Ads 468x60px

Wednesday, March 3, 2010

අන්තර්ජාලය තුල කුඩා දරුවන් ආරක්ෂිතද?

අන්තර්ජාලයේ සැරිසරන විට බලන වෙබ් අඩවි වලින් 25% වත් කුණුහරුප වෙබ් අඩවි බටහිර අශීලාචාර සමාජීය ක්‍රමය අපේ සංස්කෘතියත් දැනටමත් බාගයක්ම ගිලගෙන ඉතින් මේ අන්තර්ජාලයේ ඇති අසභ්‍යය වෙබ් අඩවි වලක්වන්න අපේ ජනාධිපතිතුමාට තියා සක්කරයගෙ පුතා වයිමටත් බෑ.ඒව කොහොම වුනත් අපේ පුංචි එවුන් වත් මේකෙන් ආරක්ෂා කරගන්න එක හොදයි අපි නම් දැන් කොහොමත් නරක් වෙලානේ.
අන්තර්ජාලයේ අසභ්‍යය ‍වෙබ් අඩවි වලක්වන්න නියම පරිගණක වැඩසටහනත් මට හම්බ වුණා ඒ තමයි නෙට් නැනී (Net Nanny) මම දාල බැලුව මරු අපිට පුළුවන් ඕනම වචනයක් ඔස්සේ ඒම අඩවි සෙවීම වලක්වන්න උදාහරණයක් ලෙස කිව්වොත් අපිට අවශ්‍ය Sex කියන වචවන සහිත සියලුම වෙබ් අඩවි නවත්තන්න ඒකට ඒ වචනය ඇතුල් කලාම සෙක්ස් කියන වචනය ගෑවිලාවත් තියන වෙබ් අඩවි දර්ශනය වීමෙන් වලක්වනව.කැමතිනම් හදුනාගත් වෙබ් අඩවි වුනත් නවත්වන්න පුළුවන් මේකෙ තියෙන තවත් පහසුකමක් තමයි කවුරුහරි තහනම්කරපු වචන හෝ අඩවි හොයන්න උත්සාහ කරලහරි තියනවනම් ඒව ඔක්කොම අපට පස්සෙ බලන්න පුළුවන් අපේ රහස් පදය නැත්නම් කාටවත් මේ වැඩසටහන වෙනස් කරන්න වත් ඉවත් කරන්නවත් බෑ  නියමයි ! මම ඒ වැඩසටහන හැමෝටම දෙන්නම් ඕනනම් අන්තර්ජාලයෙන් ගන්නත් පුළුවන්. මේක පරිගණකයට දාල කරගන්න බැරි වුනොත් ගුණ දොස් වලට ප්‍රශ්නය ඇතුලත් කරන්න නැත්නම් thisaraps@gmail.com ලිපිනයට දන්වන්නකෝ.


21 comments :

  1. Sex Education ගැන අහල නැද්ද. ඇස් කණ් නාසය. ආහාර ජීර්ණ,ස්වසන පද්දති ඕව ගැන ඉගෙනගන්න එකත් Sex Education වලට අයිතියි.

    ReplyDelete
  2. බටහිර ක්‍රමය අශීලාචාරයි කියන්නේ, ඒ මිනිස්සු හැන්ගි හොරා වැඩ අඩු හන්දද?. මමත් කියන්නේ නෑ අන්තර්ජාලය සම්පුර්නයෙන්ම ආරක්ෂිතයි කියලා.ඒත් ඉතින්, ඕවා බ්ලොක් නොකර, ළමයි නිසි වයසට එනකොට අපිට බැයිද ළමයින්ට වැරදි දෙයින් හරි දේ වෙන් කරලා අදුනගන්න කියලා දෙන්න. අනිත් එක, ශීලාචාරද අශීලාචාරද කියන එක තීරණය වෙන්නේ තව දේකට සාපේක්ෂව.

    (මේ විජාතික බල වේගයක කුමන්ත්‍රණයක් නෙමේයි :D)

    ReplyDelete
  3. @gayan- Akata karanna thiyenne a wachanaya witharak danne nathuwa enna akai...oya hari modai ne :)
    ex- sex Girls

    ReplyDelete
  4. www.k9webprotection.com this the best software for web filtering
    Did you know...

