Ads 468x60px

Friday, August 10, 2012

දෙරණද? මධුරද?

මීට ඉහතදී ඉතාම ජනප්‍රිය සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂක් තමයි මධුර කියන එක ඇත්තටම කලින් එහෙම එකක් තිබුනෙ නෑ මධුර ආවට පස්සෙ අපිට වැඩ ගොඩක් ලේසී කළා.. ඒ වගේම දැන් මධුරට තරගයක් දෙන්න පුළුවන් මට්ටමේ තවත්  සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂක් ජනප්‍රිය වෙලා තියෙනව ඒ තමයි දෙරණ කියන  සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂය ඇත්තටම මේ දෙකම ඉතාම හොඳ මට්ටමේ ඒවා වැඩිය හොඳ මොකද්ද කියල හිතාගන්න බෑ කමක් නෑ දෙකම පාවිච්චි කරල බලන්න හොඳ එක ඔබම තීරණය කරන්න පහත තියෙන සබැඳි වලින් බාගත කරගන්න-



Download Derana Sinhala-English Dictionary
Unlock Password is manussakama


Thursday, August 9, 2012

පෙන් ගහන්න බයද? මෙන්න විසඳුම!

හුඟ දෙනෙක් තමන්ගෙ පරිගණක වලට  Pen Drive  එක සම්බන්ධ කරන්න බියක් දක්වන්නෙ විශේෂයෙන් Communications / Studio වලට ගියාම ඔවුන් Pen Drive භාරගන්නෙ නැහැ වෛරස් එනව කියල බයේ ඉතින් මේකට විසඳුම් ඕන තරමි තියෙනව ඒව දැනගෙන හිටියනම් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ එකක් තමයි හොඳ වෛරස් ගාර්ඩ් එකක් පරිගණකයට දාලා තිබීම ඒ වගේම පෙන් එක Open කරන්න Double Click භාවිතා නොකර Right Click ---> Explore or Open ආකාරයට භාවිතා කිරීම්  වැනි සරල කරුණු දැනගෙන තිබීමත් වැදගත් ඒ වගේම පෙන් එකේ තියෙන වෛරස් ඉවත් කරන්න "attrib " Command ගැන දැනගෙන සිටීමත් වැදගත්. කොහොම උනත් ඒ මුකුත්ම නැත්නම් USB Disk Security කියන වැඩසටහන තියෙනව නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ මේකෙ අලුත් සංස්කරණයන්ගෙ වැඩ ගොඩක් තියෙනව ඕනනම් USB Lock/Disk Cleanup වගේ දේවල් කරන්න උනත් පුළුවන්. පහළ තියෙන සබැඳියන්ගෙන බාගත කරන්න පුළුවන් කැමති එකක් බාගත කරගන්න දෙකම අවශ්‍ය නෑ Portable එකේ තියෙන විශේෂත්වය තමයි Install නොකර භාවිතා කරන්න පුළුවන් වීම මම හිතන විදියට නම් Install කරල හැමදාටම තියාගන්නවන්ම් හොඳයි මොකද මේක වැදගත් වැඩසටහනක් නිසා.  


Extract Password is- "manussakama"

Wednesday, August 8, 2012

එළකිරි කොල්ලෙක්ගෙ හපන්කමක්!

ඔහු නමින් උපුල් බෝගහවත්ත රුහුණු මාගම්පත්තුවේ ලුණුගම්වෙහෙරින් බිහිවුණ දක්ෂ තරුණයෙක් දැනට ගුවන් හමුදාවෙ ඉංජිනේරු ඒකකයෙ සේවය කරන්නෙ ඉංජිනේරු උපාධිධාරියෙක්. ඉස්සර ඉඳන්ම පරණ කාර් අරගෙන ඒවා මොඩිෆයි කරන එක තමයි එයාගෙ විනෝදාංශය ඒ වගේම බලාපොරොත්තුව ඒත් උපුල්ට සල්ලි භාගෙ නෑ මේව කරන්න දැන් ගන්න පඩියෙන් කොහොම හරි රෝලක් ගහල තමයි මේ හපන්කම් කරන්නෙ මේ ඉන්නෙ ඒ දක්ෂකම් කරන කොලු ගැටයා

උපුල් බෝගහවත්ත (Tele-0777567168)

Tuesday, August 7, 2012

සිරිදියස්ට සිගරට් කොම්පැනියෙන් ලක්ෂ පහක්!

ලංකා දුංකොළ සමාගම හා සිගරට් නිෂ්පාදන ආයතන කිහිපක් එකතුවෙන් සිගරට් බීම මගින් සෞඛ්‍යයට වැඩි හානියක් නොවන බව ඔප්පු කිරීමට රට පුරා ගොස් සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළා පත් කරන ලද කුඩා කණ්ඩායම් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පිටත් කර හැරීයා ඒ සමඟ එවැනි අවස්ථාවක් හමුවූ විගසම එය රූප ගතකර එම පුද්ගලයාටද ලක්ෂ පහක ත්‍යාගයක් හා වටිනා පෝෂණ මල්ලක් ද පිරිනැමීමට උපදෙස් ලැබුණා.. ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් පොළොන්නරුව දිහාවට ඇවිල්ල ගැමියන් නිතර ගැවසෙන ස්ථාන ඉලක්ක කරමින් තම අභිප්‍රාය ඉෂ්ඨකරගන්නට ක්‍රියා කළා ..

ඔන්න දවසක් පොළොන්නරුවෙ පොඩි ගමක  පෙට්ටි කඩයක් ළඟ මාන බලමින් සිටි ඔවුන්ට අපූරු සිදුවීමක් දැකගන්න ලැබුණා..සම රුළි වැටුන ඉතා කෙසඟ ශරීරයක් සහිත වයස අවුරුදු 75 තරම් පෙනුමැති පුද්ගලයෙක් අත්වාරුවක් වත් නැතිව තනිවම කඩේට ඇවිත්-

මුදලාලි මට බිස්ටල් විස්සෙ පැකට් එකක් දෙන්න....

Monday, August 6, 2012

විදුහල්පති තුමාගෙ සංවේදී ආදර කථාව...(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)

