Ads 468x60px

Tuesday, May 1, 2012

බුදු හේත්තු....

එක්තරා සුළු දැව ව්‍යාපාරිකයෙක් ගස් කිහිපයක් කැපීම සඳහා ග්‍රාමනිළධාරියාගෙන් අවසරය ලබාගැනීමේ අයදුම් පතක් පුරවා ඔහුගේ අනුමැතිය ගැනීම සඳහා ඉදිරිපත් කළේය.. මෙය කියවා බැලූ ග්‍රාමනිළධාරියා තමන් මීට පෙර අසා නොමැති ගස් වර්ගයක් බැවින් ඔහුගේ ලිපි ලේඛන අවුස්සන්නට වුයේ මෙම ගස් වර්ගය කැපීම සඳහා අවසරය දියහැකි දැයි බැලීමටය ඔහු එහි සඳහන් කර ඇත්තේ "බුදු හේත්තු ගස්' යන නමයි නමුත් එවැනි ගස්වර්ගයක් ගැන එම ලේඛනයන්ගේ ද සඳහන් නොවුණි එබැවිණ් ග්‍රාමනිළධාරියා මෙසේ අසන්නට විය-

ග්‍රාමනිළධාරියා- මුදලාලි බුදු හේත්තු කියන්නෙ මොන ගස් වර්ගයද? මම අහලම නෑ නේ..
මුදලාලි- මහත්තයා ඒව මේ වැඩකට නැති වතුර බහින ගස් වර්ගයක්

ග්‍රාමනිළධාරියා ආ..එහෙමද...කියා අත්සන් කර අවසරය ලබාදී ඇත... "බෝ ගස්" කැපීම තහනම් බැවිණ් ඒ සඳහා "බුදු හේත්තු" ලෙස යොදා අවසරය ලබා ගත් බව මුදලාලි පැවසුවේ සිනාමුසු මුහුණින්ය....

කථාව- සිරිල් සිංහක්කාර

2 comments :

  1. මේ පව්කාර මිනිස්සු ඉන්න රටේ මේවත් වෙන්න බැරි නෑ.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...