Ads 468x60px

Tuesday, November 18, 2014

සියඹලා මල් කටට රහට....

සියඹලා මල් කියන්නෙ හොඳ කෑමක් නිකන් වුණත් කන්න පුළුවන් එත් සියඹලා මල් උයල කාලතියෙනවද? මමත් ළඟදි තමා දැනගත්තෙ... අද මම කියන්න හදන්නෙ සියඹලා මල් උයල කන හැටි....

සියඹලා මල් හැදෙන කාලෙට ඒව එකතු කරල මෙන්න මේ විදියට උයල බලන්න පොඩි ඇඹුල් රහක් එක්ක මිහිරි රහක් තමයි එන්නෙ.. 

අවශ්‍ය ද්‍රව්‍ය-
සියඹලා මල් ටිකක්
බැදපු තුනපහ ටිකක්
ලුණු
කරපිංචා
සුදු ළුණු
ඉඟුරු
සූදුරු
පොල් කිරි
පොල් තෙල්

සාදන ක්‍රමය-

සියඹලා මල් වලට ලුණු,මිරිස්,කහ, තුනපහ දමා කවලම් කර ගන්න පසුව ඒවා පොල් තෙල් ස්වල්පයකට දමා තෙම්පරාදු කරගන්න ඉන් පසු අඹරා ගත් සුදුළුණු,ඉඟුරු,සූදුරු එක්කොට පොල් කිරි (මිටි කිරි) දමා මදක් හින්ඳා ගන්න..අවශ්‍ය නම් සීනි ස්වල්පයකුත් එක්කර ගන්න... 

මෙන්න මේ විදියට සියඹලා මල් ටිකක් උයල බලන් කට දිව පිනවන කෑමක් වේවි..........


Sunday, October 26, 2014

නොමිලේ සුවඳ විලවුන් සාම්පල් ගෙදරටම ගෙන්න ගමු....(කාන්තාවන් සඳහා පමණයි)

ESCADA නම් ලෝක ප්‍රකට සුවඳ විලවුන් අද ශ්‍රී ලංකාවේදී ද මිලදී ගත හැකි වුවත් එම සුවඳ විලවුන් මිල අධිකය කාන්තාවන් සඳහාම විශේෂයෙන් සකසන ලද එම විලවුන් වල සුවද කෙසේ දැයි බලන්න ඔබත් ආසද? එක් වරක් භාවිතා කල හැකි සුවද කැවු ටිෂු එකක් ඔබටත් නොමිලයේම ගෙන්වා ගත හැක එසේම  කීප වතාවක් වුවත් ඇනවුම් කළ හැක.... එසේ නම් කල යුත්තේ පහත ඇති සබැඳියෙන් ගොස් අදාල පෝරමය පිරිවීමයි සතියකින් දෙකකින් ඔබේ නිවසටම එය ලැබේවි... අධික මිලක් දීල ගන්න බැරි එකේ ඒකෙ සුවඳ හරි දැන ගන්න එක ලොකු දෙයක් නේ.... 

මේ තියෙන්නෙ මට හම්බවුණ එක





Saturday, October 25, 2014

නොකියා යන්න ගියා......

ලෝකප්‍රකට මයික්‍රෝෙසොෆ්ට් සමාගම නොකියා ආයතනයේ වෙලඳ නාමය මිලට ගෙන තිබෙනවා එම ගනුදෙනුව සිදුවී තිබෙන්නෙ ඩොලර් බිලියන 7.2 ට ශ්‍රී ලංකා මුදලින් නම් ඒක මෙන්න මේ ගාන රුපියල් 942120000000.00 මින් ඉදිරියට නොකියා Smart Phones වල වෙළඳ නාමය Microsoft ලෙස වෙනස් වීමට නියමිතයි ලුමියා වෙනුවට මයික්‍රෝෙසොෆ්ට් ලුමියා ලෙස නම් වෙනස් වේවි.....