අම්පාර කියන්නෙ යුද්ධයෙන් අධික ලෙස බැට කාපූ ප්‍රදේශයක්.... මේ විදුහල්පති තුමාටත් යුද්ධය එයාගෙ මුලු ජීවිතයටම බලපෑව ඒ කාලෙ නම් තරුණ කඩවසම් ගුරුවරයෙක් වැඩිදුර අධ්‍යාපනයට නුවර දිහා ගියා දවසක්  නුවර වීදියකදි ඇහැ ගැටුන සුන්දර යුවතියක් නිසා ආදර හැඟිමක් පහල වුණා... එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත.. මුල් දවසෙ සිනා සුනා විතරයිලු ඒත් දෙවෙනි දවසෙ හමු වෙද්දි වුණේ අමුතු සිදුවීමක්.. දෙදෙනාම එදා නෙදැනුවත් කමින් එකම වෙළදසැලකදි අහම්බෙන් හමුවුණා ඒ වගේම දෙදෙනාම ඇවිත් තිබුණෙ මහ වැස්සක් එන නිසා කුඩයක් ගන්න හිතාගෙන ආවෙ එකම කාරණයකට වීමත් පුදුමයි වගේ.. කොහොම හරි දෙන්න එතනදි සුහද කථා බහකට වැටුණ.මලිති කුඩයක් ගත්තත් සර් නම් කුඩයක් ගත්තෙ නැත්තෙ කපටි කමට මොකද දෙදෙනාම යන්නෙ එකම පැත්තට ඒ වගේම වැස්සක් වැස්සොත් කෙල්ලගෙ කුඩේ යටින් යන්න පුළුවවන් කියල සර් හිතුව.. එහෙම හිතල පොඩි බිස්කට් පැකටි එකක් විතරක් අරගත්ත කොහොම හරි දෙන්නම කථා කර කර එළියට ඇවිත් බස් නැවතුමට යන්න කියල ටික දුරක් එන කොට මලිතිගෙ යාළුවෙක් හම්බ වුණා සර්ට මල.... හිතින් බැණ බැණ සර් දැන් ටිකක් දුරස් වෙලා යනව කෙල්ලො දෙන්න කිචි බිචි ගගා හිනා වෙවී යනව... මලිති තමන්ගෙ යාළුවට සර්ව හදුන්වා දුන්න එයාගෙ යාළුවෙක් කියල.. ඔන්න ඒ එක්කම මහ වැස්සත් පටන් ගත්ත මලිතියි යාළුවයි හනිකට කුඩේ  දිග ඇර ගත්තත් සර් ට කර කියා ගන්න දෙයක් නැතුව අතේ තිබුණ ෆයිල් එක ඔළුවට අල්ල ගත්තත් වැස්ස එන්න එන්නම වැඩි වෙන්න ගත්ත.. මලිතිට දුක හිතිල මලිතිගෙ කුඩේ සර් ට දුන්න දීල එයා යාළුවගේ කුඩේ යටින් යන්න උණා සර් ගෙ සිහිනය එදා බොඳ වුණේ එහෙමයි...



Wednesday, July 25, 2012

හරි පුදුම ඉස්කෝලයේ අමුතුම පුස්තකාලය...

අම්පාර නගරයේ ඉඳල නුවරපාරෙ උහන පහුකරන් යනකොට වෑරැන්කැටගොඩ කියන ප්‍රදේශයේ කොත්මලේ ජනපදයෙ තමයි මේ පුදුම ඉස්කෝලය තියෙන්නෙ කොටි කලබල නිසා වැහෙන්න ඔන්න මෙන්න කියල තිබුන පාසලක් ඒත් 2005 වර්ශයේදී ගමේ ළමයින්ගෙ වාසනාවට වෙනස් විදියකට හිතන තරුණ විදුහල්පති වරයෙක් ඒ ඉස්කෝලයට ආව ඒ තමයි අම්පාරෙ හොඳම විදුහල්පති වරයා ලෙස සම්මාන පවා දිනාගත් ආර්.එම්. ජයන්ත රත්නායක විදුහල්පති තුමා එතුමාට මේ ඉස්කෝලෙ දැක්ක ගමන්ම හිතුණෙ මේ පුංචි වන වදුලට වසන්තය ගේනන ඕන කියල...පරිසර හිතකාමියෙක් වුණ විදුහල්පති තුමා මේ පාසල ලස්සන පොඩි හරිත උයනක් කළා...පාසලේ පරිසරය දැක්කම එහි යන ඕනම කෙනෙකුගෙ හිත් පහන් වෙනව හරියට ඉසිවර අසපුවකට ගියා වගේ....

විදුහල්පති- ආර්. එම්. ජයන්ත රත්නායක මහතා

Tuesday, July 24, 2012

දවල්ට ක්‍රිකට් ගහන්න බැරිද?

දිවයින පුරා අද විදුලිබල අර්බුධයක් තියෙනව ඒ වගේම සැරින් සැරේ විදුලිය කපනව ඒ මදිවට රෑ තිස්සෙ ක්‍රිකට් ගහල විදුලිය නිරපරාදෙ නාස්ති කරල දානව මුන්ට මේව නොතේරෙන හැටි. විදුලිබලය පැය කිහිපයකට හෝ නොමැති වීමෙන් සමහර ආයතන ලබන පාඩුව අති විශාලයි එසේම විදුලිය නොමැති වීමෙන් සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතාවය අති විශාලයි එසේත් තිබියදී රෑ තිස්සෙ රගර් මැච්, ක්‍රිකට් මැච් ගහන ඒව‍ ඒ වගේම රෑ තිස්සෙ ලයිට් දාගෙන සැනකෙළි පවත්තන ඒව, දේශපාලන රැස්වීම් පවත්තන ඒවා අඩුම ගානේ මේ අර්බුධය අවසන්වෙනකන් වත් අතිහිටෙව්වොත් හොඳයි කියල කියන ගමන් ලොක්කන්ගෙ මැටි මොල වලට මේ වගේ අදහස් පැමිණේවා කියා ප්‍රාර්ථනා කරනවා.


Monday, July 23, 2012

වයසට යනකම් Avast ... අදම දා ගන්න

Avast කියන වෛරස් ගාර්ඩ් එක මෑත භාගයේ ඉතාමත් ජනප්‍රිය උන එකක් කිසිම කරදරයක් නැතිව පාඩුවේ අපේ පරිගණකය ආරක්ෂා කරන්න මේකට තියෙන හැකියාව නිසාම තමයි ජනප්‍රිය වුණේ.. හැබැයි Avast 4 වලට ඒ දවස්වල  Serial Key  තිබුණ ඒත් අලුත් Version ආවට පස්සෙ Serial Key හොයාගන්න අමාරු උනා ඒත් දැන් දැන් ඔන්න Serial Key එළියට එන්න පටන් අරන් මම අද කියන්න හදන්නෙ එහෙම හොය‍ා ගත්තු Serial Key එකක් ගැන මේ Serial Key  එක දැම්මම 2038 වෙනකම් Register කරන්න ඕන නෑ Free Version එක දැම්මත් තියෙන අවුල තමයි අවුරුද්දෙන් අවුරුද්දට  Register කරන්න වෙන එක. මේක දාගත්තම නම් කිසි අවුලක් නෑ .. 

Zip Password is- manussakama

වඳුරොත් එක්ක බෑ.... ‍එහෙනම් මෙන්න විසඳුම

වඳුරො රිලව් කියල කියන්නෙ මිනිස්සුන්ට කරදරකාරී සත්තු වගයක් ඒකට හේතුව මුන් ගස් කොළන් භෝග ආදිය විනාශ කරල දාන නිසා. කළින් ලිපියෙන් රිලවුන්ට දෙන දඬුවමක් ගැන කිව්ව ඒත් ඒක සත්තුන්ට ටිකක් වේදනාකාරී එකක් ඒ නිසා මෙන්න මේ ක්‍රමය හොඳද කියල බලන්න කෝ... මේකෙන් වඳුරන් විතරක් නෙවෙයි රිලවුන් වුණත් මට්ටු කරන්න පුළුවන්.එකෙක් මුලින්ම අල්ල ගන්න ඕන ලේසි ක්‍රමයක් තියෙනව හැබැයි ඒකට නිදි පෙති දෙක තුනක් හොයාගන්න ඕන... නිදි පෙති කුඩු කරල කුඩු ස්වල්පයක් අරගෙන වම්බටු ගෙඩියක මැදින් කැපුමක් කරල අර කුඩු ටික ඇතුලට දාන්න ඕන .. දාලා ඒ වම්බට්ට වඳුරන්ට පෙනෙන සේ වහලයක් හෝ ගසක් මත තියන්න ඕන 