    * Pornography is a $57 billion a year industry. In comparison, the combined revenues of all teams in the NBA, NHL, MLB, and NFL is $12 billion, and the combined revenues of ABC, CBS, and NBC is a mere $6.2 billion.
    o Internet Filter Review
    o Economic Values of Professional Sport Franchises in the United States
    * 1 in 4 youth have unwanted exposure to inappropriate pictures each year
    o The Internet Keep Safe Coalition
    * Nine of 10 kids aged 8-16 have viewed pornography on the Internet, often in the process of doing homework.
    o London School of Economics January 2002
    * Students were most at risk for cybersex compulsions due to a combination of increased access to computers, more private leisure time, & developmental stage characterized by increased sexual awareness & experimentation. Both computer classes & colleges might need to recognize this increased vulnerability and institute new primary prevention strategies.
    o Sexual Addiction and Compulsion: The Journal of Treatment and Prevention, March, 2000 (available by subscription)
    * "Cyber-sex is the crack cocaine of sexual addiction"
    Jennifer P. Schneider, M.D., Ph.D
    o The New "Elephant in the Living Room" Effects of Compulsive Cybersex Behaviors on the Spouse, from the book Sex and the Internet, 2002
    * "Cyber-sex reinforces and normalizes sexual disorders"
    o Robert Weiss, Sexual Recovery Institute
    * One in five children ages 10-17 have received a sexual solicitation over the Internet
    o Online Victimization: A Report on the Nation's Youth, sponsored by the National Center for Missing and Exploited Children. See also UNH Study Finds Many Youth Exposed to Sexual Solicitation, Pornography and Harassment on Internet, 19 March, 2001.
    * 74 percent of commercial pornography sites display free porn images on the homepage.
    o Child-Proofing on the World Wide Web: A Survey of Adult Webservers, 2001, Jurimetrics (abstract)
    o Summarized in Youth and the Internet (Chapter 3, The Adult Online Entertainment Industry), National Research Council, 2002.
    * 45 percent of 1,000 surveyed teens admitted parents are the biggest influence in deciding whether or not to have sex
    * 88 percent of teens say it would be easier to postpone sex if they could have more open, honest conversations with their parents
    * Two-thirds of U.S. teenagers who have had sexual relations wish they had waited longer.
    o National Campaign to Prevent Teen Pregnancy, September 2003.
    Brief
    Full survey

    K9webprotection Stop.....
    * Adult/Mature Content
    * Alcohol
    * Alternative Sexuality/Lifestyles
    * Alternative Spirituality/Belief
    * Art/Culture
    * Auctions
    * Gambling
    * Illegal Drugs
    * Illegal/Questionable
    * LGBT
    * Nudity
    * Pornography
    * Proxy Avoidance
    * Sex Education
    * Social Networking
    * And More
    and we can change this software settings.
    More information :- http://www1.k9webprotection.com/ And http://www.bluecoat.com/


    OR YOU CAN USE OTHER SOFTWARE.....

    You can use KASPERSKY INTERNET SECURITY for web filtering.

    This Software Stop.....
    *Pornography, erotic materials
    *Drugs
    *Violence
    *Explicit language
    *Weapons
    *Gambling
    *Chat
    *Web mail
    and we can change this software settings.
    More information :- http://www.kaspersky.com/

    This is not commercials. This is SAVE CHILDREN life.

    ReplyDelete
  5. @gayan-මචෝ උඹ කියන්නෙ sex Education කියන්නෙ ඇස කණ නාසය ගැන ඉගෙන ගන්න එකටද? එහෙනම් මචන් කරන්න තියෙන්නෙ ඒ වචනය Black list එකට නොදා ඉන්න එක ඒක තනි වචනයක් විදියට දාන්නෙ නැතුව sex Girls වගේ වචන ඇතුල් කරන්න පුළුවන්

    ReplyDelete
  6. [said]
    අන්තර්ජාලයේ ඇති අසභ්‍යය වෙබ් අඩවි වලක්වන්න අපේ ජනාධිපතිතුමාට තියා සක්කරයගෙ පුතා වයිමටත් බෑ.
    [/said]
    "අසභ්‍ය" කියන්නේ මොකක්ද? (ප්‍රසිද්ධ) සභාවට නොගැළපෙන, ඒ මිසක් හැමතැනටම නොගැළපෙන නෙවෙයි. ඉතිං ඒ වගේ තැනකට නොගැළපෙනවා කියල ඔයා කියන්නෙ පිහියක් අරගෙන ඔය වෙබ්සයිට් වලට යන්න පුළුවන් සම්බන්ධක සේරම ටික කපාගෙන කපාගෙන යන්න කියලද?

