Ads 468x60px

Thursday, December 9, 2010

ටයි පටිය හා අපේ ඇත්තෝ....

අපේ ශ්‍රී ලාංකික බොහෝ දෙනාද අද ටයි පටිය පැලඳීම බහුලව සිදුකරති නමුත් එහි ඇති අර්ථය ,තේරුමක් කුමක්දැයි දන්නා පිරිස අල්පය. ටයි පටිය පලඳින කිහිප දෙනෙකුගෙන් කල විමසීමකදී මට ලැබුණ පිළිතුරු එකිනෙකට පරස් පරය. ඒවා නම් මෙසේය.....


ටයි පටිය පැළඳුවාම වැදකමක් පේනව, ටයිපටිය තමයි වැදගත් බවේ අනන්‍යතාවය, අපේ ආයතනයේ ටයි පැළඳිම අනිවාර්යයි ඒනිසා දානව අකමඅත්තෙන් උනත්, බටහිර ගතිලක්ෂණ මතුකරන්න පුළුවන් පළඳනාවක්, ඔය හැමෝම ලොක්කො දාන නිසා මමත් දානව....තේරුමක් නම් දන්නෙ නෑ, මේකත් තව විලාසිතාවක් පමණයි ආදී වශයෙන් පිළිතුරු රාශියකි නමුත් මේ පිළිතුරු වලින් සැබෑ අර්ථය කුමක්දැයි ගැටලුවකි......

ලක්දිවට බලපෑ විදේශිය ආක්‍රමණ හේතුවෙන් අපේ සිංල සංස්කෘතියට විශාල බලපෑමක් සිදුවූ බව නොරහසකි එසේම අපේ සංස්කෘතිය යැයි කීමට අපට ඇත්තටම සංස්කෘතියක් නැත. විවින් විට ලැබුණු විදේශයන්ගේ බලපෑම නිසා සංස්කරණය වුණ සංස්කෘතියක් තමයි අපට තියෙන්නෙ විටෙක මිහිඳු මහරහතන් වහන්සේ වැඩියා එතනදි ඉංදිය සංස්කෘතිය පැතුරුණා ,විජය රජතුමා ඇවිත් ඉංදීය සංස්කෘතිය අපේරටේ පැතිරුවා ඒ වගේම ද්‍රවිඩ,  පෘථු ග්‍රීසි, ලන්දේසි ඇවිත් ඔවුන්ගේ දේවල් අපේ අයට පුරුදුකරා එහෙම බලන කොට අපිට තියෙන්නෙ අච්චාරු සංස්කෘතියක්...... ඒ අස්සෙ ආපු තවත් භාණ්ඩයක් තමයි ඔය ටයි පටිය ඒ වගේම ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයක් මෙම ටයි පටිය භාවිතා කරණ අවස්ථා අපට දැක ගැනීමට පුළුවන්..

ඇත්තටම ඇඳුම කියල කියන්නෙ  පුද්ලගයෙකුගෙ වැදගත් කම තීරණය කරණ එක් සාධකයක් තමයි මොකද වැරහැලි ඇඳගත් පුද්ගලයෙකු සහ ටයි කෝට් ඇඳගත් පුද්ගලයකු අතර සංසන්දනය කර බැලුව හොත් ටයි කෝට් හැඳගත් පුද්ගලයාට වැදගත් පෙනුමක් ඇති බව පෙනී යයි එසේම බොහෝ රක්ෂණ සමාගම් වල සේවය කරන පුද්ගලයින් මෙම ටයි පටිය ඔවුන්ගේ රක්ෂණ කටයුතු පහසු කරවීම සඳහා ආභරණයක් කර ගනී ටයි කෝට් හැඳ ගැමි ප්‍රදේශයකට ගොස් රක්ෂණ නියෝජිතයන් කරන නා නා ප්‍රකාර සිත්ගන්නා සුළු කථා විලාසයෙන් එම ගැමි ජනයා වශී කර ගනිති ගැමි ජනයාට වැදගත් පුද්ගලයෙක් යැයි ඒත්තු ගැන්වීම සඳහා ටයි පටිය ඔවුන් භාවිතා කරති සාමාන්‍ය ඇඳුමක් හැඳි පුද්ගලයකු කියනවාට වඩා ටයි එකක් දාපු මහත්තයෙකු කියන දේ අපේ ඇත්තන්ට ලොකුය.......බොහෝ බටහිර රට වල ටයිපටිය මුල් වකවානු වලදී පැළඳීමට හේතු වූයේ සීත කාලයේදී තම කමිසයේ බෙල්ල කොටසින් සීතල ඇඟ ප්‍රදේශයට ඒම වැලැක්වීම සඳහා බෙල්ල තරමක් තද වන සේ බැඳිම සඳහාය එය විලාසිතාවක් සේ පසු කාලයේදී ටයි පටිය සේ විකෘශනය වූයේය දැනට ඔවුන් එය භාවිතා කරන්නේ විලාසිතාවක් ලෙසය ......

ශ්‍රී ලංකා අතිගරු ජනාධීපති මහින්ද රාජපක්ෂ මැතිතුමා භාවිතා කර්නනේ සාටකයකි ඒ ඔහුගේ අනන්‍යතාවය සඳහාය මෙම සාටකයත් ටයි පටිය ආශ්‍රයෙන් ගොඩනැඟුණ සිංහල විලාසිතාවක් විය යුතුය....එසේම පාසල් සිසුන් ටයි පටිය පළදින්නේ තම පාසලේ අනන්‍යතාව පෙන්වීමටය එක් එක් පාසල් සඳහා වෙන්වුන ටයි පටියක් ඇත...කෙසේ වෙතත් ලංකාව වැනි රට වල රස්නය සහිත දේශගුණයක් මත මෙම ටයි පටිය පැ ළඳීම කොතෙකුත් දුරට ප්‍රායෝගික දැයි සිතිය යුතුය තුම් මුනින් දහඩිය හෙලෙන විට ටයි පටිය පැළඳිම මහා වදයකි.කැරකෙන පුටුවල ඒ.සී කාමර වල හිඳගෙන සිටින ලොක්කන්ටනම් ටයි පටිය කදිම විලාසිතාවකි. කෙසේ වෙතත් බොහෝ පුද්ගලයන් මෙම ටයි පටිය පළඳින්නේ ඉතා අභිමානයෙනි රැකියාවක් නොමැති පුද්ගලයින්ද කඩපිලට පැමිනෙන විටද මෙම ටයි පටිය භාවිතා කරන අවස්ථා අප දැක ඇත ඒ තමන් පිළිබඳව ‍අනෙකුත් පුද්ගලයින්ගේ ආකර්ශණය වැඩි කර ගැනීමට විය යුතුය...



2 comments :

  1. Do we really need a connection between the tie and a job. For many of us its probably just a fashion accessory. And the way you dress is a part of self expression.

    ReplyDelete
  2. ithin meke waraddak naha ne.sudda danneth fashion ekata api danneth fashion ekata.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...