Ads 468x60px

Monday, September 30, 2013

Windows XP Service Pack 2 නම් 3 වලට මාරුකරගන්න ලේසිම ක්‍රමය....

Windows XP Service Pack 2 වලට බොහෝමයක් වැඩසටහන් සපෝට් කරන්නෙ නෑ ඒ වගේම වින්ඩොස් එක්ස් පී එකට 2014 ඉඳන් අලුතින් නිෂ්පාදනය වන කිසිම වැඩසටහනක් සහයෝගය දෙන්නෙ නැති බව දැනටමත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ප්‍රකාශ කරල තියෙන්නෙ කොහොම වුණත් දැනට අපට අවශ්‍ය‍ කෙරන වැඩසටහන් වත් ධාවනය කරවන්න Windows XP Service Pack 3 වලට මාරු කරගන්න ඕන ඒ සඳහා මෙන්න මේ ක්‍රමය අත්හදා බලන්න හැබැයි 100% විශ්වාසය තැබිය නොහැකියි හේතුව මෙහිදී සම්පූර්ණ ලිපිගොනු අකෘතිය වෙනස් නොවන බැවිණි කෙසේ වුවත් සමහර වැඩසටහන් මෙම ක්‍රමය මඟින් ධාවනය වන බව අත්හදා බලා ඇත.... ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න..

change windows xp service pack 2 to service pack 3


01) Start 
 
02) Run
03) "Regedit" ලෙස ටයිප් කර OK කරන්න
04) HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Windows ලෙස උපදෙස් තෝරාගන්න
05) 

ඉහත රූපයේ පෙනෙන පරිදි CSDVersion ඩබල් ක්ලික් කර එහි ඇති Value Data අවස්ථාව 200 ලෙස සටහන් වී ඇති අතරය එය 300 ලෙස වෙනස් කිරීම සිදු කළ යුතුය දැන් ඔබට අවශ්‍ය වැඩසටහන් ස්ථාපනය කර බලන්න මෙම ක්‍රමය අසාර්ථක වුවහොත් Windows XP SP Update එකක් සිදු කිරීම කළ යුතුය

පෙට්ටියට දැමීම හෙවත් Dropbox

පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි Dropbox.  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව  Media-fireRapid-share Skydrive වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ  ගබඩා කරන්නත් පුළුවන් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ෆයිල් Share කිරීම සඳහාද මෙය යොදාගත හැක .

Monday, August 12, 2013

තේ සමඟ ඉඟුරු ...

සමහරු නම් ප්ලේන්ටි වලට ඉඟුරු දාල බොන්න කැමතියි ඒත් තවත් සමහරු ඒකට අකමැතියි ඒත් එහෙම බොනවනම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට බොහෝම හොඳ දෙයක් ,අපි බලමු ඉඟුරු ප්ලේන්ටි වලින් ලැබෙන වාසි මොනවද කියල...

  • ආහාර අජීරණය වලකයි
  • උදරයේ ඇතිවන අපහසුතා සංසිදුවයි
  • රෝගාබාධයන් සඳහා ශරීරයේ ඇති ප්‍රතිශක්තිය ඉහල නංවයි
  • මානසික ආතතිය (Stress) අවම කරයි
  • ස්වසන පද්දතිය ආශ්‍රිත සාමාන අපහසුතාවයන් මඟහරවයි
  • තරබාරුවීම අඩු කරවයි
  • සාමාන්‍ය රුධිර සංසරණය විධිමත් කරයි
 

අන්තර්ජාලය ඇසුරෙන්....

Saturday, August 3, 2013

වැලිවේරිය....

කැරලි මර්ධනය පිළිබඳ විශේෂ දැනුමක් ලද කැරලි මර්ධන කණ්ඩායම් සිටියදී හමුදා පිරිසක් හෝ නිල නොලත් හමුදා පිරිසක් විසින් පසුගිය දා ගැමි ජනතාව වෙත එල්ල කල ප්‍රහාරය මනුස්සකම විසින් හෙළා දකින අතර පසුගිය යුධ  කාලය තුල ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනෙකු රට රැකගන්නට වෙරදැරූ රණ විරුවන් වෙනුවෙන් කොතෙකුත් බෝධිපූජා හා විවිධ පිංකම් කරන්නට ඇත්ද අනේ උඹලට අතුරු අන්තරාවක් නම් වෙන්න එපා කියල....එහෙව් කරපු අපේ අහිංසක මිනිසුන් අසාධාරණයක් වෙනුවෙන් පාරට බැස්සාම ලොකු ලොක්කන්ගෙ ඕඩර් වලට අමානුශික අන්දමින් ජනතාවට පහර දීම තුච්ච යැයි කිව යුතුය....ඕඩරේකට උනත්, නිසි හෙවිල්ලක් බැලිල්ක් නැතිව පිස්සු බල්ලන් සේ හතර අතේ වෙඩි තැබීම කොතෙකුත් දුරට සාධාරණද? ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමක් කරන්නේ මරණ චේතනාවෙන්මය මරල හරි මුන්ටික බය කරපල්ල කියල නියමෙට ඕඩර් එක ලැබෙන්න ඇති..නැතහොත් රබර් උණ්ඩ හෝ කඳුළු ගැස් ආදිය ඒ සාඳහා භාවිතා කිරීමට හැකියාව නොතිබුණේද?.. උද්ඝෝෂනයට සහභාගි නොවූ අහිංසක මිනිසුන්ට පවා අද සිය ජීවිතය  අහිමි වී ඇත්තේ එදා අපි වෙනුවෙන් අපිටට පිහිට වූ අපේ රට බේරගන්නට දහඩිය මහන්සිය ලේ හෙළූ රණ විරුවන්ගේ වගකීමක් නැති ක්‍රියාකලාපය නිසා නොවෙද? .. විනය නැත්තවුන් ඉදිරියේ තම විනය බල්ලට දැමීම ලැජ්ජා සහගතය....

එසේම දේශපාලුවන්ගේ කටුකන බල්ලන් නොවී නිළ ඇඳුමේ මහිමය රැක ගැනීම හමුදාවේ විනය රැක ගැනීම රටේ මිනිසුන් රැක ගැනීම ඔබේම සහෝදර සහෝදරයින් රැක ගැනීම ඔබේ වගකීමයි...

පිටපත- මනුස්සකම



Tuesday, July 2, 2013

බැළලිය පැටව් කෑම සහ මව් සෙනෙහස.....