    අනික කාටවත් ඕන විදියට මොකටද අන්තර්ජාලය පාලනය කරන්නේ? මට ඕන තැනකට මට ඕන නං යනවා නැත්තං නිකා ඉන්නවා. බුද්ධිමත්ව හිතන්න පුළුවන් මොළයක් කියල එකක් තියෙන්නේ එක එක කෙනා කියන විදියට වැඩ කරන්න නෙවෙයි.

    ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් ලබාගන්න හිතෙන්නේ ඒ සඳහා අවශ්‍යතාවයක් තියනකොට. ඔබ ඔය කියන අසභ්‍ය වෙබ් අඩවි සම්බන්ධයෙනුත් ඒක හුස්ම ගැනීම, කෑම බීම වගේම සාධාරණයි. ඔබ ඔය කියන "පොඩි ළමයෙක්"ට උනත් එතනට යන්න ඕන නම් ඇයි අපි වලක්වන්නේ? හැම දේම වලක්වමින් ඔවුන් මත යොදන පීඩනය තමයි නරකට හිටින්නේ. නැතිව ඔබ හිතන විදියට ඕක බලන හැම එකාම ඕව අනවශ්‍ය පරිදි ප්‍රැක්ටිස් කරන්න යන්නෙ නෑ. ආපහු මතක් කරන්න තියෙන්නේ මොළයක් කියලා එකක් තියෙන්නේ හිතලා බලලා වැඩ කරන්න බව.

    ReplyDelete
  7. Sex කියන දෙයට අරුත් ගොඩායි. අන්තිමට ඕක දාලා සත්ව විද්‍යාව, පරාගනය, ප්‍රජනය හා ආදරය ගැන ගැන කියවන්න බැරි වෙයි. බටහිර රටවල ඔබ ගාව තියෙන්නේ අනිත් බොහෝ දෙනෙක්ට තියෙන බහුතර මතයම තමා. ඒ ඒ රටවල ඔබ හිතන තරම් ලිංගත්වයක් නැති වුණාට ඒ දිහා විවෘතව බලන, තමුන්ට අවශ්‍යතාවයක් දැනේ නම් එය භාවිතා කරන ඒකේ වැරද්දක් නෑ. ඒත් අපේ රටේ එහෙමත් නෑ, අන්තිමට වෙන්නේ දුෂණ හා විකෘති ලිංගික අදහස් ඇත්තන් බිහිවන ඒකයි.

    අත්තරජාලය තුළ Porns වලින් පිරි ඇති බව ඇත්ත, ඒත් අවුරුදු 12 වන තුරු දෙමව්පිය සුපරික්ෂාව හා මඟ පෙන්වීම (උපදේශනය එක්ක) එක්ක ඔය වගේ බැම් නැතිව කරනවා නම් තමා නියම ක්‍රමය. ඉන්පසු දරුවට ලිංගික අධ්‍යාපනය දුන්නේ නැති නම් ඒ ගැන අත්දැකීම් (ඒ කියන්නේ ඒවා කරන්නට යෑම නෙව) නො තිබුණොත් පසුකාලීනව විකෘති මනසැත්තෙක් වෙවි.

    ReplyDelete
  8. @budhajeewa:- ඔයාගෙ පුතා xxx විඩියෝ එකක් අන්තර්ජාලයෙන් බලනවට ඔයා කැමතිද? මම මේක දැම්මෙ උඹලා ‍වගේ හිගන බටහිරට ගැති වුන්ට නෙවෙයි ලොකු මිනිස්සුන්ටත් වෙවෙයි අපේ පුංචි උන් මේ දහ චරා මස්කඩ දකින එක වලක්වන්න කැමති ලංකාදීපයේ ආදර්ශමත් තාත්තලට අම්මලට ගුරුවරුන්ට නැතුව ඔය වගේ මින්ස්සුන්ට නෙවෙයි මොලයක් තිබුණට පොඩි එවුනගෙ මනස තේරුම් ගන්න බැරිනම් වැඩක් නෑ

    ReplyDelete
  9. @තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:
    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]ඔයාගෙ පුතා xxx විඩියෝ එකක් අන්තර්ජාලයෙන් බලනවට ඔයා කැමතිද?
    [/said]
    කවුරුවත් එයාට බලෙන් පෙන්නන්නේ නැතිනම්, එයා ඒව බලන්නේ එයාට ඕනෑ නිසා නේ. එක් මිනිසෙකුට අවශ්‍ය දේවල් මේවා මේවා කියලා නියම කරන්න තවත් කෙනෙක්ට අයිතියක් කොහෙන්ද?

