Ads 468x60px

Tuesday, December 20, 2011

Google රහස් සෙවුම් ක්‍රම කිහිපයක්!

ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් අන්තර්ජාලයෙන් යමක් සෙවීමේදී නිකම්ම නිකන් වදන පමණක් ටයිප් කොට සාර්ථක සෙවුමක් කල නොහැකි අතර ඒ සඳහා විශේෂීත වූ ක්‍රම භාවිතා කිරීම මඟින් සාර්ථක සෙවුමක් කළ හැක එවැනි රහස් සෙවුම් ක්‍රම කිහිපයක් ඔබගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන්නම්-


Google Chrome Speed Dial....?

Google Chrome එකේ  Speed Dial පහසුකම නිසා අපිට පහසුවෙන්ම අපි ප්‍රිය කරන වෙබ් අඩවි වලට එකවර ගමන් කිරීමේ පහසුකම ලැබේ...මෙය  Book Mark පහසුකමට වඩා පහසු ක්‍රමයක්ද වේ මුලින්ම කල යුත්තේ පහත ඇති සබැඳියෙන් ගොස් අදාල වැඩසටහන Google chrome වෙත ඇඩ් කරගත යුතුය.

Monday, December 19, 2011

YouTube වීඩියෝ Google Chrome එකෙන් පහසුවෙන්ම Download කරමු!

YouTube හී ඇති වීඩියෝ Google Chrome එකෙන් පහසුවෙන්ම Download කරගන්න පුළුවන් විදියක් තමයි මේ කියන්න හදන්නෙ Link එක කොපි කර කර වද වෙන්න ඕන නෑ කෙලින්ම Download Button එක භාවිතා කරල බාගත කරන්න පුළුවන් ඉතාම ලෙහෙසියි. කරන්න තියෙන්නෙ පහත ඇති සබැඳිය ක්‍රියාත්මක කරල  එය Download කරගන්න 

Sunday, December 18, 2011

Sony Ericsson ජංගම දුරකථන හොරුන්ගෙන් රැකගමු!

Sony Ericsson වර්ගයේ ජංගම දුරකථන හොරුන්ගෙන ආරක්ෂෘ කරගන්න විදියක් තමයි මම මේ කියන්න හදන්නෙ මීට පෙර මේ සඳහා තිබුණ MGuard කියන වැඩසටහන දැන් හරියට වැඩ කරන්නෙ නෑ ඒ වෙනුවට එම සමාඟමම  තවත් වැඩසටහනක් හදල තියෙනව ඒ තමයි RoBlock කියන වැඩසටහන 

Friday, December 16, 2011

සිංහල උපසිරැසි දාන හැටි (II කොටස)

කලින් ලිපියෙ සිංහල උපසිරැසි දාන්න පහසුම විදියක් ගැන කිව්ව ඒත් ඒක අපිට ඕන විදියකට ඕනම වීඩියෝ පටයකට දාන්නෙ කොහොමද කියලත් දැනගෙන ඉන්න ඕන ඒක කරගන්න ආකාරය පියවරෙන් පියවර මම කියන්නම්-

ට්න්කර් බෙල් ඇන්ඩ් ලොස්ට් ට්‍රෙසර් (සිංහල උපසිරැසි සහිතයි)

ඔන්න පුංචි දුවේ පුතේ පාසල් නිවාඩු කාලයට බලන්න ලස්සනම ලස්සන ත්‍රිමාණ චිත්‍රපටයක් ගැනයි මම මේ කියන්න හදන්නෙ ... ටින්කර් බෙල් කිව්වම ඉතින් හැමෝම වගේ දන්නව මෙන්න මෙයා-

සිංහල උපසිරැසි දාන හැටි...(I කොටස)

අද කාලයේ සිංහල උපසිරැසි කියන එක ඉතාම ජනප්‍රිය වෙලා මුලින්ම සිංහල උපසිරැසි කලාව ලංකාවේ ප්‍රච්ලිත කරන්න මහත් වෙහෙසක් ගත් ටයිටස් තොටවත්ත මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරල ඉන්න ඕන.....ඉතින් අපිටත් පහසුවෙන්ම ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති චිත්‍ර පට සඳහා සිංහල උපසිරැසි දාන්න පුළුවන්. කරන්න තියෙන්නෙ අදාල චිත්‍රපටය මුලින්ම බාගත කරගන්න ඕන නොමිලේ භාගත කරන්න දන්නෙ නැත්නම් මෙතන ක්ලික් කරන්න.

Thursday, December 8, 2011

චාටර් වෙන්නෙ නැතිව චාටර්ඩ් විභාගයේ ප්‍රතිඵල බලන්න

2011 වර්ෂයේ සැප්තැම්බර් මසට අදාල වරලත් ගණකාධිකාරී විභාගයේ ප්‍රතිඵල දැනටමත් නිකුත් වී ඇති අතර එම විභාගයේ ප්‍රතිඵල පහත ඇති සබැඳියෙන් ලබාගත හැක.




Friday, November 18, 2011

YouTube එකේ තියෙන වීඩියෝ පහසුවෙන් බාගත කරන්නෙ කොහොමද?

YouTube එකේ තියෙන වීඩියෝ පහසුවෙන් බාගත කරන්නෙ කොහොමද? කියන එක ගොඩක් අය මගෙන් අහල තියෙනව ඒ නිසාම තමයි මේ ලිපිය ඉදිරිපත් කරන්නත් හිතුනෙ..ගොඩක් අය මේකට සොෆ්ට්වෙයාර් හොය හොය ලත වෙනව..මේක අන්තර්ජාලය හරහාම පහසුවෙන් කරගන්න පුළුවන් ඒ වගේම වීඩියෝ MP4 විදියට හෝ 3GP,MP3 විදියට ලබාගන්නත් පුළුවන්. පහත තියෙන සබැඳියන් වලින් එකකට ගිහින් Youtube එකේ ඩීඩියෝව අඩංගු (URL) වෙබ් ලිපිනය  Copy කර එහි ලබාදී ඇති ස්ථානයට Paste කිරීමෙන් පසු Download Link එක ලබාගන්න පුළුවන්.

Friday, November 11, 2011

පරිගණකයේ කරන ක්‍රියාකාරකම් Record කිරීම සඳහා හොඳම වැඩසටහන...

මේක ඉතා ජනප්‍රිය පරිගණක වැඩසටහනක් Camtasia Studio තමයි මේකෙ නම. මේ වැඩසටහන භාවිතා කරමින් පරිගණක තිරයේ දර්ශනය වන සියලුම දේ ඒ කරන ආකාර‍යෙන් වීඩියෝ විදියට තැටිගත කරගන්න පුළුවන් පරිගණක උගන්වන පුද්ගලයෙකුට නම් මේ ගොඩක් වටිනව ඒ ඒ ක්‍රියාකාරකම් වීඩියො විදියට කරමින්  පැහැදිලි පරිගනක පාඩමක් හදාගන්න පුළුවන් ඒ වගේම පවර් පොයින්ට් වල කරපු වැඩසටහනක් වීඩියෝ එකක් විදියට හරව ගන්නත් මේ වැඩසටහනින් පුළුවන්.....;

පහත ඇති සබැඳියෙන්ලබා ගන්න.....



