Ads 468x60px

Friday, April 29, 2011

මනුස්සකම අඩවියට විරුද්ධව 119 පැමිණිල්ලක්.....

පසුගියදා මනුස්සකම අඩවියට එරෙහිව යම් කිසි, කියවා තේරුම් ගැනීමට අසීරු තවත් අධි මන්ද බුද්ධික මිනිසකු විසින් 119 අංකය ඔස්සේ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් අපරාධ විමර්ශන අංශය මාගෙන් කට උත්තරයක් ලබා ගත්තේය...පහත සඳහන් ලිපියෙන් මහින්ද යන නම භාවිතා කිරීම තුලින් අතිගරු ජනාධිපති තුමාගේ කීර්ති නාමයට කැළලක් වන බව පවසමින් පැමිණිල්ල ගොනු කොට තිබිණඑළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද?  මෙම පැමිණිල්ල මාවෙත ඉදිරිපත් කල සැනින්   මහින්ද මහ රහතන් වහන්සේ මිහින්තලා පර්වතයේ සිට තිස්ස නමින් අමතමින් ඇසූ අඹ පැනය මගේ සහියට නැගුනේය. එකම නම ඇති පුද්ගලයින් රටේ කොතෙකුත් ඇද්ද? මනුස්සකම අඩවිය කිසිවිටකත් අතිගරු ජනාධිපති තුමාගේ නමට හෝ රටටේ කීර්ති නාමයට කිසිදු කැලළක් නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි. එසේම කුමන බාධකයක් පැමිණියද තරාතිරම/නිල බලය කුමක් වුවත් යම් කිසි පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් සිදු කරනුලබන ඕනෑම  අසාධාරණ ක්‍රියා කාලාපයකට විරුද්ධ වීමට මනුස්සකම පසුබට නොවන බවද අවධාරණයෙන් යුතුව ප්‍රකාශකර සිටිමි.කියවා තේරුම් ගැනීමට අසීරු නොමේරු මොල ඇති ඔල මොට්ටලයින්ට හා උගත් කම තිබුණමුත් බුද්ධිමත්කම අඩු හිස් මිනිසුන් වෙනුවෙන් විශේෂ මනුස්සකම බ්ලොග් අඩවියක් ලඟදීම එළි දක්වන බවද දන්වා සිටිමි.

6 comments :

  1. take it easy machan. ea kiyanne umba famous una kiyana ekane. 119 ekata katha kara umba gana kiwwa kiyanne umba VIP kenek wage ne.

    ReplyDelete
  2. ඔවා ගනන්ගන්න එපා මචන්..ඕවගේ දේවල් දැන් රටේ සාමාන්ය දේවල් වෙලා. පුදුමයි උබේ බ්ලොග් එක බැන්ඩ් නොකර හිටියා..

    ReplyDelete
  3. ලංකාවේ ඔහොම තමයි I don't know why?

    ReplyDelete
  4. den nam ban kakka karannath bayai

    ReplyDelete
  5. raj_wvp@yahoo.com එකට මේල් එකක් එවපන්. උවමනාවකට.

    ReplyDelete
  6. මොඩරේට් කලඑක හොදයි. මගේ මේල් එක කොමෙන්ටුවක් විදියට දාන්න ඕන නෑ.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...