Wednesday, August 6, 2014

බබාලා ඉන්න අම්මලාට කෙට්ටු වෙන්න හොඳම ක්‍රමයක්!

ඔන්න මම කියන්න හදන්නෙ බබාලා ඉන්න අම්මලාට ඉතාම වැදගත් වෙන දෙයක්.. ගොඩක් ගැහැණු බබාල හම්බවුණාම (මල්ටි) බැරල් වගේ මහත් වෙනවා ඉතින් බබාගෙ කිරි වලට අවශ්‍ය විටමින් වර්ග ගැනීමෙන් සහ ව්‍යායාම් නොමැති වීමෙන් තමයි මේ තත්වය ඇති වෙන්නෙ ඉතින් මම කියන මේ ක්‍රමයෙන් තරබාරු බව අඩුකරගන්න වගේම සිහින් සිරුරක් පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා ඒ වගේම අද කාලෙ ළමයි අඬන්න පටන් ගත්තම යක්කු වගේ කොක්කු පෙන්නලා වත් ඇඬිල්ල නවත්තන්න බෑ හැබැයි මේ ක්‍රමයෙන් බබාව නලව ගන්නත් ලෙහෙසියෙන්ම පුළුවන් මොකද බබාල ෆන් එකට කැමතියි නේ...පහල තියෙන වීඩියෝ පටය බලන්න... ඒ විදියට කරගෙන යන්න...... තාත්තලාටත් මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන් .......





විදුහල්පති තුමාගෙ සංවේදී ආදර කථාව...(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)

අම්පාර කියන්නෙ යුද්ධයෙන් අධික ලෙස බැට කාපූ ප්‍රදේශයක්.... මේ විදුහල්පති තුමාටත් යුද්ධය එයාගෙ මුලු ජීවිතයටම බලපෑව ඒ කාලෙ නම් තරුණ කඩවසම් ගුරුවරයෙක් වැඩිදුර අධ්‍යාපනයට නුවර දිහා ගියා දවසක්  නුවර වීදියකදි ඇහැ ගැටුන සුන්දර යුවතියක් නිසා ආදර හැඟිමක් පහල වුණා... එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත.. මුල් දවසෙ සිනා සුනා විතරයිලු ඒත් දෙවෙනි දවසෙ හමු වෙද්දි වුණේ අමුතු සිදුවීමක්.. දෙදෙනාම එදා නෙදැනුවත් කමින් එකම වෙළදසැලකදි අහම්බෙන් හමුවුණා ඒ වගේම දෙදෙනාම ඇවිත් තිබුණෙ මහ වැස්සක් එන නිසා කුඩයක් ගන්න හිතාගෙන ආවෙ එකම කාරණයකට වීමත් පුදුමයි වගේ.. කොහොම හරි දෙන්න එතනදි සුහද කථා බහකට වැටුණ.මලිති කුඩයක් ගත්තත් සර් නම් කුඩයක් ගත්තෙ නැත්තෙ කපටි කමට මොකද දෙන්නම යන්නෙ එකම පැත්තට ඒ වගේම වැස්සක් වැස්සොත් කෙල්ලගෙ කුඩේ යටින් යන්න පුළුවවන් කියල සර් හිතුව.. එහෙම හිතල පොඩි බිස්කට් පැකට් එකක් විතරක් අරගත්ත කොහොම හරි දෙන්නම කථා කර කර එළියට ඇවිත් බස් නැවතුමට යන්න කියල ටික දුරක් එන කොට මලිතිගෙ යාළුවෙක් හම්බ වුණා සර්ට මල.... හිතින් බැණ බැණ සර් දැන් ටිකක් දුරස් වෙලා යනව කෙල්ලො දෙන්න කිචි බිචි ගගා හිනා වෙවී යනව... මලිති තමන්ගෙ යාළුවට සර්ව හදුන්වා දුන්න එයාගෙ යාළුවෙක් කියල.. ඔන්න ඒ එක්කම මහ වැස්සත් පටන් ගත්ත මලිතියි යාළුවයි හනිකට කුඩේ  දිග ඇර ගත්තත් සර් ට කර කියා ගන්න දෙයක් නැතුව අතේ තිබුණ ෆයිල් එක ඔළුවට අල්ල ගත්තත් වැස්ස එන්න එන්නම වැඩි වෙන්න ගත්ත.. මලිතිට දුක හිතිල මලිතිගෙ කුඩේ සර් ට දුන්න දීල එයා යාළුවගේ කුඩේ යටින් යන්න උණා සර් ගෙ සිහිනය එදා බොඳ වුණේ එහෙමයි...



