Ads 468x60px

Thursday, May 10, 2012

Thursday, May 3, 2012

පැණි කොකිස්!

අවුරුද්දට හැමෝම වගේ කොකිස් නම් කන්න ඇති කොකිස් කියන්නෙ බොහෝ දෙනෙක් ප්‍රිය කරන කෑමක් අද මම කියන්න හදන්නෙ කොකිස් අමුතු ක්‍රමයකට සකස් කරන ගන්න විදිය.. පැණි කොකිස් කියන එක නුවර පැත්තෙ නම් ජනප්‍රිය කෑමක්.. අවුරුද්ද කාලෙට එහෙම නැත්නම් උත්සව අවස්ථාවලදි ඉතුරු වන කොකිස්  මේ විදියට හදාගන්න පුළුවන්..හදන්න හරිම ලේහෙසියි

මුලින්ම ඉතුරු වුණ කොකිස් නැවත තෙලෙන් බැඳීම කල යුතුයි එම කොකිස් රස්නෙපිටම අරගෙන එහි මැදට (දාර දිගේ)  කිතුල් පැණි වත්කල යුතුයි එම කිතුල් පැණි පිටතට හැලීම වැලැක්වීම සඳහා රත්කරගත් සහල් පිටි ටිකක් එයට උඩින් එක්කළ යුතුයි....කිතුල් පැණි කොකිස් වලට උරාගත් පසු එහි රස කිව නොහැකි තරම්ය.


හදනහැටි කිව්වෙ- අරුණිකා දිල්හානි

මනුස්සකම වෙසක් පැතුම....


Tuesday, May 1, 2012

බුදු හේත්තු....

එක්තරා සුළු දැව ව්‍යාපාරිකයෙක් ගස් කිහිපයක් කැපීම සඳහා ග්‍රාමනිළධාරියාගෙන් අවසරය ලබාගැනීමේ අයදුම් පතක් පුරවා ඔහුගේ අනුමැතිය ගැනීම සඳහා ඉදිරිපත් කළේය.. මෙය කියවා බැලූ ග්‍රාමනිළධාරියා තමන් මීට පෙර අසා නොමැති ගස් වර්ගයක් බැවින් ඔහුගේ ලිපි ලේඛන අවුස්සන්නට වුයේ මෙම ගස් වර්ගය කැපීම සඳහා අවසරය දියහැකි දැයි බැලීමටය ඔහු එහි සඳහන් කර ඇත්තේ "බුදු හේත්තු ගස්' යන නමයි නමුත් එවැනි ගස්වර්ගයක් ගැන එම ලේඛනයන්ගේ ද සඳහන් නොවුණි එබැවිණ් ග්‍රාමනිළධාරියා මෙසේ අසන්නට විය-

ග්‍රාමනිළධාරියා- මුදලාලි බුදු හේත්තු කියන්නෙ මොන ගස් වර්ගයද? මම අහලම නෑ නේ..
මුදලාලි- මහත්තයා ඒව මේ වැඩකට නැති වතුර බහින ගස් වර්ගයක්

ග්‍රාමනිළධාරියා ආ..එහෙමද...කියා අත්සන් කර අවසරය ලබාදී ඇත... "බෝ ගස්" කැපීම තහනම් බැවිණ් ඒ සඳහා "බුදු හේත්තු" ලෙස යොදා අවසරය ලබා ගත් බව මුදලාලි පැවසුවේ සිනාමුසු මුහුණින්ය....

කථාව- සිරිල් සිංහක්කාර

එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?

මේක බස් එකේ සිදුවුණ සිදුවීමක්.. ඔන්න දවසක් බස්එකක ඒ තරම් සෙනගත් නැති වෙලාවක එක මනුස්සයෙක් නැගල මරිසිපාලගෙ කකුල පාගගෙනම ඉන්නව.. මරිසිපාල මිනිහා දිහා බැලුව මිනිහා ටිකක් හැඩි දැඩි පොරක් කෝකටත් කියල මරිසිපාල ඒ මෑන්ගෙන් මෙන්න මෙහෙම අහනව..

මරිසිපාල- මහත්තයා, නේවි එකේද?
කකුල පාගගෙන ඉන්න මිනිහා- නෑ

මරිසිපාල- එහෙනම් පොලිස්සියේද?
මිනිහා- නෑ ඇයි?

මරිසිපාල- එහෙනම්..මර්වින් සිල්වගෙ කවුරුහරිද?
මිනිහා- නෑ නෑ

මරිසිපාල- එහෙනම්.. පී.එස්.ඩී එකේද?
මිනිහා- නෑ නෑ ඇයි අහන්නෙ?

