Ads 468x60px

Monday, September 30, 2013

Windows XP Service Pack 2 නම් 3 වලට මාරුකරගන්න ලේසිම ක්‍රමය....

Windows XP Service Pack 2 වලට බොහෝමයක් වැඩසටහන් සපෝට් කරන්නෙ නෑ ඒ වගේම වින්ඩොස් එක්ස් පී එකට 2014 ඉඳන් අලුතින් නිෂ්පාදනය වන කිසිම වැඩසටහනක් සහයෝගය දෙන්නෙ නැති බව දැනටමත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ප්‍රකාශ කරල තියෙන්නෙ කොහොම වුණත් දැනට අපට අවශ්‍ය‍ කෙරන වැඩසටහන් වත් ධාවනය කරවන්න Windows XP Service Pack 3 වලට මාරු කරගන්න ඕන ඒ සඳහා මෙන්න මේ ක්‍රමය අත්හදා බලන්න හැබැයි 100% විශ්වාසය තැබිය නොහැකියි හේතුව මෙහිදී සම්පූර්ණ ලිපිගොනු අකෘතිය වෙනස් නොවන බැවිණි කෙසේ වුවත් සමහර වැඩසටහන් මෙම ක්‍රමය මඟින් ධාවනය වන බව අත්හදා බලා ඇත.... ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න..

change windows xp service pack 2 to service pack 3


01) Start 
 
02) Run
03) "Regedit" ලෙස ටයිප් කර OK කරන්න
04) HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Windows ලෙස උපදෙස් තෝරාගන්න
05) 

ඉහත රූපයේ පෙනෙන පරිදි CSDVersion ඩබල් ක්ලික් කර එහි ඇති Value Data අවස්ථාව 200 ලෙස සටහන් වී ඇති අතරය එය 300 ලෙස වෙනස් කිරීම සිදු කළ යුතුය දැන් ඔබට අවශ්‍ය වැඩසටහන් ස්ථාපනය කර බලන්න මෙම ක්‍රමය අසාර්ථක වුවහොත් Windows XP SP Update එකක් සිදු කිරීම කළ යුතුය

පෙට්ටියට දැමීම හෙවත් Dropbox

පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි Dropbox.  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව  Media-fireRapid-share Skydrive වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ  ගබඩා කරන්නත් පුළුවන් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ෆයිල් Share කිරීම සඳහාද මෙය යොදාගත හැක .

Monday, August 12, 2013

තේ සමඟ ඉඟුරු ...

සමහරු නම් ප්ලේන්ටි වලට ඉඟුරු දාල බොන්න කැමතියි ඒත් තවත් සමහරු ඒකට අකමැතියි ඒත් එහෙම බොනවනම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට බොහෝම හොඳ දෙයක් ,අපි බලමු ඉඟුරු ප්ලේන්ටි වලින් ලැබෙන වාසි මොනවද කියල...

  • ආහාර අජීරණය වලකයි
  • උදරයේ ඇතිවන අපහසුතා සංසිදුවයි
  • රෝගාබාධයන් සඳහා ශරීරයේ ඇති ප්‍රතිශක්තිය ඉහල නංවයි
  • මානසික ආතතිය (Stress) අවම කරයි
  • ස්වසන පද්දතිය ආශ්‍රිත සාමාන අපහසුතාවයන් මඟහරවයි
  • තරබාරුවීම අඩු කරවයි
  • සාමාන්‍ය රුධිර සංසරණය විධිමත් කරයි
 

අන්තර්ජාලය ඇසුරෙන්....

Saturday, August 3, 2013

වැලිවේරිය....

