මැජික් කියන්නෙ කලාවක් හැබැයි මැජික් කාරයින්ටත් වරදින අවස්ථා තියෙනව මේකත් ඒවගේ දෙයක් මේ වීඩියෝ පටය සංවේදී පුද්ගලයින් හා ගැබිණි මවුන් නැරඹීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි.
Thursday, May 17, 2012
ගෙදරදීම දත් බෙහෙත් හදන හැටි
දත් බෙහෙත් බලට නිකරුණේ මුදල් වියදම් කරන්න ඕන නෑ ගෙදරදිම ස්වාභාවික දත් බෙහෙත් හදාගන්න පුළුවන් අවශ්‍ය දෑ-
සාදන ක්‍රමය- මේ සියල්ල එකට දමා කල්කයක් වන තුරු මිශ්‍ර කරන්න
සැලකිය යුතුයි- මූලාශ්‍ර අන්තර්ජාලයෙන්,අත්හදා බලා නොමැත
- බේකිං සෝඩා (සෝඩියම් බයිකාබනේට්) කෝප්ප 1/2
- පිරිසිදු පොල්තෙල් කෝප්ප 1/4
- පෙපර්මින්ට් තෙල් බින්දුවක් පමණ
සාදන ක්‍රමය- මේ සියල්ල එකට දමා කල්කයක් වන තුරු මිශ්‍ර කරන්න
සැලකිය යුතුයි- මූලාශ්‍ර අන්තර්ජාලයෙන්,අත්හදා බලා නොමැත
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Wednesday, May 16, 2012
කොලෙස්ටරොල් වලට ලේසිම බෙහෙත.....
පිෂ්ටඨාතුව එහෙමත් නැත්නම් කොලෙස්ටරොල් කියන එක දැන් දැන් හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් ලෙඩ රෝග කියන ඒව කොයි වෙලාවෙ හැදෙයිද කියල කියන්න බෑ අපි මේ හැම දේටම සූදානම් වෙන එක කෝකටත් හොඳයි ඇත්තටම මේක කොලෙස්ටරොල් පාලනයට,රුධිරයේ සීනි වැඩිවීම හෝ දියවැඩියා වට,ආමවාතය,ශ්වේත රක්තය හෙවත් ලියුකෙමියාවට මෙන්ම රුධිරය කැටි ගැසීම ආශ්‍රිත රෝගාබාධ වලට හා මතක ශක්තිය වර්ධනය කරවීමටත් ඉතා සුදුසු බෙහෙතක්...
කුරුඳු කුඩු තේහැදි භාගයක් පමණ පිරිසිදු මී පැණි මේස හැන්දකට දියකර උදෑසන ආහාර වේලට ප්‍රථමව පානය කිරීම තමයි කරන්න තියෙන්නෙ මේ විදියට මාස කිහිපයක් හරි කරන්න පුළුවන් නම් ඉහත කී ආබාධ වලින් ආරක්ෂාවීමට පුළුවන්....
මූලාශ්‍ර- අන්තර්ජාලයේ පිළිගත් වෛද්‍ය ලිපි ලේඛණවලින්...
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
සියලු රෝග නිවාරණයි...(දියවැඩියා රෝගීන්ට විශේෂයි)
අද කාලයේ කාටද ලෙඩ රෝග නැත්තෙ පොඩි එකාගෙ ඉඳල වයසක උන්දැ දක්වාම ලෙඩ ලෙඩ ලෙඩ... ඉතින් මේ ලෙඩ ටිකක් හරි පාලනය කරගන්න දේශීය වෛද්‍ය ක්‍රමයෙන් අපට ගන්න පුළුවන් වැඩ බොහෝයි ඉතින් මේකත් එවැනිම පොඩි ඖෂධයක්.. රාත්‍රී පිරිසිදු ඇල්වතුර පිරවූ වතුර වීදුරුවකට හෝ වීදුරු බෝතලයකට උළුහාල් ඇට කිහිපයක් දමා හොදින්වසා තබන්න උදේපාන්දරම නැගිටලා ඒකෙ තියෙන උළුහාල් ඇට අයින් කරල හිස් බඩටම බීගෙන බීගෙන යන්න..(ඒ උළුහාල් ටික අපරාදෙ වෙන්නෙ නෑ කෑම උයන කොට ඒවට දාන්න පුළුවන්) හැමදාම මේක මේවිදියට කළොත් ලෙඩරෝග රාශියකට මේක පිළියමක් වේවී විශේෂයෙන් දියවැඩියාව පාලනය කරගැනීමට මේක කදිමයි කියල තමයි බොහෝ දෙනෙක් කියන්නෙ....


ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Thursday, May 10, 2012
Thursday, May 3, 2012
පැණි කොකිස්!
