Ads 468x60px

Showing posts with label සමාජීය-පොදු. Show all posts
Showing posts with label සමාජීය-පොදු. Show all posts

Monday, May 27, 2013

නිවන් නොයා පත්තුකරන් යන අපේ හාමුදුරුවෝ...(සංවාදයට විවෘතයි)

සියලු බෞද්ධ ජනතාවගේ අවසන් පරමාර්ථය නිවන කරා ගන් කිරීමයි එසේ නිවන කරා ගමන් කිරීමේදී ගිහි සැප එයට බාධාවක් යැයි සිතා පැවදී ජීවිතයට පිවිසෙන්නේ වේලාසනින් නිවන් යෑමේ අරුමුණිනි එහෙත් අද සම-හරක් ලාංකික භික්ෂුණ් වහන්සේලාගේ ක්‍රියා කලාපය අනුව ගිහියන් පැවදියන්ට වඩා ඉක්මණින් නිවන් අවබෝධ කරගනු ඇතැයි සිතිය හැක.. 


පහුගිය දිනෙක තම සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකරගත් භික්ෂුණ් වහන්සේගේ එම ක්‍රියාව වීරත්වයක් සේ සලකන පිරිස බොහෝය නමුත් එම ක්‍රියාව ඉතා පහත් ක්‍රියාවකි තමාගේ ජීවිතය තොර කිරීම බුදු දහමට අනුව ප්‍රභල පාපකර්මයකි මිනිසුන්ගේ හිත් සුවපත් කිරීමට , බුදුදහම රැක ගැනීමට සසුනට පිවිසි ‍භික්ෂුණ් වහන්සේලා සියදිවි හානි කරගන්නවා නම් බුදුදහමේ සැබෑ අරුථවත් නොදැන මෙතෙක් කල් චීවරය දරා සිටියා විය යුතුය එසේ නමු ඔහු චීවර ධාරියෙක් පමණි..එසේම එය බුද්ධ සාසනයේ පිරීහීමට පවා බලපාන සාධකයකි භික්ෂුණ් වහන්සේලාද අනෙක් අගාම්වල මෙන් අන්තගාමී ක්‍රියා පිළිවෙත් ඇසුරු කරයි නම් බුදුදහමේ පිරීහීමට එය රුකුලකි. බුදු දහම අනුව සිය දිවි හානි කරගැනීම අපා ගතවන පාපකර්මයකි නිර්වාණයට එය බාධාවකි විද්‍යාවට අනුව නම්  සිය දිවි හානිකරගැනීම මානසික දුර්වලතාවයක් හො පුද්ගල පෞරුෂත්ව ආබාධ නිසා ඇති කරගන්නකි.

Friday, August 17, 2012

ඔෆිස් මාමල නැන්දලගෙ ඇත්තම කථාව....(සියලුම ලොක්කන් අනිවාර්යයෙන් කියවන්න)

ඔන්න දුවේ පුතේ එකෝමත් එක රටක හිටියා පොහොසත් සිංහයෙක් මේ සිංහයට තිබුණ කොම්පැනියක් එකේ ඉතාම කඩිසර කූඹියෙක් වැඩ කළා මේ කූඹියා හරිම දක්ෂයි ඉතාම වෙහෙස මහන්සි වෙලා කඩිසරව වැඩ කරල ඒ ආයතනයේ ඉතාම හොඳ ප්‍රතිඵලත් පෙන්නුව ඒ වගේම එයා එතන වැඩකලේ හරිම සතුටින් ඒ වගේම නිදහසෙන්....හැම තිස්සෙම සිනහවෙන් . ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිල ගියා දවසක් සිංහයාට හිතුණ කූඹියා කිසිම අධික්ෂණයක් නැතුව වැඩකරල මේ විදියට ප්‍රතිඵල පෙන්වනවනම් යම් අධීක්ෂණයකින් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියල.එහෙම හිතල මෙයා හොඳට ගිණුම් වාර්ථා හදන්න පුළුවන් අකුරට වැඩකරන කැරපොත්තෙක් තමයි මේ වැඩේට තෝරගත්තෙ (Accountant) ඒ වගේම කැරපොත්තට හොඳ වැටුපකුත් ලැබුණ වාහනයකුත් ලැබුණ.

