ඔබේ ජංගම දුරකථනය සොරා ගතහොත් එය අපටම සොයාගත හැකි විදියක් ගැනයි අද මම කියන්න හදන්නෙ පොලිසි ගියොත් කියන්නෙ හොරා අල්ලන් එන්න කියල නේ ඔන්න පොලිසියටත් හොරාත් අල්ලා දෙන්න මේක නියම ක්‍රමයක් ! හැබැයි දැනටමත් බොහෝ දෙනෙක් මේක පාවාච්චි කරනවාත් ඇති....ප්‍රතිඵල සිකුරුයි! හැබැයි ගැටලුව නම් මේක Sony Ericsson දුරකථන වලට විතරයි බාවිතා කරන්න පුළුවන් .බලන්න ඔබේ දුරකථනයත් පහත සඳහන් ඒවායින් එකක් ද කියල...
Tuesday, June 22, 2010
Monday, June 21, 2010
පුළුවන් නම් කුණුහර්ප 20ක් කියපන්...!
නොබෝදා මා සේවය කරන ස්ථාන අසල මිනිසුන් පිරිසක් කුණුහර්ප කියමින් බැණ ගන්නා ආකාරයක් ඇසී මා ද ඒ දෙසට අවධානය යොමු කළේය . එහී දී මට අසන්ට ලැබුනේ වචන ඉතා සුළු ප්‍රමාණයකි... කුණුහර්ප යනු තම ආවේගයන් පළකිරීම සඳහා තම භාෂාව හා බැලූවිට එහි නිතර නොකියවෙන වචන හා නුහුරු වචන භාවිතා කරමින් තනා ගත් වචන කිහිපයකි. සිංහලයේ පමණක් නොව ඕනෑම භාෂාවක මෙවැනි වචන මාලාවන් ඇත.සමහර මිනිසුන් මේවා ඇසීම දැඩි සේ පිළිකුල් කරති එසේම සමහර මිනිසුන් මෙම වචන භාවිතා කිරීම දැඩි සේ පිළිකුල් කරති තවත් සමහරුන් තම දරුවන්ට මෙවා ඇසීමටවත් ඉඩ නොතබයි මෙම වචන වලට බිය වෙති.
ප්‍රභේදය-
විනෝදාත්මක
Friday, June 18, 2010
නූර්ති ගීත පොදියක් !
අසා රසවිදිය හැකි දුර්ලබ අපූරු නාඩගම් හා නූර්ති ගී පොදියක් මනුස්සකමට ලැබුණා ඉතින් මේ ගීත ටික හැමෝ එක්කම බෙදාගෙන රසවිදින්න ඕන කියල හිතුණ නිසා තමයි මේ විදියට අඩවියේ පළකරන්නෙ නිතර ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් අහන්න නොලැබෙන ගීත ටිකක් පහල තියන සබැඳියෙන් අරගෙන අහලම බලන්න කෝ....
ප්‍රභේදය-
රසවින්දන
Thursday, June 17, 2010
මනමාලයා නැති මඟුල් ගෙදර....
අද දින මහා උජාරුවෙන් සමරන ශ්‍රී ලාංකේය විරුදිනය පිළිබඳව යමක් මනුස්සකම වෙනුවෙන් කියන්නට අදහස් කරමි... යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා උර දුන් අතිගරු ජනාධිපති තුමා ඇතුලු දැයේ වීරෝදාර පුද්ගලයින් වැඩිපිරිසක් එකතුවී අද දින මහා උත්සවයකි නමුත් යුධ ජයග්‍රහණයට සෟජුවම උරදුන් රුදුරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර වලටද ගොදුරුවූ ප්‍රධාන චරිතයක් වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද සිරකුටියක හිඳ හිතින් මේ දිනය සමරනවා ඇත....අද ඔහුගේ නමක් හෝ ප්‍රකාශ කිරීමක් සිදු නොවේ මෙම සිදුවීම දුටු ඕනෑම කෙනෙක්ට සිහියට නැගෙන්නේ මේක හරියට මනමාලයා නැති මඟුල් ගෙදරක් වැනිය යන්නයි...