අවුරුද්දට හැමෝම වගේ කොකිස් නම් කන්න ඇති කොකිස් කියන්නෙ බොහෝ දෙනෙක් ප්‍රිය කරන කෑමක් අද මම කියන්න හදන්නෙ කොකිස් අමුතු ක්‍රමයකට සකස් කරන ගන්න විදිය.. පැණි කොකිස් කියන එක නුවර පැත්තෙ නම් ජනප්‍රිය කෑමක්.. අවුරුද්ද කාලෙට එහෙම නැත්නම් උත්සව අවස්ථාවලදි ඉතුරු වන කොකිස් මේ විදියට හදාගන්න පුළුවන්..හදන්න හරිම ලේහෙසියි
මුලින්ම ඉතුරු වුණ කොකිස් නැවත තෙලෙන් බැඳීම කල යුතුයි එම කොකිස් රස්නෙපිටම අරගෙන එහි මැදට (දාර දිගේ) කිතුල් පැණි වත්කල යුතුයි එම කිතුල් පැණි පිටතට හැලීම වැලැක්වීම සඳහා රත්කරගත් සහල් පිටි ටිකක් එයට උඩින් එක්කළ යුතුයි....කිතුල් පැණි කොකිස් වලට උරාගත් පසු එහි රස කිව නොහැකි තරම්ය.
හදනහැටි කිව්වෙ- අරුණිකා දිල්හානි
ප්‍රභේදය-
ඉවුම් පිහුම්
Tuesday, May 1, 2012
බුදු හේත්තු....
ග්‍රාමනිළධාරියා- මුදලාලි බුදු හේත්තු කියන්නෙ මොන ගස් වර්ගයද? මම අහලම නෑ නේ..
මුදලාලි- මහත්තයා ඒව මේ වැඩකට නැති වතුර බහින ගස් වර්ගයක්
ග්‍රාමනිළධාරියා ආ..එහෙමද...කියා අත්සන් කර අවසරය ලබාදී ඇත... "බෝ ගස්" කැපීම තහනම් බැවිණ් ඒ සඳහා "බුදු හේත්තු" ලෙස යොදා අවසරය ලබා ගත් බව මුදලාලි පැවසුවේ සිනාමුසු මුහුණින්ය....
කථාව- සිරිල් සිංහක්කාර
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
විනෝදාත්මක
එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?
මේක බස් එකේ සිදුවුණ සිදුවීමක්.. ඔන්න දවසක් බස්එකක ඒ තරම් සෙනගත් නැති වෙලාවක එක මනුස්සයෙක් නැගල මරිසිපාලගෙ කකුල පාගගෙනම ඉන්නව.. මරිසිපාල මිනිහා දිහා බැලුව මිනිහා ටිකක් හැඩි දැඩි පොරක් කෝකටත් කියල මරිසිපාල ඒ මෑන්ගෙන් මෙන්න මෙහෙම අහනව..
මරිසිපාල- මහත්තයා, නේවි එකේද?
කකුල පාගගෙන ඉන්න මිනිහා- නෑ
මරිසිපාල- එහෙනම් පොලිස්සියේද?
මිනිහා- නෑ ඇයි?
මරිසිපාල- එහෙනම්..මර්වින් සිල්වගෙ කවුරුහරිද?
මිනිහා- නෑ නෑ
මරිසිපාල- එහෙනම්.. පී.එස්.ඩී එකේද?
මිනිහා- නෑ නෑ ඇයි අහන්නෙ?
මරිසිපාල- හා එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?
මිනිහා- නෑ නෑ නෑ
මරිසිපාල- මහත්තයෝ එහෙනම් මහත්තයගෙ කකුල මගේ කකුලෙන් පොඩ්ඩක් එහාට ගන්නවද?
කථාව- සිරිල් සිංහක්කාර
ප්‍රභේදය-
උපහාස
,
වර්ගීකරණය නොකරන ලද
Saturday, April 28, 2012
ඇවිදින්නත් සහකරුවෙක්!
ඉස්සර මිනිස්සු කිව්වෙ ඇවිද්ද පය දහස් වටී කියල ඒත් දැන් ඒ පයටත් සහකරුවෙක් හදල හොන්ඩා කියන ලෝක ප්‍රසිද්ද තාක්ෂණික ආයතනය විසින් තමයි මේ නවතම සොයාගැනීම කරල තියෙන්නෙ මේ රෝබෝ උපකරණයෙන් ඇවිදින්න වඩාත් පහසු කරවනව ඇශරීරයේ බර කකුල් දෙකට දෙන්නෙ නැතිව මේ උපකරණය භාවිතයෙන් ඇවිදින්න පුළුවන් මෙන්න මේක තමයි ඒ උපකරණය
මේක භාවිතා කරණ විදිය පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්..කොහොමද ජපන් හපන්?
ප්‍රභේදය-
අලුත් වන ලෝකය
,
වර්ගීකරණය නොකරන ලද
Subscribe to:
Comments
(
Atom
)













