ඔන්න එක්තරා ටියුෂන් ක්ලාස් එකක කොල්ලො දෙන්නෙක් අතර මෙන්න මේ වගේ සංවාදයක් සිද්ධ වුණා බලන්නකො මොකද්ද කියල-
අමල්- ආ මචන් කොහොමද ? මේ මං අහන්න කියල හිටියෙ උඹ සඳුනිට බොක්කෙන්ම ට්‍රයි කරා නේද?
ජනිත්- ඔව් බං....
අමල්- ඉතින් මොකද වුණේ? උඹ තාම ඒකිගෙන් ඇහුවෙ නැද්ද?
ජනිත්- ඇහුව බං ඇහුවා...
අමල්- ඉතින් කෙල්ල මොකද කිව්වෙ?
ජනිත්- මම දුප්පත් නිසා බෑ කිව්ව බං..
අමල්- ඉතින් උඹ උඹේ සල්ලිකාර මාමා ගැන කිව්වෙ නැද්ද?
ජනිත්- කිව්ව කිව්ව...
අමල්- ඉතින් ඒ කියලවත් කෙල්ල කැමති වුණේ නැද්ද?
ජනිත්- ඒ කියල තමයි කෙළව ගත්තෙ
අමල්- ඒ කියන්නෙ?
ජනිත්- මචං දැන් ඒකි මගේ නැන්දා වෙලා බං.....
Showing posts with label විනෝදාත්මක. Show all posts
Showing posts with label විනෝදාත්මක. Show all posts
Friday, March 22, 2013
Thursday, January 24, 2013
සිංදුවක් කියල ආතල් එකක් ගමු
හැමදාම සිංදු අහල නේ ෆන් ගන්නෙ දැන් අපි ඒ ක්‍රමය ටිකක් වෙනස් කරල සිංදු කියලම ආතල් එකක් ගමු හැබැයි ඉතින් වැඩේට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික හොයාගන්න ඕන සුළුවට කරනවනම්,

ප්‍රභේදය-
විනෝදාත්මක
Wednesday, September 12, 2012
ඇස් පරික්ෂාවට ගිය සමරකෝන්....
සමරකෝන්ට ටිකකලක සිටන් ඇස් පෙනීමේ වෙනස් ඇති බව වැටහෙන්නට විය ඔහු ඒ පිළිබඳ දැඩි සිත් තැවුලෙන් ද පසුවිය දිනක් ඔහුට හමුවූ මිතුරකුට මේ බව පැවසීමෙන් පසු ඔහු කියා සිටියේ ඇස් පරික්ෂාකොට ඇස් කණ්ණාඩියක් ලබාගන්නා ලෙසයි ඒ අනුව ටවුමට ගොස් ඇස් පරික්ෂාකර ඇස් කණ්ණාඩි ලබාදෙන ස්ථායට ගොස් තමන්ගේ ගැටලුව එහි වෛද්‍ය තුමාට පැවසුවේය

ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
විනෝදාත්මක
Thursday, September 6, 2012
ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙන් හමුවේ...
