Ads 468x60px

Monday, April 2, 2012

Free Download කරන්න තවත් පහසු විදියක්....

Free Download කරන්න පහසු විදි කිහිපයක්ම මීට කලින් කියල තියෙනව ඒ වගේම මේ ක්‍රමයටත් යමක් බාගත කරන්න පහසුවෙන්ම පුළුවන් වගේ නොමිලයේ බාගත කිරීම් කරන්න දෙන අඩවිවල තියෙන සබැඳියන් වල තියෙන ලේඛනයන් තමයි අපිට සොයල දෙන්නෙ මේකත් එක්තරා සෙවුම් යන්ත්‍රයක් කිව්වොත් නිවැරදියි. ට්‍රයි කරල බලන්න මෙන්න මේ අඩවියෙන්...

http://www.filecrop.com/

Wednesday, March 28, 2012

අප්‍රේල් පළවෙනිදාට ක්‍රියාත්මක කරන්න අදහස් 100 ක්.......

අප්‍රේල් පළවෙනිදා (01) කියන්නෙ ඉතින් කාට කාටත් වැදගත් දවසක් ලෝක මෝඩයාගේ දිනය නිසා.....ඒ දවසට ඉතින් බොරු කියල කට්ටිය අන්දවන එක අපේ සිරිත නේ දැන් දැන් එහෙම බොරු කිව්වට පිළිගන්නෙ නෑ ඒත් ඒකට මොකද කරන්න ඕන .....? ඔන්න හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අප්‍රේල් පළමුවෙනිදාට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ අදහස් සීයක (100) පොඩි පොත් පිංචක් මනුස්සකම වෙතින් තෑගි කරන්නයි මේ හදන්නෙ. කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන් ගිහින් ඒ පොත් පිංච බාගත කර ගැනීම .....

දුෂ්කර ගණිත ගැටළුවක්....

මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි. මෙය මනෝමයෙන් කලයුතුය. මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න.

 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න. දැන් එයට තව 1000ක් එකතු කරන්න. දැන් 30ක් එකතු කරන්න. අනතුරුව තවත් 1000ක් එකතු කරන්න. එයට 20ක් එකතු කරන්න. දැන් තවත් 1000ක් එකතු කරන්න. අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 

ඔබට ලැබුනු පිළිතුර කීයක් ද?.........

Sunday, March 25, 2012

Google Map එකේ කැමති තැනක් පින්තූර විදියට ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ...

හැමෝම දන්නවනේ ගූගල් මැප් ගැන විමල් වීරවංශ එපා කිව්වට ගූගල් නැති ඉන්ටර්නෙට් හරියට අරක්කු නැති මගුල් ගෙදර වගේ නේ ඉතින් ගූගල් මැප් එකෙන් යම් කිසි තැනක් පින්තූරයක් (Image) විදියට ගන්න ගොඩක් අය Print Screen ඔබ ඔබ තටමන නිසා මේ ලිපිය ලියන්න හිතුණෙ.. මුලින්ම කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන්  ගූගල් මැප් සර්වර් කියන (551 KB) වැඩසටහන බාගත කරල ඩබල් ක්ලික් කරන්න..

Download Google Map Server (GMS)

ඊටපස්සෙ Google Map/ Google Earth වලින් වගේම කැමති තැනක් බලන්න පුළුවන්...ඒ වගේම Save Capture as කියන Button එකෙන් පහසුවෙන්ම ඕනම තැනක Save කරන්නත් පුළුවන්





Thursday, March 22, 2012

ජිනීවා හී ඡන්ද විමසීමේ ප්‍රතිඵල... පක්ෂව 15 විපක්ෂව 24 වැළකී සිටි ගනන 08

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්  ජිනීවා හී අද පැවති ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 15 ක්ද විපක්ෂව රටවල් 24 ද රටවල්  08 ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීද සිටි අතර අයිතිවාසිකම් හා වරප්‍රසාද සීමා කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ඔවුන්ට ලබා ගැනීමට නෙහැකි වූ අතර මෙය ශ්‍රී ලංකාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක අපේ මව්බිම රැක ගැනීමට සහාය පලකර සියලුම රටවලට ජාතියේ උත්තමාචාරය හිමිවනු ඇත

Tuesday, March 20, 2012

රෙද්දෙ මැජික්....