Sunday, July 22, 2012

ෆෝල්ඩර් හංගන තවත් වැඩසටහනක්.. Folder Protect

ෆෝල්ඩර් ආරක්ෂා කරන්න හැමෝම වගේ මෙච්චර කල් භාවිතා කළේ Folder Lock කියන වැඩසටහන් මම අද කියන්න හදන වැඩසටහන ඒ වගේම එකක් මේකට කියන්නෙ  Folder Protect කියලා වැඩි කථා ඕන නෑ මේ වැඩසටහන අරගෙන පාවිච්චි කරලම බලන්නකෝ....(Key Gen+Patch)
Extract Password is- manussakama

රිලවුන්ගෙන් කරදර නම්.... මෙන්න විසඳුම

රිලවු කියන්නෙ මහ කරදරකාර සත්තු වගයක් විශේෂයෙන් පිටිසර පළාත්වල ගෙවතුවල මෙලෝ හත්තිලව්වක් මුන් නිසා තියා ගන්න බෑ ඔන්න මේකට කරන්න ඕන දෙයක් ගැන තමයි මම මේ කියන්න හදන්නෙ කරන්න තියෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්...කුරුම්බ ගෙඩියක් හෙයාගෙන රිලවාගේ අත දාන්න පුළුවන් ගානට විතරක් කුරුම්බ ගෙඩියෙ සිදුරක් විදින්න විදල ඒකෙ ඇතුලෙ තියෙන මද හැන්දකින් හූරල එකෙ ඇතුලෙම තියෙන්න අරින්න.... ඒ කුරුම්බ ගෙඩිය රිලවු යන-එන පැත්තක උන්ට පේන්න තියන්න ඕන ....

රිලව ඇවිල්ල ඒ කුරුම්බ ගෙඩිය ඇතුලට අත දාලා මද (ලොඳ) අතට අහුවෙන තරම් අරගෙන ගුලි කර ගන්නවා ඒත් ඌට අත එළියට ගන්න බෑ මොකද ඒ සිදුර මදි අත ගුලි කරගෙන නිසා... ඌ කුරුහ්බ ගෙඩියත් අතේ අරගෙන හිමින් හිමින් යනකොට අපිට ඌව අල්ලගන්න පුළුවන්.. අපි ළඟට ගියත් ඌ නෙවෙයි අර කුරුම්බ මද ටික අතහරින්නෙ ...

ඔන්න ඔහොම රිලව අල්ල ගන්නව අල්ලගෙන ඌ රිලවු එන පැත්තක උන්නට පෙන්න ළනුවකින් බඳින්න ඕන (හැබැයි ඉතින් කන්න බොන්නත් දෙන්න වෙනව) ඒ වගේම වැඩේට  දිග බයිසිකල් ඉස්පෝක් කම්බියකුත් ඕන නැත්නම් හීන් කම්බියක් ඕන .. කරන්න තියෙන්නෙ රිලවු රංචුව ආපු වෙලාවට අර ස්පෝක් කම්බියෙන් රිලවගෙ පස්ස පැත්තට රිදෙන්න පාරක් ගහන්න ඕන එතකොට රිලව ක්ක්‍රෑරැව්ව්.... ගාලා අමුවිදියකට කෑ ගහන්ව ඒ කෑ ගැහිල්ල ඇහුනම රිලවු රංචුව පළාතෙවත් ඉන්නෙ නෑ....

වඳුරන්ගෙ කරදර වලින් බේරෙන හැටි මී ලඟ ලිපියෙන්....


Friday, July 20, 2012

විනෝදයට ෆොටෝ හදන්න Funny Photo Maker ...

ෆොටෝ එකක් විනාඩියකින් ලස්සනට frame එකක් දාලා හදාගන්න පුළුවන් ජනප්‍රිය වැඩසටහනක් මේක හැබැයි ඉතින් ෆොටෝෂොප් වගේ එකක් කියලනම් හිතන්න එපා ඒ වගේ ෆොටෝ Edit කරන්න මේකෙන් බැහැ මේක හරිම ප්‍රාථමික මට්ටමේ විනෝදය පිණිස ෆොටෝ Edit කරන්න හදපු වැඩසටහනක් විතරයි දාගෙන බලන්න වැඩ ගොඩක් තියෙනව... පහළින් දාලා තියෙන්නෙ මෙකෙන් හදපු පින්තූර ටිකක්...


Sunday, July 15, 2012

රාවණාගෙ දඬුමොණර තාක්ෂණයෙන් පෙන්ටගනය ජයගනීද?

රාවණා රජුගේ දඬුමොණර කථාව මෑතක දී සයිබර් අවකාශයේ වඩාත් කථා බහට ලක්වන කරුණකි එසේම  බොහෝ දෙනාගේ අදහස වන්නේ ඇමරිකාව විසින් එම තාක්ෂණය සොරකම් කිරීම නිසා ඔවුන්ට නවීන යුධ ගුවන් යානා නිපද වීමට හැකි වූ බවයි කෙසේ හෝ මේ වන විට ඇමරිකාව නවීන ගුවන් යානා/යුධ ගුවන් යානා නිපදවීම පිළිබඳ සියලුම රටවල් අභිබවා සිටින බව පිළිගත යුතුය.


(HTV-2 යානය)

(රාවණාගේ රුක්ම විමාණය නැමැති ගුවන් යානාව)

Saturday, July 14, 2012

තරුණ වෙන්න නම් හැමදාම කුරුම්බා බොන්න....

කුරුම්බා කියන්නෙ මොනවද කියල හැමෝම දන්නවා ඒත් මේ කුරුම්බා වල තියෙන ගුණය නම් හැමෝම දන්නෙ නෑ කුරුම්බා වතුර කියන්නෙ ඉතා ගුණ දායක පානයක් මේවා ඇත්තටම කියනව නම් මව් කිරි වගේම ගුණ දායක පානයක් කිව්වොත් නිවැරදියි හැම දාම උදේට කුරුම්බ ගෙඩියක් බොන්න පින තියනව නම් ඉතින් හැම දාම කොල්ලො කෙල්ලො වගේ ඉන්න පුළුවන් මොකද තරුණ පෙනුම රැක දෙන නිසා කුරුම්බා වතුර වල තියෙන පෝෂණ ගුණ තමයි මේ පහලින් දක්වලා තියෙන්නෙ


ඔබේ Blog Post වලට Facebook Comments Box එකක්....

ඔබේ Blog එකට Facebook Comments Box එකක් පහසුවෙන්ම දාගන්න පුළුවන් මම අද කියන්නෙ එහෙම  Facebook Comments Box එකක් දාගන්න පුළුවන් එක් ක්‍රමක් ගැන ඒ සඳහා  පහත ආකාරයට උපදෙස් තෝරා ගන්න..(Blogger සඳහා)


01) මුලින්ම Facebook එකේ Comments Application එකක් හදාගෙන ඉන්න ඕන ඒක හරිම ලේසිය-
      අ) මෙතන ක්ලික් කරන්න  පසුව 
 ක්ලික් කරන්න

     ආ) පහත ආකාරයට ඔබගේ රුචිකත්වය පරිදි නමක් යොදාගනිමින් Apps Name සහ Name Space පුරවන්න

Saturday, June 16, 2012

Saturday, May 26, 2012

වඳුරු මල්...


