Ads 468x60px

Friday, July 4, 2014

කටු අනෝදා තේ... (සීනි වැඩි අයට හා පිළිකා රෝගීන්ට විශේෂයි)

හැමෝම දන්නා වියළි කළාපයේ බහුලව වැවෙන කටු අනෝදා (soursop) ඖෂධීය අතින් ඉතාම ගුණ දායක පළතුරක් මෙන්ම ඖෂධ ගසක් ... ඉතින් මම අද කියන්න හදන්නෙ කටු අනෝදා වලින් හදා ගන්න පුළුවන් ඖෂධීය ගුණයෙන් සපිරි ස්වාභාවික  තේ කෝපපයක් ගැන...

මුලින්ම කරන්න ඕන කටු අනෝදා කොළ කිහිපයක් ගෙන හොදින් පිරිසිදු කර ගැනීමයි (මෙහි දී දළු බාවිතය සුදුසු නැති අතර වඩාත් වියලි කොළද සුදුසු නොවේ) ඉන්පසු වතුර භාජනයක් ලිප තබා හොදින් වතුර උතුරන්නට හරින්න වතුර ඉතිරවූ විගස මෙම කටු අනොදා කොළ එම බඳුනට දමා අඩු රස්නයක් යටතේ විනාඩි 20 පමණ කාලයක් ලිප මත තබන්න එවිට එම ජලය ක්‍රමයෙන් රන්වන් පාට එසේ නැත්නම් සාමාන්‍ය තේ පැහැයට පැමිණි පසු කොළ ටික පෙරා තරමක් සිසිල් වූ පසු පානයට ගන්න... 

දියවැඩියා රෝගීන් සීනි භාවිතා නොකොට මෙම තේ පානය කළ යුතු අතර අනෙක් පුද්ගලයිනට තම මතය පරිදි සීනි හෝ හකුරු සමඟ මෙම තේ පානය කළ හැක එසේම සෑම දිනකම කෑමට පෙර මෙම පානය ගැනීමෙන් ගුණදායක ප්‍රතිඵළ ලබාගත හැක 




අන්තර්ජාලයේ විශ්වාස කටයුතු සෞඛ්‍යය  අඩවි මඟින් උපුටා ගන්නා ලදී

Friday, May 30, 2014

Internet Download Manager (IDM) හැමදාම තියාගන්න......

Internet Download Manager (IDM) කියල කියන්නෙ අන්තර්ජාලයෙන් යමක් ඩවුන්ලෝර්ඩ් කරගනිද්දි ඉතාවේගයෙන් ඩවුන්ලෝර්ඩ් කරගන්න තියෙන වැඩසටහන් අතර හොඳම වැඩසටහන ඒත් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි Internet Download Manager (IDM) එක ටික දවසකින් ක්‍රියා විරහිත වෙන එක ඉතින් මේ වැඩසටහනේ හොර කොපි භාවිතා කරන නිසා තමයි මේ කරදරය ඒත් ඔරිජිනල් ඒව සල්ලි දීල ගන්න තරම් අපිට වත්කමක් නැති නිසා වැරදි වැඩේ බව දැන දැනම හොර කොපි පාවිච්චි කරනව අපි එහෙම පාවිච්චි කලා කියලා ලෝක ආර්ථිකයට ඒක බල පෑමක් වෙන්නෙ නෑ නේ... හොර කොපිය වුණත් පාවිච්චි කරන පිළිවෙලක් තියෙනව ඒකෙ අප්ඩේට් කරන්න කියල මැසේජ් එක ආවම කැනසල් කරනවා මිසක් අප්ඩේට් කරනවා එහෙම නෙවෙයි එහෙම කලොත් හොරේ අහුවෙනව...

මම දීලා තියෙන සොෆ්ට්වෙයාර් එක අරගෙන පහත තියෙන පිලිවෙලට වැඩ ටික කරන්න....

මෙතනින් ගන්න-

Friday, May 23, 2014

ප්ලාස්ටික බෝතලයෙන් මී උගුලක් හදමු....

ඉවත ලන ප්ලාස්ටික් බෝතලයෙන් අපූරුවට මී උගුලක් හදාගන්න පුළුවන් පහත තියෙන වීඩියෝම නරඹලා කරන්න පුළුවන්ද කියල බලන්න...


Thursday, May 22, 2014

ෆෝල්ඩර් වලට පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරගන්නෙ කොහොමද? (1 කොටස Folder Lock)

ෆෝල්ඩර් ආරක්ෂා කරගැනීම සම්බන්ධව ලෝකයේ ජනප්‍රියම වැඩසටහන තමයි ෆෝල්ඩර් ලොක් කියල කියන්නෙ ඉතින් මේ වැඩසටහන පරිගණකයට දාගෙන පහසුවෙන්ම අපේ පරිගණක ලේඛණයන් ආරක්ෂා කරගන්න පුළුවන්... පහත තියෙන සබැඳියෙන් වැඩසටහන ගන්න.. ඒකෙ තියෙන විදියට කරලා පාවිච්චි කරල බලන්න ගැටලුවක් නම් මේ විද්‍යුත් ලිපිනයට දන්වන්න. thisaraps@gmail.com
Extract Password- manussakama

Friday, May 2, 2014

මහඇමති දයාසිරි පොල්ල වනා වැඩ පෙන්වයි...