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    මම මේක දැම්මෙ උඹලා ‍වගේ හිගන බටහිරට ගැති වුන්ට නෙවෙයි ලොකු මිනිස්සුන්ටත් වෙවෙයි
    [/said]
    මගේ ප්‍රතිචාරයේ බටහිරක් ගෑවිලාවත් තිබ්බද කියලා බලන්න.

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    අපේ පුංචි උන් මේ දහ චරා මස්කඩ දකින එක වලක්වන්න කැමති ලංකාදීපයේ ආදර්ශමත් තාත්තලට අම්මලට
    [/said]
    එහෙනම් කරන්න ඕනේ මේවගේ හැංගි හොරා ඕවට යන්න තියන මං අහුරන එක නෙවෙයි. තමන්ගේ දරුවන් එක්ක විවෘතව මේවායේ හොඳ නරක ගැන කතා කරන එක. යකා ගැහුව වගේ ඕවට යන්න පුළුවන් කම නැති කිරීමෙන් වෙන්නේ ඒවට පිළියම් ඉක්මනින් බිහිවීම. මම ඔබේ කලින් ලිපියකටත් කීව වගේ, තාක්‍ෂණයෙන් හදන බැමි ඒ තාක්‍ෂණයටම කඩන්න පුළුවන්. නමුත් අවබෝධය කියන එක බලෙන් පටවන එකක් නොවෙන නිසා අවබෝධයේ ප්‍රතිඵල වැඩියි.

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    ගුරුවරුන්ට
    [/said]
    ගුරුවරුන්ගේ රාජකාරිය සිසුන්ට විෂය කරුණු ඉගැන්වීම. ඔබේ හිතේ ඇඳිල ඉන්න පරම පවිත්‍ර පරමාදර්ශී ගුරුවරයෙක් මේ ලෝකේ නැහැ. මොකද ඒ අය පවා මිනිස්සු නිසා. මේ කාරණය මෙතැනට අදාළ එකක් නෙවෙයි, එබ සඳහන් කළ නිසා පිළිතුරු දුන්නේ.

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    නැතුව ඔය වගේ මින්ස්සුන්ට නෙවෙයි මොලයක් තිබුණට පොඩි එවුනගෙ මනස තේරුම් ගන්න බැරිනම් වැඩක් නෑ
    [/said]
    පොඩ් එවුන්ගේ මනස තේරුම් අරන් නැත්තේ මමද ඔබද? පොඩ්ඩක් කල්පනා කරන්න.

    ReplyDelete
  10. මම සරල උදාහරණයක් දෙන්නම්.
    ලමයාගෙ යාලුවෙක් ඊමේල් කරනවා porn video එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් direct ලින්ක් එකක්. ලමයා ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලනවා.
    දැන් NetNanny ලමයව ආරක්ෂා කලාද? නෑ නේද?

    ඒ නිසා එකම විසඳුම block/ban කිරීම නෙමෙයි.

    ReplyDelete
  11. ඔයාගෙ වයත් එක්ක ඔයාට මේව තේරුම් කරන්න අමාරුයි

    @ budhajeewa- කවුරුවත් එයාට බලෙන් පෙන්නන්නේ නැතිනම්, එයා ඒව බලන්නේ එයාට ඕනෑ නිසා නේ. එක් මිනිසෙකුට අවශ්‍ය දේවල් මේවා මේවා කියලා නියම කරන්න තවත් කෙනෙක්ට අයිතියක් කොහෙන්ද?