අටපට්ටම වගේ විශේෂිත වැඩසටහන් කරන රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායමකට දුරකථන ඇමතුමින් විශේෂ ආරංචියක් ආව ඒ තමයි ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙ ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙ ගෙදර තියෙනව කියල ඒ ආරංචිය අහපු නිෂ්පාදන කණ්ඩායම මේ පැරණි උදැල්ල පිළිබඳව ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙන් ඇහුවෙ දුරකථනය ඔස්සෙ ඉතින් ඔහු කිව්වෙත්
මේක හද්ද පරණ උදැල්ලක් මහත්තයෝ මේක අපේ කිරිකිත්තා පාවිච්චි කරපු එකක් මං හිතන්නෙ මේකට අවුරුදු දෙසීයපනහකටත් වැඩියි

ප්‍රභේදය-
විනෝදාත්මක
Sunday, September 2, 2012
අම්මට උඩු (Up to Mother)
ඔන්න මේක එක්තරා ටියුෂන් ක්ලාස් එකක වුණ සිදුවීමක් ඉංග්‍රීසි භාෂා ඉගැන්වුම් උපකාරක පන්තියක මැරෑටි ඇට්ටර කොල්ලො ටිකක් හිටියා පස්සෙ පේලියේ ඉඳන් පිස්සු කෙළින සෙට් එකක්.. හැබැයි ටිකදවසක් යද්දි එන්න එන්නම මුන් ටික පිස්සු නටනව වැඩියි කියල ඉංග්‍රීසි ගුරුවරයට තේරුණා ඔහුටත් මේ සෙටි එක ටිකක් පාලනය කරගන්න බැරුවයි හිටියෙ ඒත් ඔවුන් පන්තියෙන් එළෙව්වොත් සර්ට වෙන්නෙ පාඩුවක් ඒ නිසා මේකට හොඳ විසඳුමක් කල්පනා කළා සර්ටත් වාසි වෙනවිදියෙ හොඳ අදහස් පහළ වුණා.. සර් ඊළඟ දවසෙ මෙන්න මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කළා
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
විනෝදාත්මක
Friday, August 17, 2012
ඔෆිස් මාමල නැන්දලගෙ ඇත්තම කථාව....(සියලුම ලොක්කන් අනිවාර්යයෙන් කියවන්න)
ඔන්න දුවේ පුතේ එකෝමත් එක රටක හිටියා පොහොසත් සිංහයෙක් මේ සිංහයට තිබුණ කොම්පැනියක් එකේ ඉතාම කඩිසර කූඹියෙක් වැඩ කළා මේ කූඹියා හරිම දක්ෂයි ඉතාම වෙහෙස මහන්සි වෙලා කඩිසරව වැඩ කරල ඒ ආයතනයේ ඉතාම හොඳ ප්‍රතිඵලත් පෙන්නුව ඒ වගේම එයා එතන වැඩකලේ හරිම සතුටින් ඒ වගේම නිදහසෙන්....හැම තිස්සෙම සිනහවෙන් . ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිල ගියා දවසක් සිංහයාට හිතුණ කූඹියා කිසිම අධික්ෂණයක් නැතුව වැඩකරල මේ විදියට ප්‍රතිඵල පෙන්වනවනම් යම් අධීක්ෂණයකින් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියල.එහෙම හිතල මෙයා හොඳට ගිණුම් වාර්ථා හදන්න පුළුවන් අකුරට වැඩකරන කැරපොත්තෙක් තමයි මේ වැඩේට තෝරගත්තෙ (Accountant) ඒ වගේම කැරපොත්තට හොඳ වැටුපකුත් ලැබුණ වාහනයකුත් ලැබුණ.