සමහර බැළලියන් පැටව් දාලා ඒ පැටව් දෙන්නෙක් තුන් දෙනෙක් හරි ඔක්කොම පැටව් ටික හරි කා දමනව ඒත් ඊළඟ වතාවෙ පැටව් දැම්මම නම් කන්නෙ නෑ මේ හරි ප්‍රශ්නක් ඒත් සමහරු කිව්වෙ අතීතෙ ඉඳන් එන වෛරයක් නිසා එහෙම වෙනව කියල ඒත සමහරු කිව්වෙ සමහර බැළලියන්ට දොළ දුක වගේ එකක් හැදෙනව ඇති කියල තවත් සමහරු කිව්වෙ අමුතුම කථාවක් ඒ තමයි මව් සෙනෙහස කියල... මේ මොන කථාවක්ද? මව් සෙනෙහසට පැටව් කාලා දානවද? ඒක හරිම දුක හිතෙන කථාවක්...

Monday, June 3, 2013

බොහෝ දේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න...(ආධුනිකයන් සඳහා)

මේ පාඩම අන්තර්ජාලයේ ආධුනිකයින් සඳහාය...නොමිලයේ චිත්‍රපට හා අනෙකුත් වැඩසටහන් ලබා ගැනීමට තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඉතින් කිහිප දෙනෙකුම මගෙන් මේ පිළීබදව ඇහුව නිසා මට හිතුණ බ්ලොග් එකේ ලිපියක් විදියට දාන්න එතකොට කව්රුහරි මේ ගැන ඇහුවොත් මට තියෙන්නෙ බ්ලොග් ලිපිනය දෙන එක විතරයි..කථා ඕන නෑ පටන් ගමු වැඩේ.

Monday, May 27, 2013

නිවන් නොයා පත්තුකරන් යන අපේ හාමුදුරුවෝ...(සංවාදයට විවෘතයි)

සියලු බෞද්ධ ජනතාවගේ අවසන් පරමාර්ථය නිවන කරා ගන් කිරීමයි එසේ නිවන කරා ගමන් කිරීමේදී ගිහි සැප එයට බාධාවක් යැයි සිතා පැවදී ජීවිතයට පිවිසෙන්නේ වේලාසනින් නිවන් යෑමේ අරුමුණිනි එහෙත් අද සම-හරක් ලාංකික භික්ෂුණ් වහන්සේලාගේ ක්‍රියා කලාපය අනුව ගිහියන් පැවදියන්ට වඩා ඉක්මණින් නිවන් අවබෝධ කරගනු ඇතැයි සිතිය හැක.. 


පහුගිය දිනෙක තම සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකරගත් භික්ෂුණ් වහන්සේගේ එම ක්‍රියාව වීරත්වයක් සේ සලකන පිරිස බොහෝය නමුත් එම ක්‍රියාව ඉතා පහත් ක්‍රියාවකි තමාගේ ජීවිතය තොර කිරීම බුදු දහමට අනුව ප්‍රභල පාපකර්මයකි මිනිසුන්ගේ හිත් සුවපත් කිරීමට , බුදුදහම රැක ගැනීමට සසුනට පිවිසි ‍භික්ෂුණ් වහන්සේලා සියදිවි හානි කරගන්නවා නම් බුදුදහමේ සැබෑ අරුථවත් නොදැන මෙතෙක් කල් චීවරය දරා සිටියා විය යුතුය එසේ නමු ඔහු චීවර ධාරියෙක් පමණි..එසේම එය බුද්ධ සාසනයේ පිරීහීමට පවා බලපාන සාධකයකි භික්ෂුණ් වහන්සේලාද අනෙක් අගාම්වල මෙන් අන්තගාමී ක්‍රියා පිළිවෙත් ඇසුරු කරයි නම් බුදුදහමේ පිරීහීමට එය රුකුලකි. බුදු දහම අනුව සිය දිවි හානි කරගැනීම අපා ගතවන පාපකර්මයකි නිර්වාණයට එය බාධාවකි විද්‍යාවට අනුව නම්  සිය දිවි හානිකරගැනීම මානසික දුර්වලතාවයක් හො පුද්ගල පෞරුෂත්ව ආබාධ නිසා ඇති කරගන්නකි.

වෙබ් කැම් එකට සපොට් කරන නියම රෙකෝඩර් එකක්.....

මම මේ කියන්න හදන්නෙ වීඩියෝ රෙකෝඩර් එකක් ගැන ඒ වගේම ස්ක්‍රීන් එක රෙකෝර්ඩ් කරගන්නත් මෙකෙන් පුළුවන් (Debut Video Capture Software) වැඩි බරකුත් නෑ දාගෙන බලන්න හොඳද කියල පහල තියෙන සබැඳියෙන් ගන්න--

Extract Password is "manussakama"

Thursday, May 23, 2013

බොදු බැති ගී- පන්සලෙන්

වෙසක් පොසොන් කියන්නෙ ඉතින් සියලු බෞද්ධයන්ගේ වැදගත්ම මාස දෙකක් මේ දවස් ටිකේ පිං අතේ වැඩ නම් බොහෝමයක් සිද්ධ වෙනව දන්සල් දාන මාන විවිධ බොදු වැඩසටහන් ආදිය හැම තැනම ඉතින් මේවගේ අවස්ථා වලට බොදු ගීත වාදනය කරන්නත් අවශ්‍යවෙන අවස්ථා තියෙනව ඉතින් අන්තර්ජාලයෙන් බොදු බැති ගීත ටිකක් හොයාගන්න අමාරුයි, තැන තැන විසිරිලා තියෙන ඒවා එකතු කරන්න ගියොත් ටිකක් අමාරුයි ඉතින් අන්තර්ජාලයේ මේව එකතු කරල තියෙන තැන් තියෙනව එහෙම තැනක් තමයි අන්තර්ජාලයේ  පන්සල කියල කියන්නෙ එතන බෞද්ධයින්ට අවශ්‍ය බොහෝ දේ තියෙනව බලන්න ඒ අඩවියට ගිහින් බොදු බැති ගී පොදියක්ම බාගත කරගන්න ඕනනම් පහත තියෙන ලින්ක් එකට යන්න

Bodu Bathi Gee - Download Link


සිංහල මගුල් සිංදු... (Sinhala Wedding Songs)

මේ ඊයෙ පෙරේදා අපේ හිතවතකුගෙ වෙඩින් එකකට (වෙඩින් කිව්වට ඒක මගුලක්) සිංදු ටිකක් පෙන් එකට දාලා දෙන්න කියල කිව්ව ඒත් මගේ ළඟ තිබුනෙ නෑ අන්තර්ජාලයෙන් හෙව්වා ඒත් සිංදු එක එක තැන තිබුණෙ ඒ නිසා මට හිතුණා කාටත් ගන්න පුළුවන් තැනක සිංදු පොදියක් දාලා තියන්න සිංදු 24 ක් විතර මෙතන තියෙනවා පහළ තියෙන සබැඳියෙන් බා ගත කරගන්න පුළුවන් හැමෝම බාලා තියාගන්න කොයි මොහොතෙ හරි ඕන වෙනවා....


(Extract Password is "manussakama")

Thursday, April 25, 2013

සිංදු නොමිලයේ ඩවුන්ලෝඩ් කරගන්න පහසුම තැනක්.....