කැරපොත්තා ආපු ගමන් පැමිණිමේ ලේඛණයක් දැම්මා ටික දවසකින් ඇඟිලි සලකුණු යන්ත්‍රයකුත් ගත්ත (fingerprint Scanner)  ඒ වගේම නීති මාලාවකුත් දැම්ම එස් පහ (S5) කියන එකත් හදුන්වා දුන්නා ඒ වගේම සහයිකාවක් විදියට ලස්සන මකුළුවෙකුත් ගත්ත  (Account Assistant) දුරකථන ඇමතුම් ගන්න සහ වාර්ථා හදන්න. වැඩ පහසු කරගන්න වාර්ථා හදන්න ඕන නිසා පරිගණකකුත් මිලට ගත්ත. ඒක ක්‍රියා කරවන්න දත්ත ඇතුලත් කරන්න මැස්සෙකුත් වැඩට ගත්ත (Computer Operator) ඇත්තටම කැරපොත්තාගෙ වැඩ ගැන සිංහයා හොඳටම පැහැදිලා හිටියේ මේ අතරෙ අංශ ප්‍රධානියෙක් තෝරන්න සිංහයා හිතුවා ඒ වැඩේ බාර දුන්නෙ කුරුමිණියෙකුට (Manager) එයා ආපු ගමන්  වායු සමනය කළ කාමරයක්, සුවපහසු පුටුවක් ලබා ගත්ත ඒ වගේම ලැප්ටොප් එකක් සහ තවත් බොහෝ දේ මිලට ගත්ත ඒ වගේම කුරුමිණියා සහායිකාවක් විදියට මදුරුවෙකුත් වැඩට ගත්ත (Assistant manager) 
                                                          

Tuesday, July 24, 2012

දවල්ට ක්‍රිකට් ගහන්න බැරිද?

දිවයින පුරා අද විදුලිබල අර්බුධයක් තියෙනව ඒ වගේම සැරින් සැරේ විදුලිය කපනව ඒ මදිවට රෑ තිස්සෙ ක්‍රිකට් ගහල විදුලිය නිරපරාදෙ නාස්ති කරල දානව මුන්ට මේව නොතේරෙන හැටි. විදුලිබලය පැය කිහිපයකට හෝ නොමැති වීමෙන් සමහර ආයතන ලබන පාඩුව අති විශාලයි එසේම විදුලිය නොමැති වීමෙන් සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතාවය අති විශාලයි එසේත් තිබියදී රෑ තිස්සෙ රගර් මැච්, ක්‍රිකට් මැච් ගහන ඒව‍ ඒ වගේම රෑ තිස්සෙ ලයිට් දාගෙන සැනකෙළි පවත්තන ඒව, දේශපාලන රැස්වීම් පවත්තන ඒවා අඩුම ගානේ මේ අර්බුධය අවසන්වෙනකන් වත් අතිහිටෙව්වොත් හොඳයි කියල කියන ගමන් ලොක්කන්ගෙ මැටි මොල වලට මේ වගේ අදහස් පැමිණේවා කියා ප්‍රාර්ථනා කරනවා.


Thursday, January 12, 2012

පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පියාට පිං......

පෞද්ගලික විශ්ව විද්‍යාල අධාපනයේ පියා ලෙස හැදින්වූයේ එස්.බී දිසානායක මැතිතුමාය ඒ එතුමා ඒ සඳහා මුල් වූ බැවිණි. එතුමාගේ වාචාල කක්කුස්සි කටට මා පෞද්ගලිකව අකමැති වූවත් එතුමාගේ මෙම සත් ක්‍රියාව අගේකොට සලකමි එසේම මහජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල ඩෙගා නටන එකාලගේ පන්ති තහනම් කිරීම හා ශිෂ්‍යය භාවය අහෝසි කිරීම වැනි ක්‍රියාවන් ද අගය කොට සලකමි. විශ්ව විද්‍යාල වල සම(හරක්) සිසුන් හයියෙන් වාතයක් ගියත් වීදි බැස කෑ ගසන යුගයක නිකම්ම නිකන් කුපාඩින්ට ආචාර්ය උපාධීන් පිරි නමද්දි එවුන් වකුටූ වී නිදි වදිති එවිට උපාධිය හෑල්ළුවට පත්වන්නේ නැද්ද?

Wednesday, February 2, 2011

අපේ හාමුදුරුවන්ට නිගා කරන ලංකාවේ මුද්දර.....