පහත තිබෙන්නෙ දෙමුහුන් ඕකිඩ් වර්ග දෙකකි එක් වර්ගයක් වදුරකුගේ මුහුණට තරමක් සමාන කමක් දක්වන අතර අනෙක් මලේ වඳුරකුගේ ශරීරයට සමාන කමක් දක්වවයි...



Thursday, May 24, 2012

"ඉන්ටර්නෙට් නැති ඉඩම නිකන්වත් එපා..." -සඳරු

මේක වෙලා තියෙන්නෙ අම්පාර පැත්තෙ...ටවුන් එකට ටිකක් දුරින් ගොඩක් ලාබෙට ඉඩමක් තියෙන බව සඳරුට ආරංචි වුණා දවසක් මිනිහ නිවාඩුවකුත් දමල ඒ ඉඩම බලන්න තවත් යාළුවෙක් එක්ක සෙට්වුණා හැබැයි ඒ යනකොට තමන්ගෙ ලැප්ටොප් එකත් ගන්න සඳරු අමතක කරේ නෑ ඒත් යාළුව ඇහුව 
"ඉඩම් බලන්න යන්න ලැප්ටොප් මොකටද මචන් .., ඔව් ඉතින් උඹ කක්කුස්සියට ගියත් ඕක අරන්නේ යන්නෙ"

'උඹට ඒකෙන් වැඩක් නෑ යමන් කෝ"

Saturday, May 19, 2012

පිළිකාවට අත වනන හට්ටි මුට්ටි....

අද බෙහෝ දෙනා ඉවුම් පිහුම් සඳහා යොදාගන්නේ ඇලුමිනියම් (Aluminium) එමෙන්ම පහසුව සඳහා ආහාර නොඇලෙන බඳුන් (Teflon Pans or Nonstick Pans) භාවිතයත් ඉහල ගිහින් ඒත් මේ බඳුන් අපට මොනතරම් අහිතකර ද යන්න ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. මේ බඳුන් භාවිතයෙන් පිළිකා හැදෙනව කිව්වොත් සමහරු හිතනව අපේ පරම්පරාවෙ කාටවත් පිළීකා නෑ ඒ නිසා අපට පිළීකා හැදෙන්නෙ නෑ කියල ඒත් ඒක වැරදි මතයක් ඕනෑම කෙනෙක්ට ඕනෑම මොහොතක පිළිකාවක් හට ගන්න පුළුවන් සිගරට් වලින් පිළිකා හැදෙනව කියල හැමෝම දන්නව ඒත් ඇලුමිනියම් බඳුන් පිළිකා කාරකයක් කියල අඩුම තරමෙ ජනමාධ්‍යයකින් වත් හෙළි කරන්නනෙ නෑ හේතුව තමයි සිගරට් කියන්නෙ කෙටි කාලීන පිළිකා කාරකයක් ඒත් ඇලුමිනියම් බඳුන් කියන්නෙ දිගු කාලීන පිළිකා කාරකයක් ඒ කොහොම උනත්  තමන්ගෙ ජීවිතයට ආදරේ කරන  වගේම අනුන්ගෙ ජීවත වලට ආදරේ කරන හැමෝම මෙම ඇලුමිනියම් බඳුන්, භාවිතයෙන් ඉවත් කළොත් තමා හොඳ ඒවෙනුවට මැටි බඳුන්යොදාගන්න එක විකල්පයක් නොවෙයි හේතුව ඒවා භාවිතය අපහසුයි ඒ වගේම රත්වීම සඳහා වැඩි කාලයක් ගන්නව ඒ නිසා වැඩි ගෑස්/දර/භූමිතෙල් පරිභෝජනයක් ඇතිවෙනව ඒ නිසා කළ යුත්තේ මල නොබැ‍‍‍ඳෙන වානේ ( Stainless Steel) බඳුන් යොදාගන්න එක.ඒක තමයි හොඳම විකල්ප අවස්ථාව.



Thursday, May 17, 2012

වැරදුණු මැජික්‍...(සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වලකින්න)

මැජික් කියන්නෙ කලාවක් හැබැයි මැජික් කාරයින්ටත් වරදින අවස්ථා තියෙනව මේකත් ඒවගේ දෙයක් මේ වීඩියෝ පටය සංවේදී පුද්ගලයින් හා ගැබිණි මවුන් නැරඹීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි.



ගෙදරදීම දත් බෙහෙත් හදන හැටි

දත් බෙහෙත් බලට නිකරුණේ මුදල් වියදම් කරන්න ඕන නෑ ගෙදරදිම ස්වාභාවික දත් බෙහෙත් හදාගන්න පුළුවන් අවශ්‍ය දෑ-

  • බේකිං සෝඩා (සෝඩියම් බයිකාබනේට්) කෝප්ප 1/2
  • පිරිසිදු පොල්තෙල් කෝප්ප 1/4
  • පෙපර්මින්ට් තෙල් බින්දුවක් පමණ


සාදන ක්‍රමය- මේ සියල්ල එකට දමා කල්කයක් වන තුරු මිශ්‍ර කරන්න


සැලකිය යුතුයි- මූලාශ්‍ර අන්තර්ජාලයෙන්,අත්හදා බලා නොමැත

Wednesday, May 16, 2012

කොලෙස්ටරොල් වලට ලේසිම බෙහෙත.....

පිෂ්ටඨාතුව එහෙමත් නැත්නම් කොලෙස්ටරොල් කියන එක දැන් දැන් හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් ලෙඩ රෝග කියන ඒව කොයි වෙලාවෙ හැදෙයිද කියල කියන්න බෑ අපි මේ හැම දේටම සූදානම් වෙන එක කෝකටත් හොඳයි ඇත්තටම මේක කොලෙස්ටරොල් පාලනයට,රුධිරයේ සීනි වැඩිවීම හෝ දියවැඩියා වට,ආමවාතය,ශ්වේත රක්තය හෙවත් ලියුකෙමියාවට මෙන්ම රුධිරය කැටි ගැසීම ආශ්‍රිත රෝගාබාධ වලට හා මතක ශක්තිය වර්ධනය කරවීමටත් ඉතා සුදුසු බෙහෙතක්...

කුරුඳු කුඩු තේහැදි භාගයක් පමණ පිරිසිදු මී පැණි මේස හැන්දකට දියකර උදෑසන ආහාර වේලට ප්‍රථමව පානය කිරීම තමයි කරන්න තියෙන්නෙ මේ විදියට මාස කිහිපයක් හරි කරන්න පුළුවන් නම් ඉහත කී ආබාධ වලින් ආරක්ෂාවීමට පුළුවන්....


මූලාශ්‍ර- අන්තර්ජාලයේ පිළිගත් වෛද්‍ය ලිපි ලේඛණවලින්...