සිංහල දමිල හින්දි ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති ගීත පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් ගැනයි කියන්න හදන්නෙ අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් අතර දැනටමත් මේක ප්‍රචලිතයි Music Files Share කර ගන්න තමයි මේ තැන තියෙන්නෙ මේකට කියන්නෙ "සවුන්ඩ් ක්ලවුඩ්ස්"  කියල මේ සයිට් එකෙන් ඔන්ලයින් සිංදු අහන්න වගේම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් Download Link එක නම් හැම සිංදුවකටම නැහැ හැබැයි එහෙම නැති සිංදු Sound Clouds Downloader එකක් හරහා පහසුවෙන්ම  Download කර ගන්න පුළුවන් Sound Clouds වල තියෙන පහසුකම් තමයි

  • විවිධ භාෂා වල ගීත ඇසීම
  • ගීත බාගත කිරීම
  • තමන්ට Play List එකක් සකස් කර ගැනීමට ඇති හැකියාව
  • ගීත හෝ ශබ්ධ  ලේඛණයන් අන්අය සමග බෙදා හදා ගැනීමට හැකීවීම
  • මෙහි ඇති ගීත ෆේස්බුක් ට්විටර් වැනි සමාජජාලා වෙබ් අඩවිවලටද Share කිරීමට හැකිවීම
  • ගීත Upload කිරීම
  • ගීත සඳහා Comments ඉදිරිපත් කිරීම
ආදී ප්‍රයෝජන රාශියක් තියෙනව අදම Register  වෙලා මේ වාසි අත්විඳින්න පහත සබැඳි බාවිතා කරන්න


Friday, March 22, 2013

දැන් ඒකි මගේ නැන්දා බං....

ඔන්න එක්තරා ටියුෂන් ක්ලාස් එකක කොල්ලො දෙන්නෙක් අතර මෙන්න මේ වගේ සංවාදයක් සිද්ධ වුණා බලන්නකො මොකද්ද කියල-

අමල්- ආ මචන් කොහොමද ? මේ මං අහන්න කියල හිටියෙ උඹ සඳුනිට බොක්කෙන්ම ට්‍රයි කරා නේද?

ජනිත්- ඔව් බං....

අමල්- ඉතින් මොකද වුණේ? උඹ තාම ඒකිගෙන් ඇහුවෙ නැද්ද?

ජනිත්- ඇහුව බං ඇහුවා...

අමල්- ඉතින් කෙල්ල මොකද කිව්වෙ?

ජනිත්- මම දුප්පත් නිසා බෑ කිව්ව බං..

අමල්- ඉතින් උඹ උඹේ සල්ලිකාර මාමා ගැන කිව්වෙ නැද්ද?

ජනිත්- කිව්ව කිව්ව...

අමල්- ඉතින් ඒ කියලවත් කෙල්ල කැමති වුණේ නැද්ද?

ජනිත්- ඒ කියල තමයි කෙළව ගත්තෙ

අමල්- ඒ කියන්නෙ?

ජනිත්- මචං දැන් ඒකි මගේ නැන්දා වෙලා බං.....



වින්ඩොස් ඇක්ටිවේට් කරගන්න තටමන්න ඕන නෑ...

මම මේ කියන ක්‍රමය නීති විරෝධි තමයි හැබැයි එහෙමයි කියල අපි මොකටද පර සුද්දන්ට අපේ සල්ලි වියදම් කරන්නෙ උන් ඒ කාලෙ අපේ ඒව කඩා වඩා ගත්තට උන් අපිට තාම ණයයි ඒ නිසා උන්ගෙ ණය අපි මේ විදියට හරි පියව ගන්න ඕන.ඕනෑම වින්ඩොස් මොහයුම් පද්දතියක් සක්‍රිය කරගන්න මේ ක්‍රමයෙන් පුළුවන් කරන්න තියෙන්නෙ පහත ඇති සබැඳියෙන් අදාල වැඩසටහන බාගත කරගන්න එක ඊට පස්සෙ ඒ ෆෝල්ඩර් එක තුල තියෙන Microsoft Windows 8 Activator(All Edition) කියන ෆයිල් එක Open කරගන්න ඊට පස්සෙ පහත ආකාරයට උපදෙස් තෝරා ගන්න වෛරස් ගාර්ඩ් එක ටික වෙලාවකට Disable කරල තමයි මේ ටික කරන්න ඕන




වින්ඩොස් 8 සඳහා-
1. Run activator as admin

2. Click Windows 8 Install/Uninstall
3. Wait until restart
4. Your windows  has been activated

අනෙකුත් වින්ඩොස් මෙහෙයුම් පද්දති සක්‍රිය කිරීම සඳහා එහි ඇති Beginner Mode or Advance Mode භාවිතා කළ හැක....

Extract Password is "manussakama"

Saturday, March 16, 2013

බොහෝ දේ නොමිලයේ Download කරගන්න මෙන්න ක්‍රමයක්!


GoforFiles

මේ ක්‍රමය භාවිතා කරමින් ඔබට අවශ්‍යය කරන ඔනෑම පරිගණක වැඩසටහනක් එහෙමත් නැත්නම් චිත්‍රපටයක් වීඩියෝ ක්‍රීඩාවක් වගේ ඕනෑම ආකාරයක වැඩසටහන් නොමිලයේ බාගත කරන්න පුළුවන් ඒ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ පහත සඳහන් සබැඳියෙන් Goforfiles කියන වැඩසටහන ලබාගැනීමයි ඉන්පසු එම වැඩසටහන පරිගනකයේ පිහිටුවාගත (Install)  යුතුයි


ඉන්පසු Goforfiles වැඩසටහනේ ඇති Search අවස්ථාව භාවිතා කොට අපට අවශ්‍ය දේ සොයා ගැනීම කළ හැක ඉන්පසුව එන Search Result අවස්ථාවෙන් Download  Button අවස්ථාව භාවිතා කර Download කර ගත හැක.


ඉහත සඳහන් Goforfiles වල මුල් අවස්ථාවේ Category එකෙන් අවශ්‍ය එකක් තෝරාගැනීමට හැකියාව ඇත එසේ නොමැති නම් Search අවස්ථාව භාවිතා කර වැඩසටහන් සොයාගැනීමද කළ හැක


Sunday, March 3, 2013

Avast 8 උණු උණු වේ......

Avast 8  වෛරස් ගාර්ඩ් කිව්වම ඉතින් දැන් හැමෝම වගේ දන්නව කිසි කරදරයක් නැති  වෛරස් ගාර්ඩ් එකක් ඔන්න එකේ අලුත්ම සංස්කරණයක් එළි දක්වලා Avast 8 කියල මේක වින්ඩොස් 8 වලට ගැලපෙන්න තමයි ඔවුන් නිර්මාණය කරල තියෙන්නෙ ස්වරූපය (Interface)  වුණත් වින්ඩොස් 8 වලට ගැලපෙනවා.. අදම අලුත් වැඩසටනට Upgrade කරගන්න 2038 වෙනකම් Register වෙන Serial Key ටිකකුත් දෙන්නම්... අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරන්න ඕනත් නෑ නේ ඒ නිසා කිසි වදයක් නෑ...


