Ads 468x60px

Wednesday, August 6, 2014

විදුහල්පති තුමාගෙ සංවේදී ආදර කථාව...(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)

අම්පාර කියන්නෙ යුද්ධයෙන් අධික ලෙස බැට කාපූ ප්‍රදේශයක්.... මේ විදුහල්පති තුමාටත් යුද්ධය එයාගෙ මුලු ජීවිතයටම බලපෑව ඒ කාලෙ නම් තරුණ කඩවසම් ගුරුවරයෙක් වැඩිදුර අධ්‍යාපනයට නුවර දිහා ගියා දවසක්  නුවර වීදියකදි ඇහැ ගැටුන සුන්දර යුවතියක් නිසා ආදර හැඟිමක් පහල වුණා... එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත.. මුල් දවසෙ සිනා සුනා විතරයිලු ඒත් දෙවෙනි දවසෙ හමු වෙද්දි වුණේ අමුතු සිදුවීමක්.. දෙදෙනාම එදා නෙදැනුවත් කමින් එකම වෙළදසැලකදි අහම්බෙන් හමුවුණා ඒ වගේම දෙදෙනාම ඇවිත් තිබුණෙ මහ වැස්සක් එන නිසා කුඩයක් ගන්න හිතාගෙන ආවෙ එකම කාරණයකට වීමත් පුදුමයි වගේ.. කොහොම හරි දෙන්න එතනදි සුහද කථා බහකට වැටුණ.මලිති කුඩයක් ගත්තත් සර් නම් කුඩයක් ගත්තෙ නැත්තෙ කපටි කමට මොකද දෙන්නම යන්නෙ එකම පැත්තට ඒ වගේම වැස්සක් වැස්සොත් කෙල්ලගෙ කුඩේ යටින් යන්න පුළුවවන් කියල සර් හිතුව.. එහෙම හිතල පොඩි බිස්කට් පැකට් එකක් විතරක් අරගත්ත කොහොම හරි දෙන්නම කථා කර කර එළියට ඇවිත් බස් නැවතුමට යන්න කියල ටික දුරක් එන කොට මලිතිගෙ යාළුවෙක් හම්බ වුණා සර්ට මල.... හිතින් බැණ බැණ සර් දැන් ටිකක් දුරස් වෙලා යනව කෙල්ලො දෙන්න කිචි බිචි ගගා හිනා වෙවී යනව... මලිති තමන්ගෙ යාළුවට සර්ව හදුන්වා දුන්න එයාගෙ යාළුවෙක් කියල.. ඔන්න ඒ එක්කම මහ වැස්සත් පටන් ගත්ත මලිතියි යාළුවයි හනිකට කුඩේ  දිග ඇර ගත්තත් සර් ට කර කියා ගන්න දෙයක් නැතුව අතේ තිබුණ ෆයිල් එක ඔළුවට අල්ල ගත්තත් වැස්ස එන්න එන්නම වැඩි වෙන්න ගත්ත.. මලිතිට දුක හිතිල මලිතිගෙ කුඩේ සර් ට දුන්න දීල එයා යාළුවගේ කුඩේ යටින් යන්න උණා සර් ගෙ සිහිනය එදා බොඳ වුණේ එහෙමයි...



සර් සතියකට සැරයක් තමා අම්පාරෙ ඉඳන් නුවර යන්නෙ ඔන්න ඊ ළඟ සතියෙත් සර් ක්ලාස් එකෙන් කලින් පැනල අර කෙල්ල එනකම් මඟ රැකගෙන හිටිය එතකොට කෙල්ල සිංගර් එකේ මැහුම් පාඨමාලාවක් හදාරමින් හිටියෙ.. ඔන්න සර්ගෙ සිහින කිරිල්ලිය එදත් දේදුන්නක් වගේ සිත් අහසට පෑයුව.. සර්ට එදානම් අහන්නමයි හිතුණෙ ඉස්සර නොවුනොත් වෙන කපුටෙක් මේ කේජු කෑල්ල අරන් යයි කියල හිතුණ ඒ නිසාම පුරුෂ දයිරිය හිතට අරන් දකුණු කකුල ඉස්සරහට තියල කෙල්ලට කිට්ටු වෙලා ඇහුව 

