Ads 468x60px

Tuesday, August 23, 2011

අන්තර්ජාලයේ නොමිලයේ ඩවුන්ලෝර්ඩ් (Download) පහසුම විදිය.....

අනිතර්ජාලයේ සිංදු සහ නොයෙකුත් දේවල් Download කරන්න හොයන කොට ඉතින් එපා වෙනව Google වලින් හෙව්වොත් සයිට් කිහිපයක්ම බලල තමයි අදාල දේ බාන්න වෙන්නෙ ඔන්න ඉතින් ඒකට හොදම සර්ච් එන්ජිමක් තමයි මම දෙන්න හදන්නනෙ ‍හැමෝම දන්නව ඇතිනේ බාන්න (Download)  පහසුම සයිට් එක තමයි Mediafire කියන සයිට් එක ඒ හැරෙන්න තව  Megaupload , Rapidshare , Badongo , 4Shared , Depositfiles , Zshare , Taringa , Rapidspread වගේ වෙබ් අඩවි ගොඩක් තියනව මේවයින් අපට පුළුවන් අපේ Files වුණත් තැන්පත් කරල තියන්න ඉතින් ගොඩක් අය කරන්නෙ තමන් වෙබ් අඩවියක් හැදුවම ඒකට අවශ්‍ය කරන Files මේවගේ File Hosting අඩවියකට දාලා තමන්ගෙ අඩවියට ඒක Link කරන එක...

Wednesday, August 17, 2011

ප්ලාස්ටික් බෝතල් භාවිතය ගැන වඩා යමක්....

ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය නම් අධිකයි ගියපු ගියපු තැන ප්ලාස්ටික් බෝතල් ඒත් මේ ප්ලාස්ටික් බෝතල් වල අවධානම කුමක්ද යන්න මධ්‍යය විසින් මෑතකදි තමයි මිනිසුන් දැනුවත් කරන්න පටන් ගත්තේ ඒ නි සා මටත් හිතුණා ඒ ගැන  දන්න දේ හැමෝ එක්කම බෙදාගත්තොත් හොඳයි කියල.... බෝතල් නිපදවීමට ගන්නා ප්ලාස්ටික් වර්ග කිහිපයක්ම තියෙනව ඉන් බහුලව භාවිතා කරන වර්ගය තමයි Polyethylene Terephthalate (PET or PETE) කියල කියන්නේ ඒවායින් හදපු බෝතල් පෙනුමෙන් මේන්න මේ වගේ


Monday, August 1, 2011

ග්‍රීස් යකා සහ නින්ජා.....

පසුගිය දිනවල කහවත්තේ සිදුවූ සිදුවීමත් සමඟම රටපුරා තැනින් තැන විවිධ කටකථා පැතිරෙන්නට විය...දැනට අම්පාර, පොළොන්නරුව, මොණරාගල...හා තවත් ප්‍රදේශයන්හී නින්ජා භියක් පැතිරෙමින් පවතී .නින්ජා ලෙස ගැමියන් හදුන්වන්නේ රෑ කාලයේ ගැහැණුන්ගේ කාමරවලට හොරෙන් එබිකම් කරන හා ගැහැණුන්ගේ ඇඳුම් හොරකම් කරන විකෘති මනස් ඇති පුද්ගලයින්ටය රෑට ගැහැණුන් පමණක් සිටින ගෙවල් වලට මෙවුන් පැමිණෙතැයි බියෙන් පසුවෙයි එමෙන්ම ග්‍රීස් යකා ලෙස ප්‍රසිද්ධ ඇඟපුරාම ග්‍රීස් තවරාගත් ගැහැණුන්ගේ පපු ප්‍රදේශය සපා කනවිකෘති මානසික ඇත්තවුන් එතැයි බොහෝ දෙනෙක් බියෙන් පසුවෙති. එසේම කහවත්තේ සිද්ධිය සමඟ හටගැනුනු මෙම තත්වයට ප්‍රධානතම හේතුවවී ඇත්තේ එම සිද්ධිය නිසා  මිනිසුන් වෙනදාට වඩා රාත්‍රී කාලයේ අවධානයෙන් සිටීම බව කිව යුතුය ඒ මන්ද යත් අනියම් සම්බන්ධතා මත රාත්‍රී නිවාස වලට පැමිණෙන පුද්ගලයින් (කොටු පනින) අවධානයෙන් සිටින ප්‍රදේශවාසීන් ගේ ඇස ගැටීමයි කෙසේ වුවත් ස්ථාන කිහිපයක එවැනි සැක සහිත සිද්ධින් කිහිපයක්ම වාර්ථා වී ඇති අතර ඊයේ රාත්‍රී අම්පාර ප්‍රදේශයේ සිදුවූ  පුද්ගල ඝාතනයේ ද මෙම කටකථා අතරද යම් සම්බන්ධයක් ඇතිබව බොහෝ දෙනෙකු පවසයි එම ඝාතනයට මුහුණ දී ඇත්තේ එම ප්‍රදේශයේම අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි රෑ කාලයේ නින්ජකු යැයි සිතා ප්‍රදේශවාසින් විසින්ම කපා කොටා ඝාතනය කර ඇත.