විදේශිකයින් බුදුරුව හෝ හාමුදුරු නමකගේ රුව වෙළඳ සලකුණක් හෝ වෙනයම් කටයුත්තකට භාවිතා කළ අවස්ථාවන්හී ගිරිය පුප්පා කෑ ගහන අපේ ලාංකේය සිංහල බෞද්ධයින් අපේ රටේ රජය මඟින්ම එවන් දේ කරද්දී ඇහැ කන පියාගෙන බලාසිටිති. මෙවර 2600 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිකුත් කරන ලද රුපියල් 5 මුද්දරය ඔබ දුටුවාද?  එහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සිටින පන්සලක් පෙන්නුම් කරයි ඒ භික්ෂුන් වහන්සේලා මතට වැරෙන් එල්ල වන තැපැල් කන්තෝරුවේ මුද්‍රාව අපේ හාමුදුරුන්ට නිගා නොකරයිද? බෞද්ධයින්ට නිගා නොකරයිද? එසේම මෙම ක්‍රියාව සිදුවන ප්‍රථම අවස්ථාවද මෙය නොවේ මීට පෙරද හාමුදුරුවන් වහන්සේලාගේ රුව ඇතුලත් මුද්දර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කොට තිබේ භික්ෂු රුව සහිත ඇඳුම් ඇඳීමත්, වෙළඳ සලකුණු සඳහා භික්ෂු රුව යොදාගැනීමත්  මුද්දර සඳහා බෞද්ධ භික්ෂු රුව භාවිතා කිරීමත් අතර ඇති වෙනස කුමක්ද?





Thursday, December 9, 2010

ටයි පටිය හා අපේ ඇත්තෝ....

අපේ ශ්‍රී ලාංකික බොහෝ දෙනාද අද ටයි පටිය පැලඳීම බහුලව සිදුකරති නමුත් එහි ඇති අර්ථය ,තේරුමක් කුමක්දැයි දන්නා පිරිස අල්පය. ටයි පටිය පලඳින කිහිප දෙනෙකුගෙන් කල විමසීමකදී මට ලැබුණ පිළිතුරු එකිනෙකට පරස් පරය. ඒවා නම් මෙසේය.....

ගුරුවරුන්ට ඩ්‍රයිවින් ලයිසන්....

පසුගියදා පාර්ලිමේන්තුවටත් ගිය ඩ්‍රයිවින් ලයිසන් ප්‍රශ්නය ගැන මනුස්සකමටත් කතා කරන්න හිතුණ මොකද මේක රටේ ප්‍රශ්නයක් වුන නිසා....ජාත්‍යන්තර පරිගනක මෙහෙයුම් බලපත්‍රය කියල කියන්නෙ ලෝකයේ රටවල් කිහිපයක්ම සම මට්ටමින් පිළිගන්නා පාඨමාලාවක් ප්‍රධාන වශයෙන් මෙම පාඨමාලාවට ඇතුලත් වන්නේ මයික්‍රෝසොෆ්ට් ආයතනය මඟින් නිකුත් කරන වින්ඩොස් මෙහෙයුම් පද්දතිය ,කාර්යාල මෘදුකාගය , අන්තර්ජාලය, හා විද්‍යුත් තැපෑල කියන කොටස් ටික. බොහෝ පරිගණක ඉගැන්නුම් ආයතන වලත් මෙම විෂය නිර්දේශය ඉතාම ජනප්‍රියයි මාස 6ක ඩිප්ලෝමා කියල උගන්වන්නෙත් මේ ටික. ඉතින් අධ්‍යාපන අමාත්‍යංශයත් ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම අයි.සී.ඩී.එල් නැත්නම් ජාත්‍යන්තර පරිගනක මෙහෙයුම් බලපත්‍රය නැමැති පාඨමාලාව ගුරුභවතුන් වෙනුවෙන් ඔවුන්ගේ පරිගණක දැනුම ඔප නැංවීම සඳහා ලබා දෙන්න කටයුතු කරල තියෙනව දින 18 වැනි කාලයක් නිවාඩු සහ දීමනා සහිතව. නමුත් මෙතන ඇති වී තිබෙන ගැටලුව මේ පාඨමාලාවෙන් ගුරුවරුන් ප්‍රයෝජන ගන්නවාද නැද්ද යන්නයි.

Monday, October 4, 2010

මේ සොච්චමත් තොපිම තියාගනිව්!