    ආ....මම කථා කරන්නෙ බබා ඔයාග වගේ තරුණයින් ගැන නෙවෙයි තෙරුම් බේරුම් නැති පුංචි ළමයි ගැන මොකද ඔවුන් තේරුමක් ඇතුව හෝ නැතුව අන්තර්ජාලයේ එන පොප් අප් මගින් අනවශ්‍ය වෙබ් අඩවි කරා යනව ඉතින් ඒක තරමක් හෝ දුරට වළක්වන්න ක්‍රමයක් තමයි මම කිව්වෙ මල්ලී හැම දෙයක්ම නිට්ටාවට නැති කරන්න බැ පාලනය කරන එකයි කරන්න ඕන මනෝ විද්‍යාවකියන දේ නිර්වචනය කරන්න බැහැ නේ...ඔයාට පුළුවන්ද? මිනිසුන්ගෙ අවශ්‍යතා නිර්වචනය කරන්න බෑ
    ළමුන් යම් පාලනයක් කලේ නැත්නම් ඔවුන නොමග නොයනව කියලද ඔයා කියන්නෙ ? අපට පුළුවන් විදියට ළමයින් ආරක්ෂා කරගන්න ඕන අපි බලමු තව පරිනත පුද්ගලයින්ගෙන් අදහස් ටිකකුත් මේකට වැටුනොත් දිගටම මේ ගැන කථා කරමු හොද මාතෘකාවක්

    ReplyDelete
  12. මචන් අන්දරේ direct ලින්ක් එකකින් වත් බෑ මචෝ porn කියන වචනය stop කරල නම් දන්න කෙනා දන්නව මොන නැනී තිබුණත් ඒවට යන්න ඒත පොඩි එවුන්ට වගේම තොරතුරු තාක්ෂණය ගැන වැඩි පුර නොදන්න අයට තමයි මේව දාන්න වෙන්නෙ කෝ Tamil Net ලංකාවෙ තහනම් කලත් ඒකට යන්න බැරිද පුළුවන් නේ.ඒ වගේ තමයි මේකත්

    ReplyDelete
  13. [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    ඔයාගෙ වයත් එක්ක ඔයාට මේව තේරුම් කරන්න අමාරුයි
    [/said]
    අහ්... මගේ වයස කියන එක එච්චර බරපතළ ගැටළුවක් කරගන්න එපා. :)

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    ආ....මම කථා කරන්නෙ බබා ඔයාග වගේ තරුණයින් ගැන නෙවෙයි තෙරුම් බේරුම් නැති පුංචි ළමයි ගැන මොකද ඔවුන් තේරුමක් ඇතුව හෝ නැතුව අන්තර්ජාලයේ එන පොප් අප් මගින් අනවශ්‍ය වෙබ් අඩවි කරා යනව ඉතින් ඒක තරමක් හෝ දුරට වළක්වන්න ක්‍රමයක් තමයි මම කිව්වෙ
    [/said]
    එවන් වෙබ් අඩවියකට යන්න ඕනෑ කමක් තිබෙන කෙනා පොප් අප්ස් ආවත් නැතත්, යන්න අසීරු කරලා තිබ්බත් නැතත් කොහොමහරි යනවා. අවශය නැති කෙනා ඔය මොක ආවත් යන්නෙ නෑ.



    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    මල්ලී හැම දෙයක්ම නිට්ටාවට නැති කරන්න බැ පාලනය කරන එකයි කරන්න ඕන
    [/said]
    නැති කිරීමට තබා පාලනය කිරීමටවත් අවශ්‍ය නැහැ. මොකද ඔය කියන පාලනය සිද්ධ වෙන්නේ යම් පුද්ගලයකු විසින් නිසා. සැබෑ පාලනයක් තමන් විසින්ම කරගන්නා එකක් විය යුතුයි.

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    මනෝ විද්‍යාවකියන දේ නිර්වචනය කරන්න බැහැ නේ...ඔයාට පුළුවන්ද?
    [/said]
    පුළුළුන්ද බැරිද කියලවත් මම දන්නෙ නෑ. :D

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    මිනිසුන්ගෙ අවශ්‍යතා නිර්වචනය කරන්න බෑ
    [/said]
    ඔවු. අවශ්‍යතා එකිනෙකාට සාපේක්‍ෂයි. ඒ නිසා සමූහයක් තෝරාගෙන සියල්ලන්ම එක ලෙස පාලනය කිරීමට යාම සාර්ථක නැහැ. තමාට කරන්න ඕන මොකක්ද නැති මොකක්ද කියලා තීරණය කරන්න ඕනෑ තමන්මයි.

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    ළමුන් යම් පාලනයක් කලේ නැත්නම් ඔවුන නොමග නොයනව කියලද ඔයා කියන්නෙ?
    [/said]
    පාලනය කිරීමකින් නොමග හෝ හරිමග යවන්න බෑ. පලෙනය කියන්නේ රබර් බෝලයක් වතුර යට ඔබාගෙන ඉඳීම වගේ වැඩක්. සිදු විය යුත්තේ අවබෝධයක් ඇති කර ගැනීමයි.