මෙවර 2014 ලෝක කම්කරු දිනයට සමගාවීව පොදුජන එක්සත් පෙරමුණ මඟින් පැවැත්වුණු මැයි පෙළපාලියේ කාගෙත් සිත්ගත් අංගය වූයේ වයඹ මහඇමති ගරු දයාසිරි ජයසේකර මැතිතුමන් පෙළපාලිය පුරාවටම පොළු හරඹ,කඩු හරඹ.බෙර වැයුම් ආදියෙන් ඒකපුද්ගල දක්ශතා ප්‍රදර්ශනයක් (Talent Show) පවත්වමින් ගමන් කිරීමයි...විශේෂයෙන් නැටුම් ගැයුම් වැයුම් වලට හපන් කම් දක්වන ඇමතිතුමා ඉදිරියේදී රංගන ශිල්පියකු ලෙස ද දස්කම් දක්වන්නට බලාපොරොත්තු වන බවට වටින් ගොඩින් ආරංචි කටකථා ගලා යමින් පවතී ......අහුලා ගත් පින්තූර කිහිපයක්  සහ වීඩියෝවක් පහතින්

Thursday, May 1, 2014

එ ජා ප මැයි පෙළපාලියේ සෙල්ලං පිස්තෝල.....

අද දින එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාලිය අම්පාර නගරයේදී පැවැත්වුණා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් සහ දයා ගමගේ මහතාගේ සංවිධානයෙන් තමයි රැලළිය පැවැත්වුනේ ඒ වගේම එහිදී විශාල ජනතාවක් දිවයිනේ විවිධ ප්‍රෙද්ශ වලින් සහභාගි වී තිබුණා මෙහි දී විශේෂ සිදුවීම වන්නේ බොහෝ දෙනෙකු සෙල්ලං පිස්තෝල අතැතිව සහභාගි වීමයි එහි රෑලියේ ඡායාරූප කිහිපයක් පහතින්.....



සෙල්ලං පිස්තෝල අතැතිව 

Wednesday, April 23, 2014

සෙල්ලම් පොලිස්.....

අපි ඉස්සර හින්දි-දෙමළ ෆිල්ම් බලද්දි ඉන්දියාවෙ පොලිසියේ පජාති වැඩ හොඳට දැකල තියෙනව ඒත් අද ඒ ෆිල්ම් වල තියෙන දේවල් මෙහේ සජීවීව දැකගන්න  අවස්ථාව උදාකරල දීල තියනව මින් පෙර කිසිදු ආණ්ඩුවකින් නොවුණ ආකාරයට අද ඇස් කණාපිටම ඒ දේවල් සිද්ධවෙන්න පටන් අරගෙන ...ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ කියල අපි ඒ කාලෙ හිතන් හිටියෙ ඒත් දැන්....... !! පක්ෂ පාට කුමක් වුවත් ඇස් කණා පිටම අසාධාරණය පෙනි පෙනි ඒවා ගැන මුකුත් නොකියා නිවටුන් සේ ඉන්න තරම් අපි තවමත් කුජීත වෙලා නැති නිසා මේ විදියෙ පොඩි හරි සටහනක් තියන්න හිතුවෙ....දේශපාලන බලපුළුවන්කාරකම් අද හැම තැනකම රජ කරනවා යකෝ අපට දැන් වෙලා තියෙන්නෙ මේව දැක දැක නොදැක්ක වගේ ඉන්නද?  නැත්නම් ඉතින් මුන් සේරම මරාගෙන මැරෙන්න තමයි වෙන්නෙ සාමාන්‍ය මිනිස්සු රකින්න හිටපු ආරක්ෂා කරන්න හිටපු උන් සාමය ආරක්ෂා කරන්න හිටපු උන් අද අපිටම එරෙහි වෙලා.. ඇත්තටම ඉන්නෙ සෙල්ලං පොලිසියක් ,රිමෝට් පොලිසියක් දේශපාලුවන්ගෙ ,ලොක්කන්ගෙ අතේ තියෙන රිමෝට් එකෙන් උන් ටික පාලනය වෙනව ඇත්ත පිස්තෝල පවා අද උන්ට සෙල්ලං ඒව වෙලා... උන්ට නං මේව සෙල්ලං තමයි ....

එක එකා කියන විදියට තම ආත්ම ගෞරවය පවා බල්ලට දමලා මෙහෙම ජෝබ් කරල හම්බකරන් කාලා මොකටද ? තොපේ ඉපදෙන්න ඉන්න ළමයට පවා ඔව පලිසන් දෙනවා යකෝ... තොපිට හෙන ගහනව ..ඒත් තොපිට ඔය ඕඩර් දෙන ලොක්කන්ට එහෙම වෙන්නෙ නෑ ඒක තමයි ආශ්චර්යය..... ඒක තමයි දුක . ඔය කාකි ෂුට් ගලවලා දාලා අමුඩයක් ගහගෙන කුඹුරු කොටාගෙන කාපල්ල .. නැත්තන් හිඟා කාපල්ල ඊට වැඩිය හොඳයි ඒක... නැත්තම් ඒ අභිමනවත් සේවය මහ එකාලාගෙන ඉල්ලගනිල්ලා.... සක්කිලි නොවී....


Monday, April 21, 2014

ඩවුන්ලෝඩ් වේගය වැඩි කරන පහසු කම් සපිරි සුපිරි භාණ්ඩයක්!


මීට පෙර ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් වෙනුවට භාවිතා කල Eagle Get ගැන කිව්ව. අද කියන්න යන්නෙ ඊටත් වඩා හොඳ නොමිලයේ භාවිතා කළ හැකි සුපිරි සොෆ්ට්වෙයාර් එකක් ගැන මේකෙ නම Flash Get අනිත් ඒවත් එක්ක බලන කොට මේකෙ තියෙන වෙනස තමයි සමාන්‍ය බාගත කිරීම් සඳහා පමණක් නොව ටොරෙන්ට් භාගත කිරීම් සදහාද භාවිතා කල හැකි වීම ඕන්න නොමිලෙ දෙන නිසා දාලාම බලන්න හොඳ නම් හැමදාම තියා ගන්න නැත්නම් ඉතින් Uninstall කරල දාන එකනේ......

 http://down5.flashget.com/flashget3.7.0.1220en.exe

Wednesday, April 2, 2014

ICC World Twenty20 Semi-Final සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න.....

