Ads 468x60px

Friday, May 30, 2014

Internet Download Manager (IDM) හැමදාම තියාගන්න......

Internet Download Manager (IDM) කියල කියන්නෙ අන්තර්ජාලයෙන් යමක් ඩවුන්ලෝර්ඩ් කරගනිද්දි ඉතාවේගයෙන් ඩවුන්ලෝර්ඩ් කරගන්න තියෙන වැඩසටහන් අතර හොඳම වැඩසටහන ඒත් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි Internet Download Manager (IDM) එක ටික දවසකින් ක්‍රියා විරහිත වෙන එක ඉතින් මේ වැඩසටහනේ හොර කොපි භාවිතා කරන නිසා තමයි මේ කරදරය ඒත් ඔරිජිනල් ඒව සල්ලි දීල ගන්න තරම් අපිට වත්කමක් නැති නිසා වැරදි වැඩේ බව දැන දැනම හොර කොපි පාවිච්චි කරනව අපි එහෙම පාවිච්චි කලා කියලා ලෝක ආර්ථිකයට ඒක බල පෑමක් වෙන්නෙ නෑ නේ... හොර කොපිය වුණත් පාවිච්චි කරන පිළිවෙලක් තියෙනව ඒකෙ අප්ඩේට් කරන්න කියල මැසේජ් එක ආවම කැනසල් කරනවා මිසක් අප්ඩේට් කරනවා එහෙම නෙවෙයි එහෙම කලොත් හොරේ අහුවෙනව...

මම දීලා තියෙන සොෆ්ට්වෙයාර් එක අරගෙන පහත තියෙන පිලිවෙලට වැඩ ටික කරන්න....

මෙතනින් ගන්න-

Friday, May 23, 2014

ප්ලාස්ටික බෝතලයෙන් මී උගුලක් හදමු....

ඉවත ලන ප්ලාස්ටික් බෝතලයෙන් අපූරුවට මී උගුලක් හදාගන්න පුළුවන් පහත තියෙන වීඩියෝම නරඹලා කරන්න පුළුවන්ද කියල බලන්න...


Thursday, May 22, 2014

ෆෝල්ඩර් වලට පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරගන්නෙ කොහොමද? (1 කොටස Folder Lock)

ෆෝල්ඩර් ආරක්ෂා කරගැනීම සම්බන්ධව ලෝකයේ ජනප්‍රියම වැඩසටහන තමයි ෆෝල්ඩර් ලොක් කියල කියන්නෙ ඉතින් මේ වැඩසටහන පරිගණකයට දාගෙන පහසුවෙන්ම අපේ පරිගණක ලේඛණයන් ආරක්ෂා කරගන්න පුළුවන්... පහත තියෙන සබැඳියෙන් වැඩසටහන ගන්න.. ඒකෙ තියෙන විදියට කරලා පාවිච්චි කරල බලන්න ගැටලුවක් නම් මේ විද්‍යුත් ලිපිනයට දන්වන්න. thisaraps@gmail.com
Extract Password- manussakama

Friday, May 2, 2014

මහඇමති දයාසිරි පොල්ල වනා වැඩ පෙන්වයි...

මෙවර 2014 ලෝක කම්කරු දිනයට සමගාවීව පොදුජන එක්සත් පෙරමුණ මඟින් පැවැත්වුණු මැයි පෙළපාලියේ කාගෙත් සිත්ගත් අංගය වූයේ වයඹ මහඇමති ගරු දයාසිරි ජයසේකර මැතිතුමන් පෙළපාලිය පුරාවටම පොළු හරඹ,කඩු හරඹ.බෙර වැයුම් ආදියෙන් ඒකපුද්ගල දක්ශතා ප්‍රදර්ශනයක් (Talent Show) පවත්වමින් ගමන් කිරීමයි...විශේෂයෙන් නැටුම් ගැයුම් වැයුම් වලට හපන් කම් දක්වන ඇමතිතුමා ඉදිරියේදී රංගන ශිල්පියකු ලෙස ද දස්කම් දක්වන්නට බලාපොරොත්තු වන බවට වටින් ගොඩින් ආරංචි කටකථා ගලා යමින් පවතී ......අහුලා ගත් පින්තූර කිහිපයක්  සහ වීඩියෝවක් පහතින්

Thursday, May 1, 2014

එ ජා ප මැයි පෙළපාලියේ සෙල්ලං පිස්තෝල.....

අද දින එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාලිය අම්පාර නගරයේදී පැවැත්වුණා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් සහ දයා ගමගේ මහතාගේ සංවිධානයෙන් තමයි රැලළිය පැවැත්වුනේ ඒ වගේම එහිදී විශාල ජනතාවක් දිවයිනේ විවිධ ප්‍රෙද්ශ වලින් සහභාගි වී තිබුණා මෙහි දී විශේෂ සිදුවීම වන්නේ බොහෝ දෙනෙකු සෙල්ලං පිස්තෝල අතැතිව සහභාගි වීමයි එහි රෑලියේ ඡායාරූප කිහිපයක් පහතින්.....



සෙල්ලං පිස්තෝල අතැතිව 

Wednesday, April 23, 2014

සෙල්ලම් පොලිස්.....

