Showing posts with label රසවින්දන. Show all posts
Showing posts with label රසවින්දන. Show all posts
Friday, December 16, 2011
Friday, June 18, 2010
නූර්ති ගීත පොදියක් !
අසා රසවිදිය හැකි දුර්ලබ අපූරු නාඩගම් හා නූර්ති ගී පොදියක් මනුස්සකමට ලැබුණා ඉතින් මේ ගීත ටික හැමෝ එක්කම බෙදාගෙන රසවිදින්න ඕන කියල හිතුණ නිසා තමයි මේ විදියට අඩවියේ පළකරන්නෙ නිතර ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් අහන්න නොලැබෙන ගීත ටිකක් පහල තියන සබැඳියෙන් අරගෙන අහලම බලන්න කෝ....
ප්‍රභේදය-
රසවින්දන
Tuesday, June 15, 2010
Saturday, June 5, 2010
"මනුස්සකම" සිංහල චිත්‍රපටය
මනුස්සකම නම්න් අලුත් සිංහල චිත්‍රපටියක් නිපදවෙමින් පවතින බව මනුස්සකම බ්ලොග් අඩවියට වාර්ථාවිය.එම චිත්‍රපටය සුනිල් ටී මහතාගේ නිෂ්පාදනයකි ප්‍රවීණ රංගධරයන් වන ජීවන් කුමාරතුංග සහ සනත් ගුණතිලක සමඟ එක්වන තාරුණ්‍යය සිය රංගනයෙන් ඇද බැඳ ගත් රන්ජන් රාමනායක, රිදී තිරයට පෑයූ අලුත්ම තරුව චරිත් අබේසිංහ එකට එක්කොට අති සුන්දර දැවැන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සුනිල් ටී. සැරසෙයි.මනුස්සකම වෙනුවෙන් කෙරෙන මෙම නව නිර්මාණය සඳහා අපගේ සුභපැතුම්!
ප්‍රභේදය-
රසවින්දන
Monday, May 10, 2010
කවිමඩුවෙ කවීන් අතර ගැටුමක්..!
ලාංකීය සිතිවිලි බ්ලොග් කියවනය මඟින් සංවිධානය කරනු ලබන කවිමඩුව වැඩසටහන පැවැත් වීමට දින කිහිපයක් තිබියදී කවිමඩුවේ කවීන් අතර මහා ගැටුමක් වර්ධනය වෙමින් පවතී තැන තැන කුඩා කණ්ඩායම් අතරද ගැටුම් උත්සන්න වී ඇත මේ ගැටුම සඳහා ලාංකීය සිතිවිලි සංවිධායකයින්ද සම්බන්ධ බව ආරංචි මාර්ග සඳහන් කරයි.ඉදිරියේදී පැවැත්වීමට නියමිත කවිමඩුව වඩාත් අවේගශීලී සහ මඩවලින් පිරුණු එකක් වන බව දැනටමත් මෙම පුර්ව ක්‍රියා තුලින් පෙනෙන්නට ඇත . ගැටුම වඩාත් උත්සන්න වුවහොත් සාධාරණ හා සාමකාමී කවිමඩුවක් පැවැත්වීමට නිරික්ෂණ කමිටුවක් පත්කිරීමට ද ඉඩ ඇති බව දැනගන්නට ලැබී ඇත. මෙම කවින් අතර ඇතිවූ ගැටුමක් සමනය කිරීමට ගිය පිරිසකටද කිවියෙන්ම පහර එල්ලවී ඇත...මෙම කවිමඩුව පූර්ව ප්‍රඩණ්ඩ ක්‍රියාව සියැසින් දැකගැනීම සඳහා පහත සබැඳියට ගොඩවන්න
ප්‍රභේදය-
රසවින්දන
Sunday, April 4, 2010
උඩඟු ලියන්!
ඇත්තටම ලියන් උඬඟු ද? හැමෝම එහෙම නැති වුණත් වැඩි හරික්ම උඬඟුයි තමා....අනේ පිරිමි නම් එහෙම නෑ ඕනම කාන්තාවක් එක්ක හිනාවෙලා කථා කරන්න කැමතියි.සමහරු නම් ඉතින් හැම කාන්තාව එක්කම කථා කරන අයට මඩ ගහනව "ඕක ගෑණු පෙරේතය" කියල.ඒත් ඒ කථාවේ වරදකුත් නෑ පිරිමි ගෑණුන්ට පෙරේත වෙන්නෙ නැතුව වෙන කාට පෙරේත වෙන්නද නේද? මම කියන්න හදන්නෙ ඒ අහවල් එකක් ගැන නෙවෙයි නන්දා මාලනී මහත්මිය කියන ලස්සනම ලස්සන ගීතයක් ගැන ....