Saturday, November 5, 2011

කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වුණ සෙවුම් යන්ත්‍ර (Search Engine for Kids)

අන්තර්ජාලයේ සැරිසරන ඔබට නිතර දකින්නට ලැබෙන්නේ අසභ්‍යය දර්ශන ,කුඩා දරුවන් සමහර වෙලාවට නොදැනිම මේ වගේ අසභ්‍ය පින්තූර පසුපස ගොස් තම ළමා මානසික තත්වයෙන් ඔබ්බට යන අවස්ථා ඇති බව අප දනිමු කෙසේ වුවත් තත්වය සියට 100 ක් ම පාලන කල නොහැකි වුවත් වයස් මුහුකුරා යනතුරු වත් ළමා කම රැකදීම නුවණ ඇත්තවුන් කලයුතුව ඇත. එසේ කීමට හේතුව මෙවන් අසභ්‍ය දේවල් සමඟ හිත වෙනතකට යොමුකර ගනිමින් ඔවුන් අධ්‍යාපනය පවා කඩාකප්පල් කරගන්නා අවස්ථා ඇති බැවිණී ඒ සඳහා කළහැකි යමක් ඇත්නම් නෙපමාව කළ යුතුය.. අන්තර්ජාලයේ තොරතුරු ගවේශණයේදී ඒ සඳහා සුදුසු සෙවුම් යන්ත්‍ර භාවිතය සහ නෙට් නැනී (Net Nanny) වැනි පෙරුම් වැඩසටහන් භාවිතා කිරීම තුලින් ඉහත කී තත්වයන් සුළුමට්ටමින් හෝ පාලනය කරගැනීමට හැකියාව ඇත . කුඩා දරුවන්ට පහත සඳහන් සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට සලස්වන්නේ ඒ තුලින් සාර්ථක සෙවුමක් සේම අසභ්‍ය දේ රහිත සෙවුමක් සිදුකළ හැකි වනු ඇත.

01) KIdrex
04) Kigose
07) OneKey

නොමිලයේ බාගත කරන්න පහසු විදි (1) ......(Free Download)

Google සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් යමක් සොයද්දි නොමිලයේ බාගත කිරීම් කරන්න පුළුවන් ලේඛන සොයන්න ටිකක් අමාරුයි ඒක එක එල්ලයේ කරන්න බෑ සබැඳියන් කිහිපයක් පරික්ෂා කරන්න සිද්ධවෙනව ඒ නිසා ඒකට වෙනත් සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරල පහසුවෙන්ම බාගත කිරීම් සඳහා ලේඛනයන් සොයාගන්න පුළුවන් Mediafire කියල කියන්නෙ ගොඩක් අය අන්තර්ජාලයේ ලේඛනයන් ගබඩාකිරීම සඳහා යොදාගන්නා ස්ථානයක් ඉතින් ඒ ගබඩා තුල ඕනම ආකාරයේ ලේඛනයන් තැන්පත් කරල තියෙනව ඒවා පරික්ෂා කරල අපිට අවශ්‍ය ලේඛනයන් සොයාගන්න පුළුවන් ඒ සඳහා විශේෂිත වූ සෙවුම් යන්ත්‍රක් ගැන තමයි මේ කියන්න හදන්නෙ Nerd-Search කියන සෙවුම් යන්ත්‍රය නම් මරු...පාවිච්චි කරලම බලන්නකෝ....

http://www.nerd-search.com

Monday, October 31, 2011

පරිගණකයයෙන් චිත්‍ර අඳින්න නොමිලේ දෙන හොඳම පරිගණක මෘදුකාංගය

මේ පරිගණක මෘදුකාංගයේ නම තමයි ඉන්ක්ස්කේප් (Inkscape) මේක විවෘත මෘදුකාංගයක් (Open Source) මෙම මෘදුකාංගය භාවිතා කරමින් පරිගණකයෙන් අපූරුවට චිත්‍ර නිර්මාණය කරන්න පුළුවන් හරියට Illustrator වගේ හැබැයි ඒ තරම්ම නම් හොඳයි කියන්න අමාරුයි කොහොම වුණත් නොමිලේ දෙන එකක් නිසා කට ඇරල හොඳයි කියන්න පුළුවන්..... පහත තියෙන සබැඳියෙන් බාගත කරන් පාවිච්චි කරල බලන්න පාවිච්චි කරන විදිය දන්නෙ නැත්නම් අන්තර්ජාලයේ ඕන තරම් ඉන්ක්ස්කේප් ගැන පාඩම් (Tutorials) ලබාගන්න පුළුවන්

ගුරු හොරු


මේක අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික පරිගණක ඉගැන්වුම් මධ්‍යස්ථානයක වුන කනගාටුදායක සිදුවීමක් ප්‍රදේශයේ පාසල් ගුරුභවතුන්,රජයේ උසස් නිළධාරීන් මෙන්ම තරුණ තරුණියන් , කුඩා දරු දැරියන්ද එම ආයතනයේ ඉගෙනුම ලබනවා පසුගිය දිනක එම ආයතනයේ පරිගණක උපදේශිකාවගෙ රු.15,000/- පමණ වටින ජංගම දුරකථනය හිටි හැටියේ අතුරුදහන් වෙලා මුළු ආයතනය පුරාම පරික්ෂා කළත් දුරකථනය නම් ලැබුණෙ නෑ ඉතින් එම උපදේශිකාවට සිදුවුණා නීතියේ පිහිට පතන්න ඒත් ඉතින් සැක කරන්න නම් කෙනෙක් හිටියෙ නෑ මොකද එම අවස්ථාවේ ආයතනයේ ඉගෙනුම ලැබුවේ පාසල් ගුරුභවතුන් නිසා...

Sunday, October 30, 2011

MP3 වල ධාරිතාවය අඩු කරගන්න පහසුම විදියක්.....