අපි ඉස්සර හින්දි-දෙමළ ෆිල්ම් බලද්දි ඉන්දියාවෙ පොලිසියේ පජාති වැඩ හොඳට දැකල තියෙනව ඒත් අද ඒ ෆිල්ම් වල තියෙන දේවල් මෙහේ සජීවීව දැකගන්න  අවස්ථාව උදාකරල දීල තියනව මින් පෙර කිසිදු ආණ්ඩුවකින් නොවුණ ආකාරයට අද ඇස් කණාපිටම ඒ දේවල් සිද්ධවෙන්න පටන් අරගෙන ...ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ කියල අපි ඒ කාලෙ හිතන් හිටියෙ ඒත් දැන්....... !! පක්ෂ පාට කුමක් වුවත් ඇස් කණා පිටම අසාධාරණය පෙනි පෙනි ඒවා ගැන මුකුත් නොකියා නිවටුන් සේ ඉන්න තරම් අපි තවමත් කුජීත වෙලා නැති නිසා මේ විදියෙ පොඩි හරි සටහනක් තියන්න හිතුවෙ....දේශපාලන බලපුළුවන්කාරකම් අද හැම තැනකම රජ කරනවා යකෝ අපට දැන් වෙලා තියෙන්නෙ මේව දැක දැක නොදැක්ක වගේ ඉන්නද?  නැත්නම් ඉතින් මුන් සේරම මරාගෙන මැරෙන්න තමයි වෙන්නෙ සාමාන්‍ය මිනිස්සු රකින්න හිටපු ආරක්ෂා කරන්න හිටපු උන් සාමය ආරක්ෂා කරන්න හිටපු උන් අද අපිටම එරෙහි වෙලා.. ඇත්තටම ඉන්නෙ සෙල්ලං පොලිසියක් ,රිමෝට් පොලිසියක් දේශපාලුවන්ගෙ ,ලොක්කන්ගෙ අතේ තියෙන රිමෝට් එකෙන් උන් ටික පාලනය වෙනව ඇත්ත පිස්තෝල පවා අද උන්ට සෙල්ලං ඒව වෙලා... උන්ට නං මේව සෙල්ලං තමයි ....

එක එකා කියන විදියට තම ආත්ම ගෞරවය පවා බල්ලට දමලා මෙහෙම ජෝබ් කරල හම්බකරන් කාලා මොකටද ? තොපේ ඉපදෙන්න ඉන්න ළමයට පවා ඔව පලිසන් දෙනවා යකෝ... තොපිට හෙන ගහනව ..ඒත් තොපිට ඔය ඕඩර් දෙන ලොක්කන්ට එහෙම වෙන්නෙ නෑ ඒක තමයි ආශ්චර්යය..... ඒක තමයි දුක . ඔය කාකි ෂුට් ගලවලා දාලා අමුඩයක් ගහගෙන කුඹුරු කොටාගෙන කාපල්ල .. නැත්තන් හිඟා කාපල්ල ඊට වැඩිය හොඳයි ඒක... නැත්තම් ඒ අභිමනවත් සේවය මහ එකාලාගෙන ඉල්ලගනිල්ලා.... සක්කිලි නොවී....


Monday, April 21, 2014

ඩවුන්ලෝඩ් වේගය වැඩි කරන පහසු කම් සපිරි සුපිරි භාණ්ඩයක්!


මීට පෙර ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් වෙනුවට භාවිතා කල Eagle Get ගැන කිව්ව. අද කියන්න යන්නෙ ඊටත් වඩා හොඳ නොමිලයේ භාවිතා කළ හැකි සුපිරි සොෆ්ට්වෙයාර් එකක් ගැන මේකෙ නම Flash Get අනිත් ඒවත් එක්ක බලන කොට මේකෙ තියෙන වෙනස තමයි සමාන්‍ය බාගත කිරීම් සඳහා පමණක් නොව ටොරෙන්ට් භාගත කිරීම් සදහාද භාවිතා කල හැකි වීම ඕන්න නොමිලෙ දෙන නිසා දාලාම බලන්න හොඳ නම් හැමදාම තියා ගන්න නැත්නම් ඉතින් Uninstall කරල දාන එකනේ......

 http://down5.flashget.com/flashget3.7.0.1220en.exe

Wednesday, April 2, 2014

ICC World Twenty20 Semi-Final සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න.....

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දිය කොදවේ පිල අතර හෙට පැවැත්වෙන තරඟය සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න පහත සබැඳියෙන්.....


live streaming of t20 world cup match


Tuesday, April 1, 2014

මයික්‍රෝෙසොෆ්ට් එක්සෙල් සඳහා කදිම ටූල් එකක්! (Powerful toolbox for Microsoft Excel )

Ms Excel භාවිතා කිරීමේදී අපට ලබා දී ඇති  පහසුකම් වලට අමතරව තවත් පහසුකම් භාවිතා කිරීමට අවශ්‍ය වන අවස්ථා එමටයි උදාහරණයක් වශයෙන් MS Word වල ඇති Change Case පහසුකම එක්සෙල් වලදී අවශ්‍ය වීම වැනි දේවල්...ඉතින් ඒවගේ අඩුපාඩු  රැසක් මෙම ටූල් බොක්ස් එකෙන් කරගන්න පුළුවන් මෙම මෙවලම් කට්ටලයේ නම Kutools සම්පුර්ණ නෙමිලයේ බාගතකරගෙන භාවිතා කිරීමට හැකියාව තියෙනව මෙම Tool Box එක Install කර ගැනීමෙන් පසුව පහත ආකාරයේ මෙනුවක් එක්සෙල් වෙත ලැබෙනව


එමගින් අපට අවශ්‍යය වැඩ කටුයුතු සිදු කරගන්න පුළුවන් උදාහරණයක් ලෙස සිම්පල් කැපිටල් මාරු කරගැනීම සඳහා එහි ඇති Text Tool--> Change Case  ලෙස උපදෙස් තෝරාගත යුතුය. පහත සබැඳියෙන් Download කරල  Install කරගන්න