Ads 468x60px

Featured Posts

.

Thursday, March 28, 2019

පරිගණකයේ වෙලාව නිතර වරදිනවද?

පරිගණකයේ ඇති කුඩා බැටරිය දුර්වලවීම නිසා සෑම විටම පරිගණකය විදුලි විසන්දි වීමකදී දිනය වෙලාව වැරදි වේ එය සෑම විටම සකස් කිරීමට බොහෝ දෙනෙක් මැලි කමක් දක්වයි එම නිසා මෙම කුඩා පරිගණක වැඩසටහ  මඟින් අන්තර්ජාලය හරහා ස්වංක්‍රීයව දිනය හා වෙලාව නිවැරදි කර ගනී

එම වැඩසටහන බාගත කර ගරනීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න

Download

Tuesday, July 26, 2016

හෙළ වෙදකම හා පච්ච කලාව...

අද සමාජයේ පච්ච කලාව සාමාන්‍ය අංගයක් බවට පත්වී තිබේ බටහිර සංස්කෘතියට නැඹුරු බොහෝ පිරිස් මෙම පච්ච කලාවට ප්‍රිය තාවයක් දක්වයි. පච්ච කලාවේ ආරම්භ නව ශිලා යුගය තරම් ඈත අතීතය දක්වා දිවයයි ක්‍රි.පූ 3100 පමණ පැරණි අයිස්මෑන් ඔට්සි නැමැති ශරීර කොටස් මත පච්ච වැනි නිර්මාණ කර ඇති ආකාරයක් පුරා විද්‍යාඥයින් සොයාගෙන ඇත. නමුත් ශ්‍රී ලංකාවේ පච්ච කලාව බිහි වූයේ ඉංග්‍රීසින්ගේ ආක්‍ර‍මණ වලින් පසුව බව බොහෝ දෙනාගේ පිළි ගැනීම වුවත් එය ලංකාවේද ඈත අතීතය දක්වා දිව යන්නකි. 

හෙළ වෙදකම ප්‍ර‍චලිතව පැවති ලංකාවේ මෙන්ම ඉන්දියාවේද විශ්මිත නිල ශාත්‍ර‍ය හෙවත් නිල අල්ලා ලෙඩ සුව කිරීම පැවතුණි ඒ අනුව එක් නිලයක් එක් වරක් පමණක් ඇල්ලිය හැකි අවස්ථා වෙද මහතුන් විසින් නිර්දේශ කොට තිබුණි දෙවනි වතාවේදීද එම නිලය ඇල්ලුවහොත් ඔහුගේ මරණය සිදුවේ එබැවිණ් එය ඉන්පසුව ඔහු හෝ ඇය පරික්ෂා කරන වෙද මහතුන් දැනගත යුතුය. පුස්කොල වල ලියා තබා හෝ එවැණි දේ ජීවිත කාලයම ආරක්ෂා කිරීම අපහසු බැවිණ් එයට පිළියමක් වශයෙන් නොමැකෙන ලෙස සම මත මෙම නිලය මා පළමුවරට අල්ලා ඇත.... යනුවෙන් සඳහනක් තබන ලදී පසු කාලීනව මෙය කලාවක් බවට පත්වී යම් උපදේශාත්මක වැකි... ගීත කොටස් ..කවි වැනි වදන් නොමැකෙන ලෙස සම මත සටහන් තැබීමට මිනිසුන් පෙළබී ඇත .... ඉන්පසුව පින්තූර පවා සම මත ඇදීම සිදුවිය...



එතැන් පටන් ලංකාවේද පච්ච කලාව ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත... දැන් ඔබට වැටහෙනවා ඇති පච්ච කලාව සුද්දන්ගෙන් පැමිණි දෙයක් නොවන බව.



Saturday, February 21, 2015

බයියන් යනු .....

හිටපු ජනාධිපති තුමා අයවැය කථාවෙදි කිව්ව කොහොමද බයියන්ගෙ වැඩ... කියල එත් එතුමාවත් බයියො කියන්නෙ කාටද කියල නොදැන වෙන්න ඇති... 

මම ටිකක් හොයල බැලුව කවුද මේ බයියෝ කියන්නෙ කියල... කථාව මෙහෙමයි ඌව වෙල්ලස්ස කැරැල්ල සමයෙ සිංහලයින් බොහෝ පිරිසක් පපුව ඉස්සරහට දාලා සටනට ගියා ඒත් සිංහලයින්ගෙන් සුළු පිරිසක් විතරක් සටනට බය වුණා ... ඒ බය වුණ පිරිස බිබිල හරහා මහියංගනය, පොළොන්නරුව වගේ පැති වලට බයේ පැනල ගියා එහෙම පැනල ගියපු පිරිස කැළේ අතරමං වුණා ඊට පස්සෙ අපේ ආදීවාසීන් එක්ක මෙම පිරිස ජීවත්වෙන්න පටන් ගත්ත ආදිවාසීන් වන වැදි ජනතාවත් එයාල බයේ පැනල ආපු නිසා බයියෝ කියල තමයි ආමන්ත්‍රණය කලේ ඒදා පටන් තමයි මේ බයියන් කියන පිරිස ඇති වුණේ අදටත් එම ප්‍රෙද්ශවල ඒ බයියන් ජීවත් වෙනව ... ඔන්න ඔහොම තමයි බයියෝ ඇති වුණේ හැබැයි දකුණු පලාතටත් එහෙම සටනට බයේ පැනල ගියපු පිරිසක් හිටියද කියල නම් දන්නෙ නෑ ....... 