Friday, July 4, 2014

කටු අනෝදා තේ... (සීනි වැඩි අයට හා පිළිකා රෝගීන්ට විශේෂයි)

හැමෝම දන්නා වියළි කළාපයේ බහුලව වැවෙන කටු අනෝදා (soursop) ඖෂධීය අතින් ඉතාම ගුණ දායක පළතුරක් මෙන්ම ඖෂධ ගසක් ... ඉතින් මම අද කියන්න හදන්නෙ කටු අනෝදා වලින් හදා ගන්න පුළුවන් ඖෂධීය ගුණයෙන් සපිරි ස්වාභාවික  තේ කෝපපයක් ගැන...

මුලින්ම කරන්න ඕන කටු අනෝදා කොළ කිහිපයක් ගෙන හොදින් පිරිසිදු කර ගැනීමයි (මෙහි දී දළු බාවිතය සුදුසු නැති අතර වඩාත් වියලි කොළද සුදුසු නොවේ) ඉන්පසු වතුර භාජනයක් ලිප තබා හොදින් වතුර උතුරන්නට හරින්න වතුර ඉතිරවූ විගස මෙම කටු අනොදා කොළ එම බඳුනට දමා අඩු රස්නයක් යටතේ විනාඩි 20 පමණ කාලයක් ලිප මත තබන්න එවිට එම ජලය ක්‍රමයෙන් රන්වන් පාට එසේ නැත්නම් සාමාන්‍ය තේ පැහැයට පැමිණි පසු කොළ ටික පෙරා තරමක් සිසිල් වූ පසු පානයට ගන්න... 

දියවැඩියා රෝගීන් සීනි භාවිතා නොකොට මෙම තේ පානය කළ යුතු අතර අනෙක් පුද්ගලයිනට තම මතය පරිදි සීනි හෝ හකුරු සමඟ මෙම තේ පානය කළ හැක එසේම සෑම දිනකම කෑමට පෙර මෙම පානය ගැනීමෙන් ගුණදායක ප්‍රතිඵළ ලබාගත හැක 




අන්තර්ජාලයේ විශ්වාස කටයුතු සෞඛ්‍යය  අඩවි මඟින් උපුටා ගන්නා ලදී

Friday, May 30, 2014

Internet Download Manager (IDM) හැමදාම තියාගන්න......

Internet Download Manager (IDM) කියල කියන්නෙ අන්තර්ජාලයෙන් යමක් ඩවුන්ලෝර්ඩ් කරගනිද්දි ඉතාවේගයෙන් ඩවුන්ලෝර්ඩ් කරගන්න තියෙන වැඩසටහන් අතර හොඳම වැඩසටහන ඒත් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි Internet Download Manager (IDM) එක ටික දවසකින් ක්‍රියා විරහිත වෙන එක ඉතින් මේ වැඩසටහනේ හොර කොපි භාවිතා කරන නිසා තමයි මේ කරදරය ඒත් ඔරිජිනල් ඒව සල්ලි දීල ගන්න තරම් අපිට වත්කමක් නැති නිසා වැරදි වැඩේ බව දැන දැනම හොර කොපි පාවිච්චි කරනව අපි එහෙම පාවිච්චි කලා කියලා ලෝක ආර්ථිකයට ඒක බල පෑමක් වෙන්නෙ නෑ නේ... හොර කොපිය වුණත් පාවිච්චි කරන පිළිවෙලක් තියෙනව ඒකෙ අප්ඩේට් කරන්න කියල මැසේජ් එක ආවම කැනසල් කරනවා මිසක් අප්ඩේට් කරනවා එහෙම නෙවෙයි එහෙම කලොත් හොරේ අහුවෙනව...

