Ads 468x60px

Wednesday, February 19, 2014

ඉසිවර වෙදැදුරු අන්තිම දක්වා බලන්න.... (The King's Doctor/Horse Doctor)

The King's Doctor නැතහොත් Horse Doctor නම් ජනප්‍රිය දකුණු කොරියානු ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනී නාලිකාවේ හඬ කැවීම් අංශය මඟින් සිංහලයට හඬ කවා ඉසිවර වෙදැදුරු නමින් ප්‍රචාරය කරන අතර එය අද බොහෝසේයින් ජනප්‍රිය එකක් වී ඇත සැමවිටම කුතුහලය දනවන අගනා නාට්‍යයකි -වැඩිවිස්තර සඳහා සිංහල බසින්ඉංග්‍රීසි බසින්



මෙම ටෙලිනාට්‍ය ඉංග්‍රීසි උපසිරැසි සහිතව අවසන් වන තුරු අනතර්ජාලය ඔස්සේ නැරඹීමට අවශ්‍යනම් පහත සඳහන් සබැදියෙන් අදාල කොටස් තෝරමින් පහසුවෙන් නැරඹීමට හැකියාව ඇත


Saturday, February 8, 2014

මේ ඔබේ අවදානය පිණිසයි.......! (අකලට මිලින මල් කැකුළු)

(පිටපත- බ්ඟුසර ඕපාත)
කාගේ හෝ වරදකට තවත් මල් කැකුලක් අකලට පරවී ඇත..
සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට facebook හා අන්තර්ජාලය පිළිබද මනා අවබෝදයක් දීම කඩිනම් කලයුතු වන්නේය..කාලින අවශ්‍යතාවක් වන එය ඔහුන්ට ලබාදෙන හමුදා පුහුණුවට වඩා වැදගත්ය..
මන්ද නැතහොත් මෙවැනි අකලට පරවන අන්තිම මල වෙනුෂා සටහන් නොකරන නිසාවෙනි...
"අපිට ඕවා ඔය කලේ තිබුනේ නැ" කියල සමහරක් වැඩිහිටියෝ දෙන ගොන් talk හාස්‍යට කරුණකි.එදාට වඩා අද සමාජය හත් පසින්ම වෙනස්ය..

Monday, February 3, 2014

උණු උණුවෙම රෙස්ට්ලින් බලන්න.... (Wrestling)

රෙස්ට්ලින් කියන්නෙ එක්තරා ක්‍රීඩාවක් ඒක අද ගොඩක් ජනප්‍රිය වෙලා ඒ ක්‍රීඩාව නාට්‍යානුසායෙන් පෙන්වන නිසා හැබැයි ඇත්තම නොවුනට බලන්න ආස හිතෙනව ෆිල්ම් එකක් බැලුව වගේ තමයි එහෙම බලන්න ආස අයට උණූ උණූවෙම බලන්න මෙන්න මේ අඩවියෙන් පුළුවන් http://watchwrestling.tv/home

Saturday, December 21, 2013

සියලු දෝෂ නිවාරණයි...PC එක සුද්ද කරමු

ඔබේ පරිගණකයේ ඇති බොහෝ දෝෂයන් මඟහරවා ගැනීමට හා එමඟින් පරිගණකයේ වේගය වැඩි කරගැනීමටත් Pc Cleaner Pro නැමැති මෙම වැඩසටහන ඔබට උපකාර වේවි පහත සබැඳියෙන් එම වැඩසටහන ලබාගෙන ලියාපදිංචි කරගෙන පාවිච්චි කරලම බලන්න 


Password is- manussakama

Thursday, December 19, 2013

ලැප්ටොප් එකෙන් WIFI දෙන පහසුම ක්‍රමය

ලැප්ටොප් එකෙන්  WIFI Hotspot පහසුකම ක්‍රියාත්මක කර ගැනීමට ඉතා පහසුම ක්‍රමය තමයි ඒ සඳහා Software එකක් බාවිතා කිරීම එමඟින් ඉතාම පහසුවෙන් තවත් ලැප්ටොප් එකකට හො ස්මාර්ට් ෆොන් එකක් සඳහා  Internet Share කරගන්න පුළුවන් පහත තියෙන සබැඳියෙන් එම එක බාගත කරල කර ගන්න එක Instal කරල අවශ්‍ය පරිදි Settings හදලා Swith On කරන්න විතරයි තියෙන්නෙ


Sunday, October 6, 2013

සීනි වැඩි ද? එහෙනම් මේක කියවන්න...(1 කොටස)

රුධිරයේ සීනි ප්‍රමාණය නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීම අද සමාජයේ බොහෝ පුද්ගලයින්ට ඇති ගැටලුවකි අප ගන්නා ආහාර වර්ග එයට බොහෝ සේයින් බලපායි මුලින්ම අපි බලමු සීනි ප්‍රමාණය වැඩිවීම සිදුවුව හොත් එමඟින් ඇති විය හැකි ලක්ෂණයන් මොනවාද කියා බලමු... 
නිතර නිතර ක්ලාන්ත ගතියක් ඇති වීම

Monday, September 30, 2013

Windows XP Service Pack 2 නම් 3 වලට මාරුකරගන්න ලේසිම ක්‍රමය....

