Ads 468x60px

Monday, May 10, 2010

කවිමඩුවෙ කවීන් අතර ගැටුමක්..!

ලාංකීය සිතිවිලි බ්ලොග් කියවනය මඟින් සංවිධානය කරනු ලබන කවිමඩුව වැඩසටහන පැවැත් වීමට දින කිහිපයක් තිබියදී කවිමඩුවේ කවීන් අතර මහා ගැටුමක් වර්ධනය වෙමින් පවතී තැන තැන කුඩා කණ්ඩායම් අතරද ගැටුම් උත්සන්න වී ඇත මේ ගැටුම සඳහා ලාංකීය සිතිවිලි සංවිධායකයින්ද සම්බන්ධ බව ආරංචි මාර්ග සඳහන් කරයි.ඉදිරියේදී පැවැත්වීමට නියමිත කවිමඩුව වඩාත් අවේගශීලී සහ මඩවලින් පිරුණු එකක් වන බව දැනටමත්  මෙම පුර්ව ක්‍රියා තුලින් පෙනෙන්නට ඇත . ගැටුම වඩාත් උත්සන්න වුවහොත් සාධාරණ හා සාමකාමී කවිමඩුවක් පැවැත්වීමට නිරික්ෂණ කමිටුවක් පත්කිරීමට ද ඉඩ ඇති බව දැනගන්නට ලැබී ඇත. මෙම කවින් අතර ඇතිවූ ගැටුමක් සමනය කිරීමට ගිය පිරිසකටද කිවියෙන්ම පහර එල්ලවී ඇත...මෙම කවිමඩුව පූර්ව ප්‍රඩණ්ඩ ක්‍රියාව සියැසින් දැකගැනීම සඳහා පහත සබැඳියට ගොඩවන්න

කවියන් අතර ඇතිවූ ගැටුම

4 comments :

  1. ඒ පැයේ උනුසුම් පුවත ඔබවෙත ගෙන ආවේ කවි මඩුවේ ප්රාපදේශීය වාර්ථා කරු ස්තීර තැනක් නැති තැනක සිට

    ReplyDelete
  2. මඩුව පටන් ගන්නටත් පෙරා
    වලියක් හටගෙන ඇති හැඩා
    ඒ වලියේ හැඩ බල බලා
    මාත් කවි ලිව්වා හැඩ කර කරා

    හි හී...

    ReplyDelete
  3. එළ එළ එළ෴
    වැඩේ හොඳටම නැගලා යනවා...

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...