Ads 468x60px

Saturday, February 2, 2013

Boot Menu එකේ Windows 7 දෙකක් පේනවද?

Windows 7 පරිගණකයට Install කල පසු යම් යම් ගැටලු නිසා සමහර අවස්ථාව වල  Boot Menu එකේ Windows 7 මෙහෙයුම් පද්දති දෙකක් ඇති බව පෙන්නයි නමුත් එක් අවස්ථාවක් පමණක් ක්‍රියාත්මක වෙයි මෙහි දී බෝහෝ දෙනෙකු කරන්නෙ නැවත මෙහෙයුම් පද්දතිය ඇතුල් කිරීමයි එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැත එහි ඇති ක්‍රියාකාරී නොවන කොටස ඉවත් කිරීම මඟින් එම Dual Boot Menu අවස්ථාව දර්ශණය නොකොටම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම සිදුවේ පහත ආකාරයට උපදෙස් තෝරාගන්න-

Start 
In the Search text box, type msconfig and then press Enter 
After msconfig dialog-box is launched, Go to the "Boot" Tab
Select the Boot entry you want to Delete
Click the "Delete" Button and then press "OK"



Thursday, January 24, 2013

සිංදුවක් කියල ආතල් එකක් ගමු

හැමදාම සිංදු අහල නේ ෆන් ගන්නෙ දැන් අපි ඒ ක්‍රමය ටිකක් වෙනස් කරල සිංදු කියලම ආතල් එකක් ගමු හැබැයි ඉතින් වැඩේට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික හොයාගන්න ඕන සුළුවට කරනවනම්,

Friday, January 4, 2013

Facebook Chat මත පින්තූර....

Facebook Chat කරන විට ඒ හරහා පින්තූර පෙන්වීමට සැලැස්වීමට හැකියාව ඇත එමඟින් යමෙකු වෙත පින්තූරයක් පෙන්වීමට අවශ්‍යනම් එය පහසුවෙන්ම කළ හැක ඒ සඳහා යම් කේත ක්‍රමයක් භාවිතා කරයි පින්තූරයේ වර්ණ කේත බවට පරිවර්ථනය කිරීම මඟින් එම පින්තූරය ගොඩනඟයි එසේ කේත බවට පරිවර්ථනය කිරීම සඳහා පහත සඳහන් වෙබ් අඩවිය භාවිතා කළ හැක



Wednesday, November 21, 2012

Facebook Chat කරන අලුත් තාලය....(1 වෙළුම)

ඔන්න කාලෙකට පස්සෙ ලිපියක් දාන්න හිතුන අවිවේකී කම නිසාම පහුගිය දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුණා.... කොහොම හරි අද කියන්න හදන්නෙ මූණු පොතේ වැට් කරන කොට දාන්න පොඩි පොඩි වැඩ ටිකක් හැබැයි දැනටමත් ගොඩක් දෙනෙක් මේව දන්නව ඇති ... වැච් එකේදි Code ක්‍රමයට යම් යම් පිංතූර මවන්න පුළුවන් ඒ වගේම විශාල ප්‍රමාණයේ Emoticon , ඉංග්‍රීසි අකුරු වගේ දේවල් 

මෙන්න මේ තියෙන්නෙ එම  Codes භාවිතා කරල කරපු අපූරු නිර්මාණ කිහිපයක් මේ  Codes චැට් එකට පේස්ට් කරල බලන්න මොකද වෙන්නෙ කියල....

Friday, September 14, 2012

සිංහල බ්ලොග්,කුහක කම්,භාෂාව හා ඇනෝලාගේ කුණුහරුප

බොහෝ පිරිස් වියණු එසේත් නැත්නම් බ්ලොග් ලියනු ලබන්නේ හුදෙක් ආර්ථික වාසි සඳහා හෝ වෙනයම් යටි අරමුණු ඉටු කරගැනීමට නොවේ ඒ ඔවුන්ගේ සන්තුෂ්ඨිය උදෙසා පමණි නමුත් ඉතා සුළු පිරිසක් පමණක් ආර්ථික ප්‍රථිලාබ තකා බ්ලොග් පවත්වා ගෙන යන අවස්ථාද නැතුවා නොවේ. සිංහල බ්ලොග් කරණය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වී ඇත එසේම බ්ලොග් කරුවන් අතර ඇති සුහද තාවයට වඩා අද ඇත්තේ කුහක කම්ය ඒ කුහක කමේ ආරම්භය ලබාදුන්නේ සිංහල බ්ලොග් කරණයේ මූලික අඩිතාලම දමන ලද හා මුලදී දියුණුවට ක්‍රියා කළ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ කළ ඒ පණ්ඩිත හැත්ත බවද අකමැත්තෙන් වුවද කිව යුතුය ඔවුන් අටවා ගත් සින්ඩිය වෙත බ්ලොග් ඇතුලත් කිරීමේ දී ඔවුන් දමා තිබූ ලාමක ටිං ටිං නීති මාලාව නිසා එහි අපේ බ්ලොගය ඇතුල් කිරීමට ඇඩ්මින්ලාගේ ූකට වැදිය යුතුය අද බලු කුක්කන් සේ නගුට වැනුවාට ඔවුන් එදා සිංහයින්ය.එසේම එදා දිනපතා ලිපි ලියන ජනප්‍රිය බ්ලොග් කරුවන් අද මාස දෙක තුනකට සැරයක් වත් ලිපි ලියන්නේ නැත එසේ වන්නට හේතුව ඔවුන් තුල ඇතිව තිබෙන කළකිරීම නිසා යැයි කිව යුතුව එදා ජනප්‍රිය බ්ලොග් කරුවන් අතුරින් අදටත් පෙරසේම ලිපි ලියන්නේ දන්නා තරමින් කතන්දර කාරයා සහ මාරයා සහ තවත් කිහිපදෙනෙකු පමණි බොහෝ දෙනෙක් බ්ලොග් කලාවෙන් සමු ගෙනය....