Zip Password is- manussakama


Thursday, February 28, 2013

වින්ඩොස් Boot Menu එක Edit කරන්න ඕනද?

ගොඩක් අයට තියෙන ගැටලුවක් නිසා මේ ලිපිය ලියන්න හිතුනා වින්ඩොස් 7,8 වගේම XP වලදි පවා බූට් මෙනු එක එන්න පුළුවන් අවස්ථා තියෙනව මෙහෙයුම් පද්දති දෙකක් ඇතුල් කරපු අවස්ථා වලදි නම් අනිවාර්යයෙන්ම බූට් මෙනු එක එනව මොකද එතනින් අපට අවශ්‍යය කරන මෙහෙයුම් පද්දතිය තෝරගන්න ඕන නිසා ඒ වගේ සමහර අවස්ථාවල එක මෙහෙයුම් පද්දතියක් තිබුණත් බූට් මෙනු එක පෙන්නන අවස්ථා අපි දැකල තියෙනව ඒ වගේ අවස්ථාවකදී ඒ බූට් මේනූ එක නොපෙන්වා කෙළින්ම මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් විශේෂ වැඩසටහනක් මඟින් එය පහසුවෙන්ම සිදුකළ හැක ඒ වැඩසටහන් අතර Easybcd කියන වැඩසටහන යෙදාගෙන හරිම සරලව ඒ කටයුත්ත සිදුකරගන්න පුළුවන් 
(Boot Menu)

Wednesday, February 27, 2013

සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී රෙප් (වින්ඩොස් 7,8 සඳහා)


(මෙ‍ම ලිපිය 2011 වර්ෂයේ දී ලියන ලද්දකි)

සිංහල ටයිප් කරන්න පහසුම විදියක් ගැන මම කලින් ලිව්ව ඒ කී මෑන් කියන වැඩසටහන ගැන ඒ වගේම හොඳ තවත් වැඩසටහනක් තියනව ඒ තමයි කී රෙප් (Key Rep) කියන වැඩසටහන කී මෑන්, කී රෙප් කියන දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ හැබැයි කී රෙප් වින්ඩොස් 7 හා වින්ඩොස් 8 සමඟ වැඩකරන්න යොදාගන්න පුළුවන් මේවගේ වැඩසටහන් කිහිපයක් ගැනම දැනගෙන හිටිය කියල පාඩුවක් වෙන්නෙ නෑ නේ ඒ නිසා හැමෝටම දැනගන්නත් එක්ක ඒ වැඩසටහනත් හැමෝටම ගන්න පුළුවන් තැනක දාන්න හිතුනෙ හදිස්සියකට ගන්න එක එක්කෙනාගෙන් හිඟාකන්න යන්න ඕන නෑ නේ ඒ නිසා ....


Saturday, February 2, 2013

Boot Menu එකේ Windows 7 දෙකක් පේනවද?

Windows 7 පරිගණකයට Install කල පසු යම් යම් ගැටලු නිසා සමහර අවස්ථාව වල  Boot Menu එකේ Windows 7 මෙහෙයුම් පද්දති දෙකක් ඇති බව පෙන්නයි නමුත් එක් අවස්ථාවක් පමණක් ක්‍රියාත්මක වෙයි මෙහි දී බෝහෝ දෙනෙකු කරන්නෙ නැවත මෙහෙයුම් පද්දතිය ඇතුල් කිරීමයි එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැත එහි ඇති ක්‍රියාකාරී නොවන කොටස ඉවත් කිරීම මඟින් එම Dual Boot Menu අවස්ථාව දර්ශණය නොකොටම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම සිදුවේ පහත ආකාරයට උපදෙස් තෝරාගන්න-

Start 
In the Search text box, type msconfig and then press Enter 
After msconfig dialog-box is launched, Go to the "Boot" Tab
Select the Boot entry you want to Delete
Click the "Delete" Button and then press "OK"



Thursday, January 24, 2013

සිංදුවක් කියල ආතල් එකක් ගමු

හැමදාම සිංදු අහල නේ ෆන් ගන්නෙ දැන් අපි ඒ ක්‍රමය ටිකක් වෙනස් කරල සිංදු කියලම ආතල් එකක් ගමු හැබැයි ඉතින් වැඩේට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික හොයාගන්න ඕන සුළුවට කරනවනම්,

Friday, January 4, 2013

Facebook Chat මත පින්තූර....

Facebook Chat කරන විට ඒ හරහා පින්තූර පෙන්වීමට සැලැස්වීමට හැකියාව ඇත එමඟින් යමෙකු වෙත පින්තූරයක් පෙන්වීමට අවශ්‍යනම් එය පහසුවෙන්ම කළ හැක ඒ සඳහා යම් කේත ක්‍රමයක් භාවිතා කරයි පින්තූරයේ වර්ණ කේත බවට පරිවර්ථනය කිරීම මඟින් එම පින්තූරය ගොඩනඟයි එසේ කේත බවට පරිවර්ථනය කිරීම සඳහා පහත සඳහන් වෙබ් අඩවිය භාවිතා කළ හැක



Wednesday, November 21, 2012

Facebook Chat කරන අලුත් තාලය....(1 වෙළුම)

ඔන්න කාලෙකට පස්සෙ ලිපියක් දාන්න හිතුන අවිවේකී කම නිසාම පහුගිය දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුණා.... කොහොම හරි අද කියන්න හදන්නෙ මූණු පොතේ වැට් කරන කොට දාන්න පොඩි පොඩි වැඩ ටිකක් හැබැයි දැනටමත් ගොඩක් දෙනෙක් මේව දන්නව ඇති ... වැච් එකේදි Code ක්‍රමයට යම් යම් පිංතූර මවන්න පුළුවන් ඒ වගේම විශාල ප්‍රමාණයේ Emoticon , ඉංග්‍රීසි අකුරු වගේ දේවල් 

මෙන්න මේ තියෙන්නෙ එම  Codes භාවිතා කරල කරපු අපූරු නිර්මාණ කිහිපයක් මේ  Codes චැට් එකට පේස්ට් කරල බලන්න මොකද වෙන්නෙ කියල....