මේක කලින් දාපු ලිපියක් අලුතෙන් බ්ලොග් බලන්න ආපු අයට දැනගන්න ආපහු දාන්න හිතුණා හැබැයි මේක මැජික් කිව්වට මැජික්මත් නෙවෙයි පොඩි සෙල්ලමක් බලන් ඉන්න අයට නම් මැජික් වගේ තමයි. 


මෙහෙමයි කරන්නෙ, කාඩ් කුට්ටම අරගෙන අත් දෙකත් හෙඳට වැහෙන්න විදියට රෙද්දකින් වහ ගන්න කාඩ්ටික ඔක්කොම අංක සටහන් නොකරපු පැත්ත උඩට සිටින සේ තියා ගන්න ඕන ඉස්සරහ ඉන්න කෙනාට කියන්න  රෙද්ද අස්සෙන් හිමිහිට කොළයක් අරගෙන බලලන්න කියල ඒ බලන අතරෙදි අර පුද්ගලයාට නොදැනෙන ලෙස කාඩ් ටික අනෙත් අතට හරව ගන්න (අංක සටහන් කල කොටස උඩට හිටින සේ) දැන් එයාට කියන්න කොළය තමන්ට ඕන තැනක තියන්න කියල (හැබැයි රෙද්ද උස්සන්න  නම් දෙන්න එපා එතකොට වැඩේ මාට්ටු) එතකොට ඒ පුද්ගලය කොළය තියන්නෙ ගත්ත විදියටමයි ඒ කියනෙ අංක සටහන් කල පැත්ත යටට සිටින සේ. දැන් අරන් බලන්න එයා බලපු කොළය මොකද්ද කියල අපිට කියන්න පුළුවන් මොකද අනිත් කොළ ඔක්කොම එකම දිශාවකට තියෙන කොට ඒ කොලේ විතරක් අනෙක් අතට තියෙන්නෙ. ඇයි අපි කාඩි ටික අනෙක් අතට හැරෙව්ව නේ මම කියපු දේ පැහැදිලි වුණාද දන්නෙ නෑ කමක් නෑ කට්ටියට පොඩ්ඩක් හිතන්නත් ඉඩ තියන්න ඕන දැන් ඉතින් පොඩි එවුන් ටිකක් වටකරගෙන ඔය මැජික් එක කරන්න තියෙන්නෙ.

Wednesday, March 14, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරමු...

අපේ ක්‍රිකට් කණ්ඩාය ඉන්දියාව වෙතින් පරාජය වීම ශ්‍රී ලාංකීය අපට ඉතාම කණගාටු දායක අමිහිරි සිදුවීමකි වෙන ඕනම රටකට පැරදුනාවේ ඒත් ඉන්දියාවටයි,පාකිස්ථානයටයි,ඕස්ට්‍රේලියාවටයි පරදින්නෙ නැතුව හේතුව කුමක්දැයි කිව නොහැකි වුණත් අහන අහන හැම දෙනාගේම උත්තරය එකක්ම වීම පුදුමයකි එසේම පසුගිය ටිකේම ලංකාව පැරදුනේ කණ්ඩායම හරි හැටී තෝරා ගැනීම සිදුකර නොමැති කමෙන් කියලයි හැම දෙනාම කියන්නෙ එක් එක් පුද්ගලයින් එක් එක් අදහස් පළ කරනව කපුගෙදර හැමදාම අසාර්ථක ක්‍රීඩකයෙක් ඒත් ඔහු ටීම් එකෙන් කැපෙන්නෙ නෑ හේතුව කවුරුවත් දන්නෙ නෑ ඕනම මෝඩයෙකුට තේරෙනව ඔහුගෙන් ටීම් එකට පළක් නෑ කියල ඒ වගේම වෘත්තීය මට්ටමේ දඟ පන්දු යවන්නෙක් නැති කම ලංකාවෙ කණ්ඩායමට බලපාපු තවත් ප්‍රශ්නයක් .... ගමේ ගොඩේ කොච්චර දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවද ඒත් ඔවුන්ව ජාතික මට්ටමට ගන්න පාලක මණ්ඩලයේ කිසිම ප්‍රතිපත්ථියක් නෑ ඕනකමකුත් නෑ කෝටි ගනන් සල්ලි හම්බවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අක්‍රිය ඇයි කියල කාගෙන් අහන්නද?

Tuesday, February 28, 2012

කතරගම-ලුණුගම්වෙහෙර මැණික් කථා.....