මම දීලා තියෙන සොෆ්ට්වෙයාර් එක අරගෙන පහත තියෙන පිලිවෙලට වැඩ ටික කරන්න....

මෙතනින් ගන්න-

Friday, May 23, 2014

ප්ලාස්ටික බෝතලයෙන් මී උගුලක් හදමු....

ඉවත ලන ප්ලාස්ටික් බෝතලයෙන් අපූරුවට මී උගුලක් හදාගන්න පුළුවන් පහත තියෙන වීඩියෝම නරඹලා කරන්න පුළුවන්ද කියල බලන්න...


Thursday, May 22, 2014

ෆෝල්ඩර් වලට පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරගන්නෙ කොහොමද? (1 කොටස Folder Lock)

ෆෝල්ඩර් ආරක්ෂා කරගැනීම සම්බන්ධව ලෝකයේ ජනප්‍රියම වැඩසටහන තමයි ෆෝල්ඩර් ලොක් කියල කියන්නෙ ඉතින් මේ වැඩසටහන පරිගණකයට දාගෙන පහසුවෙන්ම අපේ පරිගණක ලේඛණයන් ආරක්ෂා කරගන්න පුළුවන්... පහත තියෙන සබැඳියෙන් වැඩසටහන ගන්න.. ඒකෙ තියෙන විදියට කරලා පාවිච්චි කරල බලන්න ගැටලුවක් නම් මේ විද්‍යුත් ලිපිනයට දන්වන්න. thisaraps@gmail.com
Extract Password- manussakama

Friday, May 2, 2014

මහඇමති දයාසිරි පොල්ල වනා වැඩ පෙන්වයි...

මෙවර 2014 ලෝක කම්කරු දිනයට සමගාවීව පොදුජන එක්සත් පෙරමුණ මඟින් පැවැත්වුණු මැයි පෙළපාලියේ කාගෙත් සිත්ගත් අංගය වූයේ වයඹ මහඇමති ගරු දයාසිරි ජයසේකර මැතිතුමන් පෙළපාලිය පුරාවටම පොළු හරඹ,කඩු හරඹ.බෙර වැයුම් ආදියෙන් ඒකපුද්ගල දක්ශතා ප්‍රදර්ශනයක් (Talent Show) පවත්වමින් ගමන් කිරීමයි...විශේෂයෙන් නැටුම් ගැයුම් වැයුම් වලට හපන් කම් දක්වන ඇමතිතුමා ඉදිරියේදී රංගන ශිල්පියකු ලෙස ද දස්කම් දක්වන්නට බලාපොරොත්තු වන බවට වටින් ගොඩින් ආරංචි කටකථා ගලා යමින් පවතී ......අහුලා ගත් පින්තූර කිහිපයක්  සහ වීඩියෝවක් පහතින්

Thursday, May 1, 2014

එ ජා ප මැයි පෙළපාලියේ සෙල්ලං පිස්තෝල.....

අද දින එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාලිය අම්පාර නගරයේදී පැවැත්වුණා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් සහ දයා ගමගේ මහතාගේ සංවිධානයෙන් තමයි රැලළිය පැවැත්වුනේ ඒ වගේම එහිදී විශාල ජනතාවක් දිවයිනේ විවිධ ප්‍රෙද්ශ වලින් සහභාගි වී තිබුණා මෙහි දී විශේෂ සිදුවීම වන්නේ බොහෝ දෙනෙකු සෙල්ලං පිස්තෝල අතැතිව සහභාගි වීමයි එහි රෑලියේ ඡායාරූප කිහිපයක් පහතින්.....