කැරලි මර්ධනය පිළිබඳ විශේෂ දැනුමක් ලද කැරලි මර්ධන කණ්ඩායම් සිටියදී හමුදා පිරිසක් හෝ නිල නොලත් හමුදා පිරිසක් විසින් පසුගිය දා ගැමි ජනතාව වෙත එල්ල කල ප්‍රහාරය මනුස්සකම විසින් හෙළා දකින අතර පසුගිය යුධ  කාලය තුල ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනෙකු රට රැකගන්නට වෙරදැරූ රණ විරුවන් වෙනුවෙන් කොතෙකුත් බෝධිපූජා හා විවිධ පිංකම් කරන්නට ඇත්ද අනේ උඹලට අතුරු අන්තරාවක් නම් වෙන්න එපා කියල....එහෙව් කරපු අපේ අහිංසක මිනිසුන් අසාධාරණයක් වෙනුවෙන් පාරට බැස්සාම ලොකු ලොක්කන්ගෙ ඕඩර් වලට අමානුශික අන්දමින් ජනතාවට පහර දීම තුච්ච යැයි කිව යුතුය....ඕඩරේකට උනත්, නිසි හෙවිල්ලක් බැලිල්ක් නැතිව පිස්සු බල්ලන් සේ හතර අතේ වෙඩි තැබීම කොතෙකුත් දුරට සාධාරණද? ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමක් කරන්නේ මරණ චේතනාවෙන්මය මරල හරි මුන්ටික බය කරපල්ල කියල නියමෙට ඕඩර් එක ලැබෙන්න ඇති..නැතහොත් රබර් උණ්ඩ හෝ කඳුළු ගැස් ආදිය ඒ සාඳහා භාවිතා කිරීමට හැකියාව නොතිබුණේද?.. උද්ඝෝෂනයට සහභාගි නොවූ අහිංසක මිනිසුන්ට පවා අද සිය ජීවිතය  අහිමි වී ඇත්තේ එදා අපි වෙනුවෙන් අපිටට පිහිට වූ අපේ රට බේරගන්නට දහඩිය මහන්සිය ලේ හෙළූ රණ විරුවන්ගේ වගකීමක් නැති ක්‍රියාකලාපය නිසා නොවෙද? .. විනය නැත්තවුන් ඉදිරියේ තම විනය බල්ලට දැමීම ලැජ්ජා සහගතය....

එසේම දේශපාලුවන්ගේ කටුකන බල්ලන් නොවී නිළ ඇඳුමේ මහිමය රැක ගැනීම හමුදාවේ විනය රැක ගැනීම රටේ මිනිසුන් රැක ගැනීම ඔබේම සහෝදර සහෝදරයින් රැක ගැනීම ඔබේ වගකීමයි...

පිටපත- මනුස්සකම



Tuesday, July 2, 2013

බැළලිය පැටව් කෑම සහ මව් සෙනෙහස.....

සමහර බැළලියන් පැටව් දාලා ඒ පැටව් දෙන්නෙක් තුන් දෙනෙක් හරි ඔක්කොම පැටව් ටික හරි කා දමනව ඒත් ඊළඟ වතාවෙ පැටව් දැම්මම නම් කන්නෙ නෑ මේ හරි ප්‍රශ්නක් ඒත් සමහරු කිව්වෙ අතීතෙ ඉඳන් එන වෛරයක් නිසා එහෙම වෙනව කියල ඒත සමහරු කිව්වෙ සමහර බැළලියන්ට දොළ දුක වගේ එකක් හැදෙනව ඇති කියල තවත් සමහරු කිව්වෙ අමුතුම කථාවක් ඒ තමයි මව් සෙනෙහස කියල... මේ මොන කථාවක්ද? මව් සෙනෙහසට පැටව් කාලා දානවද? ඒක හරිම දුක හිතෙන කථාවක්...

Monday, June 3, 2013

බොහෝ දේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න...(ආධුනිකයන් සඳහා)

මේ පාඩම අන්තර්ජාලයේ ආධුනිකයින් සඳහාය...නොමිලයේ චිත්‍රපට හා අනෙකුත් වැඩසටහන් ලබා ගැනීමට තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඉතින් කිහිප දෙනෙකුම මගෙන් මේ පිළීබදව ඇහුව නිසා මට හිතුණ බ්ලොග් එකේ ලිපියක් විදියට දාන්න එතකොට කව්රුහරි මේ ගැන ඇහුවොත් මට තියෙන්නෙ බ්ලොග් ලිපිනය දෙන එක විතරයි..කථා ඕන නෑ පටන් ගමු වැඩේ.

Monday, May 27, 2013

නිවන් නොයා පත්තුකරන් යන අපේ හාමුදුරුවෝ...(සංවාදයට විවෘතයි)

සියලු බෞද්ධ ජනතාවගේ අවසන් පරමාර්ථය නිවන කරා ගන් කිරීමයි එසේ නිවන කරා ගමන් කිරීමේදී ගිහි සැප එයට බාධාවක් යැයි සිතා පැවදී ජීවිතයට පිවිසෙන්නේ වේලාසනින් නිවන් යෑමේ අරුමුණිනි එහෙත් අද සම-හරක් ලාංකික භික්ෂුණ් වහන්සේලාගේ ක්‍රියා කලාපය අනුව ගිහියන් පැවදියන්ට වඩා ඉක්මණින් නිවන් අවබෝධ කරගනු ඇතැයි සිතිය හැක.. 