ලෝක වැඩිහිටි දිනය ගැන පහුගිය දවස්වල හැමොටම වගේ තිබුණෙ පුදුම කැක්කුමක් ඉතින් ගොඩක් වැඩසටහන් එහෙමත් විශාල මුදල් වැයකිරීම් කරල සංවිධානය කරල තිබුණ...හැමොම වගේ ඒ ගැන කථා කර නිසා මනුස්සකම වෙනුවෙන් වැඩිහිටි‍යන්ට සාධාරණයක් ඉටු කරන්න පොඩි හඬක් නඟන්න ඕන කියල හිතුණ. රජය විසින් වැඩිහිටියන් වෙනුවෙන් ලබා දෙන පිං පඩිය රුපියල්වලින් කීයද? කියන්න කනගාටුයි එය රුපියල් 100/- තරම් කුඩා මුදලක් නමුත් ඒ මුදල ගන්නත් අදාල දිනයට තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉන්න වැඩිහිටියො දිහා බැලුවම දැනෙන්නෙ හිතට දුකක් අද කාලෙ රුපියල් සියයකින් කරන්න පුළුවන් කජ්ජක් ති‍‍බේද?  එය එක් බත් පාර්සලයක් ගැනීමට යන්තම් ප්‍රමාණවත් වන මුදලක් පමණි. දුර බැහැර ප්‍රදේශයක සිටින පුද්ගයෙකු මෙම මුදල ගැනීමට බස් කුළිය වශයෙන් රුපියල් විසිපක් වියදම් කළහොත් කඩේකට ගොස් බනිස් ගෙඩියක් කා තේ උගුරක් බිව්වොත් ඉතුරුවෙන සොච්චම අහවල් දෙයක් කරන්නද?

Thursday, July 29, 2010

කොට ඇඳුම් තහනම්!

ලංකාව තුල ව්‍යප්ත වී යන ඩෙංගු වසන්ගතය තුරන් කිරීම සඳහා මෙතෙක් සාර්තක වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට රජය අපෝසත් වී ඇත එසේම එයට පිළියමක් ලෙස කොට ඇඳුම් තහනම් කිරීමට සෞඛ්‍ය අමාතංශය පිඹුරුපත් සකසමින් සිටින බව වාර්ථාවේ එසේම සියලුම පාසල්වල නිල ඇඳුම කාලෝචිතව වෙනස් කල යුතු බව ඔවුන්ගේ අදහසයි දැනටමත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් වල මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ ගැහැණු ළමයින්ට සුදු ගවුමට අමතරව සුදු දිග කලිසමක් හදුන්වා දී ඇත එසේම නගරබද ප්‍රදේශයන්ගේද කොට ගවුම් ඇදීම තහනම් කර ඒ වෙනුවට දිගු ඇඳුම් භාවිතය හදුන්වා දීමට අදහස් කරන බවද ආරංචිමාර්ග සඳහන් කරයි....(පුවතක්)

Wednesday, July 7, 2010

පාසලක් තුල විනය රැකගන්න කළයුත්තේ...

පහුගිය ටිකේ අරුණ සර් ගෙ බ්ලොග් එකේ පලවෙලා තිබුණ අදහස් දැක්කම මට හිතුණ පාසලක් තුල විනය රැක ගන්න කළයුත්තේ කුමක්ද? පිළිබඳ මත විමසුක් පවත්වන්න.උගත් බුද්ධිමත් හැමෝගේම මේ පිළීබදව දක්වන අදහස් මොනවද කියල බලමු සමහර විට මේඅදහස් තුලින් අධ්‍යාපන ‍අංශයන්හී රැදි සැමටම හොඳ නිගමනයන් වලට එන්න ප්‍රළුවන් වෙයි මොකද බුද්ධිමතුන්ගෙ අදහස් නිසා... ‍පහල ඇති සබැඳියෙන් එම මත විමසුමට පිවිසෙන්න ඔබගේ වෙනත් අදහස් ඇත්නම් එහි  comments වෙත ගොස් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න...

Tuesday, July 6, 2010

හොඳ කෙල්ලෙක් එක්ක යාළුවෙන්න ඕන හොඳ ගතිගුණ සහ හොඳ පෞර්ෂයක් ලු!