ප්‍රභේදය-
දේශපාලන
දෙහිවල තැපැල් කාර්යාලයේ නිලධාරීන් ලියාපදිංචි ලිපියක් ගැන කිව් හැටි....
පහුගිය දිනක මනුස්සකම අඩවියට වගකිවයුතු නිලධාරීන් කිව් අපූරු කථාවක් ගැන අසන්නට ලැබින. ජූනි මස 4 වන සිකුරාද හම්බන්තොට ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් දෙහිවලට තැපැල් කළ ලියාපදිංචි කරන ලද ලිපිය 19 වන සෙනසුරාදා වන විටත් නොලැබීම හේතුවෙන් මේ පිළිබද හම්බන්තොට තැපැල් කාර්යාලයෙන් විමසීමක් සිදු කළේය නමුත් එහි දී ඔවුන් කියා සිටියේ එදිනම එය දෙහිවල කාර්යාලය වෙත යැවූ බවකි පසුව දෙහිවල කාර්යාලයෙන් ද මේ ලිපිය පිළිබඳ විමසීමක් සිදුකළේය නමුත් එහි දී ඔවුන් කියා සිටියේ එම ලිපිය අස්ථාන ගත වී ඇති බවත් කාර්ය බහුල බැවින් එම ලිපිය සොයාදිය නොහැකි බවත්ය එහිදී එම ලිපිය පිළීබද විමසීමට ගිය පුද්ගලයා ඔවුන්ට කියා ඇත්තේ එය ලියා පදිංචි ලිපියක්ය යන්නයි එහිදී දෙහිවල තැපැලි කාර්යාලයේ නිලධාරින් පවසා ඇත්තේ,
ප්‍රභේදය-
සමාජීය-අසාධාරණකම්
Tuesday, June 15, 2010
Sunday, June 13, 2010
මෙන්න මේ වෛරස් ගාඩ් එක හොඳයි...(අලුත්ම සංස්කරණය)
Avast කියන වෛරස් ගාර්ඩ් එක මීට කලින් ගොඩක් අය පාවිච්චි කරල ඇති නේ.... හැබැයි මේ Avast වල අලුත්ම සංස්කරණය නම් වැඩිදෙනෙක් භාවිතා කරල නැතුව ඇති ඒකට හේතුව මේකෙ ලියාපදිංචි කරපු එකක් හොයාගන්න බැරි කම ඒත් නොමිලයේ භාවිතා කරන්න පුළුවන් Avast Home Edition එක නම් ගන්න පුළුවන් ඒත් ඉතින් නොමිලේ දෙන ඒවට ගොඩක් අය කැමති නෑ සල්ලි ගෙවල ගන්න තියන ඒවයි හොර කොපි භාවිතයට තමයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ඉතින් එහෙම අයට භාවිතා කරන්න Avast Pro 5 සංස්කරණය නම් මම හොයා ගත්ත සල්ලි ගෙවල ගන්නව නම් ඉතින් $39.95 වෙනව ලේසි නෑ... පරිගණකයේ ස්ථාපනය කරල අප්ඩේට් කරලත් බැලුව අව්ලක් නෑ හොඳයි වගේ....කැමති අයට Free Home Edition එක භාවිතා කරන්නත් පුළුවන් එහෙම නැත්නම් පහත තියන සබැඳියෙන් ගිහින් Avast Pro 5 එකේ හොර පිටපත ගන්නත් පුළුවන් හොර කිව්වට හොරමත් නෙවෙයි....
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Saturday, June 12, 2010
අන්තර්ජාල කුණාටුව.....