පහුගිය දිනෙක තම සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකරගත් භික්ෂුණ් වහන්සේගේ එම ක්‍රියාව වීරත්වයක් සේ සලකන පිරිස බොහෝය නමුත් එම ක්‍රියාව ඉතා පහත් ක්‍රියාවකි තමාගේ ජීවිතය තොර කිරීම බුදු දහමට අනුව ප්‍රභල පාපකර්මයකි මිනිසුන්ගේ හිත් සුවපත් කිරීමට , බුදුදහම රැක ගැනීමට සසුනට පිවිසි ‍භික්ෂුණ් වහන්සේලා සියදිවි හානි කරගන්නවා නම් බුදුදහමේ සැබෑ අරුථවත් නොදැන මෙතෙක් කල් චීවරය දරා සිටියා විය යුතුය එසේ නමු ඔහු චීවර ධාරියෙක් පමණි..එසේම එය බුද්ධ සාසනයේ පිරීහීමට පවා බලපාන සාධකයකි භික්ෂුණ් වහන්සේලාද අනෙක් අගාම්වල මෙන් අන්තගාමී ක්‍රියා පිළිවෙත් ඇසුරු කරයි නම් බුදුදහමේ පිරීහීමට එය රුකුලකි. බුදු දහම අනුව සිය දිවි හානි කරගැනීම අපා ගතවන පාපකර්මයකි නිර්වාණයට එය බාධාවකි විද්‍යාවට අනුව නම්  සිය දිවි හානිකරගැනීම මානසික දුර්වලතාවයක් හො පුද්ගල පෞරුෂත්ව ආබාධ නිසා ඇති කරගන්නකි.

වෙබ් කැම් එකට සපොට් කරන නියම රෙකෝඩර් එකක්.....

මම මේ කියන්න හදන්නෙ වීඩියෝ රෙකෝඩර් එකක් ගැන ඒ වගේම ස්ක්‍රීන් එක රෙකෝර්ඩ් කරගන්නත් මෙකෙන් පුළුවන් (Debut Video Capture Software) වැඩි බරකුත් නෑ දාගෙන බලන්න හොඳද කියල පහල තියෙන සබැඳියෙන් ගන්න--

Extract Password is "manussakama"

Thursday, May 23, 2013

බොදු බැති ගී- පන්සලෙන්

වෙසක් පොසොන් කියන්නෙ ඉතින් සියලු බෞද්ධයන්ගේ වැදගත්ම මාස දෙකක් මේ දවස් ටිකේ පිං අතේ වැඩ නම් බොහෝමයක් සිද්ධ වෙනව දන්සල් දාන මාන විවිධ බොදු වැඩසටහන් ආදිය හැම තැනම ඉතින් මේවගේ අවස්ථා වලට බොදු ගීත වාදනය කරන්නත් අවශ්‍යවෙන අවස්ථා තියෙනව ඉතින් අන්තර්ජාලයෙන් බොදු බැති ගීත ටිකක් හොයාගන්න අමාරුයි, තැන තැන විසිරිලා තියෙන ඒවා එකතු කරන්න ගියොත් ටිකක් අමාරුයි ඉතින් අන්තර්ජාලයේ මේව එකතු කරල තියෙන තැන් තියෙනව එහෙම තැනක් තමයි අන්තර්ජාලයේ  පන්සල කියල කියන්නෙ එතන බෞද්ධයින්ට අවශ්‍ය බොහෝ දේ තියෙනව බලන්න ඒ අඩවියට ගිහින් බොදු බැති ගී පොදියක්ම බාගත කරගන්න ඕනනම් පහත තියෙන ලින්ක් එකට යන්න

Bodu Bathi Gee - Download Link


සිංහල මගුල් සිංදු... (Sinhala Wedding Songs)

මේ ඊයෙ පෙරේදා අපේ හිතවතකුගෙ වෙඩින් එකකට (වෙඩින් කිව්වට ඒක මගුලක්) සිංදු ටිකක් පෙන් එකට දාලා දෙන්න කියල කිව්ව ඒත් මගේ ළඟ තිබුනෙ නෑ අන්තර්ජාලයෙන් හෙව්වා ඒත් සිංදු එක එක තැන තිබුණෙ ඒ නිසා මට හිතුණා කාටත් ගන්න පුළුවන් තැනක සිංදු පොදියක් දාලා තියන්න සිංදු 24 ක් විතර මෙතන තියෙනවා පහළ තියෙන සබැඳියෙන් බා ගත කරගන්න පුළුවන් හැමෝම බාලා තියාගන්න කොයි මොහොතෙ හරි ඕන වෙනවා....


(Extract Password is "manussakama")