සෙල්ලං පිස්තෝල අතැතිව 

Wednesday, April 23, 2014

සෙල්ලම් පොලිස්.....

අපි ඉස්සර හින්දි-දෙමළ ෆිල්ම් බලද්දි ඉන්දියාවෙ පොලිසියේ පජාති වැඩ හොඳට දැකල තියෙනව ඒත් අද ඒ ෆිල්ම් වල තියෙන දේවල් මෙහේ සජීවීව දැකගන්න  අවස්ථාව උදාකරල දීල තියනව මින් පෙර කිසිදු ආණ්ඩුවකින් නොවුණ ආකාරයට අද ඇස් කණාපිටම ඒ දේවල් සිද්ධවෙන්න පටන් අරගෙන ...ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ කියල අපි ඒ කාලෙ හිතන් හිටියෙ ඒත් දැන්....... !! පක්ෂ පාට කුමක් වුවත් ඇස් කණා පිටම අසාධාරණය පෙනි පෙනි ඒවා ගැන මුකුත් නොකියා නිවටුන් සේ ඉන්න තරම් අපි තවමත් කුජීත වෙලා නැති නිසා මේ විදියෙ පොඩි හරි සටහනක් තියන්න හිතුවෙ....දේශපාලන බලපුළුවන්කාරකම් අද හැම තැනකම රජ කරනවා යකෝ අපට දැන් වෙලා තියෙන්නෙ මේව දැක දැක නොදැක්ක වගේ ඉන්නද?  නැත්නම් ඉතින් මුන් සේරම මරාගෙන මැරෙන්න තමයි වෙන්නෙ සාමාන්‍ය මිනිස්සු රකින්න හිටපු ආරක්ෂා කරන්න හිටපු උන් සාමය ආරක්ෂා කරන්න හිටපු උන් අද අපිටම එරෙහි වෙලා.. ඇත්තටම ඉන්නෙ සෙල්ලං පොලිසියක් ,රිමෝට් පොලිසියක් දේශපාලුවන්ගෙ ,ලොක්කන්ගෙ අතේ තියෙන රිමෝට් එකෙන් උන් ටික පාලනය වෙනව ඇත්ත පිස්තෝල පවා අද උන්ට සෙල්ලං ඒව වෙලා... උන්ට නං මේව සෙල්ලං තමයි ....

එක එකා කියන විදියට තම ආත්ම ගෞරවය පවා බල්ලට දමලා මෙහෙම ජෝබ් කරල හම්බකරන් කාලා මොකටද ? තොපේ ඉපදෙන්න ඉන්න ළමයට පවා ඔව පලිසන් දෙනවා යකෝ... තොපිට හෙන ගහනව ..ඒත් තොපිට ඔය ඕඩර් දෙන ලොක්කන්ට එහෙම වෙන්නෙ නෑ ඒක තමයි ආශ්චර්යය..... ඒක තමයි දුක . ඔය කාකි ෂුට් ගලවලා දාලා අමුඩයක් ගහගෙන කුඹුරු කොටාගෙන කාපල්ල .. නැත්තන් හිඟා කාපල්ල ඊට වැඩිය හොඳයි ඒක... නැත්තම් ඒ අභිමනවත් සේවය මහ එකාලාගෙන ඉල්ලගනිල්ලා.... සක්කිලි නොවී....


Monday, April 21, 2014

ඩවුන්ලෝඩ් වේගය වැඩි කරන පහසු කම් සපිරි සුපිරි භාණ්ඩයක්!