අන්තර්ජාලයේ වේගවත්ව සැරිසරන්න කවුද අකමැති? ඒත්....ඉතින් අපි හිතන වේගය, අපි බලාපොරොත්තු වන වේගය සාමාන්‍ය සම්බන්ධතාවක නැහැනේ ඉතින් තියන අන්තර්ජාල වේගය දශමයකින් හරි වැඩි කරගන්න තියනවනම් ඒකට කවුරුත් කැමතියි.ඉතින් මටත් හම්බවුණා ඒ වගේ අන්තර්ජාලයේ වේගය තරමක් හෝ වැඩි කරගන්න පුළුවන් වැඩසටහනක් නම නම් දාලා තියෙන්නෙ "අන්තර්ජාල කුණාටුව" (Internet Cyclone) කියල. මේකෙ කියල තියෙන්නෙ නම් සියට දෙසියයක් වේගය වැඩි වෙනව කියල ඒවා මේවා කොහොම වුණත් සියයට දශම පහක් වත් මේකෙන් වැඩිවෙනව නම් හොඳයි පාවිච්චි කරල බලමු හරි නැත්තම් කරන්න ඕන දේ දන්නව නේ (හැබැයි මට බනින්නෙ නැතිව).
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Thursday, June 10, 2010
හොඳ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න තියෙන්න ඕන හොඳම දේ??
බොහෝ මිරිමින් තමාට සුදුසු සහකාරියක් සොයා ගැනීමට අපෝසත්ව හිතට එකඟ නැති සහකාරියකට අවසානයේ කැමැත්ත පලකරමින් තම පව්ල් ජීවිතය අවුල් කර ගනිති...සමහරුන් තමන්ට හොඳ කෙල්ලකු සමඟ යාළුවන්ට සුදුසු කමක් නැතැයි මානසිකව පීඩා විදිති කෙසේ වෙතත් තමන්ට සුදුසු හොඳ කෙල්ලක් සමඟ හාද වීමට අවශ්‍ය විශේෂ සුදුසුකම් මොනවාදැයි දැන ගැනීමටත් විනෝදාශ්වාදය පිණිසත් මේ පිලිබඳ මත විමසුක් පැවැත් වීමට මනුස්සකම අඩවිය තීරණය කර ඇති අතර මෙහි දී ඔබගේ පෞද්ගලික මතය පලකිරීමටද අවස්ථාව සලසා ඇත.පහත සඳහන් සබැඳියෙන් එම මත විමසුම වෙත ගොස් ඔබේ වටිනා අදහසත් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දැනුම් දෙමු.
ප්‍රභේදය-
විනෝදාත්මක
Tuesday, June 8, 2010
මණ්ඩලේ කචල්
මේ දිනවල අම්පාර ප්‍රදේශය ඉතාම පැහැදිලි කාලගුණයක් ද ඇත නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියා කාලාපය නම් ලැජ්ජා සහගතය දිනකට විදුලිය තිබෙන ප්‍රමාණයට වඩා විදුලිය නැති වාර ගනන ඉහලය එමෙන්ම සෑම සෙනසුරාදිවකම පාහේ දවස පුරා විදුලිය විසන්දි කර ඇත එසේම ඉරිදා ද බොහෝවිට විදුලිය කපා තැබේ. සෑම පැය දෙකකට හෝ තනකට වරක් අනිවාර්යයෙන් විදුලිය විසන්ධි වී නැවත ලැබේ මේ ලෙස වරින් වර විදුලිය විසන්ධි වීම නිසා ප්‍රදේශයේ විදුලි උපකරණ විශාල ප්‍රමාණයකට දැඩි බලපෑමක් එල්ලවී ඇත එසේම රජයේ සහ පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයකට මෙය බාධාවක් වී ඇත. මෙම ක්‍රියා වලිය අද ඊයේ සිදුවූවක් ද නොවේ නමුත් බලධාරීන් ද මෙම සිදුවීම සම්බන්ධව නිහඩ පිළීවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි ප්‍රශ්නයකි? වෙනත් ප්‍රදේශ හා සැසදූ කල අම්පාර ප්‍රදේශයේ ලංකා විදුලිබල මණ්ඩලය ඉතාමත් අලස ලෙස හා අකාර්යක්ෂම ලෙස ක්‍රියා කරණ බව කිවයුතුය.
නව විදුලිබල ඇමති තුමණි මේ ඔබේ අවධානය පිණිසයි!
ප්‍රභේදය-
සමාජීය-අසාධාරණකම්
Subscribe to:
Comments
(
Atom
)

