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දිය කොදවේ පිල අතර හෙට පැවැත්වෙන තරඟය සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න පහත සබැඳියෙන්.....


live streaming of t20 world cup match


Tuesday, April 1, 2014

මයික්‍රෝෙසොෆ්ට් එක්සෙල් සඳහා කදිම ටූල් එකක්! (Powerful toolbox for Microsoft Excel )

Ms Excel භාවිතා කිරීමේදී අපට ලබා දී ඇති  පහසුකම් වලට අමතරව තවත් පහසුකම් භාවිතා කිරීමට අවශ්‍ය වන අවස්ථා එමටයි උදාහරණයක් වශයෙන් MS Word වල ඇති Change Case පහසුකම එක්සෙල් වලදී අවශ්‍ය වීම වැනි දේවල්...ඉතින් ඒවගේ අඩුපාඩු  රැසක් මෙම ටූල් බොක්ස් එකෙන් කරගන්න පුළුවන් මෙම මෙවලම් කට්ටලයේ නම Kutools සම්පුර්ණ නෙමිලයේ බාගතකරගෙන භාවිතා කිරීමට හැකියාව තියෙනව මෙම Tool Box එක Install කර ගැනීමෙන් පසුව පහත ආකාරයේ මෙනුවක් එක්සෙල් වෙත ලැබෙනව


එමගින් අපට අවශ්‍යය වැඩ කටුයුතු සිදු කරගන්න පුළුවන් උදාහරණයක් ලෙස සිම්පල් කැපිටල් මාරු කරගැනීම සඳහා එහි ඇති Text Tool--> Change Case  ලෙස උපදෙස් තෝරාගත යුතුය. පහත සබැඳියෙන් Download කරල  Install කරගන්න


Monday, March 31, 2014

ගාල්ලෙ ගොං හරක් සහ මාතර හරක්......

2014 මාර්තු 29 වෙනිදා පැවති ඡන්ද ප්‍රථිපල අනුව ගාල්ල සහ මාතර ගැන අන්තර් ජාලයේ බොහෝ සෙයින් කථා බහට ලක් වුණේ මෙලෝ රහක් නැති අශීලාචාර ගති පැවතුම් ඇති ගොං බාන් පිටින් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම නිසායි... කෙසේ හෝ මනාප ඡන්ද ප්‍රතිඵල අවසානයේ ගාල්ල  දිස්ත්‍රික්කයෙන් අහන්ට ලැබුණේ ගිය වර පළාත් සභා ඡන්දයේදී එළියේ දාගෙන රඟන සිංහල වත් කථාකරගන්නට බැරි නළඟනක් වෙත ඡන්දය ලබා දී ජයග්‍රහණය කරවූ පරිද්දෙන්ම එවැනිම තවත් ගොං බඩ්ඩක් මෙවරද ජයග්‍රහණය කරවීමට ගාල්ලෙ ගොං බඳින කණු වැනි 26,932 ජනතාවක් ඉදිරිපත් වීමයි... ඇත්තටම මෙවන් අශීලාචාර ගැහැණුන් ඡන්දයක් ජයග්‍රහණය කරවීම එසේ නැත්නම් නායකත්වක් සඳහා සුදුසු යැයි අනුමත කිරීමට තරම් මෝඩ මිනිසුන් තවමත් සිටිනවාය යන්න සිතන විටත් ඇති වන්නෙ කණගාටුවකි...  කිසිදු වැඩගැම්මකට නැති නළු බට්ටන් පත් කිරීම අනුමත කළ නොහැක ... කෙසේ වෙතත් ගාල්ලෙන් ගොං බානක් ඉල්ලුව හොත් ඡන්ද බානට සමානව බෙදී යන හෙයින් මාතරින් තරඟ වැද දිනන්නට සිතා මෙවර පළාත් සභාවට මාතරින් තරග වැදුනු ඇය උදළු තල බෙදමින්  මිනිසුන් රවටා ගැනීමට අපමණ වෙහෙසක් දැරුවද මාතර මිනිසුන් ගාල්ලෙ ගොං හරක් මෙන් නොවන බව කියා පාමින් ඇය ගේ තලය ගෙන ඇය ගෙදර යැවීමට ක්‍රියා කළේය.. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය විසින්  ද එවැනිම ගොං භාණ්ඩයක් ඉදිරිපත් කර තිබුණේ ප්‍රසිද්ධිය නිසා පක්ෂයට වැඩි ජයග්‍රහණයක් ගෙනේ යැයි සිතාය ... සිතුවා මදිය මාතර ගාල්ලේ තරම් ගොං වස්සන් වැස්සියන් නැති බැවිණ් ඇයටද අත් වූ ඉරණම පරාජයයි කෙසේ වෙතත් සංසන්ධනාත්වකව බැලුව හොත් ගාල්ලේ සිටින ඡන්දදායක ගොං හරකුත් සහ මාතර ඇති ගොං හරකුන් ගනන අනුව මාතර ප්‍රමාණය ටිකක්  අඩුය.. ගාල්ල 26 932 කි මාතර 19 848 කි වෙනස 7084 කි


අප්‍රේල් පළවෙනිදාට ක්‍රියාත්මක කරන්න අදහස් 100 ක්.......