සියලු රෝග නිවාරණයි...(දියවැඩියා රෝගීන්ට විශේෂයි)

අද කාලයේ කාටද ලෙඩ රෝග නැත්තෙ පොඩි එකාගෙ ඉඳල වයසක උන්දැ දක්වාම ලෙඩ ලෙඩ ලෙඩ... ඉතින් මේ ලෙඩ ටිකක් හරි පාලනය කරගන්න දේශීය වෛද්‍ය ක්‍රමයෙන් අපට ගන්න පුළුවන් වැඩ බොහෝයි ඉතින් මේකත් එවැනිම පොඩි ඖෂධයක්.. රාත්‍රී    පිරිසිදු ඇල්වතුර පිරවූ  වතුර වීදුරුවකට හෝ වීදුරු බෝතලයකට උළුහාල් ඇට කිහිපයක් දමා හොදින්වසා තබන්න උදේපාන්දරම නැගිටලා ඒකෙ තියෙන උළුහාල් ඇට අයින් කරල හිස් බඩටම බීගෙන බීගෙන යන්න..(ඒ උළුහාල් ටික අපරාදෙ වෙන්නෙ නෑ කෑම උයන කොට ඒවට දාන්න පුළුවන්) හැමදාම මේක මේවිදියට කළොත් ලෙඩරෝග රාශියකට මේක පිළියමක් වේවී විශේෂයෙන් දියවැඩියාව පාලනය කරගැනීමට මේක කදිමයි කියල තමයි බොහෝ දෙනෙක් කියන්නෙ.... 

Thursday, May 10, 2012

Thursday, May 3, 2012

පැණි කොකිස්!

අවුරුද්දට හැමෝම වගේ කොකිස් නම් කන්න ඇති කොකිස් කියන්නෙ බොහෝ දෙනෙක් ප්‍රිය කරන කෑමක් අද මම කියන්න හදන්නෙ කොකිස් අමුතු ක්‍රමයකට සකස් කරන ගන්න විදිය.. පැණි කොකිස් කියන එක නුවර පැත්තෙ නම් ජනප්‍රිය කෑමක්.. අවුරුද්ද කාලෙට එහෙම නැත්නම් උත්සව අවස්ථාවලදි ඉතුරු වන කොකිස්  මේ විදියට හදාගන්න පුළුවන්..හදන්න හරිම ලේහෙසියි

මුලින්ම ඉතුරු වුණ කොකිස් නැවත තෙලෙන් බැඳීම කල යුතුයි එම කොකිස් රස්නෙපිටම අරගෙන එහි මැදට (දාර දිගේ)  කිතුල් පැණි වත්කල යුතුයි එම කිතුල් පැණි පිටතට හැලීම වැලැක්වීම සඳහා රත්කරගත් සහල් පිටි ටිකක් එයට උඩින් එක්කළ යුතුයි....කිතුල් පැණි කොකිස් වලට උරාගත් පසු එහි රස කිව නොහැකි තරම්ය.


හදනහැටි කිව්වෙ- අරුණිකා දිල්හානි

මනුස්සකම වෙසක් පැතුම....


Tuesday, May 1, 2012

බුදු හේත්තු....

එක්තරා සුළු දැව ව්‍යාපාරිකයෙක් ගස් කිහිපයක් කැපීම සඳහා ග්‍රාමනිළධාරියාගෙන් අවසරය ලබාගැනීමේ අයදුම් පතක් පුරවා ඔහුගේ අනුමැතිය ගැනීම සඳහා ඉදිරිපත් කළේය.. මෙය කියවා බැලූ ග්‍රාමනිළධාරියා තමන් මීට පෙර අසා නොමැති ගස් වර්ගයක් බැවින් ඔහුගේ ලිපි ලේඛන අවුස්සන්නට වුයේ මෙම ගස් වර්ගය කැපීම සඳහා අවසරය දියහැකි දැයි බැලීමටය ඔහු එහි සඳහන් කර ඇත්තේ "බුදු හේත්තු ගස්' යන නමයි නමුත් එවැනි ගස්වර්ගයක් ගැන එම ලේඛනයන්ගේ ද සඳහන් නොවුණි එබැවිණ් ග්‍රාමනිළධාරියා මෙසේ අසන්නට විය-

ග්‍රාමනිළධාරියා- මුදලාලි බුදු හේත්තු කියන්නෙ මොන ගස් වර්ගයද? මම අහලම නෑ නේ..
මුදලාලි- මහත්තයා ඒව මේ වැඩකට නැති වතුර බහින ගස් වර්ගයක්

ග්‍රාමනිළධාරියා ආ..එහෙමද...කියා අත්සන් කර අවසරය ලබාදී ඇත... "බෝ ගස්" කැපීම තහනම් බැවිණ් ඒ සඳහා "බුදු හේත්තු" ලෙස යොදා අවසරය ලබා ගත් බව මුදලාලි පැවසුවේ සිනාමුසු මුහුණින්ය....

කථාව- සිරිල් සිංහක්කාර

එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?

මේක බස් එකේ සිදුවුණ සිදුවීමක්.. ඔන්න දවසක් බස්එකක ඒ තරම් සෙනගත් නැති වෙලාවක එක මනුස්සයෙක් නැගල මරිසිපාලගෙ කකුල පාගගෙනම ඉන්නව.. මරිසිපාල මිනිහා දිහා බැලුව මිනිහා ටිකක් හැඩි දැඩි පොරක් කෝකටත් කියල මරිසිපාල ඒ මෑන්ගෙන් මෙන්න මෙහෙම අහනව..

මරිසිපාල- මහත්තයා, නේවි එකේද?
කකුල පාගගෙන ඉන්න මිනිහා- නෑ

මරිසිපාල- එහෙනම් පොලිස්සියේද?
මිනිහා- නෑ ඇයි?

මරිසිපාල- එහෙනම්..මර්වින් සිල්වගෙ කවුරුහරිද?
මිනිහා- නෑ නෑ

මරිසිපාල- එහෙනම්.. පී.එස්.ඩී එකේද?
මිනිහා- නෑ නෑ ඇයි අහන්නෙ?

මරිසිපාල- හා එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?
මිනිහා- නෑ නෑ නෑ

මරිසිපාල- මහත්තයෝ එහෙනම් මහත්තයගෙ කකුල මගේ කකුලෙන් පොඩ්ඩක් එහාට ගන්නවද?

කථාව- සිරිල් සිංහක්කාර

Saturday, April 28, 2012

ඇවිදින්නත් සහකරුවෙක්!

ඉස්සර මිනිස්සු කිව්වෙ ඇවිද්ද පය දහස් වටී කියල ඒත් දැන් ඒ පයටත් සහකරුවෙක් හදල හොන්ඩා කියන ලෝක ප්‍රසිද්ද තාක්ෂණික ආයතනය විසින් තමයි මේ නවතම සොයාගැනීම කරල තියෙන්නෙ මේ රෝබෝ උපකරණයෙන් ඇවිදින්න වඩාත් පහසු කරවනව  ඇ‍ශරීරයේ බර කකුල් දෙකට දෙන්නෙ නැතිව මේ උපකරණය භාවිතයෙන් ඇවිදින්න පුළුවන් මෙන්න මේක තමයි ඒ උපකරණය


මේක භාවිතා කරණ විදිය පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්..කොහොමද ජපන් හපන්?