ප්‍රභේදය-
රසවින්දන
Friday, March 12, 2010
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ..
පැන මඩකඩිති වැව් තාවුල වැහි කාලේ ..
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ..
සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ..
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ....
සාමා අමර විකුණති බස් පොලේ කජු..
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු..
උගතමනා ශිල්පය පිල් කඩ නොපැතූ..
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ......
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ..
සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ..
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ....
මේ සිංදුව ඇහුවම අපේ ඇස් වලින් කඳුළු එන තරම් සංවේදී වෙනව අපි අපේ සුන්දර පාසල් කාලයට මොහෙතකට ගමන් කරනවා වගේ දැනෙනවා . මෙහිදී සුනිල් එදිරිසිංහ නම් අසහාය කලාකරුවාගේ සුන්දර කටහඬ මේගීතයේ සුන්දරත්වයට මොණර පිලක් වගේ..මෙහා පළමු පදපේලි වලින් පැවසෙන්නෙ ගුරුවරයා සිසුන්ට යා යුතු නිවැරදි මඟ පෙන්වන ආකාරයයි මඩ ගොහොරු නැමැති කරදරවලින් බේරී හරි මාර්ගයේ යන ආකාරය ගැන ගීත රචකයා උපමාවක් යොදමින් කියා පායි දෙවන පද පේලි වලදී යම් උපහාසාත්මක යෙදවුමක් භාවිතා කර ඇත සිප් කිරි පෙවූ මූසිලයන් උඩුමාලේ... යනුවෙන් සිසුන්ඉහළ ස්ථාන වල වැජබුනත් ගුරුවරයා එතැනම බව මින් කියවේ.
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු..
උගතමනා ශිල්පය පිල් කඩ නොපැතූ..
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ......
මෙම කොටසින් කියැවෙන දේ ගැන විමසුමු, මෙම කොටසේ පළමු පද පේලි දෙකෙන් කියවෙන්නේ එකල ශිල්පය ඔනෑකමින් හදාරා නොමැති අය අද දුක්විදින බවත්,උගතමනා ශිල්පය පිල් කඩ නොපැතූ..වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ...... යන්නෙන් අදහස් වන්නේ එසේ දුක් විඳින පුද්ගලයන් පසු තැව්ල් වන ආකාරය නොවෙද? ඒ දුන් දඬුවමේ අගය දැන් ඔවුනට වැටහෙන බව කියා පෑමට උත්සාහ දරා ඇත.
රන්මසු පට පිලි අභරණ උරණවෙලා....
සමන්පිච්ච කැකුළිය ගෙයි මිළීන වෙලා....
ගුරු නිවහනේ කඳුළට උල්පතක් වෙලා..
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා...
මෙම කොටස ගීතයේ සංවේදීම කොටස සේ මා දකී පාසල් ගුරුවරයකුගේ කථාවේ අවසන් ජවනිකාව මෙය ලෙස කිව හැක එකළ ලොකුහාමිනේ යැයි අදහස් කරන්නේ පාසලේ මුල් ගුරුතුමාගේ බිරිදයි එසේම මෙම ගීතයේදී මෙම කථාවට ලක්වූ ගුරුතුමාගේ බිරිද පාසල් ගුරුවරියක් යැයි සිතේ . රන්මසු පට පිලි අභරණ උරණවෙලා....සමන්පිච්ච කැකුළිය ගෙයි මිළීන වෙලා....ගුරුනිවහන අභාවයට ගොස් ඇති අතර ඇය මෙලොවින් සමු ගත් ආකාරයක් මෙහිදී කිය වේ.
ප්‍රභේදය-
රසවින්දන
Tuesday, March 9, 2010
දවසක් පැල නැති හේනේ....
හැම දාම කොම්පියුටර් ගහල හරියන්නෙ නෑ ඔන්න තව රසවින්දනයක් කරන්නයි ලෑස්තිය ඔයාල අහල ඇතිනේ ගුණදාස කපුගේ මහත්තයගෙ,
දවසක් පැල නැති හේනේ...
අකාල මහ වැහි වැස්සා...
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ....
දවසක් පැල නැති හේනේ...
අකාල මහ වැහි වැස්සා...
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ....
ඉතින් මේ සින්දුව ඇහුවම ඔබට මොකද හිතෙන්නෙ ඇයි මේ දවසක් පැල නැති හේනේ කියල දාල තියෙන්නෙ.සමහරු මේ කියමන ගැන ඒ තරම් හිතන්නෙ නැති වුනාට මේ වචනයෙන් ලොකු අර්ථයක් දෙනව,පවුලක සාමාන්‍යයෙන් වෙහෙසිලා වැඩ කරන්නෙ පිරිමිය එතකොට පිරිමියෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පැලක් හදනව නේ ඒත් මෙතන පැල නැති හේනේ කියන්නෙ ඒ පව්ලෙ පිරිමිය නැති බව කියන්න .කොච්චර ප්‍රභල කියමනක්ද? එහෙව් අසරණ වෙච්ච මොහොතක අකාල මහ වැසි නැමැති කරදර බාදකත් එනව ඒත් ඒ අම්ම තම දරුවන්ට ඒ කරදර වලින් බේර ගන්නව.ඒ සෙනෙහස දරුවන්ටත් දැනුන ඒ බව කියන්නෙ ඒ දරුවෙක් මයි.
නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ......
මේ පද පේලි නම් හිතා ගන්න බැරි තරම්, සැමිය අහිමි උන කාන්තාවකට නින්දා කියන දේ උරුමයි නේ ඒත් සුළුපටු නින්දා නොවෙයි නුවර වීදි යට කරගෙන යන තරමට වහින වැස්සක් වගේ නින්දා ගැරහුම් ආවෙ, ඒ වගේම නින්දා වලින් බිරිදකගේ සෙනෙහස කියන දේ නැති කරලම දැම්මෙ හරියට යෝධ ඇලේ නැම්මේ වතුර කඩා හැලෙනව වගේ.ඒ හැම දෙයක්ම අප වෙනුවෙන් ඉවසපු ඔබේ සෙනෙහස ගැන ආඩම්බරයි අම්මේ,
කොළඹ අහස කළුකරගෙන මූහුදු හුලග අඩලන කොට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදි කඩ ලග ඉන්නවාද අම්මේ............මං එනනනනනන තුරු ඉන්දිකඩ ලග ඉන්නවාද අම්මේ..................
ප්‍රභේදය-
රසවින්දන
Thursday, March 4, 2010
පෙරදිනයක මා පෙම්කළ යුවතිය......
තොරතුරු තාක්ෂණය ගැනම කියද්දි බෝරිං වගේ ඒ හින්ද මම රසාස්වාදය ගැන අපූරු අදහසක් දෙන්නයි මේ හදන්නෙ හැමෝම සිංදු අහනව තමයි ඒත් ඒ සිංදු වල සංගීතයයි රිද්මයි ගැන විතරයි හිතන්නෙ මම කැමතියි ඒ මනස පොඩ්ඩක් වෙන පැත්තකට යොමු කරන්න.
මේක හැමෝම අහල තියන සිංදුවක් අමරදේව මාස්ටර්ගෙ පෙර දිනයක මා....පෙම්කර යුවතිය සියපුතු නලවනවා....මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතුවෙනවා........මේ සිංදුව ඇහෙන කොට හිතට හන්නෙ වෙන අදහසක් තමන්ගෙ පෙම්වතිය අහිමි වුණු පෙම් වතකුගෙ සෝකී හඩක් තමයි ඇසෙන්නෙ ඒත් මේ සිංදුවෙන් එයා කියන්නෙ තමන්ගෙම බිරිද ගැන සිංදුව නැවත හොදට අහන්නකෝ ඒ වගේම තව සිංදුවක් තියනව වෙහෙරලියද්ද මහත්තය කියන පෙරුම් පුරාගෙන ආ..සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ..කාටද රිදුනේ කවුරුද හැඩිවේ දුම්රිය මොහොතක් නතර වුණේ....බලන්න මොන තරම් ප්‍රභල කථාවක්ද ? ඒත් ගොඩක් අයට මේක වැටහෙන්නෙ නෑ එයි මේ දුම්රියක් මේකට ගාව ගත්තෙ කියල...මේ සිංදුවෙන් කියන්නෙ දුම්රියේ ගමන් කරන මගියෙක් දුම්රියට පැනල මැරුණු මිනිසකු දෙස බලන ආකාරය හොදට අහන්න එතකොට වැඩේ තේරෙයි....තව සිංදුවක් තියෙන්නෙ නන්දා මාලනී මහත්ම්යගෙ සුදුහාමිනේ.......කියල ඒකත් හරි අපූරු ගිතයක් අම්ම කියන වචනය නොකියා අම්ම ගැන කියන සිංදුවක්
ව්චාරය කියන දේ මේකයි කියල හරියටම කියන්න බෑ එක එක්කෙනා බලන කෝණය අනුව තමයි කියන්න වෙන්නෙ මම මේ කියපු දේවල් තව කෙනෙක් කියයි නෑ මෙහෙම නොවයි කියල ඒක ප්‍රශ්නයක් නෑ විචාරය කිරීමේ අයිතිය සියලුදේනාටම.....
එවැනි සිංදු කිහිපයක් - මෙතනින් ගන්න
ප්‍රභේදය-
රසවින්දන
Subscribe to:
Posts (Atom)


