අප්‍රේල් පළවෙනිදා (01) කියන්නෙ ඉතින් කාට කාටත් වැදගත් දවසක් ලෝක මෝඩයාගේ දිනය නිසා.....ඒ දවසට ඉතින් බොරු කියල කට්ටිය අන්දවන එක අපේ සිරිත නේ දැන් දැන් එහෙම බොරු කිව්වට පිළිගන්නෙ නෑ ඒත් ඒකට මොකද කරන්න ඕන .....? ඔන්න හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අප්‍රේල් පළමුවෙනිදාට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ අදහස් සීයක (100) පොඩි පොත් පිංචක් මනුස්සකම වෙතින් තෑගි කරන්නයි මේ හදන්නෙ. කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන් ගිහින් ඒ පොත් පිංච බාගත කර ගැනීම .....


Sunday, March 30, 2014

ICC T20 Cricket World Cup 2014 Official Theme Song Video & MP3 (Download Now)

මෙවර විස්සයි විස්ස ලොක කුසලාන තරඟාවලිය සඳහා නිර්මාණය කෙරුණ තේමා ගීතය අවශ්‍යය අය පහත සඳහන්  සබැඳියෙන් බාගත කරගන්න.....

Download Link-

Sunday, March 23, 2014

IDM කරදරයෙන් මිදෙන්න නොමිලේ දෙන EagleGet වලින් ඩවුන්ලෝඩ් කරගන්න......

IDM ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කියන වැඩසටහන බොහෝ දෙනෙකු වේගයෙන් ඩවුන්ලෝඩ් කිරීම සඳහා යොදා ගන්නව හැබැයි ගොඩක් අය ක්‍රැක් කරපුවා තමයි දාගෙන ඉන්නෙ බොහෝ වෙලාවට වැරදිලා අප්ඩේට් එකක් එහෙම වුණොත් වැඩ මාට්ටු වෙනවා ඉතින් ඒක හරිම වදයක් මේ වදයෙන් බේරෙන්න කරන්න පුළුවන් විසඳුම තමයි ඊට බොහෝ සේයින් සමාන නොමිලයේ දෙන වැඩසටහනක් භාවිතා කිරීම ඉතින් මේකට වඩාත් සුදුසුම වැඩසටහන වන්නේ  EagleGet කියන එක... මමත් මේක පාවිච්චි කරල බැලුව වරදක් නෑ ස්පීඩ් එකත් හොඳටම තියෙනවා... IDM එකේ තියෙන පහසුකම් ටිකත් තියෙනවා ඒ නිසා ඔබත් අදම දා ගන්න.... මේන්න මේ ලික්න් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න......


Thursday, February 20, 2014

හැමට හොරෙන් නෙට් බ්‍රවුස්.... Incognito Mode

හුඟ දෙනෙක්  අන්තර්ජාලයේ විවිධ රහස්‍ය තොරතුරු පවා බලලා කවුරුවත් ඒව දැනගන්න එකක් නෑ කියල හිතාගෙන පාඩුවේ ඉන්නවා ඒ වගේම හොරෙන්ම අසභ්‍ය වෙබ් අඩවි වෙත ගොස් මුකුත් නොවුන ගානට ඉන්නවා ඒත් ඊ ළඟට පරිගණකය අතට ගන්න පුද්ගලයට එයා කළ කී දේ හරා අවුස්සන්න බලන්න හැකියාව තියෙනව වෙබ් හිස්ට්‍රිය පරික්ෂා කිරීමේන් ...ඉතින් හැම තිස්සෙම ඔක ක්ලියර් කර කර ඉන්නත් අමාරුයි අමතක වෙනව නේ... අන්න ඒ වගේ අකර තැබ්බි වලට මූණ දෙන්නෙ නැතුව කාටත් හොරෙන් අන්තර්ජාලයේ සැරි සරන්න ආරක්ෂාකාරි ක්‍රමක් ගැනයි මම මේ කියන්නෙ ටික  දෙනෙක් දන්නවා ඒත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ... පහත ආකාරයට කෙටි පිවිසුම් භාවිතා කීරීමෙන් අදාල අවස්ථාව වෙත ගොස් හිතු මතේ වෙබ් සර්ච් කරගන්න.....එහිදී ඔබ නරඹන කිසිදු වෙබ් අඩවියක වාර්ථා පරිගණකය විසින් රඳවා ගන්නෙ නෑ සම්පූර්ණ පෞද්ගලික විදියට මෙම අවස්ථාව ක්‍රියා කරනවා....

Google Chrome- CTRL+SHIFT+N
Opera -               CTRL+SHIFT+N
Flock 3-              CTRL+SHIFT+N
Mosilla Firefox-   CTRL+SHIFT+P
Intenet Explore -  CTRL+SHIFT+P


Wednesday, February 19, 2014

ඉසිවර වෙදැදුරු අන්තිම දක්වා බලන්න.... (The King's Doctor/Horse Doctor)

The King's Doctor නැතහොත් Horse Doctor නම් ජනප්‍රිය දකුණු කොරියානු ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනී නාලිකාවේ හඬ කැවීම් අංශය මඟින් සිංහලයට හඬ කවා ඉසිවර වෙදැදුරු නමින් ප්‍රචාරය කරන අතර එය අද බොහෝසේයින් ජනප්‍රිය එකක් වී ඇත සැමවිටම කුතුහලය දනවන අගනා නාට්‍යයකි -වැඩිවිස්තර සඳහා සිංහල බසින්ඉංග්‍රීසි බසින්



මෙම ටෙලිනාට්‍ය ඉංග්‍රීසි උපසිරැසි සහිතව අවසන් වන තුරු අනතර්ජාලය ඔස්සේ නැරඹීමට අවශ්‍යනම් පහත සඳහන් සබැදියෙන් අදාල කොටස් තෝරමින් පහසුවෙන් නැරඹීමට හැකියාව ඇත