ඔයාට කොල්ලෙක් ඉන්නවද 
ටිකක් හිනාවෙලා.. ඇයි එහෙම ඇහුවෙ?
කියන්නකො ඊට පස්සෙ මම මොකද කියල කියන්නම් ..
නෑ ගෙදරින් කෙනෙක් හොයනව.. ඒත් මට එහෙම හරියන්නෙ නෑ මට හිතට අල්ලන කෙනා තාම හමුවුණේ නෑ
ආ ඇත්තද? මොනවගේ කෙනෙක්ද හොයන්නෙ? 
හොඳ කෙනෙක්..

සර් කොහොම කොහොම හරි කථාවෙන් මලිතිව දැලේ දාගත්ත මලිත් සර්ට කැමති වුණා මලිතිත් මේ කඩවසම් ගුරුවරයට දැකපු මුල් දවසෙ ඉඳන් කැමැත්තෙන් ඉඳපු බව සර් දැන ගත්තෙ පස්සෙ.දෙන්නගෙ ලව් එක ඔහොම ටික කාලයක් කෙරීගෙන වැඩේ ටිකක් දුරදිග යන කොට  එන පොට හෙඳනෑ කියල තේරුම් ගත් කෙල්ල ඒ බව ගෙදරට කිවුව අම්මයි තාත්තයි  කිව්වෙ කොල්ලට ඇවිත් හම්බවෙන්න කියල... කෙල්ල සර්ට මේ බව කිව්වම සර් කිව්වෙ හා මම එන්නම් කියල. කිව්ව වගේම දිනයක් දාගෙන සර් තව යාළුවෙක් එක්ක මෝටර් සයිකලෙන් නුවර ගියා ..මලිතිගෙ අම්මයි තාත්තයි මුලින්ම මේකට ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ හේතුව අම්පාර වගේ දුර බැහැරට තමන්ගෙ එකම දුව දෙන්න ලෝභ හිතුණ නිසා එතකොට එයාව හැමදාම දකින්න නෑ නේ කොහොම වුණත් සර් එදා ඇවිත් අම්මයි තාත්තයි එක්ක  කතා කළා .. කෙල්ලගෙ අම්මටයි තාත්තටයි මේ කඩවසම් ඉස්කෝ‍ලෙ මහත්තය දැක්කම කොච්චර දුර වුණත් තමන්ගෙ දෝණිව දෙන්න බෑ කියන්න තරම් හයියක් ආවෙ නෑ දැක්ක මුල් දවසෙම ඒ දෙන්නට ඇති වුණේ පැහැදීමක්...දැක්කෙ ප්‍රිය මනාප බවක් කොහොම කොහොම හරි දෙන්නගෙ බලාපොරොත්තු මල්ඵල ගැන්වුණේ එදා මොකද දෙමාපිය ආශිර්වාදය ලැබුණ නිසා ...ඔන්න ටික දවසකින් කෙල්ලගෙ ගෙදර අය සර්ලයි ගෙදරත් ආව.. දෙගොල්ලන්ම වැඩේට කැමති වුණා..