පහුගිය දිනවල කතරගම-ලුණුගම්වෙහෙර පාර හදන්න ගිහින්  නිල් මැණික් ඉල්ලමක් පෑදුන කථාව හැමෝම දන්නවනේ ඉතින් ඔය ආරංචිය ලැබුන මහා ජනගංඟාව මැණික් හාරන්න හිතාගෙන ලුණුගම්වෙහෙරින් වැව් බැම්ම දිගේ කතරගම පැත්තට යන්න වුණා තවත් පිරිසක් තිස්සමහාරාමය හරහා කතරගම දිහාවට යන්න වුණා අන්තිමට මැණික් ඉඩම් ටික කෝටි 27 කට කට්ටි කරල විකුණපු නිසා මිනිස්සුන්ට ඒ දිහාවට යන්න නොහැකි වුණා ඒත් බෙරළිහෙල පැත්තෙ සඳගල ආරණ්ණය සේනාසනය අවටත් මැණික් ඇති බවට රාවක් පැතුරුණ නිසා මිනිස්සු වැල නොකැඩී ඒ පැත්තටත් යන්න වුණා ‍බේරුවල, කළුතර,ගාල්ල,මාතර, තංගල්ල, වීරකැටිය, රත්නපුර,පැල්මඩුල්ල ආදී දුරබැහැර  ප්‍රදේශවලිනුත් ජනගංඟා මේ දිහාවට ගලන්න වුණා සාමාන්‍ය වැසියන් විතරක් නෙවෙයි දේශපාලන කාරයිනුත් මැණික් මුදලාලිලත් මේ අතර වුණා මේ දින කිහිපයේ මැණික් හාරන්න ආපු පිරිස ලක්ෂ පහකටත් වඩා වැඩි බවයි ඇතැමුන් පවසන්නෙ.... කොහොම වුණත් මේ මැණික් ගැරිල්ල අතරෙ සිදුවුණ සිදුවීම් බොහෝය.....


Monday, February 27, 2012

අම්පාර උද්ඝෝෂණයේ ජේ.වී.පී/යූ.එන්.පී කුමන්ත්‍රණය

ඊයේ දිනයේ දිවයින පුරා දියත්කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ අම්පාර උද්ඝෝෂණය අසාර්ථකම උද්ඝෝෂණ බවට පත්විය. හේතුව එම උද්ඝෝෂණයේදී ගෙන ගිය පෝස්ටර් වල තිබුණේ මෙවැනි වඳන්ය...... බඩුමිල අඩුකරපියව්!, පාන්කාලා හමාරයි!, පෙට්ට්‍රල් මිල අඩුකරව්, ඩීසල් මිල අඩුකරව්, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නවතනු!.... වැනි වදන්ය බලා සිටි අයද මේවා දැක මවිතයට පත්විය... සිදුව ඇත්තේ උද්ඝෝෂණයට යාම සඳහා රැස්වසිටි පිරිසට උද්ඝෝෂණ ආරම්භ කිරීමට විනාඩි කිහිපයක් තිබියදී පිරිසක් පැමිණ කඩිමුඩියේ  පෝස්ටර් බෙදා දී ඇත තමන් ආවේ කුමකටදැයි කියාවත් හරි හැඩි නොදත් ජනතාව ඒවා ඔසවාගෙන අපේ ජනාධිපතිට බුදුබව ලැබේවා !, ඇමරිකාව බංගවේවා! ඔබාමා මකබෑවේවා! යූ.එන්.පී කොටි හවුලේ කපුවා ඇමරිකාවද ආදී වශයෙන්  සටන් පාඨ කියමින් අර පෝස්ටර් උස්සන් යන්නට විය...නගරයේ මැද හරියට පැමිණෙත්ම එය දුටු නගරසභා මන්ත්‍රීවරුන් වහාම එම පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කළත් ඒවන විට වෙන්න ඔන හරිය සිද්ධවී හමාරය....මෙය  ජේ.වී.පී/යූ.එන්.පී කුමන්ත්‍රණය ක් බව ‍බොහෝ දෙනාගේ අදහසයි......

Monday, January 23, 2012

කංකුං ඩෙවල් (මස් හෝ මාළු සමඟ)

කංකුං කියන්නෙ චීනයේ ඉතාම ජනප්‍රිය කෑමක් චීන අවන් හලකට ගියොත් ඉතින් කංකුං චොප්සිය අනිවාර්යයි නේ...මම අද කියන්න හදන්නෙ අමුතු විදියකට කංකුං ඩෙවල් එකක් හදාගන්න හැටි කංකුං විතරක්ම හදල ගතියක් නෑ ඒකට මස් හෝ මාළු ටිකක් එක්කරගන්න ඕන.