Ads 468x60px

Friday, April 9, 2010

මර්වින් සිල්වාට ගොඩක් අය කැමතියි!

පහුගිය වකවානුවේදී ලංකාවේ මැර චරිතයක් ලෙස මාධ්‍ය විසින් හුවා දක්වනලද ආචාර්ය මර්වින් සිල්වා මහතා මෙවර මැතිවරණයෙන් විශීෂ්ථ ජයග්‍රහණයක් ලබාගෙන ඇත මොහු මෙතරම් මැර නම් දිනුවේ කොහොමද? මිනිසුන් විසින් මොහු පිළිගත්තේ මන්ද? ඕනෑම මිනිසකු තුල ඇති මනුස්සකම නිසා නොවෙද? අසාධාරණයට එරෙහිව කෑගහන අහිංසක මිනිසුන්ට අද සමාජයේ නිසි තැනක් නොමැත ඔවුන් මෝඩයින් යැයි කියා සමාජයෙන් කොන් කර දැමීමට බොහෝ ප්‍රභල මිනිසුන් කැමති වෙති එමෙන් මර්වින් සිල්වා මහතාද එවැන්නෙකි තමන්ට පහර ගහන විට හිස පහත් කරගෙන සිටීමට කැමැතක් දක්වන්නේ අමනයින්ය හිතට එන දේ නිර්ව්‍යාජව පැවසීම නොකර වෙනත් දෙයක් පැවසීම වංචාවක් ය මර්වින් සිල්වා සැබෑ අවංක මිනිසෙකි තමාගේ හිතට එන දේ හරි හෝ වැරදි නිර්ව්‍යාජව පැවසීම උසස් මිනිස් ගතියක් සේ මා දකී ඔනෑම මිනිසකු තුල ඇති සංවේදීතාවය මෙතුමා තුලද ඇත තම නිවසට ආහාර ගැනිමට ආසන්න වෙලාවකදී පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට (ඕනෑම තරාතිරමක) "කෑම ටිකක් කමු" යැයි කියන්නේ හදිසි මංත්‍රීවරයෙකි සමහර මංත්‍රීවරුන් දහඩිය වැකුණු මිනිසුන් අප්‍රිය කරති නමුත් මිනිසුන්ගේ දහඩිය සුවඳ හදුනන මර්වින් සිල්වා වැන්නවුන් අපේ පාර්ලිමේන්තුවට අවශ්‍ය බව එක්ලක්ෂ පනස්එක්දහසක් පමණ මිනිසුන් පිළීගෙන ඇත.ගරු මර්වින් සිල්වා මැතිතුමනි ඔබට රටට වැඩදායී පුද්ගලයකු වන්නට මනුස්සකම වෙතින් සුභපැතුම්!


1  Basil Rajapaksa - 425861
2. Sudarshani Pranandupulle - 186140
3. Mervin Silva - 151085
4. Ven Athuraliye Rathna - 112010
5. Filix Perera - 69938
6. Ruvan Ranathunga - 66488
7. Lasantha Alagiyavanna - 65939
8. Sarana Gunawardana - 61150
9. Dulip Wijesekara - 51469
10. Vasantha Senanayaka - 51124
11.Pandu Bandaranayaka - 49613
12.Sarath Kumara Gunarathna - 46040

4 comments :

  1. බොහොමයක් කොළඹ පංතියේ උගත් යයි කියාගන්නා අය මර්වින් සිල්වා කියන නම ඇහුනු ගමන් හෙලා දකින්නේ හරියට එයා කතා කරනවවත් අහල නැතිව. ලංකාවේ ඉන්න ගොඩක් දේශපාලනඥයින්ට වඩා සාමාන්‍ය මිනිස්සුන්ට මර්වින් සිල්වා කිට්ටු යි. කවුරු කොහොම කියුවත් එතුමා පාර්ලිමේන්තුවට යවන එක තීරණය කරන්නේ එතුමා ඉන්න ප්‍රදේශයේ ජනතාව යි!

    ReplyDelete
  2. මම ඉන්න පළාතෙ ලංකාවෙ දැනුත් පාර්ලිමේන්තුවෙ ඉන්න පැරණිම මන්ත්‍රීලගෙන් කෙනෙකුත් ඉන්නව. ඒත් ඩඩ්ලි සේනානායක මැතිතුමා හිටපු කාලෙ හදපු බස් නැවකුම්පල ඇරෙන්න දැන් ඉන්න එකා කරපු මෙලෝ දෙයක් නෑ(ඒ උනාට පොරනම් එළට හම්බකරගෙන). ඒ අතින් මර්වින් සිල්ව රත්තරන්. එයා ආසනේට වැඩක්වත් කරල තියනව. ටිකක් නෙවේ ගොඩක්. ඒකයි මිනිස්සු එයා එක්ක ඉන්නෙ. අන්න ඒකයි එයත් එක්ක මිනිස්සුන්ගෙ නොවෙනස් බැඳීමක් තියන්නෙ.

    ReplyDelete
  3. නූතන දුටුගැමුණුට ජය වේවා !!!!

    ReplyDelete
  4. මිනිස්සු තුළ හොද නරක දෙකම අඩු වැඩි වශයෙන් තියෙනව. මර්වින් සිල්වා මහතාටත් ඒක පොදුයි. මිනිස්සු එයාට ඡන්දෙ දෙන්නෙ එයා කළ හොද වැඩ වලට මිසක් වැරදි වැඩ සාධාරණීකරණය කරල නෙවෙයි. එහෙම වැරදි වැඩත් සාධාරණීකරණය කරනව නම් රටකට නීතියක් සදාචාරයක් ඕනෙ නෑ. මර්වින් සිල්වා වැඩ කරල තියෙනව. මිනිස්සු ඒකට සළකල තියෙනව.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...