සමහර ජංගම දුරකථන වල මතක ධාරිතාවය ඉතාම අඩුයි ඒ වගේම මෙමරි පතෙහිත් මතක ධාරිතාවය අඩු වුවහෝත් එහි ගබඩා කලහැකි MP3 සිංදු ප්‍රමාණය අඩුවෙනව ඒ නිසා  කරන්න තියෙන හොඳම දේ තමයි එම සිංදුවල ධාරිතාවය අඩුකර ගැනීම .සිංදුවේ ගුණාත්මක බවට ඒ තරම්ම හානියක් වෙන්නෙත් නැතිව මේ කාර්යය පහසුවෙන් සිද්ධ කරගන්න තියෙනව නම් ඉතින් හොඳයි අන්න ඒ වැඩේට හොඳම වැඩසටහනක් තමයි මම අද හදුන්වල දෙන්නෙ මේක Freeware එකක්...ඒ වගේම Portable නිසා පෙන් එකක වුණත් දාගෙන වැඩකරන්න පුළුවන් භාවිතා කරන්නත් හරිම ලෙහෙසියි

පහත සබැඳියෙන් බා ගන්න පුළුවන්
Password :- manussakama

Friday, October 28, 2011

කොරියානු භාෂා විභාගය ප්‍රතිඵල-2011 ( Korean language exam results )

පසුගිය 15 සහ 16 යන දෙදින පැවැත්වූ කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර පහත සඳහන් සබැදියෙන් තම විභාග අංකය යොදා ප්‍රතිඵල දැනගැනීමට හැකියාව ඇති අතර එම විභාගයෙන් කොරියාවෙහි සේවය සඳහා තේරී පත්වූවන් ගේ සම්පූර්ණ නාම ලේඛනය ද මෙහි දක්වා ඇත


The results of the Korean examination which was  held on last 15 and 16 has been released and that  the results could be viewed through  web site, says Bureau of Foreign Employment.By inserting the respective index number of the candidate  on following web site of Sri Lanka Bureau of Foreign Employment and can download all selected list from Manussakama


Sunday, October 23, 2011

ඔබේ ජංගම දුරකථනයට අලුත් තාලෙ නාද රටා සහ තවත් දෑ ...

හැමදාම අහන රිංග්ටෝන් එක වෙනුවට අලුත් එකක් අහන්න තියෙනවනම් හොඳයි කියල සමහර වෙලාවට අපිට හිතෙනව ඒත් එහෙම හොඳ ටෝන් එකක් හොයාගන්න නම් ටිකක් අමාරුයි ඒකට ඉතින් ගූගල් එක දෙවනත් කරන්න වෙනව...මමත් ඔහොම හොයාගෙන යනකොට ටිකක් හොඳයි කියල හිතෙන ජනප්‍රිය වෙබ් අඩවියක් හම්බවුණා ඒකෙ සිංහල,දෙමළ,හින්දි,ඉංග්‍රීසි ඔය හැම වර්ගෙම ඒව තියෙනව ඒවගේම වෝල් පේපර් උනත් ගන්න පුළුවන්.කපුට කෑමක් දැක්කම හැමෝටම අඬගහල බෙදා හදා ගන්නව වගේ... ඔන්න ඒක හැමෝ එක්කම බෙදාගන්න හිතුවා පහල තියෙන සබැඳියෙන් ඒ අඩවියට ගිහින් බලන්න...



Sunday, October 16, 2011

පරිගණක තර්ක ක්‍රීඩා.... (Logic Game)

පරිගණක භාවිතා කරන ඔබ දන්ව ඇති හැම මෙහෙයුම් පද්දතියක් සමඟම පරිගණක ක්‍රීඩා කට්ටලයක් නොමිලේම ලබා දීලා තියෙනව කියල ඒත් සමහරු හිතන්නෙ එහෙම ගේම් ටිකක් දාලා තියෙන්නෙ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න වෙන්න ඇති කියල..නමුත් එම ක්‍රීඩා ඒ විදියට එක් කරන්න හේතුව තමයි පරිගණකයෙන් යම් ක්‍රියාකාරකමක් එක දිගට සිදුකර විට එයින් හට ගැනෙන මානසික ආතථිය සමනය කරන්න.පරිගණක ක්‍රිඩා කියන්නෙ හරියට භාවනාවක් වගේ දෙයක් මනස එක් අරමුනක පිහිටුවන්න සමත් ක්‍රීඩා රාශියක් තියෙනව ඒ වගේ තර්කානුකූල ක්‍රිඩාත් මේ අතරින් සුවිශේෂයි අද මම ඔබට දෙන්නෙ එවැනි තර්කානුකූල ක්‍රිඩා කිහිපයක් මෙම ක්‍රිඩා ගොඩක් අය අතර බෙහෙවින් ජනප්‍රියයි හරියට මේව තේරවිලි වගේ ...මෙම ප්ලෑෂ් ක්‍රිඩා නිපදවන්නෙ ප්ලැස්ට්ලිනා කියන ආයතනය. ඒව ක්‍රීඩා කරන ආකරය පහතින් දක්වල තියෙන්නෙ
Extract Password is "manussakama"

01) Help the Man-
මේක ඇත්තටම අපි පොඩි කාලෙ අහපු තේරවිල්ලක් මිනිහයි බැටළුවයි එළවළු පෙට්ටියයි වෘකයයි තමයි මෙකෙ චරිත. මේ හැමදේම ගඟකින් එගොඩ කරන්න ඕන හැබැයි එක ඔරුවයි තියෙන්නෙ ඒ වගේම එක සැරයකට ගෙනයන්න පුළුවන් එක දෙයික් විතරයි එක්කො බැටළුවඑළවළු පෙට්ටි නැත්නම් වෘකයා ඒවගෙම වෘකයයි බැටළුවයි එකට තියන්නත් බෑ බැටළුවයි එළවළු පෙට්ටියයි එකට තියන්නත් බෑ කොහොම හරි මේ ඔක්කොම එගොඩ කරන්නත් ඕන....

02) Missionaries And Cannibals-
පුජකයො තුන්දෙනා සහ පෝරිසාදයො තුන්දෙනා තමයි මේ ගේම් එකේ ඉන්නෙ .පෝරිසාදයො කියන්නෙ මිනීමස් කන එවුන්ට. මේකෙදිත් ගඟකින් එගෙඩ වෙන්න තමයි ඕන හැබැයි එක ඔරුවක් තමයි තියෙන්නෙ හැම වෙලාවෙම පූජකයින්ට මේ යක්කු සමාන වෙන්න ඕන නැත්නම් පූජකයින්ගෙ බලය  අඩු වුනොත් යක්කු ඔවුන්ව මරාගෙන කනවා පූජකයො තුන් දෙනයි එක යකයි උනත් ප්‍රශ්නයක් නෑ මීට වැඩිය කියන්න ගියොත් වැඩේ අහුවෙන නිසා ඔය ඇති

03) Cross the Bridge-
මේ ගේම් එකේ තියෙන්නෙත් ඒදණ්ඩකින් එගොඩ වෙන්න .. කට්ටිය ෆැමිලි ට්‍රිප් එකක් යන්න ගිහින් වුන අකර තැබිබියක් රෑ බෝ වුණ වෙලාවක් තප්පර තිහක් පමණක් දැල්වෙන ලාම්පුව අරගෙන ඒ දණ්ඩෙන් එගොඩ වෙන සීන් එකක් .ඒකෙ ඒ ඒ අයට ඒදණ්ඩෙන් එගොඩ වෙන්න ගතවන කාලය දක්වලා තියෙනව ඒ වගෙම එකවර දෙන්නෙකුට ඒදණ්ඩෙන් එගොඩ වෙන්න පුළුවන් හැබැයි ආපහු ලාම්පුව ගේන්නත් කෙනෙක්ට මේ පැත්තට එන්න වෙනව බලන්න තප්පර 30 න් මොවුන් එගොඩ කරවන්න පුළුවන්ද කියල

04) Frogs Logic- 
මේකෙ නම ගෙඹි තර්ක. ලංකාවෙ  ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ගෙම්බො දෙපැත්තට පිල් මාරුවෙන හැටි තමයි මෙකෙන් කරන්න තියෙන්නෙ නිල් පාට ගෙම්බො කොළපාට එවුන් ඉන්න පැත්තටත් කොළපාට ගෙම්බො නිල්පාට එවුන් ඉන්න පැත්තටත් මාරු කරන්න ඕන හැබැයි මංත්‍රීල විලි ලැජ්ජ නැතුව ආපහු හැරිල ආවට ගේම් එකේදි නම් ආ පස්සට පනින් බෑ ඉස්සරහටම විතයි.