හොඳ කෙල්ලෙක් එක්ක යාළුවෙන්න තියෙන් ඕන හොඳම දේ කුමක්ද කියා පැවැත්වූ මත විමසුම අවසන් කරමින් එහි ප්‍රතිඵලය ඔබවෙත ගෙන ඒමටයි සැරසෙන්නෙ තියෙන්න ඕන "හොඳ ගතිගුණ" කියල තමයි ගොඩක් අය කියල තිබුනේ හැබැයි ඊට ටිකක් සමාන්තරව "හොඳ පෞර්ෂයක්" තියෙන්න ඕන කියලත් කට්ටිය කියල තිබුණ ඉතින් තුන්වෙනියට නම් තිබුණෙ "හොඳ රැකියාවකුත්" ඕන කියල අනිත් අදහස් නම් සමානව තමයි බෙදිල ගිහින් තිබුණෙ විශේෂත්වය තමයි "දේපොල වතුපිටි" කියන එකට කිසිම කෙනෙක් කැමැත්ත පල කරල තිබුනෙ නෑ.මේ ප්‍රතිඵලය අවංක අදහස් නම් ඉතින් ගොඩක් හොඳ තත්වක් මොකද හේතුව දැන් දැන් මිනිස්සු මනුස්සකම ගැන හිතනව කියල අපට පොඩි නිගමනයකට එන්න පුළුවන්.ඉස්සරනම් මුල්තැන ලැබුනෙ කඩවසම් බව,දේපොල වතුපිටි, සමාජ තත්වය,ජනප්‍රියත්වය කියන දේවල් වලට නමුත් හොඳගතිගුණ,පෞර්ෂය,රැකියාව යන සාධක ගැන දැන් දැන් හිතනව... හැබැයි තවමත් ‍මේ ටික තේරුම් ගන්න බැරි පිරිසකුත් ඉන්නව කියල නම් කියන්න ඕන...

Monday, July 5, 2010

ග්‍රීන් ටෙස්ට් (දුම් පරික්ෂාව) නිසා චාටර් කන වාහන කාරයින්...

ඔබත් වාහන හිමියෙක් නම් ඉතින් මම මේ කියන චාටර් එක අනිවාර්යයෙන්ම කාල ඇති කොළඹ ගැන නම් මම දන්නෙ නෑ පිට පළාත් වලනම් වාහන කාරයින් මේ ග්‍රීන් ටෙස්ට් නැත්නම් දුම් පරික්ෂාව නිසා කන්නෙ මාර කට්ටක් ඒකට හේතුව තමයි මෙම දුම් පරික්ෂාව සඳහා පිහිටවන ලද ග්‍රීන් ටෙස්ට් මධ්‍යස්ථාන ඇත්තේ එක් දිස්ත්‍රික්කයකට (පිට පළාත්) එකක් බැගින් වීමයි. තම වාහනයේ දුම් පරික්ෂාව වෙනුවෙන් කිලෝ මීටර 50කටත් වඩා වැඩි දුරක තම වාහනය පැදවීමට සිදුවෙයි උදාහරණයක් ලෙස තණමල්විල වාහන හිමි කරුවකු අම්බලන්තොට ග්‍රීන් ටෙස්ට් මධ්‍යස්ථානය දක්වා රිය පැදවිය යුතුව ඇත.මෙය සාර්ථක පරිසර හිතකාමි වැඩසටහනක් වුවද මෙමඟින් වාහන හිමි කරුවන් පත්වන්නේ දැඩි අපහසුතාවයකටය. මෙම දුම් පරික්ෂණ මධ්‍යස්ථාන සෑම ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල භුමියක් තුල හෝ බද්ධව ඇති කරන්නේ නම් ඉතා යෝග්‍ය බව අපගේ මතයයි. එමඟින් එකම ස්ථානයකින්   දුම් පරික්ෂාවද වාහන බලපත්‍රයද ලබාගත හැකි වනු ඇත.බලධාරීන් මේ පිළීබඳ අවධානය යොමු කරන්නේ නම් මැනවි.රටේ ජනයාගේ පහසුකම් වැඩි දියුණු කිරීම රජය සතු යුතුකමකි!



Sunday, May 9, 2010

එළ හරකයි මී හරකයි!

ලංකා රාජ්‍ය තොරතුරු ජාලය (LGN) අද ලංකාව පුරා ව්‍යාප්ත කර  ඇති රාජ්‍ය සේවයට ඉතාම ප්‍රයෝජන වත් පද්දතියකි ඉක්ටා ආයතනය හා ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව කරන මෙම වැදගත් ව්‍යාපෘතියේ යම් අඩුපාඩුද ඇත.කෙසේ වෙතත් ඉක්ටා ආයතනය විසින් නිති විරෝධී පරිගනක වැඩසටහන් මේ රටින් තුරන් කිරීම උදෙසා මෙම ජාලයේ පරිගණක සඳහා විවෘත කාර්යාල මෘදුකාංග (Open Office) හදුන්වා දී ඇත එමෙන් විද්‍යුත් තැපෑල සඳහාද තන්ඩර් බර්ඩ් (Thunderbird)නැමැති විවෘත වැඩසටහන හදුන්වා දී ඇත නමුත් මෙම වැඩසටහන් සියල්ලම ධාවනය කිරීම සඳහා ලබාදී ඇති මෙහෙයුම් පද්දතිය වන්නේ වින්ඩොස් විස්ටා (Windows Vista)මෙහෙයුම් පද්දතියයි නිති විරෝධි වැඩසටහන් නැවැත් වීම සඳහා ඉහත කී විවෘත වැඩසටහන් හදුන්වා දෙමින් විස්ටා වැනි මුදල් ගෙවා ලබාගත යුතු වැඩසටහනක් මෙහෙයුම් පද්දතිය සඳහා යොදා ගැනීම කොතෙකුත් දුරට සාර්ථක ද? එය හරියට එළ හරකකු සහ මී හරකකු සංසංර්ගයේ යෙදවීමක් වැන්නය