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    අපට පුළුවන් විදියට ළමයින් ආරක්ෂා කරගන්න ඕන
    [/said]
    ඔව්, මම පිළිගන්නවා. ඔබ ඊට ලබාගන්නා ප්‍රවේශයයි වැරදි. ඔබ කරන්නේ අර රබර් බෝලය වතුර යට එබීමයි.

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
    අපි බලමු තව පරිනත පුද්ගලයින්ගෙන් අදහස් ටිකකුත් මේකට වැටුනොත් දිගටම මේ ගැන කථා කරමු හොද මාතෘකාවක්
    [/said]
    ඔවු!

    ReplyDelete
  14. budhajeewa- ...අපූරුයි යාලුව තර්ක කිරීම! ඒත් මටත් ඔයා කියන දේට එකග වෙන්න බෑ එහෙනම් යාලුවා(දැනට හැක් කීරීමෙන් නැවතී ඇති) School Net එක ගැන ඔයා මොනවද හිතන්නෙ? ඔයා කියන විදියටනම් School Net එකේ Proxy අයින් කරල සියලුම අසභ්‍යය වෙබ් අඩවි නැරබීමට හැකි වන සේ සකස් කළ යුතුද හොදට තියේවි

    පුතා මම ගුරුවරයෙක් (දෙඹරවැව ජාතිකපාසල) ඔයා අධ්‍යපන මනෝවිද්‍යාව දන්නෙ නැති වුනාට මම දන්නව ළමා හිත කියන්නෙ හරියට පාවී යන පිහාටුවක් වගේ දෙයක් ඒක සුළං හමන දිශාවට ගහගෙන යනව ඔයා ඔය එළියට දාන්න හදන්නෙ Self Control කියන මූල ධර්මය ඒක බටහිර ලෝකයෙ පවතින එකක් බුදු දදහමෙන් පෝෂණය වුණ ලංකාව වගේ රට වලට ඔබින්නෙ නෑ ඒක සංස්කෘතිය පිළිබද ප්‍රශ්නයක්
    ළමයින්ට කැමති විදියට ලිංගික සැප විදින්න දීල ඒකෙන් අතිදැකීමක් ගනින් කියල බලන් හිටියොත් වෙන්නෙ අපේ සංස්කෘතිය සහමුලින්ම නැති වෙලා යන එක එහෙම ඕන ඕන විදියට අන්තර්ජාලයේ සැරි සැරීමෙන් ළමා මනස විකෘති වෙන්න පුළුවන් මොකද අවුරුදු 9-16 කියන්නෙ ඔවුන්ගෙ experiment season එක ඉතින් විවිධ දේවල් අත්හදා බලනව ඒ නිසා එ අසභ්‍යය අඩවි සැක්කොත් ඒව කරල බලන්නත් ඔවුන් උත්සාහ කරාවි එතකොට ඒ අයගේ ජීවිත වලට වග කියන්නෙ ඔයාද මමද කවුරුවත් නෑ පොඩි එවුන් වන්දි ගෙවනවා ඒ නිසා ඔයා කියන දේට මම එකග නෑ වයස 16 න් ඉහල self control කියන මුලධර්මය වලංගුයි අන්න එවිට ඔබේ ඔය මතය හරියනව ඒත් 16න් පහල කුඩා ළමුන් ගැන බලද්දි ඔයා 100% වැරදියි javascript:void(0)

    ReplyDelete
  15. @Shelton:

    [said:Shelton]
    අපූරුයි යාලුව තර්ක කිරීම!
    [/said]

    :P

    [said:Shelton]
    එහෙනම් යාලුවා(දැනට හැක් කීරීමෙන් නැවතී ඇති) School Net එක ගැන ඔයා මොනවද හිතන්නෙ? ඔයා කියන විදියටනම් School Net එකේ Proxy අයින් කරල සියලුම අසභ්‍යය වෙබ් අඩවි නැරබීමට හැකි වන සේ සකස් කළ යුතුද හොදට තියේවි
    [/said]
    SchoolNet ක්‍රියාකරන ආකාරය මම දන්නෙ නෑ මම එය පාවිච්චි කරලා නැති නිසා. නමුත් එය පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙන ක්‍රමවේදයක් නේ, ඉතිං ඔවුන්ගෙන් අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගෙන ඇති පාසල් තුල අන්තර්ජාලය පාලනය කිරීමට ඔවුන්ට අයිතියක් තියනවා. අනික අපි පාසලක් තුළ ඇති අන්තර්ජාල සම්බන්ධතාවයන් පාවිච්චි කරන්නේ පාසලට සම්බන්ධ කටයුතු සඳහා පමණයි. එමනිසා ඔබේ ප්‍රකාශය අදාළ වෙන්නේ නැහැ.