05) Scales Logic-

මේකෙ නම තරාදි තර්ක. බෝතල් ටිකක් අතුරෙන් කෘතීම බෝතලය හොයන එක තමයි කරන්න තියෙන්නෙ බෝතල් තුන් සැරයක් කිරල බලන්න අවස්ථාව දෙනව . කිරල බලල කෘතීම බෝතලය එකවර තොරන්න ඕන ටිකක් හිතන්න විතරයි තියෙන්නෙ කිරලම බලන්නකෝ


මේ සියලුම ක්‍රිඩා පහත තියෙන සබැඳියෙන් බා ගන්න පුළුවන් . ZIP එකේ රහස් වචනය තමයි "manussakama"





Enhanced by Zemanta

Tuesday, August 23, 2011

අන්තර්ජාලයේ නොමිලයේ ඩවුන්ලෝර්ඩ් (Download) පහසුම විදිය.....

අනිතර්ජාලයේ සිංදු සහ නොයෙකුත් දේවල් Download කරන්න හොයන කොට ඉතින් එපා වෙනව Google වලින් හෙව්වොත් සයිට් කිහිපයක්ම බලල තමයි අදාල දේ බාන්න වෙන්නෙ ඔන්න ඉතින් ඒකට හොදම සර්ච් එන්ජිමක් තමයි මම දෙන්න හදන්නනෙ ‍හැමෝම දන්නව ඇතිනේ බාන්න (Download)  පහසුම සයිට් එක තමයි Mediafire කියන සයිට් එක ඒ හැරෙන්න තව  Megaupload , Rapidshare , Badongo , 4Shared , Depositfiles , Zshare , Taringa , Rapidspread වගේ වෙබ් අඩවි ගොඩක් තියනව මේවයින් අපට පුළුවන් අපේ Files වුණත් තැන්පත් කරල තියන්න ඉතින් ගොඩක් අය කරන්නෙ තමන් වෙබ් අඩවියක් හැදුවම ඒකට අවශ්‍ය කරන Files මේවගේ File Hosting අඩවියකට දාලා තමන්ගෙ අඩවියට ඒක Link කරන එක...

Wednesday, August 17, 2011

ප්ලාස්ටික් බෝතල් භාවිතය ගැන වඩා යමක්....

ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය නම් අධිකයි ගියපු ගියපු තැන ප්ලාස්ටික් බෝතල් ඒත් මේ ප්ලාස්ටික් බෝතල් වල අවධානම කුමක්ද යන්න මධ්‍යය විසින් මෑතකදි තමයි මිනිසුන් දැනුවත් කරන්න පටන් ගත්තේ ඒ නි සා මටත් හිතුණා ඒ ගැන  දන්න දේ හැමෝ එක්කම බෙදාගත්තොත් හොඳයි කියල.... බෝතල් නිපදවීමට ගන්නා ප්ලාස්ටික් වර්ග කිහිපයක්ම තියෙනව ඉන් බහුලව භාවිතා කරන වර්ගය තමයි Polyethylene Terephthalate (PET or PETE) කියල කියන්නේ ඒවායින් හදපු බෝතල් පෙනුමෙන් මේන්න මේ වගේ


Monday, August 1, 2011

ග්‍රීස් යකා සහ නින්ජා.....

පසුගිය දිනවල කහවත්තේ සිදුවූ සිදුවීමත් සමඟම රටපුරා තැනින් තැන විවිධ කටකථා පැතිරෙන්නට විය...දැනට අම්පාර, පොළොන්නරුව, මොණරාගල...හා තවත් ප්‍රදේශයන්හී නින්ජා භියක් පැතිරෙමින් පවතී .නින්ජා ලෙස ගැමියන් හදුන්වන්නේ රෑ කාලයේ ගැහැණුන්ගේ කාමරවලට හොරෙන් එබිකම් කරන හා ගැහැණුන්ගේ ඇඳුම් හොරකම් කරන විකෘති මනස් ඇති පුද්ගලයින්ටය රෑට ගැහැණුන් පමණක් සිටින ගෙවල් වලට මෙවුන් පැමිණෙතැයි බියෙන් පසුවෙයි එමෙන්ම ග්‍රීස් යකා ලෙස ප්‍රසිද්ධ ඇඟපුරාම ග්‍රීස් තවරාගත් ගැහැණුන්ගේ පපු ප්‍රදේශය සපා කනවිකෘති මානසික ඇත්තවුන් එතැයි බොහෝ දෙනෙක් බියෙන් පසුවෙති. එසේම කහවත්තේ සිද්ධිය සමඟ හටගැනුනු මෙම තත්වයට ප්‍රධානතම හේතුවවී ඇත්තේ එම සිද්ධිය නිසා  මිනිසුන් වෙනදාට වඩා රාත්‍රී කාලයේ අවධානයෙන් සිටීම බව කිව යුතුය ඒ මන්ද යත් අනියම් සම්බන්ධතා මත රාත්‍රී නිවාස වලට පැමිණෙන පුද්ගලයින් (කොටු පනින) අවධානයෙන් සිටින ප්‍රදේශවාසීන් ගේ ඇස ගැටීමයි කෙසේ වුවත් ස්ථාන කිහිපයක එවැනි සැක සහිත සිද්ධින් කිහිපයක්ම වාර්ථා වී ඇති අතර ඊයේ රාත්‍රී අම්පාර ප්‍රදේශයේ සිදුවූ  පුද්ගල ඝාතනයේ ද මෙම කටකථා අතරද යම් සම්බන්ධයක් ඇතිබව බොහෝ දෙනෙකු පවසයි එම ඝාතනයට මුහුණ දී ඇත්තේ එම ප්‍රදේශයේම අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි රෑ කාලයේ නින්ජකු යැයි සිතා ප්‍රදේශවාසින් විසින්ම කපා කොටා ඝාතනය කර ඇත.

Friday, July 1, 2011

පොදුපෙරමුණේ පන්සල...