මීට පෙර ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් වෙනුවට භාවිතා කල Eagle Get ගැන කිව්ව. අද කියන්න යන්නෙ ඊටත් වඩා හොඳ නොමිලයේ භාවිතා කළ හැකි සුපිරි සොෆ්ට්වෙයාර් එකක් ගැන මේකෙ නම Flash Get අනිත් ඒවත් එක්ක බලන කොට මේකෙ තියෙන වෙනස තමයි සමාන්‍ය බාගත කිරීම් සඳහා පමණක් නොව ටොරෙන්ට් භාගත කිරීම් සදහාද භාවිතා කල හැකි වීම ඕන්න නොමිලෙ දෙන නිසා දාලාම බලන්න හොඳ නම් හැමදාම තියා ගන්න නැත්නම් ඉතින් Uninstall කරල දාන එකනේ......

 http://down5.flashget.com/flashget3.7.0.1220en.exe

Wednesday, April 2, 2014

ICC World Twenty20 Semi-Final සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න.....

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දිය කොදවේ පිල අතර හෙට පැවැත්වෙන තරඟය සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න පහත සබැඳියෙන්.....


live streaming of t20 world cup match


Tuesday, April 1, 2014

මයික්‍රෝෙසොෆ්ට් එක්සෙල් සඳහා කදිම ටූල් එකක්! (Powerful toolbox for Microsoft Excel )

Ms Excel භාවිතා කිරීමේදී අපට ලබා දී ඇති  පහසුකම් වලට අමතරව තවත් පහසුකම් භාවිතා කිරීමට අවශ්‍ය වන අවස්ථා එමටයි උදාහරණයක් වශයෙන් MS Word වල ඇති Change Case පහසුකම එක්සෙල් වලදී අවශ්‍ය වීම වැනි දේවල්...ඉතින් ඒවගේ අඩුපාඩු  රැසක් මෙම ටූල් බොක්ස් එකෙන් කරගන්න පුළුවන් මෙම මෙවලම් කට්ටලයේ නම Kutools සම්පුර්ණ නෙමිලයේ බාගතකරගෙන භාවිතා කිරීමට හැකියාව තියෙනව මෙම Tool Box එක Install කර ගැනීමෙන් පසුව පහත ආකාරයේ මෙනුවක් එක්සෙල් වෙත ලැබෙනව


එමගින් අපට අවශ්‍යය වැඩ කටුයුතු සිදු කරගන්න පුළුවන් උදාහරණයක් ලෙස සිම්පල් කැපිටල් මාරු කරගැනීම සඳහා එහි ඇති Text Tool--> Change Case  ලෙස උපදෙස් තෝරාගත යුතුය. පහත සබැඳියෙන් Download කරල  Install කරගන්න


Monday, March 31, 2014

ගාල්ලෙ ගොං හරක් සහ මාතර හරක්......

