(කරුණාකර අධිසංවේදී සහ ගැබිනි මාතාවන් මෙම ලිපිය කියවීමෙන් වලකින්න)
මාර්තු 18 වෙනිද පත්තරේ තිබුණ සිද්ධියක් දැකල මට හිතුන තවමත් මනුස්සකම සමාජය තුල තියනව කියල මොකද ඒකෙ තිබුණෙ ඇබිලිපිටිය මහ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් කල හපන් කමක්....ඒ වගේම මනුස්සකම දන්න ආදරණිය මවක් සහ පියෙක් ගැන.. මොලය මියගිය තරුණ මහහතකුගෙ ශරීරයේ අනෙකුත් කොටස් තවත් මිනිසුන් සුවපත් කීරිම උදෙසා ඉවත් කෙරුණු කථාව! වෙලාවකට ඒක සංවේදි කථාවක් වගේ ඒ දෙමාපියන් එම කාර්යයට කැමැත්ත පළ කරේ පිං ලබාගන්නට සිතා නොවේ කාට හෝ එම කොටස් වලට පිහිටක් වේයැයි සිතාය මියගිය තරුණයාටද එය සෑබෑම පිනක් වවනු නිසැකයි.එම කථාව එලෙස කියද්දි තවත් සෝචනීය සිදුවීමක් කියන්නයි ලැහැස්තිය.....
මේ සිදුවීම සිදුවුනේ ඒ කිට්ටුවම රෝහලක..ඒ හම්බන්තොට මහ රෝහලේ.....පසුගිය වකවානුවේදි මාතෘ මරණ කිහිපයක්ම සිදුවූයේ මෙම රෝහලේ දීය ....මතෘ මරණ අනුපාතිකය වැඩිවීම දුප්පත් රටක ලක්ෂණයක් එහෙත් ලංකාව වැනි දියුණු වන රටවල මෙවන් දේ සිදුවීම අවාසනාවක්...වෛද්‍ය වරුන් දෙවියන් නොවන වග අප දනිමු ඔවුන් අතින් ද වැරදි සිදුවිය හැක එහෙත් එකම වැරුද්ද දිගින් දිගටම වනවා නම් එය අතපසුවීමක් සේ ඉවත දැමිය හැකිද? පසුගිය මාර්තු 6වන දින අවසන් වශයෙන් මෙම අවාසනා වන්ත ඉරණමට ලක්වූයේ තිස්සමහාරාම ඇල්ලගල ප්‍රදේශයේ 23 වියැති තරුණ මවකි ඇය බිහිකර ළදරුවා තනිකර දමා ඇය ආදරය කළ ස්වාමියා තනිකර දමා ඇයට මෙලොවින් සමු ගැනීමට සිදු වූයේ කාගේ වරදින්ද?
ඔනෑම රෝහලක ශල්‍යයය කර්මයක් සිදුකිරීමට ප්‍රථම එම රෝගියාගේ රුධිර සංචිත එම රෝහලේ තිබෙනවාදැයි වෛද්‍යවරයා සොයා බැලිය යුතු නොවේද එසේ නොමැති නම් එම රුධිර වර්ගය හිමි පුද්ගලයෙක් හෝ හදිසි අවස්ථාවක රුධිරය ගැනීම සඳහා තබාගැනීමට උපදෙස් දීම වෛද්‍යවරයාගේ හෝ අදාල බලධාරීන්ගේ කාර්යයක් නොවෙද? අධික රුධිර වහනයෙන් මිලින වී ගිය ඒ අහිංසක ජීවිත වලට වගකියන්නේ කවුරුන්ද? මුදල් පසුපස ලුහුබඳින සමාජයක වගකිවයුතු මිහිපිට දෙවි වන් දයාබර වෛද්‍ය වරුනි මිනිස් ජීවිත ගැන මීට වඩා සැලකිලිමත්ව කටයුතු කරන්නේ නම් කෙතරම් අගනේද.
තම මව් අහිමි බව නොදත් කිරි කැටියා අසල දරුපැටියාගේ ලස්සන මුහුණ දැකගන්නට පෙරුම් පුරමින් දසමසක් කුසතුල හුවාගෙන වැදූ මව නොසෙල්වී සුදු වතින් සැරසී ඇසිපිය හෙලාගෙන හිඳින විට මවගේ අතින් ගෙතුණු මල් මසන ලද පුංචි බිළිදු ඇඳුම් අතැතිව ආදරණිය පියානණ් මෙවන් දුකක් හතුරකුටත් නොවෙන්නට පැතුම් එක්කළේ හද පිරි ශෝකය කඳුළුවල දියකර හරිමින්ය.....කිරිකැටි පුංචි පුතේ ඔබට "මව් මරා උපන් කුමරා" යැයි මිනිසත් බව ගිලිහුණු සමාජයෙන් ලැබීමට නියමිත ගැරහුම් ඉවසන්නටම සිදුවේය ඉවසීමෙන්.....අහිමි මවගේ නාමයෙන්...
මව් සෙනේ අහිමි
පිං මද පුතුණි
කෙලෙස කියන්නද
හැඩුවාට කිරි
නොඑරෙන බව.......
අන්තිම ටික කියවද්දි මගේ ඇඟ සීතල වුණා.
ReplyDeleteගයනි.
ඔය අයියා අපේ අයියගෙ යාළුවෙක්. ඩොක්ටර්ස්ලට ඒ අක්කත් කියල මට අමාරුයි කියල ඩොක්ටර් ගනන් අරන් නෑ..... privt යන්න සල්ලි කොහෙන් හරි හොයාගෙන යනව කිව්වලු මේ වගේ අයයි ඉන්න බව දන්නවනම් . පව් ඒ අයියා.... හැබැයි ඔය අයම තමයි privt තැන්වල මැරීගෙන සේවය දෙන්නෙත්.
ReplyDeleteහරිම අවාසනාවන්ත කතාවක්.
ReplyDeleteඇත්ත තමා දොස්තරල දැන් ගොඩක් නොසැලිකිලිමත්
සමහරක් අමතක කරල එයාල ඉගෙන ගත්තෙ මහජනතාවගෙ සල්ලි වලින් කියල...
දැන් ඉන්න සම'හරක්' දොස්තරල ගැනනම් කතා කරල වැඩක් නෑ....
ReplyDelete