සජිත් ජ්‍රේමදාස මහත්තයගෙ සසුනට අරුණ නම් කදිම අදහසක් තමයි ඒත් රටේම තියෙන හැම පන්සලකටම බෙදාගෙන යන සජිත් මහත්තයට ගමේ පන්සල අමතක වෙලා...ලුණුගම්වෙහෙර කියන්නෙ සජිත් මහත්තය ඉන්න වීරවිල ගෙදර ඉඳන් කිලෝමීටර් 10ක් ඇතුලත තියෙන පන්සලක් ඒත් මේ පන්සලටනම් සසුනට අරුණ වැඩසටහනෙන් තුට්ටු දෙකක් වත් ලැබිලා නෑ විහාරවාසී ඉක්කපල්ලම ගුණසිරි හාමුදුරුවො කීපවතාවක්ම ඉල්ලීම් එහෙමත් කරල තියෙනව ඒත් සජිත් මහත්තය නෙවෙයි මේ පන්සල දිහාවත් බැලුවෙ මෙහෙම ගමේ පන්සලට නොසලකන්න හේතුව, ඒක පොදුපෙරමුණේ පන්සලක් නිසාලු උදව් නොකරන්නෙ ලොකු හාමුදුරුවො පොදුජන එක්සත් පෙරමුණට ඡන්දය දෙන ප්‍රභල පාක්ෂිකයෙක් නිසාලු  ඒත් පන්සල හාමුදුරුවන්ගෙ බූදලයක් නොවන බවත් ඒක ගමේ මිනිස්සුන්ගෙ පොදු ස්ථානයක් බවත් එතුමාට වත් එතුමා ළඟ ඉන්න චක්ගෝලයින්ටවත් නොතේරෙන එක නම් කණගාටුවක් රටේ අනාගත  නායකයො මේ විදියට පක්ෂභේද ගැන හිතුවොත් නායකයෙක් වුන දවසට රටේ මිනිස්සුන්ට යන කල මොකද්ද කියල හිතෙනව....
  

Friday, April 29, 2011

මනුස්සකම අඩවියට විරුද්ධව 119 පැමිණිල්ලක්.....

පසුගියදා මනුස්සකම අඩවියට එරෙහිව යම් කිසි, කියවා තේරුම් ගැනීමට අසීරු තවත් අධි මන්ද බුද්ධික මිනිසකු විසින් 119 අංකය ඔස්සේ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් අපරාධ විමර්ශන අංශය මාගෙන් කට උත්තරයක් ලබා ගත්තේය...පහත සඳහන් ලිපියෙන් මහින්ද යන නම භාවිතා කිරීම තුලින් අතිගරු ජනාධිපති තුමාගේ කීර්ති නාමයට කැළලක් වන බව පවසමින් පැමිණිල්ල ගොනු කොට තිබිණඑළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද?  මෙම පැමිණිල්ල මාවෙත ඉදිරිපත් කල සැනින්   මහින්ද මහ රහතන් වහන්සේ මිහින්තලා පර්වතයේ සිට තිස්ස නමින් අමතමින් ඇසූ අඹ පැනය මගේ සහියට නැගුනේය. එකම නම ඇති පුද්ගලයින් රටේ කොතෙකුත් ඇද්ද? මනුස්සකම අඩවිය කිසිවිටකත් අතිගරු ජනාධිපති තුමාගේ නමට හෝ රටටේ කීර්ති නාමයට කිසිදු කැලළක් නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි. එසේම කුමන බාධකයක් පැමිණියද තරාතිරම/නිල බලය කුමක් වුවත් යම් කිසි පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් සිදු කරනුලබන ඕනෑම  අසාධාරණ ක්‍රියා කාලාපයකට විරුද්ධ වීමට මනුස්සකම පසුබට නොවන බවද අවධාරණයෙන් යුතුව ප්‍රකාශකර සිටිමි.කියවා තේරුම් ගැනීමට අසීරු නොමේරු මොල ඇති ඔල මොට්ටලයින්ට හා උගත් කම තිබුණමුත් බුද්ධිමත්කම අඩු හිස් මිනිසුන් වෙනුවෙන් විශේෂ මනුස්සකම බ්ලොග් අඩවියක් ලඟදීම එළි දක්වන බවද දන්වා සිටිමි.

Monday, April 18, 2011

අව්ව රුදු වූ අවුරුදු...

අවුරුද්ද යන්නෙහි අරුථ බොහෝ දෙනා නොදනී, මා අසා ඇති පරිදි  අවුරුද්ද යන වචනය සැදී ඇත්තේ අව්ව රුදු එසේත් නැත්නම් සූර්ය කිරණ වල රශ්මිය අධිකය යන තේරුම මතය. අප්‍රේල් මාසයේ දී සූර්යයා පෘථිවියට ඉතා ආසන්නවම ගමන් කරන බැවින් අවු රශ්මිය ඉතා අධිකය එබැවින් මිනිසුන්ට ඇතිවිය හැකි මානසික ආතතියන්ද වැඩිවේ ඉක්මනින් කිපෙන සුළුබව ඒ අතර ප්‍රධානවේ අතීතයේ මිනිසුන් විශ්වාස කළේ මෙය හිරු දෙවියන් කෝපවීම නිසා මිනිසුන්ට දෙන දඩුවමක් ලෙසය එබැවින් ඔවුන් හිරු දෙවියන් මූලික කරගෙ විවිධ වතාවත් පුද පූජා පැවැත්වීමට පෙළඹුණේය.

 එසේම  සූර්ය රශ්මිය නිසා ඇතිවන මානසික ආතතියන්ගෙන් මිදීමට ඔවුන් නොයෙකුත් කෙළි සෙල්ලම් පැවැත්වීමට පෙළඹුණි. එසේම පවුලේ සමඟිය මිනිසුන් අතර සුහදතාවය කඩවිමට එම මානසික තත්වයන් බලපාන්නට හේතු වෙතැයි සිතූ මිනිසුන් ඒ සඳහා හිතේ සතුට සොම්නස ඇතිවන අයුරින් නොයකුත් චාරිත්‍ර-වාරිත්‍ර මාලාවක් ද ක්‍රියාත්මක කිරීමට යෙදුනි මෙහිදී එම චාරිත්‍ර වාරිත්‍ර සැකසීම සඳහා ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය මඟින් ලැබුන රුකුලද අමතක කළ නොහැක. මෙවැනි කටයුත්තක් සඳහා ඡ්‍යෝතිශ්‍යය යෙදාගැනීමට ප්‍රධානම හේතුව වූයේ එමඟින් මිනිසුන් තුල යම් විශ්වාසයක් ගොඩ නැඟීම සඳහාය..

හෝරා ශාත්‍රය අනුව සූර්යා මේෂ රාශියේ සිට සිට මීන රාශිය දක්වා වූ ගමනාන්තයේදී මෙසේ සූර්යය රශ්මිය අධික වන බව පවසයි එසේම වර්ෂයක් පූර්ණ වන්නේ එදිනට යැයි ඡ්‍යෝතීර්වේදියන්ගේ මතයයි. එදා පැවැත්වුණ කෙළිසෙල්ලම්, චාරිත්‍ර, අදටත් ලංකාව-ඉන්දියාව වැනි රටවල ක්‍රියාත්මක වේ එය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නම් වේ.


Friday, April 1, 2011

අධි සංවේදී ඡායාරූපයක්!