Friday, September 14, 2012

සිංහල බ්ලොග්,කුහක කම්,භාෂාව හා ඇනෝලාගේ කුණුහරුප

බොහෝ පිරිස් වියණු එසේත් නැත්නම් බ්ලොග් ලියනු ලබන්නේ හුදෙක් ආර්ථික වාසි සඳහා හෝ වෙනයම් යටි අරමුණු ඉටු කරගැනීමට නොවේ ඒ ඔවුන්ගේ සන්තුෂ්ඨිය උදෙසා පමණි නමුත් ඉතා සුළු පිරිසක් පමණක් ආර්ථික ප්‍රථිලාබ තකා බ්ලොග් පවත්වා ගෙන යන අවස්ථාද නැතුවා නොවේ. සිංහල බ්ලොග් කරණය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වී ඇත එසේම බ්ලොග් කරුවන් අතර ඇති සුහද තාවයට වඩා අද ඇත්තේ කුහක කම්ය ඒ කුහක කමේ ආරම්භය ලබාදුන්නේ සිංහල බ්ලොග් කරණයේ මූලික අඩිතාලම දමන ලද හා මුලදී දියුණුවට ක්‍රියා කළ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ කළ ඒ පණ්ඩිත හැත්ත බවද අකමැත්තෙන් වුවද කිව යුතුය ඔවුන් අටවා ගත් සින්ඩිය වෙත බ්ලොග් ඇතුලත් කිරීමේ දී ඔවුන් දමා තිබූ ලාමක ටිං ටිං නීති මාලාව නිසා එහි අපේ බ්ලොගය ඇතුල් කිරීමට ඇඩ්මින්ලාගේ ූකට වැදිය යුතුය අද බලු කුක්කන් සේ නගුට වැනුවාට ඔවුන් එදා සිංහයින්ය.එසේම එදා දිනපතා ලිපි ලියන ජනප්‍රිය බ්ලොග් කරුවන් අද මාස දෙක තුනකට සැරයක් වත් ලිපි ලියන්නේ නැත එසේ වන්නට හේතුව ඔවුන් තුල ඇතිව තිබෙන කළකිරීම නිසා යැයි කිව යුතුව එදා ජනප්‍රිය බ්ලොග් කරුවන් අතුරින් අදටත් පෙරසේම ලිපි ලියන්නේ දන්නා තරමින් කතන්දර කාරයා සහ මාරයා සහ තවත් කිහිපදෙනෙකු පමණි බොහෝ දෙනෙක් බ්ලොග් කලාවෙන් සමු ගෙනය....


Wednesday, September 12, 2012

ඇස් පරික්ෂාවට ගිය සමරකෝන්....

සමරකෝන්ට ටිකකලක සිටන් ඇස් පෙනීමේ වෙනස් ඇති බව වැටහෙන්නට විය ඔහු ඒ පිළිබඳ දැඩි සිත් තැවුලෙන් ද පසුවිය දිනක් ඔහුට හමුවූ මිතුරකුට මේ බව පැවසීමෙන් පසු ඔහු කියා සිටියේ ඇස් පරික්ෂාකොට ඇස් කණ්ණාඩියක් ලබාගන්නා ලෙසයි ඒ අනුව ටවුමට ගොස් ඇස් පරික්ෂාකර ඇස් කණ්ණාඩි ලබාදෙන ස්ථායට ගොස් තමන්ගේ ගැටලුව එහි වෛද්‍ය තුමාට පැවසුවේය 

Friday, September 7, 2012

ගෝනා‍ගේ මළ සිරුර සහ කොටි මුහුණ.....


(සත්‍ය කථාවක් ඇසුරෙන්...) නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව උඩත්තාවෙන් කඩවර කැලයට රිංගන්නට සිතා සවස 7වන විට ගමන ආරම්භ කළේය දිගු වෙලාවක් ගමන් ගත් නමුත් හාවකු හෝ ඇස නොගැටීමෙන් තව තවත් කැළය තුලට යාමට ඔහුට සිදුවිය මෙසේ ගමන් කරමින් රාත්‍රී 10 පමණ වන විට කඩවර කැළයේ මැද හරියම පැමිණ සිටියේය තමා ට සුපුරුදු පළු ගසක මුදුනේ ගෝනියක් ගැටගසා  සතකු එනතෙක් රැකගෙන සිටීමට සිතුවේය දැනුනු බඩගින්න නිසා පාන් රාත්තලෙන් කොටසක් ආහාරයට ගත්තේ හකුරු පෙත්තක් සමඟය.එහි පැය 3ක් පමණ ගත කලද බලාපොරොත්තු සුන්විය කිසිම සතකුහෝ දැකීමට හෝ සතකුගේ හඬක්ඇසීමටවත් නොවූ බැවින් තවත් මද දුරක් ඇවිද යාමට සිදුවිය

Thursday, September 6, 2012

ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙන් හමුවේ...

අටපට්ටම වගේ විශේෂිත වැඩසටහන් කරන රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායමකට දුරකථන ඇමතුමින් විශේෂ ආරංචියක් ආව ඒ තමයි ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙ ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙ ගෙදර තියෙනව කියල ඒ ආරංචිය අහපු නිෂ්පාදන කණ්ඩායම මේ පැරණි උදැල්ල පිළිබඳව ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙන් ඇහුවෙ දුරකථනය ඔස්සෙ ඉතින් ඔහු කිව්වෙත් 

මේක හද්ද පරණ උදැල්ලක් මහත්තයෝ මේක අපේ කිරිකිත්තා පාවිච්චි කරපු  එකක් මං හිතන්නෙ මේකට අවුරුදු දෙසීයපනහකටත් වැඩියි

Sunday, September 2, 2012

අම්මට උඩු (Up to Mother)

ඔන්න මේක එක්තරා ටියුෂන් ක්ලාස් එකක වුණ සිදුවීමක් ඉංග්‍රීසි භාෂා ඉගැන්වුම් උපකාරක පන්තියක මැරෑටි  ඇට්ටර කොල්ලො ටිකක් හිටියා පස්සෙ පේලියේ ඉඳන් පිස්සු කෙළින සෙට් එකක්.. හැබැයි ටිකදවසක් යද්දි එන්න එන්නම මුන් ටික පිස්සු නටනව වැඩියි කියල ඉංග්‍රීසි ගුරුවරයට තේරුණා ඔහුටත් මේ සෙටි එක ටිකක් පාලනය කරගන්න බැරුවයි හිටියෙ ඒත් ඔවුන් පන්තියෙන් එළෙව්වොත් සර්ට වෙන්නෙ පාඩුවක් ඒ නිසා මේකට හොඳ විසඳුමක් කල්පනා කළා සර්ටත් වාසි වෙනවිදියෙ හොඳ අදහස් පහළ වුණා.. සර් ඊළඟ දවසෙ මෙන්න මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කළා

Sunday, August 26, 2012

ඔබේ වියණුව/වෙබ් අඩවිය කොතරම් වේගවත් ද? දැනගන්න....