Wednesday, April 28, 2010

පිරිමින්ගෙ බොළඳ කම..

පුංචිකාලෙ පුංචි ගෑණු ළමයි කැමති බෝනික්කන්ට ඒත් පුංචි පිරිමි ළමයි කැමති යෝධයින්ට...කල් ගතවන විට මේක වෙනස් වෙනව ඒ කියන්නෙ අනිත් පැත්ත පෙරලෙනව ලොකු උණාම ගෑණුලමයි කැමති යෝධයින්ට ඒත් පිරිළමයින් කැමති බෝනික්කන්ට..මේ කථාව සම්පූර්ණ ඇත්ත.මේ නිසාම මට හිතුණ බොළඳ කම පිළීබඳව ටිකක් වැඩිපුර හොයල බලන්න ඒ සඳහා මම යොදාගත්තෙ සිග්මන් ප්‍රොයිඩ් (Sigmund Freud) කියන ප්‍රකට මනෝවිද්‍ය දාර්ශනිකයාගේ පොත් කිහිපයක්.වර්ථමානයේ ආදරය කරන්නට පිවිසි පිරිමි ළමයින් අතුරින් 80% පමණ බොළඳ බවින් පෙළෙනව කියලයි  තතු දන්නෝ පවසන්නෙ එයට ප්‍රධාන හේතුව මනුස්ස සිතුම් පැතුම් හරි ආකාරව වටහා නොගැනීමයි.ගැහැණු ළමයකු අභියස බොළඳ වීමෙන් ඇතිවන්නේ එම ගැහැණු ළමයා තුල පිරිමියා යන්න පිළිබඳ තිබූ ආකල්ප (ගෞරවය හා පෞර්ෂ පිළිබද ආකල්ප) පලුදුවීමයි එමෙන් කාන්තාවක් පිරිමියා තුලින් බලාපොරොත්තු වන්නේ මොනවාද?

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ගරු සභාපති තුමණි !

සිංහල බ්ලොග් කලාව දැනට ව්‍යප්තවී ඇති ප්‍රමාණය ගැන සතුටුවිය නොහැක මෙය අධ්‍යාපන,සමාජීය,දේශපාලන හා නොයෙකුත් අංශ වලට ඉතා ප්‍රයෝජනවත් එකකි නමුත් ලංකාව තුල අන්තර්ජාලය භාවිතා කරන පිරිසත් සමග සංසන්දනය කලහොත් සිංහල බ්ලොග් ගැන දන්නෙ එයින් සියට 5% ත් අඩු පිරිසක්.මේවන විටත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයක් ක්‍රියාත්මක වූවද එය ඉතාම අක්‍රිය තත්වයේ පවතින්නකි සිංහල බ්ලොග් ලියන්නේද කියවන්නේද එකම පිරිසක් බව පෙනීයන කරුණකි.දිනකට එක් අඩවියකට පිවිසෙන ප්‍රමාණය දළ වශයෙන් 500 හෝ ඊට ආසන්න ගනනකි. මෙම කලාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට සිංහල බ්ලොග් ලියන්නන්ටද වගකීමක් ඇත.

Wednesday, April 21, 2010

ගරු ආරක්ෂක ලේකම් තුමනි !