මව් සෙනෙහෙස/ පිය සෙනෙහස ‍යනු ලොව ඇති උතුම්ම සෙනෙහසයි ඊට සම කළහැකි හෝ නොදෙවනි කිසිත් නොමැත.පහත දැක්වෙන්නේ පහු ගියදා ජපානයේ ඇතිවූ භූමි කම්පාවෙන් පිපතට පත්වූවන් බේරාගනීමේ සහන කණ්ඩායම් සුන්බුන් ඉවත් කරන අතර තුර ලබාගත් දුර්ලභ ගනයේ ඡායා රූපයකි. තම දරුවා තුරුළුකරගෙනම සුන්බුන් මත අවසන් ගමන් ගිය අදරණිය අම්මේ ඔබට නිවන් සුව!


විශේෂ ස්තුතිය- ආනන්ද ප්‍රියදර්ශන්

Thursday, March 31, 2011

මෝඩයාගේ දවසට ගන්න අදහස් 100 ක්!

දන්නව නේ අද ඉතින් අපි කාගෙ කාගෙත් දවස කියල..කොහොමද හිතන් ඉන්නෙ ? මෝඩයාගෙ දවසෙ කවුරුහරි රවට්ටන්න නම් ඕන ...ඒත් හොඳ අදහසක් නැහැ නේ..????? මම දෙන්නම් එකක් නැතුවට 100ක්ම .අදහස් සීයයක්!!! හ්ම්....එහෙනම් මේ සැරේ දෙන්න ඕන හොඳ ගේමක්..ආ..හැමෝමමෙතනින් බා ගෙන  හොඳ අදහසක් මේකෙන් ගන්න බලන්න....



Sunday, March 27, 2011

සජිත් , ප්‍රේමදාස මහත්තයගෙ පුතෙක් නොවෙයි!

හැමෝම වගේ පහුගිය ඡන්දයේ අන්ත පරාජය සමඟ යූ ඇන් පීය ගැන බොහොම කලකිරීමෙන් තමයි කථා කලේ හැමෝම හිතුවෙ මේකෙන් පස්සෙවත් ලොක්ක  අස්වෙලා හම්බන්තොටට නායකත්වය දීල නව ගමනක් අරඹාවි කියල කොහොම වුණත් සිද්ධ වුණේ හැමොම පුදුමයට පත්වන ආකාරයේ දෙයක්... කරු ජයසූරිය මහත්තයට අමතරව තවත් නියෝජ්‍ය නායක කමක් ඇති කරල සජිත්ට දුන්න සජිත් උන්නැහේත් ඒක හිනාවෙලා භාරගත්ත. රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා සජිත් නායක කමට සුදුසුයි කියල යෝජනා කරද්දි ඒ යෝජනාව ස්ව කැමැත්තෙන් අස්කරගන්න තරම් සජිත් තුච්ච වුණේ ඇයි? ඡන්ද කාලෙ මම නායකත්වයට පත්වෙනව , මෙවර යූ ඇන් පී කාරයො අවුරුද්ද කන්නෙ සජිත්ගෙ නායකත්වයෙන්... කියල යටිගිරියෙන් කෑ ගහපු සජිත්ට මොකද වුණේ ??? 

Wednesday, March 23, 2011

දුන්න පොරොන්දු ඉටුකරපල්ලා....

දහසක් පොරොන්දු අහිංසක මිනිසුන්ට වපුරපු අපේ දේශපාලන හැත්ත අද ජයග්‍රහණයෙන් උදම්ව ජයපැන් බොමින් ජයඝොස නඟමින් පාර පුරා පෙළපාලි යති...අහිංසක මිනිසුන්ද ඔවුන්ට අද ඔල්වරසන් දෙමින් බලු කුක්කන් සේ ඔවුන් පිටුපස ගමන් කරති එහෙත් තව නොබෝ දිනකින් සිදුවන දේ කුමක්ද? මිනිසුන්ගේ ජීවිත සුපුරුදු ලෙසට පත් වන අතර අරුන්ගේ සාක්කුවල රුපියල් දහස් ගනන් පිරෙන්නේ ඒ පස්සෙන් ගිය මිනිස්සුන්ගේ රටේ සියලුම මහජනතාවගේ සල්ලි වලිනි....අඩුම තරමින් ඔවුන් ගහන මාටියා පාරටවත් හරියන්නට ජනතාවට සේවයක් කරනවානම් දුක නැත. ජනතාවට සේවය කරන්නට එන බව පවසමින් ගැසූ ඒ පොරොන්දු ඉටු කිරීමට දැන් ඔබට කාලය එළඹ ඇත..

Tuesday, March 22, 2011

රනිල් වල් බල්ලා වෙයිද?

දිගින් දිගටම පරාජය පමනක්ම විඳින අපේ අසරණ යූ ඇන් පී කාරයින්ට අද වැලේ වැල් නැත... ඡන්ද ප්‍රතිඵල දිහා බලමින් ඔවුන් සුසුම් හෙලන්නේ අතීතය ගැන සිහින මවමිනි. පක්ෂයට හිතැති කවදත් යූ ඇන් පී කාරයින් එසේනැත්නම් කැපුවත් ‍කොළ රුධිරය ගලන නියම යූ ඇන් පී කාරයින් අද කඳුළු හෙලන්නේ යූ ඇන් පී ආණ්ඩුවක පෙර මඟ සලකුණු පවා මැකී ගොස් ඇති බැවිණි. ඒ ඉලව් අස්සේ සිරිකොත මන්දිරයේ ගොන් පොර අල්ලන යූ ඇන් පී පාලන හැතිකරය නායකත්වය වෙනුවෙන් ඔවුන් ඔවුන් ඇන කොටා ගනිති. ලෝකයේ එක දිගටම වැඩිම වාරගනනක් පැරදුන විපක්ෂ නායක රනිල් මහතාද  නායකත්වය වෙනත් කෙනෙකුට දීමට මැලිවන්නේ ඔහු ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයා වන බැවණි... ජනතාවට හොරා මහින්ද රාජපක්ෂමහතාගේ පිටිපස්ස ලෙව කන ඔහුට ඒ වෙනුවෙන් මස්කටු ලැබෙන බවද අහිංසක යූ ඇන් පී කාරයින් දන්නෙ නැත...

Monday, February 28, 2011

එළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද?