ඔබේ වියණුව (බ්ලොගය) හෝ වෙබ් අඩවිය කොපමණ වේගවත් දැයි දැන ගැනීමට ගූගල් වේග පරික්ෂණය භාවිතා කරළ හැකියි කරන්න තියෙන්නෙ ගූගල් වේගපරික්ෂණ අඩවියට ගිහින් ඔබේ වෙබ් ලිපිනය එහි ලබා දීමයි එවිට ඒ සදහා යම් ලකුණු ප්‍රමාණයක් හිමිවේ මෙහිදී ඉතාම හොඳ  වේගයකින් අන්අයට නැරඹීමට හැකි එකක් නම් එහි අගය අවම වශයෙන් ලකුණු 90 ඉක්මවා තිබිය යුතුය හොඳ වේගයක් තිබේනම් එහි අගය 80 ඉක්මවා තිබිය යුතුය සාමාන්‍ය වේගයක් නම් එහි අගය 75 ට වඩා වැඩි විය යුතුය 75 ට වඩා අඩු නම් ඔබේ අඩවිය ගැන නැවත සොයා බැලීම වැදගත් වේ එහි ඇති යම් යම් දුර්වල කම් මඟහරවා ගැනීම තුලින් එය යථා තත්වයට පත් කළ හැක එසේම දුර්වල කම් පිළිබඳ උපදෙස් මාලාවක් ද එම අඩවිය මඟින් ලබා දේ

වේගය මනින්න මෙතනින් යන්න- Google Website Speed Test

Saturday, August 25, 2012

"පස් කමින්...."

ශ්‍රී ලංකාවට අභිමානය ගෙනආ එක්තරා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු පසුගිය දිනක විදේශ රටකදී ක්‍රිකට් විස්තර විචාරය කරන අතරතුර "පස් කමින්" ලෙස වචනයක් භාවිතා කර තිබුණා අසන්නට ඇති බොහෝ දෙනෙකුගේ මතය වූයේ ඔහුට අදාල ඉංග්‍රීසි වචනය අමතක වුණ නිසා එසේ සිංහල වචනයක් ඒ සඳහා එක්කළ බවයි ඒත් තවත් සමහරුන්ගේ අදහස වූයේ එය ශ්‍රී ලංකා අභිමානය එක් කිරීම සඳහා එසේ නැත්නම් Sri lankan Colors සඳහා සිංහල වචනය එක් කළ බවයි එහෙත් එහි සත්‍ය සිදුවීම ඒ කිසිදු එකක් නොවේ. සිදුවුනේ මෙන්න මේ දේ..

Thursday, August 23, 2012

ලෝකයේ මිල අධිකම කක්කුස්සි...

උදේ පාන්දර අහවල් ස්ථානයකදි තමයි මට මේ ගැන හොයන්න හිතුණෙ හෙව්ව වගේම හම්බ වුණා ලෝකයේ මිල අධිකම වැසිකිලි පෙට්ටිය...මේක කැරට් 24 තනි රත්තරන් සහ දියමන්ති වලින් තමයි හදල තියෙන්නෙ ජපානයේ 2002 වර්ෂයේදී නිමවුණ මෙකෙ වටිනාකම ඇරිකානු ඩොලර් $720,000 ලංකා මුදලින් බැලුවොත් කෝටි 9.5 අපිට නම් මේව අරගෙන අහවල්වැඩේ කරන්න හිතෙන්නෙ නෑ මේකෙ යන්තම් පස්සපැත්ත තියාගෙන හිටියත් ඇති කියල හිතෙනව....බලන්න පහල තියෙන ඡායාරූපය

පෙරේරා මුදලාලිගෙ අවතාරේ......

මේක මීට වසර ගනනාවකට පෙර සිදුවුණ සත්‍ය සිදුවීමක්..බදුල්ලෙ සංගීත සංදර්ශනයක් එහෙම තිබුණම ඒක බලන්න හාලි ඇල ඉඳන් කොල්ලො කුරුට්ටො පයින්ම තමයි යන්නෙ ඒ වගේම එන්නෙත් පයින් දුර  කිලෝමීටර් තුනක් තුන හමාරක් විතර තියෙනව ඒත් ගානක් නෑ කට්ටිය මඟ දිගට තියෙන කොකෝව ටික කුරුම්බ තැඹිලි සුද්ධ කරගෙන තමයි ඉතින් යන්නෙ ඒ වගේම පාර අයිනෙ තියෙන ගෙවල් වලට තට්ටු කරල ලයිට් දාපු ගමන් කොල්ලො කට්ටිය දුවන්නෙ හිට ගෙන ඒව තමයි උන්ගෙ ආතල් වැඩ... එකෙක් චූ  කරාම සෙට් එකම එතන චූ කරන්නෙ හරියට සමඟිය බලය වේ කියන පණිවිඩය කියා පාන්න වගේ..

Wednesday, August 22, 2012

වර්ගපූර්ණිකාවේ බොරුවක් "මනුස්සකම" හෙළිකරයි...

වර්ගපූර්ණිකාව කියන්නෙ ළඟදි ජනප්‍රිය වුණ වියණුවක් ඒත් මෙහි පළකරන  සමහර පට්ටපල් බොරු අතටම අහුවුණාම නොකියම බෑ ඉතින් ඒ නිසා කියන්න හිතුණ 

NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි.


කියල තිබුණ ලිපියෙ මෙන්න මෙහෙම රූපයක් දාල තිබුණ මතකද?


ඒකෙ කියල තිබුණෙ මේ පෙනෙන්නේ රාවණා රජුගෙ සඳ මත ඇති නාසා මධ්‍යස්ථායක් බවයි ඒත් මේ කථාව පට්ටපල් බොරුවක් කියල මනුස්සකම හොයාගත්ත .... බලන්න පහල තියෙන පින්තූරය

Saturn's moon Mimas peeps out from behind the larger moon Dione

මෙය 2011 දෙසැම්බර් මස ඇමරිකාවේ නාසා ආයතනය  විසින් යවන ලද කසිනි නම් අභ්‍යාවකාශ යානය විසින් ලබා ගත් සමීප ඡායාරූපයකි එමඟින් තහවුරු වන්නෙ යම් ස්ථම්භයක් හෝ ගේඩනැගිල්ලක් නොවන බවත් මෙහි ඈතට සිලින්ඩරාකාර හැඩයකින් දර්ශනය වන්නෙ තවත් චන්ද්‍රයකු බවත් මෙම දන්ද්‍රයා සෙනසුරු ග්‍රහයාට අයත් වන බවයි නාසා ආයතනය පවසන්නෙ 

Tuesday, August 21, 2012

කොටි ස්නයිපර් කාරයාගේ වැරදුන කුරුමානම...