කැරපොත්තා ආපු ගමන් පැමිණිමේ ලේඛණයක් දැම්මා ටික දවසකින් ඇඟිලි සලකුණු යන්ත්‍රයකුත් ගත්ත (fingerprint Scanner) ඒ වගේම නීති මාලාවකුත් දැම්ම එස් පහ (S5) කියන එකත් හදුන්වා දුන්නා ඒ වගේම සහයිකාවක් විදියට ලස්සන මකුළුවෙකුත් ගත්ත (Account Assistant) දුරකථන ඇමතුම් ගන්න සහ වාර්ථා හදන්න. වැඩ පහසු කරගන්න වාර්ථා හදන්න ඕන නිසා පරිගණකකුත් මිලට ගත්ත. ඒක ක්‍රියා කරවන්න දත්ත ඇතුලත් කරන්න මැස්සෙකුත් වැඩට ගත්ත (Computer Operator) ඇත්තටම කැරපොත්තාගෙ වැඩ ගැන සිංහයා හොඳටම පැහැදිලා හිටියේ මේ අතරෙ අංශ ප්‍රධානියෙක් තෝරන්න සිංහයා හිතුවා ඒ වැඩේ බාර දුන්නෙ කුරුමිණියෙකුට (Manager) එයා ආපු ගමන් වායු සමනය කළ කාමරයක්, සුවපහසු පුටුවක් ලබා ගත්ත ඒ වගේම ලැප්ටොප් එකක් සහ තවත් බොහෝ දේ මිලට ගත්ත ඒ වගේම කුරුමිණියා සහායිකාවක් විදියට මදුරුවෙකුත් වැඩට ගත්ත (Assistant manager)
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
විනෝදාත්මක
,
සමාජීය-පොදු
Thursday, May 24, 2012
"ඉන්ටර්නෙට් නැති ඉඩම නිකන්වත් එපා..." -සඳරු
මේක වෙලා තියෙන්නෙ අම්පාර පැත්තෙ...ටවුන් එකට ටිකක් දුරින් ගොඩක් ලාබෙට ඉඩමක් තියෙන බව සඳරුට ආරංචි වුණා දවසක් මිනිහ නිවාඩුවකුත් දමල ඒ ඉඩම බලන්න තවත් යාළුවෙක් එක්ක සෙට්වුණා හැබැයි ඒ යනකොට තමන්ගෙ ලැප්ටොප් එකත් ගන්න සඳරු අමතක කරේ නෑ ඒත් යාළුව ඇහුව
"ඉඩම් බලන්න යන්න ලැප්ටොප් මොකටද මචන් .., ඔව් ඉතින් උඹ කක්කුස්සියට ගියත් ඕක අරන්නේ යන්නෙ"
'උඹට ඒකෙන් වැඩක් නෑ යමන් කෝ"
ප්‍රභේදය-
විනෝදාත්මක
Tuesday, May 1, 2012
බුදු හේත්තු....
ග්‍රාමනිළධාරියා- මුදලාලි බුදු හේත්තු කියන්නෙ මොන ගස් වර්ගයද? මම අහලම නෑ නේ..
මුදලාලි- මහත්තයා ඒව මේ වැඩකට නැති වතුර බහින ගස් වර්ගයක්
ග්‍රාමනිළධාරියා ආ..එහෙමද...කියා අත්සන් කර අවසරය ලබාදී ඇත... "බෝ ගස්" කැපීම තහනම් බැවිණ් ඒ සඳහා "බුදු හේත්තු" ලෙස යොදා අවසරය ලබා ගත් බව මුදලාලි පැවසුවේ සිනාමුසු මුහුණින්ය....
කථාව- සිරිල් සිංහක්කාර
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
විනෝදාත්මක
Tuesday, January 10, 2012
ත්‍රිමාණ රූප කලාව.....(අනිවාරයයයෙන්ම බලන්න)
ත්‍රිමාණ රූප කියන්නෙ කලාවක්..පහළ තියෙන පිංතූර ඔක්කොම ත්‍රිමාණ රූප මේ රූප දිහා ටික වෙලාවක් බලන් ඉන්න කොට ඒක ඇතුලෙන් තවත් පිංතූරයක් පේන්න පටන් ගන්නව මතකනේ ඒ දවස්වල ත්‍රිමාණ බුදුපිළිම වහන්සේ ... හැම ගෙදරකම වගේ ඒ පිංතූරය තිබුණා ඒත් සමහරුන්ට නම් ඒක අද වන තුරුත් දකින්න බැරිවෙලා තියෙනවා ඇස් දෙක ටිකක් වපර කරල බලන්න ඕන නැත්නම් ඉතින් ත්‍රිමාණ කණ්ණාඩියක් භාවිතා කරන්න වෙනව ඉඩ තියෙන වෙලවෙට මේ පිංතූර ටිකත් බලන්න කෝ...
(අපූරු අදහස සහ ස්තුතිය මූණුපොතේ ලොවෙත් නෑ සමාජයට)
ප්‍රභේදය-
විනෝදාත්මක
Saturday, January 7, 2012
Friday, January 6, 2012
අනේ නිකන් ඉන්න.....
විශ්වවිද්‍යාල සිසුවෙක් කක්ක වලින් සෙල්ලම් කරමින් ඉන්න විට ඒ අසලින් ගිය අනුර මෙන්න මෙහෙම අහනව....