ටික කාලයක් මේ සුන්දර ආදර කථාව අතරෙ කියන්න තරම් සුදුසු නැති දේවලුත් ඇති නොවුණ නෙවෙයි..කාලයාගෙ ඇවෑමෙන් මේ ආදර කථාවට කණ කොකා අඩලපු හැටි කියන්නත් මොකද්ද වගේ ඒ තරමට දුක්මුසු කථාවක්... මාස කිහිපයක් යද්දි අවාසනාවන්ත විදියට මලිතිගෙ තාත්ත රිය අනතුරකින් මලිතිවත් අම්මවත් තනිකරල දාලා යන්න ගියා ...මල ගෙදර වැඩි කාර්යභාරයක් කරන්න වුණේ සර්ට මොකද මලිතිට සහෝදරයෙක් හිටියෙ නැති නිසා හැඬූ කඳුලින් හිටපු මලිතිට තාත්තගෙ ආදරයත් ලබා දෙනව කියල සර් පොරොන්දු වුණා.. ටිකක් හරි මලිති හිත හදාගෙන හිටියෙ සර් නිසා.හෙට අනිද්ද දෙන්නට එක්වෙන්න තිබුණ අවස්ථාව මඟහැරුණෙ ඔන්න ඔය විදියට.. කාලය වේගයෙන් පියඹා ගියා තාත්තගෙ අවුරුද්දෙ දානෙත් ඉවර වෙලා මාසයක් ගිහින් දැන් නම් මේ දෙන්නව එක් කරන්න ඕන කියල මලිතිගෙ අම්මයි නෑදෑයොයි හිතුව දවසක් අම්ම මලිතිට මේ විදියට කිව්ව-

දූ මම හෙට සර්ලයි ගෙදර ගිහින් දූගෙ කේන්දරයත් දීල මංග්‍යයෙට හොඳ දිනයක් බලන්න කියන්නම්...
අම්මෙ මාත් එන්නම් තනියම යන්න එපා...
එපා එපා එහෙම යන සිරිතක් නෑ නේ .. මම හෙට එහේ ගිහින් අනිද්දට එන්නම් ඔයා නැන්දලගෙ ගෙදර ඉන්න
හා හා..හරි එහෙනම් පරෙස්සමෙන් ගිහින් එන්න කෝ...
පැණි වලලු ටිකකුත් හදාගත් අම්ම පහුවදා උදෙන්ම අම්පාරෙ යන්න පිටත් වුණා ඒ කාලෙ කොටි කළබල තිබුණ නිසා මඟින් මඟටම මලිති අම්මට කිව්වෙ අම්මේ පරිස්සමෙන් යන්න කියල අම්ම සර්ලයි ගෙදරට එනකොට හවස දෙක විතර වෙලා කට්ටියම සතුටු සාමිචියේ යෙදිලා වැඩපිලිවෙලත් කථා කරගෙන එදා සර්ලයි ගෙදර නැවතිලා උදේන්ම අම්ම නුවර එන්න පිටත්උණා සර් ත්‍රී වීලර් එකකින් අම්මව අම්පාර බස්ස්ටෑන්ඩ් එකටම ගෙනත් දාලා වැඳලා අම්මගෙන් සමුගත්ත අම්මා සර්ට අන්තිමට කිව්වෙ "පුතේ මං ගිහින් එන්නම් පුතාට බුදුසරණයි"  කියල බස් එකත් යනකම් බලන් ඉඳල තමයි සර් ආපහු ගෙදර ආවෙ.. පැය එක හමාරකින් දෙකකින් විතර රේඩියෝ එකේ විශේෂ ප්‍රවෘතියක් විදියට මෙන්න මේ විදියෙ දෙයක් කිව්ව-

"අම්පාර අරන්තලාව ප්‍රදේශයේදී අම්පාර සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ බස්රථයකට කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කරළ අතර එහි ගමන් ගත් පිරිසෙන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇත.." යන්නයි 