Friday, July 1, 2011

පොදුපෙරමුණේ පන්සල...

සජිත් ජ්‍රේමදාස මහත්තයගෙ සසුනට අරුණ නම් කදිම අදහසක් තමයි ඒත් රටේම තියෙන හැම පන්සලකටම බෙදාගෙන යන සජිත් මහත්තයට ගමේ පන්සල අමතක වෙලා...ලුණුගම්වෙහෙර කියන්නෙ සජිත් මහත්තය ඉන්න වීරවිල ගෙදර ඉඳන් කිලෝමීටර් 10ක් ඇතුලත තියෙන පන්සලක් ඒත් මේ පන්සලටනම් සසුනට අරුණ වැඩසටහනෙන් තුට්ටු දෙකක් වත් ලැබිලා නෑ විහාරවාසී ඉක්කපල්ලම ගුණසිරි හාමුදුරුවො කීපවතාවක්ම ඉල්ලීම් එහෙමත් කරල තියෙනව ඒත් සජිත් මහත්තය නෙවෙයි මේ පන්සල දිහාවත් බැලුවෙ මෙහෙම ගමේ පන්සලට නොසලකන්න හේතුව, ඒක පොදුපෙරමුණේ පන්සලක් නිසාලු උදව් නොකරන්නෙ ලොකු හාමුදුරුවො පොදුජන එක්සත් පෙරමුණට ඡන්දය දෙන ප්‍රභල පාක්ෂිකයෙක් නිසාලු  ඒත් පන්සල හාමුදුරුවන්ගෙ බූදලයක් නොවන බවත් ඒක ගමේ මිනිස්සුන්ගෙ පොදු ස්ථානයක් බවත් එතුමාට වත් එතුමා ළඟ ඉන්න චක්ගෝලයින්ටවත් නොතේරෙන එක නම් කණගාටුවක් රටේ අනාගත  නායකයො මේ විදියට පක්ෂභේද ගැන හිතුවොත් නායකයෙක් වුන දවසට රටේ මිනිස්සුන්ට යන කල මොකද්ද කියල හිතෙනව....
  

Friday, April 29, 2011

මනුස්සකම අඩවියට විරුද්ධව 119 පැමිණිල්ලක්.....

පසුගියදා මනුස්සකම අඩවියට එරෙහිව යම් කිසි, කියවා තේරුම් ගැනීමට අසීරු තවත් අධි මන්ද බුද්ධික මිනිසකු විසින් 119 අංකය ඔස්සේ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් අපරාධ විමර්ශන අංශය මාගෙන් කට උත්තරයක් ලබා ගත්තේය...පහත සඳහන් ලිපියෙන් මහින්ද යන නම භාවිතා කිරීම තුලින් අතිගරු ජනාධිපති තුමාගේ කීර්ති නාමයට කැළලක් වන බව පවසමින් පැමිණිල්ල ගොනු කොට තිබිණඑළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද?  මෙම පැමිණිල්ල මාවෙත ඉදිරිපත් කල සැනින්   මහින්ද මහ රහතන් වහන්සේ මිහින්තලා පර්වතයේ සිට තිස්ස නමින් අමතමින් ඇසූ අඹ පැනය මගේ සහියට නැගුනේය. එකම නම ඇති පුද්ගලයින් රටේ කොතෙකුත් ඇද්ද? මනුස්සකම අඩවිය කිසිවිටකත් අතිගරු ජනාධිපති තුමාගේ නමට හෝ රටටේ කීර්ති නාමයට කිසිදු කැලළක් නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි. එසේම කුමන බාධකයක් පැමිණියද තරාතිරම/නිල බලය කුමක් වුවත් යම් කිසි පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් සිදු කරනුලබන ඕනෑම  අසාධාරණ ක්‍රියා කාලාපයකට විරුද්ධ වීමට මනුස්සකම පසුබට නොවන බවද අවධාරණයෙන් යුතුව ප්‍රකාශකර සිටිමි.කියවා තේරුම් ගැනීමට අසීරු නොමේරු මොල ඇති ඔල මොට්ටලයින්ට හා උගත් කම තිබුණමුත් බුද්ධිමත්කම අඩු හිස් මිනිසුන් වෙනුවෙන් විශේෂ මනුස්සකම බ්ලොග් අඩවියක් ලඟදීම එළි දක්වන බවද දන්වා සිටිමි.

Monday, April 18, 2011

අව්ව රුදු වූ අවුරුදු...