Friday, April 27, 2012

බඩ අඩුකරගන්න කැමතිද?



අද ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල ජනගහනයෙන් 60% වැඩි පිරිසක් අධික තරබාරු කමින් පීඩා විදිනව ඒ වගේ පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා හැමෝටම ප්‍රශ්නෙ බඩ තමා කොහොම වුණත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් උදරය නෙරා ඒම  පාලනය කර හැකි වුවත් එය ශරීරයට එතරම් සුදුසු තත්වයක් නොවේ ඒ කෙටි කාලීන සුව පසුකාලීනව වෙනත් අබාධ තත්වයක් වියහැකි බැවිණි‍.එසේම දේශීය වෛද්‍ය ක්‍රමයන් භාවිතා කිරීම අපහසු වන්නේ අවශ්‍ය කළමණා ආදීය සොයාගැනීමට අසීරු කමත් ඒවා කල්ක හෝ කසාය ආකාරයෙන් සකස් කර ගැනීමට අපහසු කමත් නිසාය කෙසේ නමුත් ව්‍යායාම කිරීම මෙයට සුදුසුම ක්‍රමයයි එයටත් බොහෝ දෙනාට යෙදවීමට කාලයක් නොමැත එසේනම් කළ යුත්තේ කුමක්ද? මෙන්න විසඳුම!!

   

Monday, April 23, 2012

කොපි කරමු.......


අපි කොපි කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉඳන්නේ පරිගණකයෙත් වැඩිපුරම කරන එකක් තමයි කොපි ඒත් සමහර වෙලාවට ෆයිල් එකක් කොපි කරන්න ලොකු වෙලාවක් ගන්නව අපරාදෙ කාලය...කරන්න තියෙන්නෙ පහත තියෙන වැඩසටහන් වලින් එකක් පරිගණකට දාගන්න එක...දැනටමත් ගොඩක් දෙනෙක් Tera Copy කියන වැඩසටහන භාවිතා කරනවා ...

පෙට්ටියට දැමීම හෙවත් Dropbox ...

පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි Dropbox.  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව  Media-fireRapid-share වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ පරිගණක වැඩසටහනක් භාවිතා නොකර වුවත් ගබඩා කරන්නත් පුළුවන් .

MS Paint වලින් ඔබ්බට...Paint.Net

MS Paint යනු Photoshop,Corel Drow වැනි වැඩසටහන් තරම් ප්‍රභල  නොවුණත් එමඟින් යම් යම් අවස්ථා වලදී අපගේ කාර්යයන් සඳහා වැදගත් වන වැඩසටහනකි MS Paint වලට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් ඇතුලත් Photoshop,Corel Drow වැනි වැඩසටහන් වලින් කළ හැකි සමහරක් දේ පහසුවෙන් කරගත හැකි වැඩසටහනක් ලෙස Paint.Net හැදින්විය හැකිය එහි විශේෂත්වය වන්නේ සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන වැඩසටනක් බැවිණි Windows XP සමඟ ක්‍රියාතමක කළ හැකි වන්නේ Service Pack 3 සමඟ පමණි...එසේම Windows Vista Service Pack 1 සමඟ  හා Windows 7 සමඟ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක පහත ඇති සබැඳියෙන් බාගත කර වෙනස වටහා ගන්න...


Saturday, April 21, 2012

අව්ව රුදු වූ අවුරුදු...


අවුරුද්ද යන්නෙහි අරුථ බොහෝ දෙනා නොදනී, මා අසා ඇති පරිදි  අවුරුද්ද යන වචනය සැදී ඇත්තේඅව්ව රුදු එසේත් නැත්නම් සූර්ය කිරණ වල රශ්මිය අධිකය යන තේරුම මතය. අප්‍රේල් මාසයේ දී සූර්යයාපෘථිවියට ඉතා ආසන්නවම ගමන් කරන බැවින් අවු රශ්මිය ඉතා අධිකය එබැවින් මිනිසුන්ට ඇතිවිය හැකි මානසික ආතතියන්ද වැඩිවේ ඉක්මනින් කිපෙන සුළුබව ඒ අතර ප්‍රධානවේ අතීතයේ මිනිසුන් විශ්වාස කළේ මෙය හිරු දෙවියන් කෝපවීම නිසා මිනිසුන්ට දෙන දඩුවමක් ලෙසය එබැවින් ඔවුන් හිරු දෙවියන් මූලික කරගෙ විවිධ වතාවත් පුද පූජා පැවැත්වීමට පෙළඹුණේය.

Friday, April 20, 2012

නොමිලේම පරිගණකයේ කරන කාර්යයන් පටිගත කරන්න (ඕපන් සෝර්ස් )

CamStudio කියන්නෙ පරිගණකයේ අප කරන කාර්යයන් පහසුවෙන් පටිගත කර ගැනීමට හැකි ඕපන් සෝර්ස් කාණ්ඩයට අයත් නොමිලයේ දෙන හොඳම වැඩසටහනයි මෙම වැඩසටහන පහත ඇති සබැඳියෙන් ඔබට ලබා ගන්නට පුළුවන් නිකන් දෙන එකේ බාගත කරල ඔය මොන මොනව හරි ටිකක් රෙකොර්ඩ් කරලම බලන්න කෝ ‍‍‍....



Monday, April 2, 2012

Free Download කරන්න තවත් පහසු විදියක්....

Free Download කරන්න පහසු විදි කිහිපයක්ම මීට කලින් කියල තියෙනව ඒ වගේම මේ ක්‍රමයටත් යමක් බාගත කරන්න පහසුවෙන්ම පුළුවන් වගේ නොමිලයේ බාගත කිරීම් කරන්න දෙන අඩවිවල තියෙන සබැඳියන් වල තියෙන ලේඛනයන් තමයි අපිට සොයල දෙන්නෙ මේකත් එක්තරා සෙවුම් යන්ත්‍රයක් කිව්වොත් නිවැරදියි. ට්‍රයි කරල බලන්න මෙන්න මේ අඩවියෙන්...

http://www.filecrop.com/

Wednesday, March 28, 2012

අප්‍රේල් පළවෙනිදාට ක්‍රියාත්මක කරන්න අදහස් 100 ක්.......

අප්‍රේල් පළවෙනිදා (01) කියන්නෙ ඉතින් කාට කාටත් වැදගත් දවසක් ලෝක මෝඩයාගේ දිනය නිසා.....ඒ දවසට ඉතින් බොරු කියල කට්ටිය අන්දවන එක අපේ සිරිත නේ දැන් දැන් එහෙම බොරු කිව්වට පිළිගන්නෙ නෑ ඒත් ඒකට මොකද කරන්න ඕන .....? ඔන්න හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අප්‍රේල් පළමුවෙනිදාට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ අදහස් සීයක (100) පොඩි පොත් පිංචක් මනුස්සකම වෙතින් තෑගි කරන්නයි මේ හදන්නෙ. කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන් ගිහින් ඒ පොත් පිංච බාගත කර ගැනීම .....

දුෂ්කර ගණිත ගැටළුවක්....

මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි. මෙය මනෝමයෙන් කලයුතුය. මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න.

