Ads 468x60px

Showing posts with label ඉවුම් පිහුම්. Show all posts
Showing posts with label ඉවුම් පිහුම්. Show all posts

Tuesday, November 18, 2014

සියඹලා මල් කටට රහට....

සියඹලා මල් කියන්නෙ හොඳ කෑමක් නිකන් වුණත් කන්න පුළුවන් එත් සියඹලා මල් උයල කාලතියෙනවද? මමත් ළඟදි තමා දැනගත්තෙ... අද මම කියන්න හදන්නෙ සියඹලා මල් උයල කන හැටි....

සියඹලා මල් හැදෙන කාලෙට ඒව එකතු කරල මෙන්න මේ විදියට උයල බලන්න පොඩි ඇඹුල් රහක් එක්ක මිහිරි රහක් තමයි එන්නෙ.. 

අවශ්‍ය ද්‍රව්‍ය-
සියඹලා මල් ටිකක්
බැදපු තුනපහ ටිකක්
ලුණු
කරපිංචා
සුදු ළුණු
ඉඟුරු
සූදුරු
පොල් කිරි
පොල් තෙල්

සාදන ක්‍රමය-

සියඹලා මල් වලට ලුණු,මිරිස්,කහ, තුනපහ දමා කවලම් කර ගන්න පසුව ඒවා පොල් තෙල් ස්වල්පයකට දමා තෙම්පරාදු කරගන්න ඉන් පසු අඹරා ගත් සුදුළුණු,ඉඟුරු,සූදුරු එක්කොට පොල් කිරි (මිටි කිරි) දමා මදක් හින්ඳා ගන්න..අවශ්‍ය නම් සීනි ස්වල්පයකුත් එක්කර ගන්න... 

මෙන්න මේ විදියට සියඹලා මල් ටිකක් උයල බලන් කට දිව පිනවන කෑමක් වේවි..........


Thursday, May 3, 2012

පැණි කොකිස්!

අවුරුද්දට හැමෝම වගේ කොකිස් නම් කන්න ඇති කොකිස් කියන්නෙ බොහෝ දෙනෙක් ප්‍රිය කරන කෑමක් අද මම කියන්න හදන්නෙ කොකිස් අමුතු ක්‍රමයකට සකස් කරන ගන්න විදිය.. පැණි කොකිස් කියන එක නුවර පැත්තෙ නම් ජනප්‍රිය කෑමක්.. අවුරුද්ද කාලෙට එහෙම නැත්නම් උත්සව අවස්ථාවලදි ඉතුරු වන කොකිස්  මේ විදියට හදාගන්න පුළුවන්..හදන්න හරිම ලේහෙසියි

මුලින්ම ඉතුරු වුණ කොකිස් නැවත තෙලෙන් බැඳීම කල යුතුයි එම කොකිස් රස්නෙපිටම අරගෙන එහි මැදට (දාර දිගේ)  කිතුල් පැණි වත්කල යුතුයි එම කිතුල් පැණි පිටතට හැලීම වැලැක්වීම සඳහා රත්කරගත් සහල් පිටි ටිකක් එයට උඩින් එක්කළ යුතුයි....කිතුල් පැණි කොකිස් වලට උරාගත් පසු එහි රස කිව නොහැකි තරම්ය.


හදනහැටි කිව්වෙ- අරුණිකා දිල්හානි

Monday, January 23, 2012

කංකුං ඩෙවල් (මස් හෝ මාළු සමඟ)

කංකුං කියන්නෙ චීනයේ ඉතාම ජනප්‍රිය කෑමක් චීන අවන් හලකට ගියොත් ඉතින් කංකුං චොප්සිය අනිවාර්යයි නේ...මම අද කියන්න හදන්නෙ අමුතු විදියකට කංකුං ඩෙවල් එකක් හදාගන්න හැටි කංකුං විතරක්ම හදල ගතියක් නෑ ඒකට මස් හෝ මාළු ටිකක් එක්කරගන්න ඕන.


Sunday, January 22, 2012

හතු (බිම්මල්) බයිට්....

අද මම කියන්න හදන්නෙ ගොඩක් අය නොදන්න කෑමක් ගැන ..හැමෝම හතු කියන්නෙ මොනවද කියල දන්නව නේ මේවට බිම්මල් කියලත් කියනව හරිම රසවත් කෑමක්....හැබැයි හතු ගැඹුරු තෙලේ බැඳල කාල තියෙනවද එහෙනම් අපි බලමු රසම රස හතු බයිට් එකක් හදා ගන්නෙ කොහොමද කියල ඔය අඩියක් පුඩියක් ගහන වෙලාවට නම් ඉතින් මරුම තමා...හිටගෙන බොන්න පුළුවන්

Monday, January 9, 2012

රස දිව පිනවන මාතර මාළු ඇඹුල් තියල්...

මාළු ඇඹුල් තියල් නම් ඉතින් මාතර තමයි ‍‍.. විශේෂයෙන් දික්වැල්ල සිට මාතර දක්වා මුහුදු වැල්ල ආශ්‍රිතව ජිවත් වන අයගේ මාළු ඉවුම් පිහුම් ඉතාම රසවත් බව කිව යුතුය.  ගම්මිරිස් යොදමින් හදන ඔවුන්ගේ මාළු ඇඹුල් තියල ඉතාම රසවත්ව එවන් මාළු ඇඹුල් තියලක් ඒ ආකාරයෙන්ම අපටද නිවසේදී සකස් කරගත හැක එසේ සකස් කරගන්නා ආකාරය ප්‍රමිතියටම පහතින් දක්වා ඇත.....