අනුර- ළමයෝ....චී චී....කැතයි නේ මොකද්ද ඔයා ඔය කරන්නෙ?
සිසුවා- මම මේ කක්කි වලින් හොඳ විභාග කොමසාරිස් කෙනෙක් හදනවා....හිහ්
ප්‍රභේදය-
විනෝදාත්මක
Thursday, January 5, 2012
තනි දළ ඇතාගේ අභිරහස් මරණය (විසඳුන අභිරහස් -01 කොටස)
එදින පුර තුදුස්වක පොහෝ දිනකි ඈත අහසේ උකුස්සකු පියාසර කරන ආකාරයක් යාන්තමට වගේ දැකගත හැකි විය.පන්සල් වත්තේ ගල්පර්වතයට පහළින් පිහිටි දැවැන්ත නුග රුකේ අත්තක වාඩිවී මූසල හඬින් හඬන උලමෙකි එම හඬ නිසා මුළු පෙදෙසම පාළු වී ගොස් ඇතැයි සිතුණි..මේ අතර පුංචි අයියා සහ මම පොල්කටු වැව දිහාවට හිමි හිට ගමන් කළේ එරමිණියා ටිකක් ගඩාගන්නා අදහසිනි...පොල්කටු වැව උඩත්තාවේ සුමානයකට පෙර අස්වැන්න කපා අත්හල අක්කර තුනක පමණ කුඩා කුඹුරකි ..අප හිමිහිට ඒ කුඹුර දිහාවට ගමන් කළේය...
ප්‍රභේදය-
විනෝදාත්මක
Sunday, October 16, 2011
පරිගණක තර්ක ක්‍රීඩා.... (Logic Game)
පරිගණක
භාවිතා කරන ඔබ දන්ව ඇති හැම මෙහෙයුම් පද්දතියක් සමඟම පරිගණක ක්‍රීඩා කට්ටලයක්
නොමිලේම ලබා දීලා තියෙනව කියල ඒත් සමහරු හිතන්නෙ එහෙම ගේම් ටිකක් දාලා තියෙන්නෙ
පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න වෙන්න ඇති කියල..නමුත් එම ක්‍රීඩා ඒ විදියට එක් කරන්න
හේතුව තමයි පරිගණකයෙන් යම් ක්‍රියාකාරකමක් එක දිගට සිදුකර විට එයින් හට ගැනෙන
මානසික ආතථිය සමනය කරන්න.පරිගණක ක්‍රිඩා කියන්නෙ හරියට භාවනාවක් වගේ දෙයක් මනස එක්
අරමුනක පිහිටුවන්න සමත් ක්‍රීඩා රාශියක් තියෙනව ඒ වගේ තර්කානුකූල ක්‍රිඩාත් මේ
අතරින් සුවිශේෂයි අද මම ඔබට දෙන්නෙ එවැනි තර්කානුකූල ක්‍රිඩා කිහිපයක් මෙම ක්‍රිඩා
ගොඩක් අය අතර බෙහෙවින් ජනප්‍රියයි හරියට මේව තේරවිලි වගේ ...මෙම ප්ලෑෂ් ක්‍රිඩා
නිපදවන්නෙ ප්ලැස්ට්ලිනා කියන ආයතනය. ඒව ක්‍රීඩා කරන
ආකරය පහතින් දක්වල තියෙන්නෙ
Extract Password is "manussakama"
01) Help the Man-
මේක
ඇත්තටම අපි පොඩි කාලෙ අහපු තේරවිල්ලක් මිනිහයි බැටළුවයි එළවළු
පෙට්ටියයි වෘකයයි තමයි මෙකෙ චරිත. මේ හැමදේම
ගඟකින් එගොඩ කරන්න ඕන හැබැයි එක ඔරුවයි තියෙන්නෙ ඒ වගේම එක සැරයකට ගෙනයන්න පුළුවන්
එක දෙයික් විතරයි එක්කො බැටළුව, එළවළු
පෙට්ටි නැත්නම් වෘකයා ඒවගෙම වෘකයයි බැටළුවයි එකට තියන්නත් බෑ බැටළුවයි එළවළු
පෙට්ටියයි එකට තියන්නත් බෑ කොහොම හරි මේ ඔක්කොම එගොඩ කරන්නත් ඕන....