Saturday, February 8, 2014

මේ ඔබේ අවදානය පිණිසයි.......! (අකලට මිලින මල් කැකුළු)

(පිටපත- බ්ඟුසර ඕපාත)
කාගේ හෝ වරදකට තවත් මල් කැකුලක් අකලට පරවී ඇත..
සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට facebook හා අන්තර්ජාලය පිළිබද මනා අවබෝදයක් දීම කඩිනම් කලයුතු වන්නේය..කාලින අවශ්‍යතාවක් වන එය ඔහුන්ට ලබාදෙන හමුදා පුහුණුවට වඩා වැදගත්ය..
මන්ද නැතහොත් මෙවැනි අකලට පරවන අන්තිම මල වෙනුෂා සටහන් නොකරන නිසාවෙනි...
"අපිට ඕවා ඔය කලේ තිබුනේ නැ" කියල සමහරක් වැඩිහිටියෝ දෙන ගොන් talk හාස්‍යට කරුණකි.එදාට වඩා අද සමාජය හත් පසින්ම වෙනස්ය..

Monday, February 3, 2014

උණු උණුවෙම රෙස්ට්ලින් බලන්න.... (Wrestling)

රෙස්ට්ලින් කියන්නෙ එක්තරා ක්‍රීඩාවක් ඒක අද ගොඩක් ජනප්‍රිය වෙලා ඒ ක්‍රීඩාව නාට්‍යානුසායෙන් පෙන්වන නිසා හැබැයි ඇත්තම නොවුනට බලන්න ආස හිතෙනව ෆිල්ම් එකක් බැලුව වගේ තමයි එහෙම බලන්න ආස අයට උණූ උණූවෙම බලන්න මෙන්න මේ අඩවියෙන් පුළුවන් http://watchwrestling.tv/home

Saturday, December 21, 2013

සියලු දෝෂ නිවාරණයි...PC එක සුද්ද කරමු

ඔබේ පරිගණකයේ ඇති බොහෝ දෝෂයන් මඟහරවා ගැනීමට හා එමඟින් පරිගණකයේ වේගය වැඩි කරගැනීමටත් Pc Cleaner Pro නැමැති මෙම වැඩසටහන ඔබට උපකාර වේවි පහත සබැඳියෙන් එම වැඩසටහන ලබාගෙන ලියාපදිංචි කරගෙන පාවිච්චි කරලම බලන්න 


Password is- manussakama

Thursday, December 19, 2013

ලැප්ටොප් එකෙන් WIFI දෙන පහසුම ක්‍රමය

ලැප්ටොප් එකෙන්  WIFI Hotspot පහසුකම ක්‍රියාත්මක කර ගැනීමට ඉතා පහසුම ක්‍රමය තමයි ඒ සඳහා Software එකක් බාවිතා කිරීම එමඟින් ඉතාම පහසුවෙන් තවත් ලැප්ටොප් එකකට හො ස්මාර්ට් ෆොන් එකක් සඳහා  Internet Share කරගන්න පුළුවන් පහත තියෙන සබැඳියෙන් එම එක බාගත කරල කර ගන්න එක Instal කරල අවශ්‍ය පරිදි Settings හදලා Swith On කරන්න විතරයි තියෙන්නෙ


Sunday, October 6, 2013

සීනි වැඩි ද? එහෙනම් මේක කියවන්න...(1 කොටස)

රුධිරයේ සීනි ප්‍රමාණය නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීම අද සමාජයේ බොහෝ පුද්ගලයින්ට ඇති ගැටලුවකි අප ගන්නා ආහාර වර්ග එයට බොහෝ සේයින් බලපායි මුලින්ම අපි බලමු සීනි ප්‍රමාණය වැඩිවීම සිදුවුව හොත් එමඟින් ඇති විය හැකි ලක්ෂණයන් මොනවාද කියා බලමු... 
නිතර නිතර ක්ලාන්ත ගතියක් ඇති වීම

Monday, September 30, 2013

Windows XP Service Pack 2 නම් 3 වලට මාරුකරගන්න ලේසිම ක්‍රමය....

Windows XP Service Pack 2 වලට බොහෝමයක් වැඩසටහන් සපෝට් කරන්නෙ නෑ ඒ වගේම වින්ඩොස් එක්ස් පී එකට 2014 ඉඳන් අලුතින් නිෂ්පාදනය වන කිසිම වැඩසටහනක් සහයෝගය දෙන්නෙ නැති බව දැනටමත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ප්‍රකාශ කරල තියෙන්නෙ කොහොම වුණත් දැනට අපට අවශ්‍ය‍ කෙරන වැඩසටහන් වත් ධාවනය කරවන්න Windows XP Service Pack 3 වලට මාරු කරගන්න ඕන ඒ සඳහා මෙන්න මේ ක්‍රමය අත්හදා බලන්න හැබැයි 100% විශ්වාසය තැබිය නොහැකියි හේතුව මෙහිදී සම්පූර්ණ ලිපිගොනු අකෘතිය වෙනස් නොවන බැවිණි කෙසේ වුවත් සමහර වැඩසටහන් මෙම ක්‍රමය මඟින් ධාවනය වන බව අත්හදා බලා ඇත.... ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න..

change windows xp service pack 2 to service pack 3


01) Start 
 
02) Run
03) "Regedit" ලෙස ටයිප් කර OK කරන්න
04) HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Windows ලෙස උපදෙස් තෝරාගන්න
05) 

ඉහත රූපයේ පෙනෙන පරිදි CSDVersion ඩබල් ක්ලික් කර එහි ඇති Value Data අවස්ථාව 200 ලෙස සටහන් වී ඇති අතරය එය 300 ලෙස වෙනස් කිරීම සිදු කළ යුතුය දැන් ඔබට අවශ්‍ය වැඩසටහන් ස්ථාපනය කර බලන්න මෙම ක්‍රමය අසාර්ථක වුවහොත් Windows XP SP Update එකක් සිදු කිරීම කළ යුතුය

පෙට්ටියට දැමීම හෙවත් Dropbox

පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි Dropbox.  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව  Media-fireRapid-share Skydrive වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ  ගබඩා කරන්නත් පුළුවන් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ෆයිල් Share කිරීම සඳහාද මෙය යොදාගත හැක .