 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න. දැන් එයට තව 1000ක් එකතු කරන්න. දැන් 30ක් එකතු කරන්න. අනතුරුව තවත් 1000ක් එකතු කරන්න. එයට 20ක් එකතු කරන්න. දැන් තවත් 1000ක් එකතු කරන්න. අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 

ඔබට ලැබුනු පිළිතුර කීයක් ද?.........

Sunday, March 25, 2012

Google Map එකේ කැමති තැනක් පින්තූර විදියට ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ...

හැමෝම දන්නවනේ ගූගල් මැප් ගැන විමල් වීරවංශ එපා කිව්වට ගූගල් නැති ඉන්ටර්නෙට් හරියට අරක්කු නැති මගුල් ගෙදර වගේ නේ ඉතින් ගූගල් මැප් එකෙන් යම් කිසි තැනක් පින්තූරයක් (Image) විදියට ගන්න ගොඩක් අය Print Screen ඔබ ඔබ තටමන නිසා මේ ලිපිය ලියන්න හිතුණෙ.. මුලින්ම කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන්  ගූගල් මැප් සර්වර් කියන (551 KB) වැඩසටහන බාගත කරල ඩබල් ක්ලික් කරන්න..

Download Google Map Server (GMS)

ඊටපස්සෙ Google Map/ Google Earth වලින් වගේම කැමති තැනක් බලන්න පුළුවන්...ඒ වගේම Save Capture as කියන Button එකෙන් පහසුවෙන්ම ඕනම තැනක Save කරන්නත් පුළුවන්





Thursday, March 22, 2012

ජිනීවා හී ඡන්ද විමසීමේ ප්‍රතිඵල... පක්ෂව 15 විපක්ෂව 24 වැළකී සිටි ගනන 08

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්  ජිනීවා හී අද පැවති ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 15 ක්ද විපක්ෂව රටවල් 24 ද රටවල්  08 ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීද සිටි අතර අයිතිවාසිකම් හා වරප්‍රසාද සීමා කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ඔවුන්ට ලබා ගැනීමට නෙහැකි වූ අතර මෙය ශ්‍රී ලංකාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක අපේ මව්බිම රැක ගැනීමට සහාය පලකර සියලුම රටවලට ජාතියේ උත්තමාචාරය හිමිවනු ඇත

Tuesday, March 20, 2012

රෙද්දෙ මැජික්....

මේක කලින් දාපු ලිපියක් අලුතෙන් බ්ලොග් බලන්න ආපු අයට දැනගන්න ආපහු දාන්න හිතුණා හැබැයි මේක මැජික් කිව්වට මැජික්මත් නෙවෙයි පොඩි සෙල්ලමක් බලන් ඉන්න අයට නම් මැජික් වගේ තමයි. 


මෙහෙමයි කරන්නෙ, කාඩ් කුට්ටම අරගෙන අත් දෙකත් හෙඳට වැහෙන්න විදියට රෙද්දකින් වහ ගන්න කාඩ්ටික ඔක්කොම අංක සටහන් නොකරපු පැත්ත උඩට සිටින සේ තියා ගන්න ඕන ඉස්සරහ ඉන්න කෙනාට කියන්න  රෙද්ද අස්සෙන් හිමිහිට කොළයක් අරගෙන බලලන්න කියල ඒ බලන අතරෙදි අර පුද්ගලයාට නොදැනෙන ලෙස කාඩ් ටික අනෙත් අතට හරව ගන්න (අංක සටහන් කල කොටස උඩට හිටින සේ) දැන් එයාට කියන්න කොළය තමන්ට ඕන තැනක තියන්න කියල (හැබැයි රෙද්ද උස්සන්න  නම් දෙන්න එපා එතකොට වැඩේ මාට්ටු) එතකොට ඒ පුද්ගලය කොළය තියන්නෙ ගත්ත විදියටමයි ඒ කියනෙ අංක සටහන් කල පැත්ත යටට සිටින සේ. දැන් අරන් බලන්න එයා බලපු කොළය මොකද්ද කියල අපිට කියන්න පුළුවන් මොකද අනිත් කොළ ඔක්කොම එකම දිශාවකට තියෙන කොට ඒ කොලේ විතරක් අනෙක් අතට තියෙන්නෙ. ඇයි අපි කාඩි ටික අනෙක් අතට හැරෙව්ව නේ මම කියපු දේ පැහැදිලි වුණාද දන්නෙ නෑ කමක් නෑ කට්ටියට පොඩ්ඩක් හිතන්නත් ඉඩ තියන්න ඕන දැන් ඉතින් පොඩි එවුන් ටිකක් වටකරගෙන ඔය මැජික් එක කරන්න තියෙන්නෙ.

Wednesday, March 14, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරමු...

අපේ ක්‍රිකට් කණ්ඩාය ඉන්දියාව වෙතින් පරාජය වීම ශ්‍රී ලාංකීය අපට ඉතාම කණගාටු දායක අමිහිරි සිදුවීමකි වෙන ඕනම රටකට පැරදුනාවේ ඒත් ඉන්දියාවටයි,පාකිස්ථානයටයි,ඕස්ට්‍රේලියාවටයි පරදින්නෙ නැතුව හේතුව කුමක්දැයි කිව නොහැකි වුණත් අහන අහන හැම දෙනාගේම උත්තරය එකක්ම වීම පුදුමයකි එසේම පසුගිය ටිකේම ලංකාව පැරදුනේ කණ්ඩායම හරි හැටී තෝරා ගැනීම සිදුකර නොමැති කමෙන් කියලයි හැම දෙනාම කියන්නෙ එක් එක් පුද්ගලයින් එක් එක් අදහස් පළ කරනව කපුගෙදර හැමදාම අසාර්ථක ක්‍රීඩකයෙක් ඒත් ඔහු ටීම් එකෙන් කැපෙන්නෙ නෑ හේතුව කවුරුවත් දන්නෙ නෑ ඕනම මෝඩයෙකුට තේරෙනව ඔහුගෙන් ටීම් එකට පළක් නෑ කියල ඒ වගේම වෘත්තීය මට්ටමේ දඟ පන්දු යවන්නෙක් නැති කම ලංකාවෙ කණ්ඩායමට බලපාපු තවත් ප්‍රශ්නයක් .... ගමේ ගොඩේ කොච්චර දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවද ඒත් ඔවුන්ව ජාතික මට්ටමට ගන්න පාලක මණ්ඩලයේ කිසිම ප්‍රතිපත්ථියක් නෑ ඕනකමකුත් නෑ කෝටි ගනන් සල්ලි හම්බවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අක්‍රිය ඇයි කියල කාගෙන් අහන්නද?

Tuesday, February 28, 2012

කතරගම-ලුණුගම්වෙහෙර මැණික් කථා.....

