Ads 468x60px

Sunday, April 4, 2010

උඩඟු ලියන්!

ඇත්තටම ලියන් උඬඟු ද? හැමෝම එහෙම නැති වුණත් වැඩි හරික්ම උඬඟුයි තමා....අනේ පිරිමි නම් එහෙම නෑ ඕනම කාන්තාවක් එක්ක හිනාවෙලා කථා කරන්න කැමතියි.සමහරු නම් ඉතින් හැම කාන්තාව එක්කම කථා කරන අයට මඩ ගහනව "ඕක ගෑණු පෙරේතය" කියල.ඒත් ඒ කථාවේ වරදකුත් නෑ පිරිමි ගෑණුන්ට පෙ‍රේත වෙන්නෙ නැතුව වෙන කාට පෙරේත වෙන්නද නේද? මම කියන්න හදන්නෙ ඒ අහවල් එකක් ගැන නෙවෙයි නන්දා මාලනී මහත්මිය කියන ලස්සනම ලස්සන ගීතයක් ගැන ....

මේ ගීතය නම් හැමෝම අහලත් ඇති උඬඟු ලියන් ගොතා බඳින....කියන ගීතය.මේක හරි අපූරු ගීතයක් මොකද මේ ගීතයේ තියෙන්නෙ ගියිකාව මලක් වුනානම් සිතමින් කියන ගීතයක්...ගීත නොයෙකුත් ආකාරයෙන් තියනව සමහර ඒවයි ගායිකාව හෝ ගායකයා ප්‍රකාශකයා බවට පත්වෙනව එහෙමත් නැත්නම් රචකයා ප්‍රකාශකයා බවට පත්වෙනව හැබැයි බටහිර සංගීතයේදි නම් සංගීතය ප්‍රකාශකය බවට පත් කරගන්න අවස්ථා දකින්න පුළුවන් කොහොම වුනත් සංගීතය ගැන මම දන්න කෙහෙල්මලක් නෑ අඩුම ගානේ බිලාවල් රාගය වත් මම දන්නෙ නෑ මොකද මම පොඩිකාලෙ ඉදන්ම කළේ චිත්‍ර නිසා...

මෙම ගීතයේදි ගායිකාව තමයි පුකාශකයා බවට පත් වෙන්නෙ ඒ බව මෙන්න මේ පද පේලියෙන් ඔප්පු වෙනව  "මා පිපුනේ නැත මේ දෙරණේ....." මෙය තමාගේ සිදුවීමක් ලෙසටයි ඇය ගායනා කරන්නෙ.මම කියන දේ චුට්ටක් හරි පැහැදිලි වුණා නම් එච්චරයි..එහෙනම් අපි බලමු මුල් කොටසින් කියන්නෙ මොනවගේ දෙයක්ද කියල..
උඬඟු  ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට 
මා පිපුනේ නැත.... මේ දෙරණේ....

මෙහි දී පැවසෙන්නෙ තමා මලක් වුනා නම් , උඬඟු (පර්යාය පදය-ආඩම්බර) ස්ත්‍රීන් ගේ කොණ්ඩය හැඩ ගන්වන්නට නොවේය තමා පිපුණෙ යන්න යි ඇත්තටම මෙහිදී එවැනි සෝබන ක්‍රියා වලට සියුම් පහරක්ද ගසන බව පෙනේ.එමෙන් එය ඒ තරම් නොවැදගත් දෙයක් යැයි ඇය කියයි..
හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන
බොජුන් මේස මත.....සුවඳ හලන්නට
මා පිපුණේ නැත....මේ දෙරණේ... 

කිසිම වටිනා කමක් නැති හිස් මිනිසුන් (සල්ලිකාරයින්,දේශපාක මහතුන් වැනි)විනොදයෙන් හිස් බස් දොඩවමින් රිසිසේ ආහර බුදින පුද්ගලයින්ගේ මේස සුවඳවත් කිරීමට තමා  පිපුණේ ද නැති බව පවසයි එසේ නම් තමා ගේ පැතුම කුමක් විය යුතුද? 
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවකුගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිල්ලෙන් 
තැලී වෙලී සැනහී මිය යන්නෙම්....

මගේ පරම පරතුම එයයි.. මගේ පරම පැතුම එයයි... මගේ පරම පැතුම එයයි......එමඟට මා විසිකරන්න.......


3 comments :

  1. mama kematima geetayak..

    lassana arta katanaya

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. පට්ට. මේ වගේ අර්ථවත් සින්දු අද අහන්නත් අඩුයි. දිගටම ලියන්න මේ වගේ ඒවා.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...