යුධ ජයග්‍රහණයෙන් පසු වසරකට ආසන්න කලක් ගත වූවද තවමත් එම ලබාගත් නිදහසේ ඵලය සම්පූර්ණයෙන්  ජනතාවට ලැබී නොමැත. මා එසේ කීමට හේතුව නම් තැන තැන දමා ඇති පොලිස් මාර්ග බාධක ජනතාවට ඇත්තටම බාධාවක් වන බැවිණි යුද්ධය පැවති දින වලදී නම් එය අපේ ආරක්ෂාවට මහත් රුකුලක් වුනි නමුත් අද අති ගරු ජනාධිපති තුමන් හා ආරක්ෂක අංශයේ සියල්ල එකතුවී ත්‍රස්තවාදය මුලින් උපුටා දමා ඇති මොහොතක මෙසේ මාර්ග බාධක යොදමින් ජනතාවට බාධා කරන්නේ මන්ද? මාතර-අම්පාර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයකුට පෙර මාර්ග බාධක 12ත්-14ත් අතර ප්‍රමාණයක් පසුකිරීමට සිදුවූ නමුත් තවමත් පොලිස් මාර්ග බාධක 3ත් 5ත් අතර ප්‍රමාණයකදී බසයෙන් බැසීමට සිදුවේ එසේම එම මාර්ග බාධක වලදී සියලුම පුද්ගලයින්ගේ විස්තරද පොතක සටහන් කරගනී  හැදුනුම් පතෙහි ඇති නම,ලිපිනය,හැදුනුම්පත් අංකය සහ තමාගේ ගමන් ආරම්භය සහ ගමනාන්තය ඔවුනට ඉදිරිපත් කළ යුතුය බස්රථය තුල මගීන් 50ක් හෝ ඊට වැඩි ගනනක් සිටින අවස්ථාවක දී අඩුම තරමින් විනාඩි 30ක් හෝ ඊට වැඩි වෙලාවක් පෝලිමේ සිටීමට සිදුවේ.

Saturday, March 27, 2010

සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්..!

යම් මාතෘකාවක් ඇරඹීමට ප්‍රථම එය නිර්වචනය කිරීම සාමාන්‍ය බටහිර සම්ප්‍රධායයයි නමුත් එය ඉතාම වටිනා අදහස් බැවින් අනුගමනය කිරීම අගනේයැයි සිතේ එහෙත් මිනිස් ස්වභාවය හෝ මනෝවිද්‍යාව එසේ නිර්වචනය කළ හැකිද? මෙය ඉතා අපහසු කටයුත්තකි මිනිසාගේ මනස ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට සමත් කිසිවකු මෙලොව බිහි නොවනු ඇත එතරම් සංකීර්ණ වූ මනසින් දකිනා සිහින මොනවාදැයි සොයා බැලීම වටී.

Thursday, March 25, 2010

ටියුෂන් කැපයි..අවුලක් නෑ

පාසල් ගැරුවරයාට ටියුෂන් කැපයිද? යන තේමාව ඔස්සේ මනුස්සකම අඩවිය පැවැත්වූ මත විමසුමේදී පාසල් ගුරුවරයාට ටියුෂන් කැප බව 70% දෙනා පවසා ඇති අතර කොහෙත්ම නෑ වශයෙන් අදහස් දක්වා ඇත්තේ 25% කි අනෙක් 5% දෙනා හිතාගත නොහැකි බව පවසා ඇත මෙහිදී මාගේ අදහසද අවුලක් නෑ යන්නයි නමුත් පාසල් ළමුන්ට හානියක් නොවන ආකාරයෙන් කරනවනම් තමයි ඉතින් අවුලක් නැති වෙන්නෙ සමහරු විශය නිර්දේශය ආවරණය කරන්නෙ උපකාරක පන්තියෙදි පාසලේදී බාගෙට එහෙව් ගුරුවරුන් දේශයට වින කරති.නව මත විමසුම හොල්මන් ඇත්තද? යන්නයි,

Wednesday, March 17, 2010

SMS අවදානම්!

කොට්ටෝරුවා හැම ගහටම කොට කොට ගොසින් ගෙසෙල් ගහට කොටපු දවසට හොට පැටලෙනවලු.අපේ තරුණ කෙල්ලො කොල්ලො මේ බව හොඳට දන්නව මම හිතන්නෙ ! කොහොම වුණත් මම කියන කථාව නම් ගොඩක් අයට අසුභදායක වෙන්න පුළුවන්....

අපේ කාලෙ නම් කෙල්ලට හරි කොල්ලට හරි පණිවිඩයක් දෙන්න අපමණ වෙහෙසක් දරන්න ඕන. අතර මැදියන්ටත් සම්තින් එකක් දෙන්න වෙනව ඒත් දැන් හැමෝගෙම අතේ ෆෝන්,එස් එම් එස් වලින් පණිවිඩ දෙන්න පුළුවන් කොච්චර පහසුද? පහසු තමයි මේ එස් එම් එස් වල අවදානම ගැන දන්නව නම්!......