02) Missionaries And Cannibals-
පුජකයො
තුන්දෙනා සහ පෝරිසාදයො තුන්දෙනා තමයි මේ ගේම් එකේ ඉන්නෙ
.පෝරිසාදයො කියන්නෙ මිනීමස් කන එවුන්ට. මේකෙදිත් ගඟකින් එගෙඩ වෙන්න තමයි ඕන හැබැයි
එක ඔරුවක් තමයි තියෙන්නෙ හැම වෙලාවෙම පූජකයින්ට මේ යක්කු සමාන වෙන්න ඕන නැත්නම්
පූජකයින්ගෙ බලය අඩු වුනොත් යක්කු ඔවුන්ව මරාගෙන කනවා පූජකයො තුන් දෙනයි එක
යකයි උනත් ප්‍රශ්නයක් නෑ මීට වැඩිය කියන්න ගියොත් වැඩේ අහුවෙන නිසා ඔය ඇති
03) Cross the Bridge-
මේ ගේම්
එකේ තියෙන්නෙත් ඒදණ්ඩකින් එගොඩ වෙන්න .. කට්ටිය ෆැමිලි ට්‍රිප් එකක්
යන්න ගිහින් වුන අකර තැබිබියක් රෑ බෝ වුණ වෙලාවක් තප්පර තිහක් පමණක් දැල්වෙන
ලාම්පුව අරගෙන ඒ දණ්ඩෙන් එගොඩ වෙන සීන් එකක් .ඒකෙ ඒ ඒ අයට ඒදණ්ඩෙන් එගොඩ වෙන්න
ගතවන කාලය දක්වලා තියෙනව ඒ වගෙම එකවර දෙන්නෙකුට ඒදණ්ඩෙන් එගොඩ වෙන්න පුළුවන්
හැබැයි ආපහු ලාම්පුව ගේන්නත් කෙනෙක්ට මේ පැත්තට එන්න වෙනව බලන්න තප්පර 30 න් මොවුන් එගොඩ කරවන්න
පුළුවන්ද කියල
04) Frogs Logic-
මේකෙ නම ගෙඹි
තර්ක. ලංකාවෙ
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ගෙම්බො දෙපැත්තට පිල් මාරුවෙන හැටි තමයි මෙකෙන්
කරන්න තියෙන්නෙ නිල් පාට ගෙම්බො කොළපාට එවුන් ඉන්න පැත්තටත් කොළපාට ගෙම්බො නිල්පාට
එවුන් ඉන්න පැත්තටත් මාරු කරන්න ඕන හැබැයි මංත්‍රීල විලි ලැජ්ජ නැතුව ආපහු හැරිල
ආවට ගේම් එකේදි නම් ආ පස්සට පනින් බෑ ඉස්සරහටම විතයි.
05) Scales Logic-
මේකෙ නම තරාදි
තර්ක. බෝතල්
ටිකක් අතුරෙන් කෘතීම
බෝතලය හොයන එක තමයි කරන්න තියෙන්නෙ බෝතල් තුන් සැරයක් කිරල බලන්න අවස්ථාව දෙනව .
කිරල බලල කෘතීම බෝතලය එකවර තොරන්න ඕන ටිකක් හිතන්න විතරයි තියෙන්නෙ කිරලම බලන්නකෝ
මේ
සියලුම ක්‍රිඩා පහත තියෙන සබැඳියෙන් බා ගන්න පුළුවන් . ZIP එකේ රහස් වචනය තමයි "manussakama"

ප්‍රභේදය-
විනෝදාත්මක
Thursday, March 31, 2011
මෝඩයාගේ දවසට ගන්න අදහස් 100 ක්!