Monday, August 12, 2013

තේ සමඟ ඉඟුරු ...

සමහරු නම් ප්ලේන්ටි වලට ඉඟුරු දාල බොන්න කැමතියි ඒත් තවත් සමහරු ඒකට අකමැතියි ඒත් එහෙම බොනවනම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට බොහෝම හොඳ දෙයක් ,අපි බලමු ඉඟුරු ප්ලේන්ටි වලින් ලැබෙන වාසි මොනවද කියල...

  • ආහාර අජීරණය වලකයි
  • උදරයේ ඇතිවන අපහසුතා සංසිදුවයි
  • රෝගාබාධයන් සඳහා ශරීරයේ ඇති ප්‍රතිශක්තිය ඉහල නංවයි
  • මානසික ආතතිය (Stress) අවම කරයි
  • ස්වසන පද්දතිය ආශ්‍රිත සාමාන අපහසුතාවයන් මඟහරවයි
  • තරබාරුවීම අඩු කරවයි
  • සාමාන්‍ය රුධිර සංසරණය විධිමත් කරයි
 

අන්තර්ජාලය ඇසුරෙන්....

Saturday, August 3, 2013

වැලිවේරිය....

කැරලි මර්ධනය පිළිබඳ විශේෂ දැනුමක් ලද කැරලි මර්ධන කණ්ඩායම් සිටියදී හමුදා පිරිසක් හෝ නිල නොලත් හමුදා පිරිසක් විසින් පසුගිය දා ගැමි ජනතාව වෙත එල්ල කල ප්‍රහාරය මනුස්සකම විසින් හෙළා දකින අතර පසුගිය යුධ  කාලය තුල ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනෙකු රට රැකගන්නට වෙරදැරූ රණ විරුවන් වෙනුවෙන් කොතෙකුත් බෝධිපූජා හා විවිධ පිංකම් කරන්නට ඇත්ද අනේ උඹලට අතුරු අන්තරාවක් නම් වෙන්න එපා කියල....එහෙව් කරපු අපේ අහිංසක මිනිසුන් අසාධාරණයක් වෙනුවෙන් පාරට බැස්සාම ලොකු ලොක්කන්ගෙ ඕඩර් වලට අමානුශික අන්දමින් ජනතාවට පහර දීම තුච්ච යැයි කිව යුතුය....ඕඩරේකට උනත්, නිසි හෙවිල්ලක් බැලිල්ක් නැතිව පිස්සු බල්ලන් සේ හතර අතේ වෙඩි තැබීම කොතෙකුත් දුරට සාධාරණද? ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමක් කරන්නේ මරණ චේතනාවෙන්මය මරල හරි මුන්ටික බය කරපල්ල කියල නියමෙට ඕඩර් එක ලැබෙන්න ඇති..නැතහොත් රබර් උණ්ඩ හෝ කඳුළු ගැස් ආදිය ඒ සාඳහා භාවිතා කිරීමට හැකියාව නොතිබුණේද?.. උද්ඝෝෂනයට සහභාගි නොවූ අහිංසක මිනිසුන්ට පවා අද සිය ජීවිතය  අහිමි වී ඇත්තේ එදා අපි වෙනුවෙන් අපිටට පිහිට වූ අපේ රට බේරගන්නට දහඩිය මහන්සිය ලේ හෙළූ රණ විරුවන්ගේ වගකීමක් නැති ක්‍රියාකලාපය නිසා නොවෙද? .. විනය නැත්තවුන් ඉදිරියේ තම විනය බල්ලට දැමීම ලැජ්ජා සහගතය....

එසේම දේශපාලුවන්ගේ කටුකන බල්ලන් නොවී නිළ ඇඳුමේ මහිමය රැක ගැනීම හමුදාවේ විනය රැක ගැනීම රටේ මිනිසුන් රැක ගැනීම ඔබේම සහෝදර සහෝදරයින් රැක ගැනීම ඔබේ වගකීමයි...

පිටපත- මනුස්සකම



Tuesday, July 2, 2013

බැළලිය පැටව් කෑම සහ මව් සෙනෙහස.....

සමහර බැළලියන් පැටව් දාලා ඒ පැටව් දෙන්නෙක් තුන් දෙනෙක් හරි ඔක්කොම පැටව් ටික හරි කා දමනව ඒත් ඊළඟ වතාවෙ පැටව් දැම්මම නම් කන්නෙ නෑ මේ හරි ප්‍රශ්නක් ඒත් සමහරු කිව්වෙ අතීතෙ ඉඳන් එන වෛරයක් නිසා එහෙම වෙනව කියල ඒත සමහරු කිව්වෙ සමහර බැළලියන්ට දොළ දුක වගේ එකක් හැදෙනව ඇති කියල තවත් සමහරු කිව්වෙ අමුතුම කථාවක් ඒ තමයි මව් සෙනෙහස කියල... මේ මොන කථාවක්ද? මව් සෙනෙහසට පැටව් කාලා දානවද? ඒක හරිම දුක හිතෙන කථාවක්...