    [said:Shelton]
    පුතා මම ගුරුවරයෙක් (දෙඹරවැව ජාතිකපාසල) ඔයා අධ්‍යපන මනෝවිද්‍යාව දන්නෙ නැති වුනාට මම දන්නව ළමා හිත කියන්නෙ හරියට පාවී යන පිහාටුවක් වගේ දෙයක් ඒක සුළං හමන දිශාවට ගහගෙන යනව ඔයා ඔය එළියට දාන්න හදන්නෙ Self Control කියන මූල ධර්මය ඒක බටහිර ලෝකයෙ පවතින එකක් බුදු දදහමෙන් පෝෂණය වුණ ලංකාව වගේ රට වලට ඔබින්නෙ නෑ
    [/said]
    මොකක්? හොඳටම ෂුවර්ද?
    මුළු බුදු දහමේම කිවෙන්නේ තමන් විසින් තමන් පාලනය කරගැනීම නොවේද? ආපහු පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

    [said:Shelton]
    ඒක සංස්කෘතිය පිළිබද ප්‍රශ්නයක්
    ළමයින්ට කැමති විදියට ලිංගික සැප විදින්න දීල ඒකෙන් අතිදැකීමක් ගනින් කියල බලන් හිටියොත් වෙන්නෙ අපේ සංස්කෘතිය සහමුලින්ම නැති වෙලා යන එක
    [/said]
    මේ සංවාදය අස්සේ අපේ කුහක සංස්කෘතිය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. අපේ සංස්කෘතියට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක පාර යන එකත් වැරදියි නෙ.

    [said:Shelton]
    එහෙම ඕන ඕන විදියට අන්තර්ජාලයේ සැරි සැරීමෙන් ළමා මනස විකෘති වෙන්න පුළුවන් මොකද අවුරුදු 9-16 කියන්නෙ ඔවුන්ගෙ experiment season එක ඉතින් විවිධ දේවල් අත්හදා බලනව ඒ නිසා එ අසභ්‍යය අඩවි සැක්කොත් ඒව කරල බලන්නත් ඔවුන් උත්සාහ කරාවි
    [/said]
    මම දැනට 17 නිසා ඔබේ 9-16 කාලෙ ගැන ඔබට තියන මතකයට වඩා හොඳ මතකයක් මගේ 9-16 කාලය ගැන මට තියනවා කියලා මම හිතනවා.

    ඕනෑ තරම් බලන්න එපා කියන වර්ගේ දේවල් මම ඒකාලෙ තුළ බලලා තියනවා. මම 2 වසරෙ ඉන්න කාලෙ ඉඳන් ඔය එක එක වර්ගේ හින්දි චිත්‍රපටි, X-Files වගේ ඒවා, මිනීමැරුම් වගේම 15-16 වෙනකොට ඔය කියන අසභ්‍ය ඒවාත් බලලා තියනවා. පුදුමේ කියන්නේ මට හිතුනෙ නෑ නෙ ඒව ට්‍රයි කරල බලන්න, මොකද බලනකොට වැටහෙනවා මේ බොරු රඟපෑම් විතරයි කියලා, හොඳයි නැද්ද?

    ඔය වයසේ ළමයි කියන්නේ දකින දකින දේ කරන වඳුරෝ වගේ ජාතිකයක් කියලා හිතන්න කවුද පටං ගත්තේ?