2014 මාර්තු 29 වෙනිදා පැවති ඡන්ද ප්‍රථිපල අනුව ගාල්ල සහ මාතර ගැන අන්තර් ජාලයේ බොහෝ සෙයින් කථා බහට ලක් වුණේ මෙලෝ රහක් නැති අශීලාචාර ගති පැවතුම් ඇති ගොං බාන් පිටින් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම නිසායි... කෙසේ හෝ මනාප ඡන්ද ප්‍රතිඵල අවසානයේ ගාල්ල  දිස්ත්‍රික්කයෙන් අහන්ට ලැබුණේ ගිය වර පළාත් සභා ඡන්දයේදී එළියේ දාගෙන රඟන සිංහල වත් කථාකරගන්නට බැරි නළඟනක් වෙත ඡන්දය ලබා දී ජයග්‍රහණය කරවූ පරිද්දෙන්ම එවැනිම තවත් ගොං බඩ්ඩක් මෙවරද ජයග්‍රහණය කරවීමට ගාල්ලෙ ගොං බඳින කණු වැනි 26,932 ජනතාවක් ඉදිරිපත් වීමයි... ඇත්තටම මෙවන් අශීලාචාර ගැහැණුන් ඡන්දයක් ජයග්‍රහණය කරවීම එසේ නැත්නම් නායකත්වක් සඳහා සුදුසු යැයි අනුමත කිරීමට තරම් මෝඩ මිනිසුන් තවමත් සිටිනවාය යන්න සිතන විටත් ඇති වන්නෙ කණගාටුවකි...  කිසිදු වැඩගැම්මකට නැති නළු බට්ටන් පත් කිරීම අනුමත කළ නොහැක ... කෙසේ වෙතත් ගාල්ලෙන් ගොං බානක් ඉල්ලුව හොත් ඡන්ද බානට සමානව බෙදී යන හෙයින් මාතරින් තරඟ වැද දිනන්නට සිතා මෙවර පළාත් සභාවට මාතරින් තරග වැදුනු ඇය උදළු තල බෙදමින්  මිනිසුන් රවටා ගැනීමට අපමණ වෙහෙසක් දැරුවද මාතර මිනිසුන් ගාල්ලෙ ගොං හරක් මෙන් නොවන බව කියා පාමින් ඇය ගේ තලය ගෙන ඇය ගෙදර යැවීමට ක්‍රියා කළේය.. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය විසින්  ද එවැනිම ගොං භාණ්ඩයක් ඉදිරිපත් කර තිබුණේ ප්‍රසිද්ධිය නිසා පක්ෂයට වැඩි ජයග්‍රහණයක් ගෙනේ යැයි සිතාය ... සිතුවා මදිය මාතර ගාල්ලේ තරම් ගොං වස්සන් වැස්සියන් නැති බැවිණ් ඇයටද අත් වූ ඉරණම පරාජයයි කෙසේ වෙතත් සංසන්ධනාත්වකව බැලුව හොත් ගාල්ලේ සිටින ඡන්දදායක ගොං හරකුත් සහ මාතර ඇති ගොං හරකුන් ගනන අනුව මාතර ප්‍රමාණය ටිකක්  අඩුය.. ගාල්ල 26 932 කි මාතර 19 848 කි වෙනස 7084 කි


අප්‍රේල් පළවෙනිදාට ක්‍රියාත්මක කරන්න අදහස් 100 ක්.......

අප්‍රේල් පළවෙනිදා (01) කියන්නෙ ඉතින් කාට කාටත් වැදගත් දවසක් ලෝක මෝඩයාගේ දිනය නිසා.....ඒ දවසට ඉතින් බොරු කියල කට්ටිය අන්දවන එක අපේ සිරිත නේ දැන් දැන් එහෙම බොරු කිව්වට පිළිගන්නෙ නෑ ඒත් ඒකට මොකද කරන්න ඕන .....? ඔන්න හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අප්‍රේල් පළමුවෙනිදාට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ අදහස් සීයක (100) පොඩි පොත් පිංචක් මනුස්සකම වෙතින් තෑගි කරන්නයි මේ හදන්නෙ. කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන් ගිහින් ඒ පොත් පිංච බාගත කර ගැනීම .....


Sunday, March 30, 2014

ICC T20 Cricket World Cup 2014 Official Theme Song Video & MP3 (Download Now)

මෙවර විස්සයි විස්ස ලොක කුසලාන තරඟාවලිය සඳහා නිර්මාණය කෙරුණ තේමා ගීතය අවශ්‍යය අය පහත සඳහන්  සබැඳියෙන් බාගත කරගන්න.....

Download Link-

Sunday, March 23, 2014

IDM කරදරයෙන් මිදෙන්න නොමිලේ දෙන EagleGet වලින් ඩවුන්ලෝඩ් කරගන්න......