කොක්අඩිචෝලෙ කිව්වම ඉතින් කොටි කලබල බහුලවම තිබුණ පළාතක් මේක එහේ තිබුණ පොඩි ආමි කෑම්ප් එකක වුණ සිදුවීමක් ඒ ආමි කෑම්ප් එක භාරව හිටියෙ කැප්ටන් කුරුප්පුආරච්චි කියල කෙනෙක් ඔන්න දවසක් කෑම් එක පිරික්ෂා කරන්න බ්‍රිගේඩියර් පාලිත සේරම් එනව කියල කැප්ටන්ට දැනගන්න ලැබුණ කැප්ටන් ආමි කෑම්ප් එක නිසිලෙස තිබේ දැයි පරික්ෂා කළා එහෙම කරල බ්‍රිගේඩියටර් එන්න දවසකුත් යැව්වා ඒ අනුව බ්‍රිගේඩියර් ඇතුලු තවත් නිළධාරීන් කිහිපදෙනෙක් ඒ නියමිත දිනට කෑම්ප් එකට ආව කෑම්ප් එකට ඇවිල්ල බ්‍රිගේඩිය එහි ආරක්ෂක තත්වය ගැන කැප්ටන්ගෙන් ඇහුව කිසිම ප්‍රශ්නයක් නැති බව තමයි කැප්ටන් කිව්වෙ බ්‍රිගේඩියර් සාමාන්‍ය සෙබලෙක්ගෙන් ආරක්ෂක තත්වය ගැන ඇහුවමත් කිව්වෙ වටේම ක්ලියර් සර් ...කියල

Sunday, August 19, 2012

පරිගණකයේ පාස්වර්ඩ් එක හැක් කරමු!

Software භාවිතා නොකර Administrator Password ඉවත් කරන ආකාරයක් ගැනයි කියන්න යන්නෙ හරිම ලේසියි කරන්න තියෙන්නෙ හාර්ඩ් ඩිස්ක් එක ගලවලා වෙන පරිගණකයකට ‍සම්බන්ද කරන්න Slave ආකාරයට පරිගණකය ක්‍රියාත්මක කරල අදාල Hard Disk එකේ Windows දාපු Partition එකේ C:\WINDOWS\system32\config එක ඇතුලෙ තියෙන  SAM.exe සහ SAM.log  කියන ෆයිල්  Delete කරන්න ඊට පස්සෙ ඒ  Hard Disk එක පරිගණකයට සම්බන්ධ කරල බැලුවොත් පාස්වර්ඩ් ඉවත් වෙලා තියේවී තවත් ඒ වගේ පරිගණකයක් සොයාගන්න බැරි අවස්ථාවලදිත් කරන්න පිළියමක් තියෙනව ඒ තමයි පරිගණකය DOS Mode එකේ Boot කරගෙන DOS Command මඟින් SAM.exe සහ SAM.log යන ෆයිල් Delete කර දැමීම...මේව හැක් නෙවෙයි සරල උපක්‍රම ලොකුවට පාස්වර්ඩ් දැම්මට ඒව ඉවත් කරන එක හරිම සරලයි නේ




Saturday, August 18, 2012

ඔබේ වෙබ්/බ්ලොග් අඩවිය ආරක්ෂාකාරීද? සහතිකයක් මෙන්න...

ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ වෛරස් හෝ පරිගණක වලට අහිතකර වැඩසටහනක් ඇතුලත් වී නොමැති බවට තහවුරු කරන  සහතිකයක් Webantivirus වෙතින්  නොමිලේ ලබා ගැනීමට හැකියාවක් ඇත ඒ සඳහා කල යුත්තේ එම වෙබ් අඩවියට ගොස් එහි ඔබගේ වෙබ් ලිපිනය ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබා දෙන HTML Code එක කැමති ස්ථානයකට ඇතුලත් කිරීමයි එහිදී දිස්වන කුඩා පිංතූරය ක්ලික් කිරීම මඟින් එය ආරක්ෂාකාරී අඩවියක් බව එය පරිශීලනය කරන්නාට දැනගත හැකි වෙයි යම් හෙයකින් ඔබේ අඩවිය තුල යම් කිසි වෛරසයක් ඇතුලත් නම් ඒබව අනතුරු ඇඟවීමක් සිදුකරනු ලබයි.

ලියාපදිංචි වීම සඳහා- Click Here 


Friday, August 17, 2012

ඔෆිස් මාමල නැන්දලගෙ ඇත්තම කථාව....(සියලුම ලොක්කන් අනිවාර්යයෙන් කියවන්න)

ඔන්න දුවේ පුතේ එකෝමත් එක රටක හිටියා පොහොසත් සිංහයෙක් මේ සිංහයට තිබුණ කොම්පැනියක් එකේ ඉතාම කඩිසර කූඹියෙක් වැඩ කළා මේ කූඹියා හරිම දක්ෂයි ඉතාම වෙහෙස මහන්සි වෙලා කඩිසරව වැඩ කරල ඒ ආයතනයේ ඉතාම හොඳ ප්‍රතිඵලත් පෙන්නුව ඒ වගේම එයා එතන වැඩකලේ හරිම සතුටින් ඒ වගේම නිදහසෙන්....හැම තිස්සෙම සිනහවෙන් . ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිල ගියා දවසක් සිංහයාට හිතුණ කූඹියා කිසිම අධික්ෂණයක් නැතුව වැඩකරල මේ විදියට ප්‍රතිඵල පෙන්වනවනම් යම් අධීක්ෂණයකින් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියල.එහෙම හිතල මෙයා හොඳට ගිණුම් වාර්ථා හදන්න පුළුවන් අකුරට වැඩකරන කැරපොත්තෙක් තමයි මේ වැඩේට තෝරගත්තෙ (Accountant) ඒ වගේම කැරපොත්තට හොඳ වැටුපකුත් ලැබුණ වාහනයකුත් ලැබුණ.

කැරපොත්තා ආපු ගමන් පැමිණිමේ ලේඛණයක් දැම්මා ටික දවසකින් ඇඟිලි සලකුණු යන්ත්‍රයකුත් ගත්ත (fingerprint Scanner)  ඒ වගේම නීති මාලාවකුත් දැම්ම එස් පහ (S5) කියන එකත් හදුන්වා දුන්නා ඒ වගේම සහයිකාවක් විදියට ලස්සන මකුළුවෙකුත් ගත්ත  (Account Assistant) දුරකථන ඇමතුම් ගන්න සහ වාර්ථා හදන්න. වැඩ පහසු කරගන්න වාර්ථා හදන්න ඕන නිසා පරිගණකකුත් මිලට ගත්ත. ඒක ක්‍රියා කරවන්න දත්ත ඇතුලත් කරන්න මැස්සෙකුත් වැඩට ගත්ත (Computer Operator) ඇත්තටම කැරපොත්තාගෙ වැඩ ගැන සිංහයා හොඳටම පැහැදිලා හිටියේ මේ අතරෙ අංශ ප්‍රධානියෙක් තෝරන්න සිංහයා හිතුවා ඒ වැඩේ බාර දුන්නෙ කුරුමිණියෙකුට (Manager) එයා ආපු ගමන්  වායු සමනය කළ කාමරයක්, සුවපහසු පුටුවක් ලබා ගත්ත ඒ වගේම ලැප්ටොප් එකක් සහ තවත් බොහෝ දේ මිලට ගත්ත ඒ වගේම කුරුමිණියා සහායිකාවක් විදියට මදුරුවෙකුත් වැඩට ගත්ත (Assistant manager) 
                                                          

