැලෝ' "හෙලෝ' දුරකථනයකින් ඇමතුමක් ගත්තොත් ඕනම තරාතිරමක කෙනෙක් (ස්වාමීන් වහන්සේලා හැර) ඔය වචනය කියනවාමයි හැබැයි ඒක කිව්වට ඔවුන් ඒකෙ තේරැම වත් දන්නෙ නෑ අඩුම ගානෙ මම වත් හරියට එකෙ තේරුම දන්නෙ නෑ එක එක්කෙනා එක එක තේරුම් කියනව බුදුදහමෙදි නමි තේරුමක් දනිනෙ නැති වචන කථාකරනවට කියන්නෙ හිස් වචන කියල ඉතින් බලන කොට මේකත් එක්තරා හිස් වචනයක් තමයි.
සමහරු නම් කියයි ඒ වචනයේ වැරද්දක් නෑ මොකද දුරකථන හොයාගත්තෙත් සුද්දෝ නේ ඉතින් එයාලට කළගුණ සැලකීමක් වශයෙන් එම තේරුමක් නොදන්න ඉංගිරිසි වචනය දිගටම භාවිතා කරණ එක හොදයි කියල.තවත් සමහරු ඔය විජාතික සංස්කෘතිය විනාස කරන්න කැමති නෑ නේ අපේ දේවල් පාවා දීල හරි උන්ගෙ නම ආරක්ෂා කරණව පුදුම මිනිස්සු.
ඒවයින් වැඩක් නෑ කියන්න ගත්තු දේ කියන්නම් කෝ මට ලගදි අපූරු අදහක් ආව ඒ අදහස එන්න මුල් වුණේ රුහුණු සරසවියෙ සිසුවෙක් වුන අජිත් කුමාර හෙට්ටිආරච්චි නොහොත් සූවස් නිසා මොකද එයා දුරකථනයෙන් ආමන්ත්‍රණය කරද්දි මේ Hello වචනය වෙනුවට කියන්නෙ ආයුබෝවන් ! කියල අපූරුයි නේ.හැබැයි අවුල තියෙන්නෙ මෙහෙම කිව්වම හැමෝම හිතන්නෙ විහිළු කරනව කියල මොකද දැන් හොද සිංහල වචනයක් කිව්වත් ගොඩක් අයට විහිළුවක්.උදේට Good Morning නොකියා සුභ උදෑසනක් කියල කිව්වොත් මිනිස්සු හිතන්නෙ අපිට ලූස් කියල නැත්නම් හයියෙන් හිනාවෙනව ශ්‍රී ලාංකිකයො වෙච්ච අපි එහෙම හිනාවෙනවනම් පි‍ට රට්ටු අපිට කොහොම හිනාවෙනව ඇත්ද?
ශ්‍රී ලාකිකයො විදියට අපිට යුතුකමක් තියනව අපේ කම රැක ගන්න අද ඉදන්වත් අපි උත්සාහ කරමු දුරකථනයෙන් ආමන්ත්‍රණය කරද්දිවත් ආයුබෝවන් කියල සිංහලෙන් අමතන්න හැබැයි ගොඩක් දෙනෙක් අපිට හිනාවෙයි පිස්සු කියල හිතයි ඒත් ඒව ඉවසගෙන කට්ට කාගෙන ටික දවසක් හරි කරල බලමු වැරදිලාවත් හරිගියොත් .....

ICTA නිදිද?

ශ්‍රී ලංකේය ජනයා බොහෝ දෙනෙක් දැන් දැන් සිංහල බ්ලොග් කරණයට යොමු වී ඇති අතර එයින් වැඩි පිරිස පිරිමින් වීම සුවිශේෂීවේ. කාන්තා පක්ෂය මෙවැනි දේ සදහා යොමු නොවීමට හේතුව කුමක්ද? මින් අදහස් වන්නේ ලංකාවේ කාන්තා පක්ෂය අදහස් හුවමාරුවට අකමැතිද නැතිනම් ඔවුන් කාර්ය භහුලද? එමෙන්ම නූතන ලාංකේය පාසල් පද්දතිය තුල අන්තර්ජාල පහසුකම විශාල වශයෙන් භාවිතා වුවද එම පාසල් වල තොරතුරු තාක්ෂණ ගුරුවරුන් පවා තවමත් බ්ලොග් නිර්මාණයට පිවිස නොමැත.
මෙම බ්ලොග් ක්‍රමය ඉගෙනීමට සාර්ථක තාක්ෂණික ක්‍රම වෙදයක් බව අප අත් දැකීමෙන් දනිමු ඉදිරියෙදි අන්තර්ජාලය බාවිතා කරන්නන් බ්ලොග් කරණයට යොමු කිරීමෙ පුළුල් වැඩ පිළිවෙලක් අවශ්‍ය බව මගේ මතයයි පාසල් මට්ටමින් මෙන්ම තරුණ සංවිධාන මට්ටමින් මෙවන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හැකි අතර ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණය නංවාලීම සදහා ජනාධිපති කාර්යාලය හා එක්ව ක්‍රියාත්මක වන ඉක්ටා හෙවත් ICTA වැනි ආයතන තවමත් අමනව හා නින්ද්‍රෝපගතව එකතැන පල්වෙමින් සිටීම ගැනද කණගාටුව පල කළ යුතුව ඇත.ඔවුන් තොරතුරු තාක්ෂණය වෙනුවෙන් කළ දෙයක් ඇත්නම් ඒ අසාර්ථක නැණසල මධ්‍යස්ථාන පිහිටු විමයි.
මේ කවුරු නිදිය ගත්තත් අපේ බුලට් වගේ කොල්ලොටික සිංහල බ්ලොග් කියවනයන් පවා හදල තොරතුරු තාක්ෂණය වෙනුවෙන් කරන සේවය ප්‍රසිද්ධියේ අගය කළ යුතුව ඇත.ඒ වගේ ගාල්ල බටුවන්ගල වැනි දුශ්කර පාසල් වල සිට වුවත් තොරතුරු තාක්ෂණ ගුරැවරයකු ලෙස අරුණ චමින්ද මහතා එම පාසලට හා ප්‍රදේශයට කළ සේවය අගය කළ යුතුය එම පාසලේ සියලුම ළමුන් පුද්ගලික බ්ලොග් පවත්වාගෙන යන බව ඔබ දන්නවාද ? එවැනි ගුරුවරුන් ලංකා මාතාවට සම්පතකි එමෙන් කොළොන්න ප්‍රාදේශිය ලේකම් කාර්යායේ සේවය කරණ රජීන් වැන්නවුන් තොරතුරු තාක්ෂණයට කරණ සේවය අගය කළයුතුය. මම ඔය කිව්වෙ මම දන්න  විවිධ කාර්යන්වල නියුතු කිහිප දෙනෙක් විතරයි තවත් එවැනි පුද්ගයින් බොහෝ ඇති ඉතින් හැහෝම එකතුවෙලා මෙවැනි කාර්යභාරයන්ට දායක වෙමු ලංකාවේ තාක්ෂණය නගා සිටුවමු