මිනිසුන් තිරිසනුන් මෙන් එළිමහනේ ප්‍රසිද්ධ ස්ථානයන්හී මලපහ කරන්නේ නැත ඒ විලි ලැජ්ජාව ඇති නිසාය බුදුන්වහන්සේ දේශනාකළ දේව ධර්මයෙන්ද කියවෙන්නෙ හිරි-ඔත්තප්ප නැත්නම් ලැජ්ජ-භය යන කරුණු කාරණාය අධර්මය රජයන යුගයක මෙවැනි එළිමහනේ මලපහ කරන මන්ද මානසිකයින් හිඳීම පුදුම විය යුතු ද නැත...රටට තොරතුරු සපයන  රජයේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයක ලොක්කෙකු වන මෙම කුක්කා විසින් විපක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ අනෙකුත් මංත්‍රීවරුන්ගේද රජය විවේචනය කරන අයගේ ද චරිතයන් අමු අමුවේම ඝාතනය කර දමන්නේ රජයේ මාධ්‍ය හරියට උගේ යැයි සිතාය අතිගරු ජනාධිපති තුමාගේ සරම පල්ලේ දැවෙටෙමින් කටු කන්නට පුරුදුවී ඇති හෙතෙම විමසුම යක්ෂාවේශය වැනි විකට වැඩසටහන් වලට පිටපත් සපයන්නෙකුද වෙයි විලිලැජ්ජාව ගෑවී හෝ නැති මොහු ආර් ප්‍රේමදාස මහතාගේ ගම්උදාවට බණිමින් දැයට කිරුල හොඳ යැයි පුච්චානාම් කියන්නේ මහජනතාව බබ්බුන් යැයි සිතා විය යුතුය....රටේ විපක්ෂ නායකයා සහ විපක්ෂයේ නායකයින් පිස්සන් යැයි කීමට ඔහු ගන්නා වෙහෙස අපමණය එකම වීඩියෝ පටය නැවත නැවත ප්‍රඡාරය කිරීමෙන්  පොඩි ළමයෙකුට වුවද මොහුගේ මන්ද බුද්ධික කම තේරුම් ගත හැකිය

එවැනි චරිත ලක්ෂණ වලින් හෙබි මෙම කුක්කා විසින් 26 වන දා පැවති ක්‍රිකට් තරඟය පරාජය වූයේ මහේල සහ කිලාන් සමරවීර තරගය පාවාදුන් නිසා බව පවසයි  හැමදාම පොදුපෙරමුණු ආණ්ඩුවක් තියේවී යැයි හිතාගෙන සිටිනවා සේම හැමදාම එකවගේ ලකුණු ගන්නට හැකියයි මෙම කුක්කා සිතා සිටිනවා  විය යුතුය, රජය මොන මල ඉලව්වක් කළද හැමදාම මිනිසුන් ඉවසාවි යැයි සිතා සිටිනවා සේම හැමදාම අපේ ක්‍රිකට් කණ්ඩායම දිනනවා යැයි මොහු සිතා සිටිනවා විය යුතුය....එවැනි මන්ද මානසික හැඟීම් ඇති පුද්ගලයින් මාධ්‍ය ලොක්කන් කලේ කව්ද? අතිගරු ජනාධිපති තුමනි මිනිසුන් ගැවසෙන එළිමහනේ මලපහ කරන මෙවැනි ..පුද්ගලයින් හට මහජන මුදලින් හෝ  වහාම වැසිකිළියක් තනා දිය යුතුව ඇත එසේ නොමැති නම් මොහු විසින් තවදුරටත් ඔබගේ රජමැදුරේ මලපහ කරමින් තව තවත් ගඳ ගස්සවනු ඇත......




පිටපත- මනුස්සකම 

Thursday, February 24, 2011

ඉන්ටර්නෙට් එකෙන් ලෝක කුසලාන ක්‍රිකට් මැච් බලන්න....

ඉන්ටර්නෙට් හරහා මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තරඟ බලන එක සාමාන්‍ය දෙයක් ඒ වගේම හිර වෙන්නෙ නැතුව ‍බලන්න පුළුවන් හොඳ ලින්ක් එකක් හොයාගන්න තමයි අමාරුව දස අතේ හොය හොය ඉන්නෙ නැතුව මෙන්න මේ පහළ තියෙන ලින්ක් වලින් බලන්න....

Link 1      Links 2     

Monday, February 21, 2011

මනුස්සකමට වසරයි!

මනුස්සකම වියණුව ආම්භ කර අදට හරියටම වසරක් වෙනව...මීට වසරකට පෙර ජීවිතය අතින් ගත් අශාන් මල්ලිගෙ අදහසක් අනුව තමයි මම මේ වියණුව ආරම්භ  කළේ මුලින්ම මෙවැනි දෙයක් කිරීමට අදහස දුන් කෙනාට ස්තුතිය පුදකර සිටින එක යුතුකමක් නේ ... ඒ වගේම එදා ඉඳල අදවෙනකම් මනුස්සකම පරිහරණය කල සියලුදෙනාටත් හද පිරි ස්තුය! ඒ වගේම නිතරම අසභ්‍යය වචනයන් භාවිතා කරමින් විවිධ කොමෙන්ටු ඉදිරිපත් කර මට දිරිදුන් ඒ සියලු දෙනාටත් විශේෂයෙන් මාගේ අඩවියේ යාවජීව සාමාජිකයින්ටත් හද පතුලෙන්ම නැගෙන ස්තුය පුදකරමි. එසේම ලාංකීය සිතිවිලි සහ කොත්තු යන සින්ඩි වෙත මාගේ හද පිරි ප්‍රණාමය පුදකර සිටින්නෙමි.

 ‍

Saturday, February 12, 2011

Right Click එකෙන් Picture Format එක වෙනස් කරගන්න පහසුම විදියක්.....

 පින්තූරයක් (Images) වෙනත් ෆෝමැට් (Picture Format) එකකට වෙනස් කරන්න ගියාම ටිකක් අමාරුයි MS Paint , Photoshop වගේ වැඩසටහන් භාවිතා කරන්න සිද්ධ වෙනව එහෙමත් නැත්නම් වෙනත් Picture Converter වැඩසටහනක් භාවිතා කරන්න වෙනව ඒ කොහොම කරත් පොඩ්ඩක් දඟලන්න සිද්ධවෙනව ඒත් අද මම දෙන්න හදන වැඩසටහනේ විශේෂත්වය තමයි Right Click  එකක් මඟින් පහසුවෙන් පින්තූරයක් වෙනත් ක්‍රමයකට මාරුකළ හැකි වීමයි. මේ වැඩසටහන පහත තියෙන සබැඳියෙන් බා ගෙන පරිගණකයේ ස්ථාපනය කර ගන්න පසුව පින්තූරය මත Right Click කර තමන්ට ඕන Picture Format එක මත කරන්න එච්චරයි.... (පහත රූප සටහනේ පරිදි)


Password is:- manussakama

Wednesday, February 2, 2011

නිදහස් දිනයේ එළිබහින දේශප්‍රේමී කක්කුස්සි කටවල්......