අවුරුද්ද යන්නෙහි අරුථ බොහෝ දෙනා නොදනී, මා අසා ඇති පරිදි  අවුරුද්ද යන වචනය සැදී ඇත්තේ අව්ව රුදු එසේත් නැත්නම් සූර්ය කිරණ වල රශ්මිය අධිකය යන තේරුම මතය. අප්‍රේල් මාසයේ දී සූර්යයා පෘථිවියට ඉතා ආසන්නවම ගමන් කරන බැවින් අවු රශ්මිය ඉතා අධිකය එබැවින් මිනිසුන්ට ඇතිවිය හැකි මානසික ආතතියන්ද වැඩිවේ ඉක්මනින් කිපෙන සුළුබව ඒ අතර ප්‍රධානවේ අතීතයේ මිනිසුන් විශ්වාස කළේ මෙය හිරු දෙවියන් කෝපවීම නිසා මිනිසුන්ට දෙන දඩුවමක් ලෙසය එබැවින් ඔවුන් හිරු දෙවියන් මූලික කරගෙ විවිධ වතාවත් පුද පූජා පැවැත්වීමට පෙළඹුණේය.

 එසේම  සූර්ය රශ්මිය නිසා ඇතිවන මානසික ආතතියන්ගෙන් මිදීමට ඔවුන් නොයෙකුත් කෙළි සෙල්ලම් පැවැත්වීමට පෙළඹුණි. එසේම පවුලේ සමඟිය මිනිසුන් අතර සුහදතාවය කඩවිමට එම මානසික තත්වයන් බලපාන්නට හේතු වෙතැයි සිතූ මිනිසුන් ඒ සඳහා හිතේ සතුට සොම්නස ඇතිවන අයුරින් නොයකුත් චාරිත්‍ර-වාරිත්‍ර මාලාවක් ද ක්‍රියාත්මක කිරීමට යෙදුනි මෙහිදී එම චාරිත්‍ර වාරිත්‍ර සැකසීම සඳහා ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය මඟින් ලැබුන රුකුලද අමතක කළ නොහැක. මෙවැනි කටයුත්තක් සඳහා ඡ්‍යෝතිශ්‍යය යෙදාගැනීමට ප්‍රධානම හේතුව වූයේ එමඟින් මිනිසුන් තුල යම් විශ්වාසයක් ගොඩ නැඟීම සඳහාය..

හෝරා ශාත්‍රය අනුව සූර්යා මේෂ රාශියේ සිට සිට මීන රාශිය දක්වා වූ ගමනාන්තයේදී මෙසේ සූර්යය රශ්මිය අධික වන බව පවසයි එසේම වර්ෂයක් පූර්ණ වන්නේ එදිනට යැයි ඡ්‍යෝතීර්වේදියන්ගේ මතයයි. එදා පැවැත්වුණ කෙළිසෙල්ලම්, චාරිත්‍ර, අදටත් ලංකාව-ඉන්දියාව වැනි රටවල ක්‍රියාත්මක වේ එය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නම් වේ.


Friday, April 1, 2011

අධි සංවේදී ඡායාරූපයක්!

මව් සෙනෙහෙස/ පිය සෙනෙහස ‍යනු ලොව ඇති උතුම්ම සෙනෙහසයි ඊට සම කළහැකි හෝ නොදෙවනි කිසිත් නොමැත.පහත දැක්වෙන්නේ පහු ගියදා ජපානයේ ඇතිවූ භූමි කම්පාවෙන් පිපතට පත්වූවන් බේරාගනීමේ සහන කණ්ඩායම් සුන්බුන් ඉවත් කරන අතර තුර ලබාගත් දුර්ලභ ගනයේ ඡායා රූපයකි. තම දරුවා තුරුළුකරගෙනම සුන්බුන් මත අවසන් ගමන් ගිය අදරණිය අම්මේ ඔබට නිවන් සුව!


විශේෂ ස්තුතිය- ආනන්ද ප්‍රියදර්ශන්

Thursday, March 31, 2011

මෝඩයාගේ දවසට ගන්න අදහස් 100 ක්!

දන්නව නේ අද ඉතින් අපි කාගෙ කාගෙත් දවස කියල..කොහොමද හිතන් ඉන්නෙ ? මෝඩයාගෙ දවසෙ කවුරුහරි රවට්ටන්න නම් ඕන ...ඒත් හොඳ අදහසක් නැහැ නේ..????? මම දෙන්නම් එකක් නැතුවට 100ක්ම .අදහස් සීයයක්!!! හ්ම්....එහෙනම් මේ සැරේ දෙන්න ඕන හොඳ ගේමක්..ආ..හැමෝමමෙතනින් බා ගෙන  හොඳ අදහසක් මේකෙන් ගන්න බලන්න....