Monday, June 3, 2013

බොහෝ දේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න...(ආධුනිකයන් සඳහා)

මේ පාඩම අන්තර්ජාලයේ ආධුනිකයින් සඳහාය...නොමිලයේ චිත්‍රපට හා අනෙකුත් වැඩසටහන් ලබා ගැනීමට තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඉතින් කිහිප දෙනෙකුම මගෙන් මේ පිළීබදව ඇහුව නිසා මට හිතුණ බ්ලොග් එකේ ලිපියක් විදියට දාන්න එතකොට කව්රුහරි මේ ගැන ඇහුවොත් මට තියෙන්නෙ බ්ලොග් ලිපිනය දෙන එක විතරයි..කථා ඕන නෑ පටන් ගමු වැඩේ.

Monday, May 27, 2013

නිවන් නොයා පත්තුකරන් යන අපේ හාමුදුරුවෝ...(සංවාදයට විවෘතයි)

සියලු බෞද්ධ ජනතාවගේ අවසන් පරමාර්ථය නිවන කරා ගන් කිරීමයි එසේ නිවන කරා ගමන් කිරීමේදී ගිහි සැප එයට බාධාවක් යැයි සිතා පැවදී ජීවිතයට පිවිසෙන්නේ වේලාසනින් නිවන් යෑමේ අරුමුණිනි එහෙත් අද සම-හරක් ලාංකික භික්ෂුණ් වහන්සේලාගේ ක්‍රියා කලාපය අනුව ගිහියන් පැවදියන්ට වඩා ඉක්මණින් නිවන් අවබෝධ කරගනු ඇතැයි සිතිය හැක.. 


පහුගිය දිනෙක තම සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකරගත් භික්ෂුණ් වහන්සේගේ එම ක්‍රියාව වීරත්වයක් සේ සලකන පිරිස බොහෝය නමුත් එම ක්‍රියාව ඉතා පහත් ක්‍රියාවකි තමාගේ ජීවිතය තොර කිරීම බුදු දහමට අනුව ප්‍රභල පාපකර්මයකි මිනිසුන්ගේ හිත් සුවපත් කිරීමට , බුදුදහම රැක ගැනීමට සසුනට පිවිසි ‍භික්ෂුණ් වහන්සේලා සියදිවි හානි කරගන්නවා නම් බුදුදහමේ සැබෑ අරුථවත් නොදැන මෙතෙක් කල් චීවරය දරා සිටියා විය යුතුය එසේ නමු ඔහු චීවර ධාරියෙක් පමණි..එසේම එය බුද්ධ සාසනයේ පිරීහීමට පවා බලපාන සාධකයකි භික්ෂුණ් වහන්සේලාද අනෙක් අගාම්වල මෙන් අන්තගාමී ක්‍රියා පිළිවෙත් ඇසුරු කරයි නම් බුදුදහමේ පිරීහීමට එය රුකුලකි. බුදු දහම අනුව සිය දිවි හානි කරගැනීම අපා ගතවන පාපකර්මයකි නිර්වාණයට එය බාධාවකි විද්‍යාවට අනුව නම්  සිය දිවි හානිකරගැනීම මානසික දුර්වලතාවයක් හො පුද්ගල පෞරුෂත්ව ආබාධ නිසා ඇති කරගන්නකි.

වෙබ් කැම් එකට සපොට් කරන නියම රෙකෝඩර් එකක්.....

මම මේ කියන්න හදන්නෙ වීඩියෝ රෙකෝඩර් එකක් ගැන ඒ වගේම ස්ක්‍රීන් එක රෙකෝර්ඩ් කරගන්නත් මෙකෙන් පුළුවන් (Debut Video Capture Software) වැඩි බරකුත් නෑ දාගෙන බලන්න හොඳද කියල පහල තියෙන සබැඳියෙන් ගන්න--

Extract Password is "manussakama"

Thursday, May 23, 2013

බොදු බැති ගී- පන්සලෙන්

වෙසක් පොසොන් කියන්නෙ ඉතින් සියලු බෞද්ධයන්ගේ වැදගත්ම මාස දෙකක් මේ දවස් ටිකේ පිං අතේ වැඩ නම් බොහෝමයක් සිද්ධ වෙනව දන්සල් දාන මාන විවිධ බොදු වැඩසටහන් ආදිය හැම තැනම ඉතින් මේවගේ අවස්ථා වලට බොදු ගීත වාදනය කරන්නත් අවශ්‍යවෙන අවස්ථා තියෙනව ඉතින් අන්තර්ජාලයෙන් බොදු බැති ගීත ටිකක් හොයාගන්න අමාරුයි, තැන තැන විසිරිලා තියෙන ඒවා එකතු කරන්න ගියොත් ටිකක් අමාරුයි ඉතින් අන්තර්ජාලයේ මේව එකතු කරල තියෙන තැන් තියෙනව එහෙම තැනක් තමයි අන්තර්ජාලයේ  පන්සල කියල කියන්නෙ එතන බෞද්ධයින්ට අවශ්‍ය බොහෝ දේ තියෙනව බලන්න ඒ අඩවියට ගිහින් බොදු බැති ගී පොදියක්ම බාගත කරගන්න ඕනනම් පහත තියෙන ලින්ක් එකට යන්න

Bodu Bathi Gee - Download Link


සිංහල මගුල් සිංදු... (Sinhala Wedding Songs)

මේ ඊයෙ පෙරේදා අපේ හිතවතකුගෙ වෙඩින් එකකට (වෙඩින් කිව්වට ඒක මගුලක්) සිංදු ටිකක් පෙන් එකට දාලා දෙන්න කියල කිව්ව ඒත් මගේ ළඟ තිබුනෙ නෑ අන්තර්ජාලයෙන් හෙව්වා ඒත් සිංදු එක එක තැන තිබුණෙ ඒ නිසා මට හිතුණා කාටත් ගන්න පුළුවන් තැනක සිංදු පොදියක් දාලා තියන්න සිංදු 24 ක් විතර මෙතන තියෙනවා පහළ තියෙන සබැඳියෙන් බා ගත කරගන්න පුළුවන් හැමෝම බාලා තියාගන්න කොයි මොහොතෙ හරි ඕන වෙනවා....