Drivers ප්‍රශ්නයක් ද? මෙන්න විසඳුම

ගොඩක් පරිගණක වල මෙහෙයුම් පද්ධතිය නැවත ඇතුලත් කිරීමෙන් පසු ඇතිවන ගැටලුව තමයි එහි ධාවකයන් සොයාගැනීමට ඇති අපහසුව මවු පුවරුවේ අංකය දන්නා අවස්ථාවල නම් Drivers හොයාගන්න එක ඒ තරම් ගැටලුවක් නෑ හැබැයි අන්තර්ජාලයේ නියමාකාරව ගවේශණය කිරිමට හැකියාව අවම පුද්ගලයින්ට නම් එසේ සොයාගැනීමත් ගැටලුවක් ඒවගේම සමහර අවස්ථාවල අන්තර්ජාලය හා සම්බන්ධ වීමට අසීරු අයත් ඉන්නව එවැනි අයට හොඳම දේ තමයි Drivers Pack CD එකක් ළග තබා ගැනීම ඒ වගේම පරිගණක අලුත් වැඩියාවන් සිදු කරන අයටත් මෙවැනි Drivers Pack CD  ළඟ තබා ගැනීම වැදගත් ධාරිතාවය වැඩි වුණත් මේක Download කරල තියාගන්න කවදා හරි ඕන වේවි හැබැයි මේක Download කරන්න Torrent වැඩසටහනක් අවශ්‍යයි ඒ   Torrent වැඩසටහන නැත්තම් මුලින්ම පහළ තියෙන සබැඳියෙන් බා ගෙන Install කරගන්න

Get Torrent Client 

Thursday, August 16, 2012

සී Real......!!! නොමිලේ.....

බොහෝමයක් වැඩසටහන් අන්තර්ජාලයෙන් බාගත කරාම ඒව ටිකකාලයක් විතරයි පාවිච්චි කරන්න පුළුවන් සල්ලි දිල Serial Number එක ගන්න කියනවා ඉතින් ඒ වගේ වෙලාවට නොමිලයේම Serial Number  එකක් හොයාගන්න තිබුණොත් ගොඩ නේ.. මේක ඒකට එක්තරා විසඳුමක් අන්තර්ජාලය පීරන්නෙ නැතුව පහසුවෙන්ම එවැනි Serial Number එකක් හොයාගන්න පුළුවන් පහත තියෙන අඩවි වලින් නොමිලයේම ඒ පහසුකම සලස්වනවා ඒ වගේම අලුත් පරිගණක වැඩසටහන් වල වගේම අලුත් සංස්කරණයන් (Version) වල Serial Number නම් හොයන එක ලේසි නෑ මේවගේ සයිට් වලත් ඒව නෑ.බලන්න මේ අඩවි වලින් ඔබටත් වැඩක් ගන්න පුළුවන්ද කියල....


පණ තියෙන ඇත්තම බෝනික්කෙක්! Barbie Doll

මේ ඇත්තම බෝනික්කා ලෝකයේ ප්‍රසිද්ධ නිරූපිකාවක් නමින් Dakota Rose හෙවත් Kota Koti ඇය ගේ පෙනුම ඇත්තටම Barbie Doll ලෙස ප්‍රකට බෝනික්කාගේ වගේමයි වයස අවුරුදු 16-18 තරම් වූ මැයගේ මුල් මුහුණුවර මේ තරම්ම බෝනික්කකුට සමාන නැති වුණත් එය 75% තරම් වුණ එකක් ඒත් පසුකාලිනව විවිධ අංගරචන ක්‍රමවේදයන් භාවිතා කරීම නිසා ඇයට Barbie Doll බෝනික්කකුගේ නියම ස්වරූපය ගන්නට හැකියාව ලැබී තිබෙනව ඒ වගේම ඇය ගේ Make up පිළිබඳව Youtube Channel එකක්ද පවත්වාගෙන යනවා.කොහොම වුණත් ගැහැණු ළමයි පොඩිකාලෙ බෝනික්කන්ට ආසයි ලොකු උණාම යෝධයින්ටවීරයින්ට තමා ආස ඒත් පිරිමි ළමයි පොඩි කාලෙ යෝධයින්ට විරයින්ට ආස ලොකු වුණාම තමයි බෝනික්කන්ට ආස මේ වගේ ඇත්තම බෝනික්කෙක් ගන්න තියෙනව නම් කියල හිතෙන්නෙ එහෙම නැද්ද?

Monday, August 13, 2012

නාසා මඟින් නිකුත් කෙරුණ අඟහරු ග්‍රහයාගේ නවතම ඡායාරූප

ඇමරිකාවේ නාසා ආයතනය මඟින් ගුවන් ගත කරන ලද අඟහරු මත පතිත කරනු ලැබූ යානාව මඟින් ගන්නා ලද නවතම ඡායා රූප නාසා ආයතනය මඟින් නිකුත් කර ඇත.පහත දැක්වෙන්නෙ එම ඡායා රූප එකතුවයි මෙතෙක් කිසිම ජීවියකු එහි සිටින බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී නොමැත.

Saturday, August 11, 2012

SLPL 2012 Watch online now with "Manussakama"

එක කරදරයක් නැතුව බලන්න පහළ සබැඳිය භාවිතා කරන්න-

SLPL 2012 Match Schedule





Friday, August 10, 2012

රාවණාගෙ දඬුමොණරා ගැන කියන කථා...

සයිබර් අවකාශය තුල අද රාවණා පුරාවෘතය බොහෝ සේ විකෘති කරල ඒ වගේම අමූලික බොරු කථා කිය කිය මිනිස්සුන්ට විහිලු සපයන අඩවි නිර්මාණය වෙලා ඒත් ඔවුන් ගොතන කථා වල යම් රසයක් නැහැ කියන්න බැහැ ඒ නිසා කියවන්න ආස හිතෙනව ඒ අතුරින් වර්ගපූර්ණිකාව රසවත් කථා ගොතන අඩවියක් ඒ වගේ පසුව බිහිවුණ අඩිවි ගනනාවක් තියෙනව.කොහොම කොහොම හරි මනුස්සකමත් ඔය වගේ දේවල් වලට ඇඟිල්ල දාන්න කැමතියි මොකද ඒවගෙ තියෙන නිර්මාණශීලි කම නිසා.රාවණාගෙ දඬුමොණරය ගැන විවිධ අදහස් බොහෝ දෙනෙක් දක්වලා තියෙනව මම මේ කියන්න හදන්නෙ  මගේ අදහස් නෙවෙයි එවැනි විවිධ වූ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන විවිධ මති මතාන්තර කිහිපයක්