දන්නව නේ අද ඉතින් අපි කාගෙ කාගෙත් දවස කියල..කොහොමද හිතන් ඉන්නෙ ? මෝඩයාගෙ දවසෙ කවුරුහරි රවට්ටන්න නම් ඕන ...ඒත් හොඳ අදහසක් නැහැ නේ..????? මම දෙන්නම් එකක් නැතුවට 100ක්ම .අදහස් සීයයක්!!! හ්ම්....එහෙනම් මේ සැරේ දෙන්න ඕන හොඳ ගේමක්..ආ..හැමෝමමෙතනින් බා ගෙන හොඳ අදහසක් මේකෙන් ගන්න බලන්න....
ප්‍රභේදය-
විනෝදාත්මක
Tuesday, October 26, 2010
තමුසෙ!
එක්තරා පුද්ගලයෙකු තමන්ට අසභ්‍යවචනයෙන් බැනවැදුන බව කියමින් පුද්ගලයෙකුට විරුද්ධව නඩුවක් පවරා තිබුණි එම නඩුව විභාගවන දින පැමිණි පුද්ගලයා හා නඩුකාරවරයා අතර ඇතිවූ සංවාදය මෙසේය..
නඩුකාර තුමා- දැන් යුශ්මතාට විත්තිකරු කියපු අසභ්‍ය වචන මොනවද?
පැමිණිලිකරු- ස්වාමීණි! විත්තිකරු මට බැන්නෙ 'තමුසෙ" කියල
නඩුකාර තුමා- තමුසෙ? ඉතින් අයිසේ, ඕක නඩුදාන්න දෙයක්ද ? "තමුසෙ" කියන්නෙ හොඳ සිංහල වචනයක්නේ තමුසෙ කියන්නෙ "තමුන් වහන්සෙ" කියන එක කෙටි කරල නේ.මේ නඩුව ඉල්ලා අස්කරගෙන සාමාදාන වෙනව!
පැමිණිලිකරු- (නඩුකාර තුමා දෙසට හැරී) හරි තමුසෙ කියනව නම් මම එහෙම කරන්නම්.
නඩුකාර තුමා- දැන් යුශ්මතාට විත්තිකරු කියපු අසභ්‍ය වචන මොනවද?
පැමිණිලිකරු- ස්වාමීණි! විත්තිකරු මට බැන්නෙ 'තමුසෙ" කියල
නඩුකාර තුමා- තමුසෙ? ඉතින් අයිසේ, ඕක නඩුදාන්න දෙයක්ද ? "තමුසෙ" කියන්නෙ හොඳ සිංහල වචනයක්නේ තමුසෙ කියන්නෙ "තමුන් වහන්සෙ" කියන එක කෙටි කරල නේ.මේ නඩුව ඉල්ලා අස්කරගෙන සාමාදාන වෙනව!
පැමිණිලිකරු- (නඩුකාර තුමා දෙසට හැරී) හරි තමුසෙ කියනව නම් මම එහෙම කරන්නම්.
ප්‍රභේදය-
විනෝදාත්මක
Saturday, September 25, 2010
පට්ට පපර - (දාගෙන නටන්න.....)
දන්නවනේ පපර බෑන්ඩ් කියන්නෙ මොනවද කියල.ඔය ක්‍රිකට් මැච් වලදි ,පෙරහැර වලදි එහෙම මොණර නැටුම සිංහ නැටුම වගේ නැටුම් නටන්නෙ මේ පපර බෑන්ඩ් ගහ ගහ නේ.. කතරගම පෙරහැරේදි නම් ඉතින් වැඩිපුරම තියෙන්නෙ පපර බෑන්ඩ් නේ.. ඔන්න උත්සව අවස්ථාවක දි නැටුම් තෙල් එහෙම ගහපු අයටත් මේක නියම තමා... ඒ වගේම නටන්න අකමැති අය වුණත් මේ සංගීත ඛණ්ඩ දැම්මොත් නම් ඉබේටම නැටවෙනව.ඔන්න එහෙනම් පහත තියෙන සබැඳියෙන් පපර බෑන්ඩ් සංගීත පොකුර බා ගන්න කෝ......