IDM ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කියන වැඩසටහන බොහෝ දෙනෙකු වේගයෙන් ඩවුන්ලෝඩ් කිරීම සඳහා යොදා ගන්නව හැබැයි ගොඩක් අය ක්‍රැක් කරපුවා තමයි දාගෙන ඉන්නෙ බොහෝ වෙලාවට වැරදිලා අප්ඩේට් එකක් එහෙම වුණොත් වැඩ මාට්ටු වෙනවා ඉතින් ඒක හරිම වදයක් මේ වදයෙන් බේරෙන්න කරන්න පුළුවන් විසඳුම තමයි ඊට බොහෝ සේයින් සමාන නොමිලයේ දෙන වැඩසටහනක් භාවිතා කිරීම ඉතින් මේකට වඩාත් සුදුසුම වැඩසටහන වන්නේ  EagleGet කියන එක... මමත් මේක පාවිච්චි කරල බැලුව වරදක් නෑ ස්පීඩ් එකත් හොඳටම තියෙනවා... IDM එකේ තියෙන පහසුකම් ටිකත් තියෙනවා ඒ නිසා ඔබත් අදම දා ගන්න.... මේන්න මේ ලික්න් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න......


Thursday, February 20, 2014

හැමට හොරෙන් නෙට් බ්‍රවුස්.... Incognito Mode

හුඟ දෙනෙක්  අන්තර්ජාලයේ විවිධ රහස්‍ය තොරතුරු පවා බලලා කවුරුවත් ඒව දැනගන්න එකක් නෑ කියල හිතාගෙන පාඩුවේ ඉන්නවා ඒ වගේම හොරෙන්ම අසභ්‍ය වෙබ් අඩවි වෙත ගොස් මුකුත් නොවුන ගානට ඉන්නවා ඒත් ඊ ළඟට පරිගණකය අතට ගන්න පුද්ගලයට එයා කළ කී දේ හරා අවුස්සන්න බලන්න හැකියාව තියෙනව වෙබ් හිස්ට්‍රිය පරික්ෂා කිරීමේන් ...ඉතින් හැම තිස්සෙම ඔක ක්ලියර් කර කර ඉන්නත් අමාරුයි අමතක වෙනව නේ... අන්න ඒ වගේ අකර තැබ්බි වලට මූණ දෙන්නෙ නැතුව කාටත් හොරෙන් අන්තර්ජාලයේ සැරි සරන්න ආරක්ෂාකාරි ක්‍රමක් ගැනයි මම මේ කියන්නෙ ටික  දෙනෙක් දන්නවා ඒත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ... පහත ආකාරයට කෙටි පිවිසුම් භාවිතා කීරීමෙන් අදාල අවස්ථාව වෙත ගොස් හිතු මතේ වෙබ් සර්ච් කරගන්න.....එහිදී ඔබ නරඹන කිසිදු වෙබ් අඩවියක වාර්ථා පරිගණකය විසින් රඳවා ගන්නෙ නෑ සම්පූර්ණ පෞද්ගලික විදියට මෙම අවස්ථාව ක්‍රියා කරනවා....

Google Chrome- CTRL+SHIFT+N
Opera -               CTRL+SHIFT+N
Flock 3-              CTRL+SHIFT+N
Mosilla Firefox-   CTRL+SHIFT+P
Intenet Explore -  CTRL+SHIFT+P


Wednesday, February 19, 2014

ඉසිවර වෙදැදුරු අන්තිම දක්වා බලන්න.... (The King's Doctor/Horse Doctor)

The King's Doctor නැතහොත් Horse Doctor නම් ජනප්‍රිය දකුණු කොරියානු ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනී නාලිකාවේ හඬ කැවීම් අංශය මඟින් සිංහලයට හඬ කවා ඉසිවර වෙදැදුරු නමින් ප්‍රචාරය කරන අතර එය අද බොහෝසේයින් ජනප්‍රිය එකක් වී ඇත සැමවිටම කුතුහලය දනවන අගනා නාට්‍යයකි -වැඩිවිස්තර සඳහා සිංහල බසින්ඉංග්‍රීසි බසින්



මෙම ටෙලිනාට්‍ය ඉංග්‍රීසි උපසිරැසි සහිතව අවසන් වන තුරු අනතර්ජාලය ඔස්සේ නැරඹීමට අවශ්‍යනම් පහත සඳහන් සබැදියෙන් අදාල කොටස් තෝරමින් පහසුවෙන් නැරඹීමට හැකියාව ඇත