Wednesday, September 12, 2012

ඇස් පරික්ෂාවට ගිය සමරකෝන්....

සමරකෝන්ට ටිකකලක සිටන් ඇස් පෙනීමේ වෙනස් ඇති බව වැටහෙන්නට විය ඔහු ඒ පිළිබඳ දැඩි සිත් තැවුලෙන් ද පසුවිය දිනක් ඔහුට හමුවූ මිතුරකුට මේ බව පැවසීමෙන් පසු ඔහු කියා සිටියේ ඇස් පරික්ෂාකොට ඇස් කණ්ණාඩියක් ලබාගන්නා ලෙසයි ඒ අනුව ටවුමට ගොස් ඇස් පරික්ෂාකර ඇස් කණ්ණාඩි ලබාදෙන ස්ථායට ගොස් තමන්ගේ ගැටලුව එහි වෛද්‍ය තුමාට පැවසුවේය 

Friday, September 7, 2012

ගෝනා‍ගේ මළ සිරුර සහ කොටි මුහුණ.....


(සත්‍ය කථාවක් ඇසුරෙන්...) නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව උඩත්තාවෙන් කඩවර කැලයට රිංගන්නට සිතා සවස 7වන විට ගමන ආරම්භ කළේය දිගු වෙලාවක් ගමන් ගත් නමුත් හාවකු හෝ ඇස නොගැටීමෙන් තව තවත් කැළය තුලට යාමට ඔහුට සිදුවිය මෙසේ ගමන් කරමින් රාත්‍රී 10 පමණ වන විට කඩවර කැළයේ මැද හරියම පැමිණ සිටියේය තමා ට සුපුරුදු පළු ගසක මුදුනේ ගෝනියක් ගැටගසා  සතකු එනතෙක් රැකගෙන සිටීමට සිතුවේය දැනුනු බඩගින්න නිසා පාන් රාත්තලෙන් කොටසක් ආහාරයට ගත්තේ හකුරු පෙත්තක් සමඟය.එහි පැය 3ක් පමණ ගත කලද බලාපොරොත්තු සුන්විය කිසිම සතකුහෝ දැකීමට හෝ සතකුගේ හඬක්ඇසීමටවත් නොවූ බැවින් තවත් මද දුරක් ඇවිද යාමට සිදුවිය

Thursday, September 6, 2012

ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙන් හමුවේ...

අටපට්ටම වගේ විශේෂිත වැඩසටහන් කරන රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායමකට දුරකථන ඇමතුමින් විශේෂ ආරංචියක් ආව ඒ තමයි ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙ ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙ ගෙදර තියෙනව කියල ඒ ආරංචිය අහපු නිෂ්පාදන කණ්ඩායම මේ පැරණි උදැල්ල පිළිබඳව ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙන් ඇහුවෙ දුරකථනය ඔස්සෙ ඉතින් ඔහු කිව්වෙත් 

මේක හද්ද පරණ උදැල්ලක් මහත්තයෝ මේක අපේ කිරිකිත්තා පාවිච්චි කරපු  එකක් මං හිතන්නෙ මේකට අවුරුදු දෙසීයපනහකටත් වැඩියි

Sunday, September 2, 2012

අම්මට උඩු (Up to Mother)

ඔන්න මේක එක්තරා ටියුෂන් ක්ලාස් එකක වුණ සිදුවීමක් ඉංග්‍රීසි භාෂා ඉගැන්වුම් උපකාරක පන්තියක මැරෑටි  ඇට්ටර කොල්ලො ටිකක් හිටියා පස්සෙ පේලියේ ඉඳන් පිස්සු කෙළින සෙට් එකක්.. හැබැයි ටිකදවසක් යද්දි එන්න එන්නම මුන් ටික පිස්සු නටනව වැඩියි කියල ඉංග්‍රීසි ගුරුවරයට තේරුණා ඔහුටත් මේ සෙටි එක ටිකක් පාලනය කරගන්න බැරුවයි හිටියෙ ඒත් ඔවුන් පන්තියෙන් එළෙව්වොත් සර්ට වෙන්නෙ පාඩුවක් ඒ නිසා මේකට හොඳ විසඳුමක් කල්පනා කළා සර්ටත් වාසි වෙනවිදියෙ හොඳ අදහස් පහළ වුණා.. සර් ඊළඟ දවසෙ මෙන්න මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කළා