ප්‍රභේදය-
විනෝදාත්මක
Friday, September 3, 2010
ලැජ්ජ නැති කම!
"ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි " කියන එක අපි සමහර තැන් වලදි භාවිතා කරනව ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ඇයි මෙහෙම කියන්නෙ කියල මේකට පදනම් වූ කථාව මොකද්ද කියල.... හරි මම අද කියන්න හදන්නෙ මේ කියමනේ නිධාන කථාව... ඔන්න ඉස්සර කාලෙ මහ මුදලි තුමාට තිබුණ ලොකු වත්තක් මේ වත්තෙ පළතුරු, පොල්, එහෙම ගොඩක් තිබුණ ඒ වගේම මේ වත්තෙ ආරක්ෂාවට මිනිහෙක් හිටියත් වැඩක් වුණේ නම් නෑ මොකද පොඩි ළමයි වගේම ගැහැණුන් මේ වත්තට පැනල පළතුරු කඩාගෙන දර එහෙමත් එකතු කරගෙන තමයි යන්නෙ .... මහ මුදලි තුමා මේ වත්තෙ දැන්වීමකුත් ගහල තිබුණ "ඇතුල් වීම තහනම්" කියල ඒත් වැඩක් වුනේ නෑ .. ඕන්න දවසක් මහ මුදලිතුමාම මේ වත්තෙ පළතුරු කඩන ,දර එකතු කරන අය අල්ල ගන්න හිතාගෙන වත්තට වෙලා හිටිය ඒත් වැඩක් වුණේ නෑ මුදලි තුමා එහා කොනට යනකොට මෙහා කොනෙන් ගැහැණුන් සහ ළමුන් රිංගලා ඇවිත් පළතුරු කඩනව මුදලිතුමාට වත් බය නෑ...
ප්‍රභේදය-
විනෝදාත්මක
Thursday, August 26, 2010
මේ කවුද? හිතාගන්න පුළුවන්ද?
පහත තියෙන ඡායා රූප වල ඉන්නෙ කවුද කියල අදුන ගන්න පුළුවන්ද බලන්න ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙක් හදුනාගන්න පුළුවන් උන අය පහලින් සටහනකුත් තියන්න කවුද කියල.....
ප්‍රභේදය-
විනෝදාත්මක
Sunday, August 1, 2010
මේ පින්තූරය කුමක්ද?
පහත ඇති පින්තූරයේ මැද ඇති කුඩා සුදු රවුම ( ඩොට් එක) දිහා පරිගණකයේ තිරයට අඟල් 12 ක් හෝ අඟල් 6ක් කිට්ටුවී ඇසිපිය නොසොල්වා තත්පර 30 ක් පමන බලා හිඳින්න පසුව තනි පැහැයක් සහිත බිත්තියක් මත (සුදු නමි වඩාත් හොඳයි) එක වරම බලන්න පසුව ඇසිපිය ගසමින් බිත්තිය දෙස බලන්න එවිට බිත්තිය මතින් යම් හැඩයක් දිස්වනු ඇත ඒ හැඩය කුමක්ද? ඔබට පෙනුන ආකාරය ගැන සටහනක් තබන්න.....
.
.
ප්‍රභේදය-
විනෝදාත්මක
Friday, July 30, 2010
කක්ක පොලිස්....
ඇන්ඩම් චූටි කාලෙ කක්ක වලින් සෙල්ලම් කරමින් ඉන්න විට ඒ අසලින් ගිය ලියුම් කාරයෙක් මෙන්න මෙහෙම අහනව....
ලියුම්කාරයා- ඇන්ඩම්....චී චී....කැතයි නේ මොකද්ද බබා ඔයා ඔය කරන්නෙ?
ඇන්ඩම්- මම මේ කක්කි වලින් ලියුම් කාරයෙක් හදනවා....හිහ්
ප්‍රභේදය-
විනෝදාත්මක
Subscribe to:
Posts
(
Atom
)