Tuesday, November 18, 2014

සියඹලා මල් කටට රහට....

සියඹලා මල් කියන්නෙ හොඳ කෑමක් නිකන් වුණත් කන්න පුළුවන් එත් සියඹලා මල් උයල කාලතියෙනවද? මමත් ළඟදි තමා දැනගත්තෙ... අද මම කියන්න හදන්නෙ සියඹලා මල් උයල කන හැටි....

සියඹලා මල් හැදෙන කාලෙට ඒව එකතු කරල මෙන්න මේ විදියට උයල බලන්න පොඩි ඇඹුල් රහක් එක්ක මිහිරි රහක් තමයි එන්නෙ.. 

අවශ්‍ය ද්‍රව්‍ය-
සියඹලා මල් ටිකක්
බැදපු තුනපහ ටිකක්
ලුණු
කරපිංචා
සුදු ළුණු
ඉඟුරු
සූදුරු
පොල් කිරි
පොල් තෙල්

සාදන ක්‍රමය-

සියඹලා මල් වලට ලුණු,මිරිස්,කහ, තුනපහ දමා කවලම් කර ගන්න පසුව ඒවා පොල් තෙල් ස්වල්පයකට දමා තෙම්පරාදු කරගන්න ඉන් පසු අඹරා ගත් සුදුළුණු,ඉඟුරු,සූදුරු එක්කොට පොල් කිරි (මිටි කිරි) දමා මදක් හින්ඳා ගන්න..අවශ්‍ය නම් සීනි ස්වල්පයකුත් එක්කර ගන්න... 

මෙන්න මේ විදියට සියඹලා මල් ටිකක් උයල බලන් කට දිව පිනවන කෑමක් වේවි..........


Sunday, October 26, 2014

නොමිලේ සුවඳ විලවුන් සාම්පල් ගෙදරටම ගෙන්න ගමු....(කාන්තාවන් සඳහා පමණයි)

ESCADA නම් ලෝක ප්‍රකට සුවඳ විලවුන් අද ශ්‍රී ලංකාවේදී ද මිලදී ගත හැකි වුවත් එම සුවඳ විලවුන් මිල අධිකය කාන්තාවන් සඳහාම විශේෂයෙන් සකසන ලද එම විලවුන් වල සුවද කෙසේ දැයි බලන්න ඔබත් ආසද? එක් වරක් භාවිතා කල හැකි සුවද කැවු ටිෂු එකක් ඔබටත් නොමිලයේම ගෙන්වා ගත හැක එසේම  කීප වතාවක් වුවත් ඇනවුම් කළ හැක.... එසේ නම් කල යුත්තේ පහත ඇති සබැඳියෙන් ගොස් අදාල පෝරමය පිරිවීමයි සතියකින් දෙකකින් ඔබේ නිවසටම එය ලැබේවි... අධික මිලක් දීල ගන්න බැරි එකේ ඒකෙ සුවඳ හරි දැන ගන්න එක ලොකු දෙයක් නේ.... 

මේ තියෙන්නෙ මට හම්බවුණ එක





Saturday, October 25, 2014

නොකියා යන්න ගියා......

ලෝකප්‍රකට මයික්‍රෝෙසොෆ්ට් සමාගම නොකියා ආයතනයේ වෙලඳ නාමය මිලට ගෙන තිබෙනවා එම ගනුදෙනුව සිදුවී තිබෙන්නෙ ඩොලර් බිලියන 7.2 ට ශ්‍රී ලංකා මුදලින් නම් ඒක මෙන්න මේ ගාන රුපියල් 942120000000.00 මින් ඉදිරියට නොකියා Smart Phones වල වෙළඳ නාමය Microsoft ලෙස වෙනස් වීමට නියමිතයි ලුමියා වෙනුවට මයික්‍රෝෙසොෆ්ට් ලුමියා ලෙස නම් වෙනස් වේවි.....


Wednesday, August 6, 2014

බබාලා ඉන්න අම්මලාට කෙට්ටු වෙන්න හොඳම ක්‍රමයක්!

ඔන්න මම කියන්න හදන්නෙ බබාලා ඉන්න අම්මලාට ඉතාම වැදගත් වෙන දෙයක්.. ගොඩක් ගැහැණු බබාල හම්බවුණාම (මල්ටි) බැරල් වගේ මහත් වෙනවා ඉතින් බබාගෙ කිරි වලට අවශ්‍ය විටමින් වර්ග ගැනීමෙන් සහ ව්‍යායාම් නොමැති වීමෙන් තමයි මේ තත්වය ඇති වෙන්නෙ ඉතින් මම කියන මේ ක්‍රමයෙන් තරබාරු බව අඩුකරගන්න වගේම සිහින් සිරුරක් පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා ඒ වගේම අද කාලෙ ළමයි අඬන්න පටන් ගත්තම යක්කු වගේ කොක්කු පෙන්නලා වත් ඇඬිල්ල නවත්තන්න බෑ හැබැයි මේ ක්‍රමයෙන් බබාව නලව ගන්නත් ලෙහෙසියෙන්ම පුළුවන් මොකද බබාල ෆන් එකට කැමතියි නේ...පහල තියෙන වීඩියෝ පටය බලන්න... ඒ විදියට කරගෙන යන්න...... තාත්තලාටත් මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන් .......