Windows XP Service Pack 2 වලට බොහෝමයක් වැඩසටහන් සපෝට් කරන්නෙ නෑ ඒ වගේම වින්ඩොස් එක්ස් පී එකට 2014 ඉඳන් අලුතින් නිෂ්පාදනය වන කිසිම වැඩසටහනක් සහයෝගය දෙන්නෙ නැති බව දැනටමත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ප්‍රකාශ කරල තියෙන්නෙ කොහොම වුණත් දැනට අපට අවශ්‍ය‍ කෙරන වැඩසටහන් වත් ධාවනය කරවන්න Windows XP Service Pack 3 වලට මාරු කරගන්න ඕන ඒ සඳහා මෙන්න මේ ක්‍රමය අත්හදා බලන්න හැබැයි 100% විශ්වාසය තැබිය නොහැකියි හේතුව මෙහිදී සම්පූර්ණ ලිපිගොනු අකෘතිය වෙනස් නොවන බැවිණි කෙසේ වුවත් සමහර වැඩසටහන් මෙම ක්‍රමය මඟින් ධාවනය වන බව අත්හදා බලා ඇත.... ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න..

change windows xp service pack 2 to service pack 3


01) Start 
 
02) Run
03) "Regedit" ලෙස ටයිප් කර OK කරන්න
04) HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Windows ලෙස උපදෙස් තෝරාගන්න
05) 

ඉහත රූපයේ පෙනෙන පරිදි CSDVersion ඩබල් ක්ලික් කර එහි ඇති Value Data අවස්ථාව 200 ලෙස සටහන් වී ඇති අතරය එය 300 ලෙස වෙනස් කිරීම සිදු කළ යුතුය දැන් ඔබට අවශ්‍ය වැඩසටහන් ස්ථාපනය කර බලන්න මෙම ක්‍රමය අසාර්ථක වුවහොත් Windows XP SP Update එකක් සිදු කිරීම කළ යුතුය

පෙට්ටියට දැමීම හෙවත් Dropbox

පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි Dropbox.  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව  Media-fireRapid-share Skydrive වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ  ගබඩා කරන්නත් පුළුවන් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ෆයිල් Share කිරීම සඳහාද මෙය යොදාගත හැක .

Monday, August 12, 2013

තේ සමඟ ඉඟුරු ...

සමහරු නම් ප්ලේන්ටි වලට ඉඟුරු දාල බොන්න කැමතියි ඒත් තවත් සමහරු ඒකට අකමැතියි ඒත් එහෙම බොනවනම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට බොහෝම හොඳ දෙයක් ,අපි බලමු ඉඟුරු ප්ලේන්ටි වලින් ලැබෙන වාසි මොනවද කියල...

  • ආහාර අජීරණය වලකයි
  • උදරයේ ඇතිවන අපහසුතා සංසිදුවයි
  • රෝගාබාධයන් සඳහා ශරීරයේ ඇති ප්‍රතිශක්තිය ඉහල නංවයි
  • මානසික ආතතිය (Stress) අවම කරයි
  • ස්වසන පද්දතිය ආශ්‍රිත සාමාන අපහසුතාවයන් මඟහරවයි
  • තරබාරුවීම අඩු කරවයි
  • සාමාන්‍ය රුධිර සංසරණය විධිමත් කරයි
 

අන්තර්ජාලය ඇසුරෙන්....

Saturday, August 3, 2013

වැලිවේරිය....

කැරලි මර්ධනය පිළිබඳ විශේෂ දැනුමක් ලද කැරලි මර්ධන කණ්ඩායම් සිටියදී හමුදා පිරිසක් හෝ නිල නොලත් හමුදා පිරිසක් විසින් පසුගිය දා ගැමි ජනතාව වෙත එල්ල කල ප්‍රහාරය මනුස්සකම විසින් හෙළා දකින අතර පසුගිය යුධ  කාලය තුල ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනෙකු රට රැකගන්නට වෙරදැරූ රණ විරුවන් වෙනුවෙන් කොතෙකුත් බෝධිපූජා හා විවිධ පිංකම් කරන්නට ඇත්ද අනේ උඹලට අතුරු අන්තරාවක් නම් වෙන්න එපා කියල....එහෙව් කරපු අපේ අහිංසක මිනිසුන් අසාධාරණයක් වෙනුවෙන් පාරට බැස්සාම ලොකු ලොක්කන්ගෙ ඕඩර් වලට අමානුශික අන්දමින් ජනතාවට පහර දීම තුච්ච යැයි කිව යුතුය....ඕඩරේකට උනත්, නිසි හෙවිල්ලක් බැලිල්ක් නැතිව පිස්සු බල්ලන් සේ හතර අතේ වෙඩි තැබීම කොතෙකුත් දුරට සාධාරණද? ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමක් කරන්නේ මරණ චේතනාවෙන්මය මරල හරි මුන්ටික බය කරපල්ල කියල නියමෙට ඕඩර් එක ලැබෙන්න ඇති..නැතහොත් රබර් උණ්ඩ හෝ කඳුළු ගැස් ආදිය ඒ සාඳහා භාවිතා කිරීමට හැකියාව නොතිබුණේද?.. උද්ඝෝෂනයට සහභාගි නොවූ අහිංසක මිනිසුන්ට පවා අද සිය ජීවිතය  අහිමි වී ඇත්තේ එදා අපි වෙනුවෙන් අපිටට පිහිට වූ අපේ රට බේරගන්නට දහඩිය මහන්සිය ලේ හෙළූ රණ විරුවන්ගේ වගකීමක් නැති ක්‍රියාකලාපය නිසා නොවෙද? .. විනය නැත්තවුන් ඉදිරියේ තම විනය බල්ලට දැමීම ලැජ්ජා සහගතය....

එසේම දේශපාලුවන්ගේ කටුකන බල්ලන් නොවී නිළ ඇඳුමේ මහිමය රැක ගැනීම හමුදාවේ විනය රැක ගැනීම රටේ මිනිසුන් රැක ගැනීම ඔබේම සහෝදර සහෝදරයින් රැක ගැනීම ඔබේ වගකීමයි...

පිටපත- මනුස්සකම