Ads 468x60px

Saturday, November 22, 2014

ඔබේ මනාපය කාටද?

මෙවර ජානාධිපතිවරණයේ දී ඔබ ඡන්දය භාවිතා කරන්නේ කාටද?
ප්‍රතිඵල බලන්න...

Tuesday, November 18, 2014

සියඹලා මල් කටට රහට....

සියඹලා මල් කියන්නෙ හොඳ කෑමක් නිකන් වුණත් කන්න පුළුවන් එත් සියඹලා මල් උයල කාලතියෙනවද? මමත් ළඟදි තමා දැනගත්තෙ... අද මම කියන්න හදන්නෙ සියඹලා මල් උයල කන හැටි....

සියඹලා මල් හැදෙන කාලෙට ඒව එකතු කරල මෙන්න මේ විදියට උයල බලන්න පොඩි ඇඹුල් රහක් එක්ක මිහිරි රහක් තමයි එන්නෙ.. 

අවශ්‍ය ද්‍රව්‍ය-
සියඹලා මල් ටිකක්
බැදපු තුනපහ ටිකක්
ලුණු
කරපිංචා
සුදු ළුණු
ඉඟුරු
සූදුරු
පොල් කිරි
පොල් තෙල්

සාදන ක්‍රමය-

සියඹලා මල් වලට ලුණු,මිරිස්,කහ, තුනපහ දමා කවලම් කර ගන්න පසුව ඒවා පොල් තෙල් ස්වල්පයකට දමා තෙම්පරාදු කරගන්න ඉන් පසු අඹරා ගත් සුදුළුණු,ඉඟුරු,සූදුරු එක්කොට පොල් කිරි (මිටි කිරි) දමා මදක් හින්ඳා ගන්න..අවශ්‍ය නම් සීනි ස්වල්පයකුත් එක්කර ගන්න... 

මෙන්න මේ විදියට සියඹලා මල් ටිකක් උයල බලන් කට දිව පිනවන කෑමක් වේවි..........