මෙය ඇසූ සර්ට හීන් දාඩිය දමන්නට විය මෙම සිදුවීම වූ කාලය සැලකීමේදී මේක නම් අම්මා ගියපු බස් එකම විය යුතු යැයි සර් අනුමාන කළා එසැනින් මෝටර්සයිකලේ නැගුණ ඔහු ටවුමට ගොස් එම බසයැයි සැක හැර දැනගෙන සිද්ධිය වූ ස්ථානය වෙත විනාඩි 40 ක තරම් කාලයක් තුල ළඟා වුණා.. මලිතිගේ අම්මා ජීවත් වෙලා ඉන්න ඕන කියල හිත හිත.. සර් ඒ මේ අත දුවන්න වුණා.. කට්ටිය පිරිල සමහරු හඬාවැලපෙනව ඉටි කොළ වලින් වහල තිබුණ බස් එක ඇතුලෙ තියෙන මිනී ඔක්කොම බැලුව ඒත් එතන අම්ම හිටියෙ නෑ කැළෑව පැත්තට වෙන්න ඉටි කොළ වලින් වහපු මිනී හතක් අටක් විතර තිබුණ එහෙම තිබුණෙ වෙඩි පහර කාගෙන බේරෙන්න හිතාගෙන දුවපු අය කියල තමයි අහල පහළ ඉන්න අය කිව්වෙ.. කළු ඉටිකොළය ඇරල බලද්දී සර් ගෙ හුස්ම හිරවුණා ඇඟ සීතල වුණා මලිතිගෙ එකම සම්පත වුණ අහිංසක අම්මත් ඒ විදියට තිරිසන් කොටි  ත්‍රස්ථවාදීන්ගෙ අතින් මැරුම් කාලා..සර් එදා හොඳටම ඇඬුව..ජීවිතයේ ලැබුණු අමිහිරිම අත්දෑකීම එදා ඒ විදියට වින්ද කියල කියන කථාව කියද්දී සර්ගෙ ඇස්වලින් වැටුන කඳුළු බිඳු හොරෙන් සඟව ගන්න උත්සාහ කරත් ඒක මම දැක්ක...

මල ගෙදර බර වැඩි කොටසක් කරට ගත්තු සර් හත් දවසෙ දානෙත් දෙනකම් මලිතිලයි ගෙදර හිටියෙ ඒත් මලිති නෙවෙයි සර් එක්ක එක වචනයක් වත් කථා කලේ මලිති ඒ දවස් ටිකේම හිටියෙ උමතුවෙන් වගේ මොකද තමන්ට කියල හිටපු එකම වස්තුව තමන්ගෙ අම්මට මේ විපැත්තිය වුණේ එයාගෙ වැඩකට ගිහින් නේ කියන හැඟීම ඇයට දැනෙන්න ඇති... ඇය ඒ නිසාම මේ ආදරයට වෛර කළාද කියලත් හිතෙනව.මානසික තත්වය තේරුම් ගත්තු සර් ටික දවසක් යනකම් මලිති එක්ක කථා කරන්න ගියේ නෑ ඒත් මාසයක් විතර යද්දි මලිතිගෙ නෑදෑයො සර්ට එන්න කියල පණිවිඩයක් එවල තිබුණ ඒ නිසා සර් මලිතිලයි ගෙදරට ගියා එදා එහේ නෑදෑයො ගොඩක් ඇවිත හිටිය.. එයාල සර් ට කථා කළා ..

සර්.. තරහ වෙන්න එපා අපි මෙහෙම කියනවට.. අඩුම ගානෙ අම්පාර තියෙන පැත්ත බලාගෙන වැසිකිළි යන්නවත් අපි කැමති නෑ සර් හිත හදාගන්න අපි මේ මඟුලට කැමති නෑ දුවත්දැන් හිත හදාගෙන ඉන්නෙ..

කියල මලිතිගෙ මාමා (අම්මගෙ මල්ලි) කියා ගෙන ගියා අනිත් අයත් ඒක අනුමත කරමින් කථා කළා.. සර් ට එදා මුළු ලෝකයම නැති වුණා වගේ දැනුන.. කර කියා ගන්න දෙයක් නැතුව බිම බලාගෙන කල්පනා කළා..එහෙම ඉඳල සර් ටිකක් තදින් වගේ-

මේව මම කරපු දේවල් නෙවෙයි නේ ඇයි ඔයාල මේ විදියට අසාධාරණ තීරණ ගන්නෙ ඕනනම් මම නුවරට මාරුවක් හදාගෙන එන්නම් 

එතනට ආපු මලිති "නෑ නෑ ඕන නෑ මට වෙන්න තියෙන දේවල් ඔක්කොම වුණා මට දැන් බලාපොරොත්තු නෑ මම දැන් හිත හදාගෙන ඉවරයි මට සමාවෙන්න සර්... සර්ට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි ආයෙ මං ගැන හිතන්න එපා මාව අමතක කරන්න Please......"