(Extract Password is "manussakama")

Thursday, April 25, 2013

සිංදු නොමිලයේ ඩවුන්ලෝඩ් කරගන්න පහසුම තැනක්.....

සිංහල දමිල හින්දි ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති ගීත පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් ගැනයි කියන්න හදන්නෙ අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් අතර දැනටමත් මේක ප්‍රචලිතයි Music Files Share කර ගන්න තමයි මේ තැන තියෙන්නෙ මේකට කියන්නෙ "සවුන්ඩ් ක්ලවුඩ්ස්"  කියල මේ සයිට් එකෙන් ඔන්ලයින් සිංදු අහන්න වගේම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් Download Link එක නම් හැම සිංදුවකටම නැහැ හැබැයි එහෙම නැති සිංදු Sound Clouds Downloader එකක් හරහා පහසුවෙන්ම  Download කර ගන්න පුළුවන් Sound Clouds වල තියෙන පහසුකම් තමයි

  • විවිධ භාෂා වල ගීත ඇසීම
  • ගීත බාගත කිරීම
  • තමන්ට Play List එකක් සකස් කර ගැනීමට ඇති හැකියාව
  • ගීත හෝ ශබ්ධ  ලේඛණයන් අන්අය සමග බෙදා හදා ගැනීමට හැකීවීම
  • මෙහි ඇති ගීත ෆේස්බුක් ට්විටර් වැනි සමාජජාලා වෙබ් අඩවිවලටද Share කිරීමට හැකිවීම
  • ගීත Upload කිරීම
  • ගීත සඳහා Comments ඉදිරිපත් කිරීම
ආදී ප්‍රයෝජන රාශියක් තියෙනව අදම Register  වෙලා මේ වාසි අත්විඳින්න පහත සබැඳි බාවිතා කරන්න


Friday, March 22, 2013

දැන් ඒකි මගේ නැන්දා බං....

ඔන්න එක්තරා ටියුෂන් ක්ලාස් එකක කොල්ලො දෙන්නෙක් අතර මෙන්න මේ වගේ සංවාදයක් සිද්ධ වුණා බලන්නකො මොකද්ද කියල-

අමල්- ආ මචන් කොහොමද ? මේ මං අහන්න කියල හිටියෙ උඹ සඳුනිට බොක්කෙන්ම ට්‍රයි කරා නේද?

ජනිත්- ඔව් බං....

අමල්- ඉතින් මොකද වුණේ? උඹ තාම ඒකිගෙන් ඇහුවෙ නැද්ද?

ජනිත්- ඇහුව බං ඇහුවා...

අමල්- ඉතින් කෙල්ල මොකද කිව්වෙ?

ජනිත්- මම දුප්පත් නිසා බෑ කිව්ව බං..

අමල්- ඉතින් උඹ උඹේ සල්ලිකාර මාමා ගැන කිව්වෙ නැද්ද?

ජනිත්- කිව්ව කිව්ව...

අමල්- ඉතින් ඒ කියලවත් කෙල්ල කැමති වුණේ නැද්ද?

ජනිත්- ඒ කියල තමයි කෙළව ගත්තෙ

අමල්- ඒ කියන්නෙ?

ජනිත්- මචං දැන් ඒකි මගේ නැන්දා වෙලා බං.....



වින්ඩොස් ඇක්ටිවේට් කරගන්න තටමන්න ඕන නෑ...

මම මේ කියන ක්‍රමය නීති විරෝධි තමයි හැබැයි එහෙමයි කියල අපි මොකටද පර සුද්දන්ට අපේ සල්ලි වියදම් කරන්නෙ උන් ඒ කාලෙ අපේ ඒව කඩා වඩා ගත්තට උන් අපිට තාම ණයයි ඒ නිසා උන්ගෙ ණය අපි මේ විදියට හරි පියව ගන්න ඕන.ඕනෑම වින්ඩොස් මොහයුම් පද්දතියක් සක්‍රිය කරගන්න මේ ක්‍රමයෙන් පුළුවන් කරන්න තියෙන්නෙ පහත ඇති සබැඳියෙන් අදාල වැඩසටහන බාගත කරගන්න එක ඊට පස්සෙ ඒ ෆෝල්ඩර් එක තුල තියෙන Microsoft Windows 8 Activator(All Edition) කියන ෆයිල් එක Open කරගන්න ඊට පස්සෙ පහත ආකාරයට උපදෙස් තෝරා ගන්න වෛරස් ගාර්ඩ් එක ටික වෙලාවකට Disable කරල තමයි මේ ටික කරන්න ඕන




වින්ඩොස් 8 සඳහා-
1. Run activator as admin

2. Click Windows 8 Install/Uninstall
3. Wait until restart
4. Your windows  has been activated

අනෙකුත් වින්ඩොස් මෙහෙයුම් පද්දති සක්‍රිය කිරීම සඳහා එහි ඇති Beginner Mode or Advance Mode භාවිතා කළ හැක....

Extract Password is "manussakama"