ඉස්සරනම් එස් එම් එස් වලින් යවපුව උසාවියක් වත් පිළිගන්නෙ නෑ ඒත් දැන් මේ එස් එම් එස් නීති ගත කරගෙන යන බව ආරංචියි ලඟදිම අපට නිල වශයෙන් දැන ගන්න ලැබේවි දැනටමත් ජනමාධ්‍ය වලත් මේ පිළිබඳ සටහන් පලවෙලා තියනව "මම ඔයාව බඳින්න පොරොන්දු වෙනව" කියල යැව්වොත් ඉතින් ‍බෙරේ බැඳගත්ත කියල හිතා ගන්න.....වැරදිලා වත් එහෙම දෙයක් කියන්න එපා ඕන නම් මෙහෙම කියන්න "ඔයා මම කියන විදියට හොඳන් හිටියොත් විතරක් මම ඔයාව බඳින්න පොරොන්දු වෙනව" කියල එතකොට පොඩ්ඩක් ෂේප් වෙන්න පුළුවන්! එහෙමත් නැත්නම් E-mail to SMS තමා හොඳම ක්‍රමය. 

Saturday, March 6, 2010

ආදර්ශමත් ගුරුවරයා......

ගරුවරුන් ලෙස අධ්‍යපන ක්ෂේත්‍රයට එන්නට පුහුණුව ලැබූ ගුරු සිසුන් පිරිසක් ගුරු හොරුන් වූ හැටි පසුගිය දිනක අපට අසන්නට ලැබුණි ඒ විද්‍යාපීඨ අවසන් පරික්ෂණයේ ප්‍රශ්න පත්‍ර හෙරකම් කිරීම වැනි නින්දිත ක්‍රියාවක නිරත වීමෙනි.මෙතැනින් ඔවුන් නැවතීමද හුදෙක් අහිංසක පාසල් ළමුන්ගේ වාසනාවක් යැයි ද සිතේ.

ඉහත කී සිදුවීම සහ නොයෙකුත් අසන්නට ලැබෙන සිදුවීම් නිසා ආදර්ශමත් ගුරුවරයකු සතු කාර්යය භාරය නැවත ඔවුනට මතක් කරදීම උදෙසා මෙම ලිපිය හැර දක්වමි
ගුරුවරයකු සතු කාර්යය භාරය  කරුණු වශයෙන්-

  • පාසල තුලදී සහ ඉන් පිටත දී විශිෂ්ට චරිතය කින් හා මනා පැවැත්මක් ගොඩනගා ගත යුතුය
  • පාසල තුල හෝ පාසල් කාලය තුල දුම් බීමෙන් වැළකී සිටිය යුතුය.(සමහර දක්ෂ ගුරුවරුන් දුම් බීමෙන් පසු විශය ඉගැන්වීමට පන්තියට පැමිණිවිට ළමයින් මහත් සේ අපහසුතායකට පත්වේ හේතුව ඔවුන්ගේ මුඛයෙන් නැගෙන දුම් ගද නිසාය)
  • මත් පැන් පානයෙන් වැළකී සිටිය යුතුය (පාසල් කාලය තුල මත් පැන් භාවිතය සේවයෙන් පහ කීරීමට තරම් හේතුවකි)
  • ඇදුමින් පැලදුමින් ආදර්ශවත් විය යුතුය
  • අධ්‍යාපන ක්‍රම හා මූල ධර්ම පිළිබද නව සොයාගැනීම් පර්යෙක්ෂණ ආදියෙහි නිරත විය යුතුයි
  • සැම විටම ළමයින්ගේ දැනුමට අභියෝග කළ හැකි ආකාරයේ දැනුමකින් සන්නද්ද විය යුතය (තොරතුරු තාක්ෂණය අතින් ගුරුවරුන් වැඩි පිරිසක් ළමුන්ට වඩා පහළ මට්ටමක සිටීම අවාසනාවකි)
  • සිසුන්ට අතිරේක දැනුම ලබාදීමට මගපෙන්විය යුතුය ( අන්තර්ජාල භාවිතය,පුස්ථකාල භාවිතය,හා නොයෙකුත් ජනමාධ්‍යය ක්‍රම භාවිතය)
  • සිසුන්ගේ හැකියාවන් පිළිබද ඇගයීම් කිරීම කළයුතුය
  • කිසිවිටක් පක්ෂපාතී බවක් හැගවීමෙන් වැළකීමද වැදගත් වේ
මේ ආකාරයේ විවිධ වු ක්‍රියා කරකම් තුලින් ගුරුවරයා ගේ කාර්යය බාරය වටහාගෙන ක්‍රියා කිරීම හුදෙක් අප අනාගත පරපුර රැක ගැනීමට කෙරෙන දායකත්වයක්සේද සැලකිය හැක.