අකමැත්තෙන් හරි සර්ටත් හිත හදිගන්න වුණා හැබැයි පස්සෙ හරි හිත හැදෙයි කියල සර් කාලයක් මලිති වෙනුවෙන් බලන් හිටිය ඒත් මලිතිට වෙන කෙනෙක් කථා කරල තියෙන්නෙ කියල දැනගත්තම සර්ට ඒ පුංචි බලාපොරොත්තුවත් අතහඅරගන්න වුණා... විදුහල්පතිතුමාගෙ අමිහිර ආදර අත්දැකීම අවසන් වුණේ ඒ විදියට. යුද්ධයෙන් තමන්ගෙ ආදරයට වුණ බලපෑම ගැන අදටත් සර් කණගාටු වෙනව අවසානෙට සර් කිව්වෙ මේ යුද්ධය නවත්තන්න ක්‍රියා කළ අති ගරු ජනාධිපති තුමාට තමන්ගෙ ජීවිතය තියෙන කම් ඡන්දය දෙනව කියල.. ඒත් එදා ඒ අහිංසක අම්මට වෙඩි තියන්න අණ දීපු නැගෙනහිර පළාත භාරව සිටි කොටි නායක හැත්ත අදටත් රජ ගෙදර සුර සැප විඳින එක ගැන  මොකද හිතෙන්නෙ කියල සර්ගෙන් අහන්න මට අමතක වුණා.. මේ තිරිසන් හැත්තට කවද හරි කරපු පවු  ඵල දෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඇරෙන්න අපි වගේ සොක්කන්ට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ නේ..

7 comments :

  1. සංවේදී කතාවක් ......
    රජගෙදර දැන් බල්ලට ගිහින් තියෙන්නේ .

    ReplyDelete
  2. කතාව ඉතා සංවේදීයි. කියවලා ලොකු හුස්මක් ගන්න වුණා.

    ඒත් මෙතන අප නොදන්නා දෙයක් තියෙනවා වගෙයි. ම්ගුල කැඩෙන්න ඔය මරණය හේතුවක් වෙන්න බෑ.

    1. පියා ගේ මරණයෙන් පසු විවහය් සිදු නොකර කල් ඇරියේ ඇයි?
    2. පියාගේ මළගමේ දී ඔය මාමලා හිටියේ කොහේද?
    3. අම්මා තනිවම ගියේ ඇයි ඔය වැදගත් ගමන? ඇයි මාමා නොගියේ?
    4. කොළඹත් බෝම්බ සෑහෙන්න පිපුරුණා. දැන් මලිති කොළඹ යන්නේත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්න ටික නම් තියෙනවා .... සමහරවිට සිදුවුණ සිදුවීම් එක්ක ඒක මලිතිට මානසිකව බලපෑමක් කරා වෙන්නත් පුළුවන්.....

      Delete
  3. මානසිකව වැටුණු කෙනෙක්ව ගොඩගන්න ක්‍රමවේද අපගේ සමාජයේ ඉතා මඳ වීම හරිම ගැටළුවක්.
    නුවර තව කමක් නෑ. කොළඹ ඔෆිස් වල කොයි තරම් ඉන්නවද මානසික අරගලවලට මැදිවුණු පිරිස.
    මට දවස් තුනකට කලින් හමු උනා මගේ කලින් හිටපු මැනේජ්මන්ට් ඇසිස්ටන් කෙනෙක්. බින්දුවටම වැටිලා. හරිම අමාරුවෙන් පහදිලි කරල බාගෙට ගොඩ ගත්ත. සුවිසයිඩ් කරන මට්ටමේ හිටියේ.

    ReplyDelete
  4. මේකනම් දුක්බරයි

    ReplyDelete
  5. සංවේදී කථාවක් ....

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...