මරිසිපාල- හා එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?
මිනිහා- නෑ නෑ නෑ

මරිසිපාල- මහත්තයෝ එහෙනම් මහත්තයගෙ කකුල මගේ කකුලෙන් පොඩ්ඩක් එහාට ගන්නවද?

කථාව- සිරිල් සිංහක්කාර

Saturday, April 28, 2012

ඇවිදින්නත් සහකරුවෙක්!

ඉස්සර මිනිස්සු කිව්වෙ ඇවිද්ද පය දහස් වටී කියල ඒත් දැන් ඒ පයටත් සහකරුවෙක් හදල හොන්ඩා කියන ලෝක ප්‍රසිද්ද තාක්ෂණික ආයතනය විසින් තමයි මේ නවතම සොයාගැනීම කරල තියෙන්නෙ මේ රෝබෝ උපකරණයෙන් ඇවිදින්න වඩාත් පහසු කරවනව  ඇ‍ශරීරයේ බර කකුල් දෙකට දෙන්නෙ නැතිව මේ උපකරණය භාවිතයෙන් ඇවිදින්න පුළුවන් මෙන්න මේක තමයි ඒ උපකරණය


මේක භාවිතා කරණ විදිය පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්..කොහොමද ජපන් හපන්?


Friday, April 27, 2012

බඩ අඩුකරගන්න කැමතිද?



අද ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල ජනගහනයෙන් 60% වැඩි පිරිසක් අධික තරබාරු කමින් පීඩා විදිනව ඒ වගේ පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා හැමෝටම ප්‍රශ්නෙ බඩ තමා කොහොම වුණත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් උදරය නෙරා ඒම  පාලනය කර හැකි වුවත් එය ශරීරයට එතරම් සුදුසු තත්වයක් නොවේ ඒ කෙටි කාලීන සුව පසුකාලීනව වෙනත් අබාධ තත්වයක් වියහැකි බැවිණි‍.එසේම දේශීය වෛද්‍ය ක්‍රමයන් භාවිතා කිරීම අපහසු වන්නේ අවශ්‍ය කළමණා ආදීය සොයාගැනීමට අසීරු කමත් ඒවා කල්ක හෝ කසාය ආකාරයෙන් සකස් කර ගැනීමට අපහසු කමත් නිසාය කෙසේ නමුත් ව්‍යායාම කිරීම මෙයට සුදුසුම ක්‍රමයයි එයටත් බොහෝ දෙනාට යෙදවීමට කාලයක් නොමැත එසේනම් කළ යුත්තේ කුමක්ද? මෙන්න විසඳුම!!

   

Monday, April 23, 2012

කොපි කරමු.......


අපි කොපි කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉඳන්නේ පරිගණකයෙත් වැඩිපුරම කරන එකක් තමයි කොපි ඒත් සමහර වෙලාවට ෆයිල් එකක් කොපි කරන්න ලොකු වෙලාවක් ගන්නව අපරාදෙ කාලය...කරන්න තියෙන්නෙ පහත තියෙන වැඩසටහන් වලින් එකක් පරිගණකට දාගන්න එක...දැනටමත් ගොඩක් දෙනෙක් Tera Copy කියන වැඩසටහන භාවිතා කරනවා ...

පෙට්ටියට දැමීම හෙවත් Dropbox ...

පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි Dropbox.  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව  Media-fireRapid-share වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ පරිගණක වැඩසටහනක් භාවිතා නොකර වුවත් ගබඩා කරන්නත් පුළුවන් .

MS Paint වලින් ඔබ්බට...Paint.Net

MS Paint යනු Photoshop,Corel Drow වැනි වැඩසටහන් තරම් ප්‍රභල  නොවුණත් එමඟින් යම් යම් අවස්ථා වලදී අපගේ කාර්යයන් සඳහා වැදගත් වන වැඩසටහනකි MS Paint වලට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් ඇතුලත් Photoshop,Corel Drow වැනි වැඩසටහන් වලින් කළ හැකි සමහරක් දේ පහසුවෙන් කරගත හැකි වැඩසටහනක් ලෙස Paint.Net හැදින්විය හැකිය එහි විශේෂත්වය වන්නේ සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන වැඩසටනක් බැවිණි Windows XP සමඟ ක්‍රියාතමක කළ හැකි වන්නේ Service Pack 3 සමඟ පමණි...එසේම Windows Vista Service Pack 1 සමඟ  හා Windows 7 සමඟ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක පහත ඇති සබැඳියෙන් බාගත කර වෙනස වටහා ගන්න...