පහුගිය දිනවල කතරගම-ලුණුගම්වෙහෙර පාර හදන්න ගිහින්  නිල් මැණික් ඉල්ලමක් පෑදුන කථාව හැමෝම දන්නවනේ ඉතින් ඔය ආරංචිය ලැබුන මහා ජනගංඟාව මැණික් හාරන්න හිතාගෙන ලුණුගම්වෙහෙරින් වැව් බැම්ම දිගේ කතරගම පැත්තට යන්න වුණා තවත් පිරිසක් තිස්සමහාරාමය හරහා කතරගම දිහාවට යන්න වුණා අන්තිමට මැණික් ඉඩම් ටික කෝටි 27 කට කට්ටි කරල විකුණපු නිසා මිනිස්සුන්ට ඒ දිහාවට යන්න නොහැකි වුණා ඒත් බෙරළිහෙල පැත්තෙ සඳගල ආරණ්ණය සේනාසනය අවටත් මැණික් ඇති බවට රාවක් පැතුරුණ නිසා මිනිස්සු වැල නොකැඩී ඒ පැත්තටත් යන්න වුණා ‍බේරුවල, කළුතර,ගාල්ල,මාතර, තංගල්ල, වීරකැටිය, රත්නපුර,පැල්මඩුල්ල ආදී දුරබැහැර  ප්‍රදේශවලිනුත් ජනගංඟා මේ දිහාවට ගලන්න වුණා සාමාන්‍ය වැසියන් විතරක් නෙවෙයි දේශපාලන කාරයිනුත් මැණික් මුදලාලිලත් මේ අතර වුණා මේ දින කිහිපයේ මැණික් හාරන්න ආපු පිරිස ලක්ෂ පහකටත් වඩා වැඩි බවයි ඇතැමුන් පවසන්නෙ.... කොහොම වුණත් මේ මැණික් ගැරිල්ල අතරෙ සිදුවුණ සිදුවීම් බොහෝය.....


Monday, February 27, 2012

අම්පාර උද්ඝෝෂණයේ ජේ.වී.පී/යූ.එන්.පී කුමන්ත්‍රණය

ඊයේ දිනයේ දිවයින පුරා දියත්කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ අම්පාර උද්ඝෝෂණය අසාර්ථකම උද්ඝෝෂණ බවට පත්විය. හේතුව එම උද්ඝෝෂණයේදී ගෙන ගිය පෝස්ටර් වල තිබුණේ මෙවැනි වඳන්ය...... බඩුමිල අඩුකරපියව්!, පාන්කාලා හමාරයි!, පෙට්ට්‍රල් මිල අඩුකරව්, ඩීසල් මිල අඩුකරව්, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නවතනු!.... වැනි වදන්ය බලා සිටි අයද මේවා දැක මවිතයට පත්විය... සිදුව ඇත්තේ උද්ඝෝෂණයට යාම සඳහා රැස්වසිටි පිරිසට උද්ඝෝෂණ ආරම්භ කිරීමට විනාඩි කිහිපයක් තිබියදී පිරිසක් පැමිණ කඩිමුඩියේ  පෝස්ටර් බෙදා දී ඇත තමන් ආවේ කුමකටදැයි කියාවත් හරි හැඩි නොදත් ජනතාව ඒවා ඔසවාගෙන අපේ ජනාධිපතිට බුදුබව ලැබේවා !, ඇමරිකාව බංගවේවා! ඔබාමා මකබෑවේවා! යූ.එන්.පී කොටි හවුලේ කපුවා ඇමරිකාවද ආදී වශයෙන්  සටන් පාඨ කියමින් අර පෝස්ටර් උස්සන් යන්නට විය...නගරයේ මැද හරියට පැමිණෙත්ම එය දුටු නගරසභා මන්ත්‍රීවරුන් වහාම එම පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කළත් ඒවන විට වෙන්න ඔන හරිය සිද්ධවී හමාරය....මෙය  ජේ.වී.පී/යූ.එන්.පී කුමන්ත්‍රණය ක් බව ‍බොහෝ දෙනාගේ අදහසයි......

Monday, January 23, 2012

කංකුං ඩෙවල් (මස් හෝ මාළු සමඟ)

කංකුං කියන්නෙ චීනයේ ඉතාම ජනප්‍රිය කෑමක් චීන අවන් හලකට ගියොත් ඉතින් කංකුං චොප්සිය අනිවාර්යයි නේ...මම අද කියන්න හදන්නෙ අමුතු විදියකට කංකුං ඩෙවල් එකක් හදාගන්න හැටි කංකුං විතරක්ම හදල ගතියක් නෑ ඒකට මස් හෝ මාළු ටිකක් එක්කරගන්න ඕන.


Sunday, January 22, 2012

හතු (බිම්මල්) බයිට්....

අද මම කියන්න හදන්නෙ ගොඩක් අය නොදන්න කෑමක් ගැන ..හැමෝම හතු කියන්නෙ මොනවද කියල දන්නව නේ මේවට බිම්මල් කියලත් කියනව හරිම රසවත් කෑමක්....හැබැයි හතු ගැඹුරු තෙලේ බැඳල කාල තියෙනවද එහෙනම් අපි බලමු රසම රස හතු බයිට් එකක් හදා ගන්නෙ කොහොමද කියල ඔය අඩියක් පුඩියක් ගහන වෙලාවට නම් ඉතින් මරුම තමා...හිටගෙන බොන්න පුළුවන්

Thursday, January 12, 2012

පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පියාට පිං......

පෞද්ගලික විශ්ව විද්‍යාල අධාපනයේ පියා ලෙස හැදින්වූයේ එස්.බී දිසානායක මැතිතුමාය ඒ එතුමා ඒ සඳහා මුල් වූ බැවිණි. එතුමාගේ වාචාල කක්කුස්සි කටට මා පෞද්ගලිකව අකමැති වූවත් එතුමාගේ මෙම සත් ක්‍රියාව අගේකොට සලකමි එසේම මහජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල ඩෙගා නටන එකාලගේ පන්ති තහනම් කිරීම හා ශිෂ්‍යය භාවය අහෝසි කිරීම වැනි ක්‍රියාවන් ද අගය කොට සලකමි. විශ්ව විද්‍යාල වල සම(හරක්) සිසුන් හයියෙන් වාතයක් ගියත් වීදි බැස කෑ ගසන යුගයක නිකම්ම නිකන් කුපාඩින්ට ආචාර්ය උපාධීන් පිරි නමද්දි එවුන් වකුටූ වී නිදි වදිති එවිට උපාධිය හෑල්ළුවට පත්වන්නේ නැද්ද?

Tuesday, January 10, 2012

ත්‍රිමාණ රූප කලාව.....(අනිවාරයයයෙන්ම බලන්න)


ත්‍රිමාණ රූප කියන්නෙ කලාවක්..‍පහළ තියෙන පිංතූර ‍ඔක්කොම ත්‍රිමාණ රූප මේ රූප දිහා ටික වෙලාවක් බලන් ඉන්න කොට ඒක ඇතුලෙන් තවත් පිංතූරයක් පේන්න පටන් ගන්නව මතකනේ ඒ දවස්වල ත්‍රිමාණ බුදුපිළිම වහන්සේ ... හැම ගෙදරකම වගේ ඒ පිංතූරය තිබුණා ඒත් සමහරුන්ට නම් ඒක අද වන තුරුත් දකින්න බැරිවෙලා තියෙනවා ඇස් දෙක ටිකක් වපර කරල බලන්න ඕන නැත්නම් ඉතින් ත්‍රිමාණ කණ්ණාඩියක් භාවිතා කරන්න වෙනව ඉඩ තියෙන වෙලවෙට මේ පිංතූර ටිකත් බලන්න කෝ...

(අපූරු අදහස සහ ස්තුතිය මූණුපොතේ ලොවෙත් නෑ සමාජයට)