ලංකාවේ පැවැත් වෙන සෑම නිදහස් දිනයකදීම හැමෝම ගයන්නේ එකම  ගීතයකි එය එදා සිට අද දක්වා ගැයූ ගීතයමය.. නිදහස් දිනය කිට්ටු වෙන කොටම අපේ දේශපාලුවන්ට හැදෙන්නේ රට ගැන පුදුම පස්සපැත්තෙ අමාරුවකි ඔවුන් දත් මිටි කමින් මේක අපේ රට මේක මගේ රට යැයි කියමින් රටේනැති පුරසාරම් දොඩවති එමෙන්ම රට වෙනුවෙන් දිවි පිදීමටත් ඉදිරිපත් වෙන්නාක් මෙන් හඟවති. එදා පර සුද්දන්ගෙන් ගත්තු නිදහස අද අපේම එකාලම අපිට නැති කරල. යකෝ, තුන්වේල කාල ඇඳල ඉන්න බැරුව අපි සමරන වල්බූරු නිදහස කුමක්ද? රජය කරන කියන හැම කුණුහරුපයකටම එහෙමයි හාමුදුරුවනේ.... කිය කියා ප්‍රශස්ථි ගී ගායනා කරන්න සිද්ධවෙලා තියෙන රටක අපිට ඇත්තේ අහවල් නිදහසක් ද? අලිමදිවට හරක් කිව්වලු.... ඒකෙම ඈයො නායකත්වය වෙනුවෙන් කුලල් කා ගන්න ආණ්ඩුවටම හරියන   විපක්ෂයකුත් තියනවනේ.. ඔනම බලුවැඩක් බූරු වැඩක් කරල රජයේ ගුණ වයන එවුන්ට අභය දානය දීල දේශප්‍රේමී යට ඇඳුම අන්දල රජගෙට යවන ඒ වගේම රජයට විරුද්ධව වචනයක් වත් කටින් පිටකරන එව්න් දේශද්‍රෝහීන් කියල හිර ඇඳුම අන්දලා හිරගෙට යවන පාලනයක් තුල අපිට අද අභිමානයෙන් සමරන්න තරම් නිදහසක් ඇත්තෙම නැති තරම්... රට දැය සමය වෙනුවෙන් දිවි දුන් අතීත අභීත දැයේ දූ පුතුන් හොල්මන්-අවතාර වෙලා මුන්ගෙ අසාධාරණ වලට එරෙහි වෙන්න වත් එනව නම් කියල හිතෙනව, මොකද ජීවත් වෙලා ඉන්න අපිට මුන්ට එරෙහිව කල හැකි කෙන්ගෙඩියක් නැති නිසා....


Enhanced by Zemanta

අපේ හාමුදුරුවන්ට නිගා කරන ලංකාවේ මුද්දර.....

විදේශිකයින් බුදුරුව හෝ හාමුදුරු නමකගේ රුව වෙළඳ සලකුණක් හෝ වෙනයම් කටයුත්තකට භාවිතා කළ අවස්ථාවන්හී ගිරිය පුප්පා කෑ ගහන අපේ ලාංකේය සිංහල බෞද්ධයින් අපේ රටේ රජය මඟින්ම එවන් දේ කරද්දී ඇහැ කන පියාගෙන බලාසිටිති. මෙවර 2600 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිකුත් කරන ලද රුපියල් 5 මුද්දරය ඔබ දුටුවාද?  එහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සිටින පන්සලක් පෙන්නුම් කරයි ඒ භික්ෂුන් වහන්සේලා මතට වැරෙන් එල්ල වන තැපැල් කන්තෝරුවේ මුද්‍රාව අපේ හාමුදුරුන්ට නිගා නොකරයිද? බෞද්ධයින්ට නිගා නොකරයිද? එසේම මෙම ක්‍රියාව සිදුවන ප්‍රථම අවස්ථාවද මෙය නොවේ මීට පෙරද හාමුදුරුවන් වහන්සේලාගේ රුව ඇතුලත් මුද්දර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කොට තිබේ භික්ෂු රුව සහිත ඇඳුම් ඇඳීමත්, වෙළඳ සලකුණු සඳහා භික්ෂු රුව යොදාගැනීමත්  මුද්දර සඳහා බෞද්ධ භික්ෂු රුව භාවිතා කිරීමත් අතර ඇති වෙනස කුමක්ද?





Tuesday, February 1, 2011

ඔබේ පරිගණකයටත් පොඩි සත්කාරයක්...Symantec වෙතින්

 ඔබේ පරිගණකයටත් පොඩි සත්කාරයක් කරන්නට මෙන්න කදිම වැඩසටහනක් මේක හදල තියෙන්නෙ Symantec ආයතනය මේකෙ නම තමයි  Norton Utilities ඒ වගේම මේ වැඩසටහන Portable නිසා ඉතින් මෙහෙයුම් පද්දතියට බරකුත් නෑ නේ මෙහෙයුම් පද්දතියෙ ඇතිවී තිබෙන යම් යම් දෝෂ මෙමඟින් තරමක් දුරට නිවැරදි කරන්න පුළුවන් 100% නම් බෑ . පාවිච්චි කරල බලන්න හොඳනම් දිගටම පාවිච්චි කරන්න.


Saturday, January 29, 2011

සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී රෙප් (2 කොටස)

සිංහල ටයිප් කරන්න පහසුම විදියක් ගැන මම කලින් ලිව්ව ඒ කී මෑන් කියන වැඩසටහන ගැන ඒ වගේම හොඳ තවත් වැඩසටහනක් තියනව ඒ තමයි කී රෙප් (Key Rep) කියන වැඩසටහන කී මෑන් කී රෙප් කියන දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ මේවගේ වැඩසටහන් කිහිපයක් ගැනම දැනගෙන හිටිය කියල පාඩුවක් වෙන්නෙ නෑ නේ ඒ නිසා හැමෝටම දැනගන්නත් එක්ක ඒ වැඩසටහනක් හැමෝටම ගන්න පුළුවන් තැනක දාන්න හිතුනෙ හදිස්සියකට ගන්න එක එක්කෙනාගෙන් ඉල්ලන යන්න ඕන නෑ නේ ....



සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී මෑන් (1 කොටස)

බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි සිංහල ටයිප් කරන වේගය අඩුකම ඒකට ප්‍රධානම හේතුව තමයි  සිංහල හල්  අකුරු සඳහා කේත අංකයන් භාවිතා කළයුතු වීම උදාරණයක් විදියට "ම්" ටයිප් කරන්න මේ විදියට ගහන්න ඕන  ALT + 0239 ඉතින් මේ ක්‍රමය ඉතාම අමාරුයි කේත අංකය අමතක වුණාම ඒ අකුර ටයිප් කරන්න ටිකක් තටමන්න වෙනව ඉතින් මේකට විසඳුමක් තියෙනව එකක් තමයි යුනිකෝඩ් භාවිතා කරන එක ඒත් යුනිකෝඩ් අකුරු විලාසය හැම එකකටම භාවිතා කරන්න අමාරුයි මොකද බැනරයක් නිර්මාණය කරද්දි එහෙමත් නැත්නම් වෙනත් ලියවිල්ලක් නිර්මාණය කරද්දි එකම ෆොන්ට් ස්ටයිල් එකක් භාවිතා කරන්න බෑ අන්න ඒ වගේ වෙලාවට භාවිතා කරන්න කදිම වැඩසටහනක් තියෙනව මේක ඉතාම ප්‍රසිද්ධ වැඩසටහනක් ඒත් හොයාගන්න ටිකක් අමාරුයි ඔන්න ඔබේ පහසුව සඳහා හෑමෝටම ගන්න පුළුවන් තැනක ඒ වැඩසටහන දාන්න මට හිතුණා ඒ වැඩසටහන තමයි කී මෑන් (Key Man)