    ReplyDelete
  16. / මම 2 වසරෙ ඉන්න කාලෙ ඉඳන් ඔය එක එක වර්ගේ හින්දි චිත්‍රපටි, X-Files වගේ ඒවා, මිනීමැරුම් වගේම 15-16 වෙනකොට ඔය කියන අසභ්‍ය ඒවාත් බලලා තියනවා. පුදුමේ කියන්නේ මට හිතුනෙ නෑ නෙ ඒව ට්‍රයි කරල බලන්න, මොකද බලනකොට වැටහෙනවා මේ බොරු රඟපෑම් විතරයි කියලා, හොඳයි නැද්ද? /

    ඔන්න මල්ලි 7කොලේ තියාගෙන ආසිය ගැහුව! ඔයාට එහෙම හිතුනෙ නැත්නම් ඒක ඔයාගෙ අඩුපාඩුවක්,ගෑණියෙක් හෙළුවෙන් හිටියොත් ඔයා අහක බලන් යනවද? මල්ලී ඔයා ඔයා ගැන විතරක් හිතල තීරණ ගන්න එපා ම්නිස්සුනගෙ හිත තේරුම් ගන්න උත්සාහ කරන්න ඔයා කියන්නෙ මේ හැමෝම ඔයා වගේ කියලද?

    ReplyDelete
  17. @Anonymous March 6, 2010 11:17 PM:

    [said:Anonymous March 6, 2010 11:17 PM:]
    ඔන්න මල්ලි 7කොලේ තියාගෙන ආසිය ගැහුව! ඔයාට එහෙම හිතුනෙ නැත්නම් ඒක ඔයාගෙ අඩුපාඩුවක්
    [/said]
    දකින දකින සියල්ල නොකරන එක ඔබ දකින්නේ අඩුපාඩුවක් හැටියටද? මම නම් එය දකින්නේ ඉහතදී අපි කතා කළ self-control එක ලෙසින්.

    [said:Anonymous March 6, 2010 11:17 PM:]
    මල්ලී ඔයා ඔයා ගැන විතරක් හිතල තීරණ ගන්න එපා ම්නිස්සුනගෙ හිත තේරුම් ගන්න උත්සාහ කරන්න ඔයා කියන්නෙ මේ හැමෝම ඔයා වගේ කියලද?
    [/said]
    නැහැ, මම මම දිහා විතරක් බලලා තීරණ ගන්නේ නැහැ. ඇත්තම කීවොත් එහෙම තීරණ ගන්න අය සම්බන්ධයෙන් මම ඉතාම විරුද්ධ වෙනවා. මොකද මම දරණ මතය තමයි එකිනෙකාගෙන් වෙනස් සංකීර්ණ මිනිස් ක්‍රියාකාරීත්‍වයන් ගැන, එක් කෙනෙක් දිහා විතරක් බලලා සමස්ථය පිළිබඳ නිගමනයකට එළඹෙන එක වැරදියි කියන එක. මීට කලින් මේ වගේ මම සම්බන්ධ වුනු සංවාද වලදී මම ප්‍රකාශ කරපු අදහස් ඔබට දැකගන්න ලැබුනොත් පොඩ්ඩක් කියවලා බලන්න.

    කොහොම වෙතත්, මෙතනදී මම මාව උදාහරණයක් හැටියට අරන් තියෙන්නේ ඊට ඉහත ප්‍රතිචාරයක තිබුනු 9-16 වයසේ ළමුන් කියන්නේ දකින දකින සියල්ල කරන පිරිසක් හැටියට කියවුනු ප්‍රකාශයට පිළිතුරු වශයෙන්.

    ReplyDelete
  18. @ බුදාජීව

    වයසින් මුහුකුරා ගියා‍ට මේ සියල්ලන්ම එක් ලිදක සිටිනා ගෙබ්බන් රැලක් වැනිය.
    බුදු දහම යනු ඉස්ලාම් දහම කියා මොහුන් සිතන්නේ. ‍ඔය බටහිර කරන කරනා සෑම දෙයක්ම වැරදී කියා අනුන්ට පෙනෙන්ට නොකරා සිටින ඉස්ලාම් ර‍ටවල ඇතුලත තත්වය මොවුන් දන්නවා නම් .... කරැණාකර මේ දිවයින අරාබියරයක් නොකරන්න..

    බුදු දහම හොදින් අධ්‍යයනය කර බලන්න..

    - වයසින් අඩු වූවා කියා දැනුමෙන් නුවණින් මුහුකුරා නොයයි.

    ReplyDelete
  19. වැරදීමක් -

    - වයසින් අඩු වූවා කියා දැනුමෙන් නුවණින් මුහුකුරා නොයයි

    නිවැරදි කිරීම- වයසින් වැඩිවූවා කියා දැනුමෙන් නුවණින් මුහුකුරා නොයයි

    ReplyDelete
  20. මේ post එකට පස්සෙ post මකල මොකද ?

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...