Ads 468x60px

Monday, June 21, 2010

පුළුවන් නම් කුණුහර්ප 20ක් කියපන්...!

නොබෝදා මා සේවය කරන ස්ථාන අසල මිනිසුන් පිරිසක් කුණුහර්ප කියමින් බැණ ගන්නා ආකාරයක් ඇසී මා ද ඒ දෙසට අවධානය යොමු කළේය   . එහී දී මට අසන්ට ලැබුනේ වචන ඉතා සුළු ප්‍රමාණයකි... කුණුහර්ප යනු තම ආවේගයන් පළකිරීම සඳහා තම භාෂාව හා බැලූවිට එහි නිතර නොකියවෙන වචන හා නුහුරු වචන භාවිතා කරමින් තනා ගත්  වචන කිහිපයකි. සිංහලයේ පමණක් නොව ඕනෑම භාෂාවක මෙවැනි වචන මාලාවන් ඇත.සමහර මිනිසුන් මේවා ඇසීම දැඩි සේ පිළිකුල් කරති එසේම සමහර මිනිසුන් මෙම වචන භාවිතා කිරීම දැඩි ‍සේ පිළිකුල් කරති තවත් සමහරුන් තම දරුවන්ට මෙවා ඇසීමටවත් ඉඩ නොතබයි මෙම වචන වලට බිය වෙති.

කෙසේ වෙතත් සමවයස්වල ළමුන් එකට එකතුවූවිට මෙවැනි කථා ගැන කථා කිරීම අරුමයක් නොවේ.ඒ කෙසේ වෙතත් අප මෙවැනි වචන ද දැනගෙන සිටිය යුතුය.සිංහල භාෂාවේ මෙසේ නරක යැයි සම්මත වචන ඇත්තේ ඉතා අල්ප සංඛාවක් බව ද කිව යුතුය..ඔය කසිප්පු ටිකක් අරක්කු ටිකක් බී ගෙන සරම උස්සාගෙන මහලොකුවට කුණුහරුපයෙන් ජාතිය අමතන ඕනම ලොක්කෙකුට අඩුම තරමින් කුණුහර්ප විස්සක් වත් කියන්නට පුළුවන් නම් අන්න මිනිහ තමයි නියම බේබද්ද! හැමෝම භය මේ තේරුමක් නැති වචන 14කට 15කට නේ....මින් පස්සෙ තමන්ට මේ කැත වචනයෙන් බැන්නොත් කියන්න "හරි ඔහේ චන්ඩිය නම් කුණුහර්ප 20 කියල මට බනින්න" කියල චන්ඩි කැලේ..ලැජ්ජාවෙන් අඹරෙයි..

8 comments :

  1. නොබෝදා මා සේවය කරන ස්ථාන අසල මිනිසුන් පිරිසක් කුණුහර්ප කියමින් බැණ ගන්නා ආකාරයක් ඇසී මා ද ඒ දෙසට අවධානය යොමු කළේය

    කලේය කියලා කියන්න පුළුවන්ද? කලෙමි නෙමෙයිද???

    ඇත්ත කතාව. මම නම් හැබැයි කේන්ති ගියාම දහයට ගනිනවා.

    ReplyDelete
  2. 'මි' යන්නෙන් ඉවර වෙන්න නං 'මම' කියල පටන් ගන්න ඕනනේ ද? මේ වාක්‍යයෙ උක්තය 'මා' නිසා ඉවර කරල තියෙන විදිහ හරි.( මට හිතෙන විදිහට )

    ReplyDelete
  3. @ අරුණ සර්- සර් මා කියන වචනය අනුක්ත නිසා කළෙමි කියල අවසන් කරන්න බැහැ නේද? මොකද මම කියල පටන් ගත්තනම් තමයි ආඛ්‍යාතය කළෙමි කියන්න පුළුවන් @Anonymous හරි කියල තමයි මමත් දන්නෙ.

    ReplyDelete
  4. ඇත්ත තමා නැතුව ඇති. උත්සහයක් කරන්න නම් බෑ හික් හික්

    ReplyDelete
  5. ඔබ ලියා ඇති වැකිය වැරදියි.

    මෙහෙම ලියන්න.

    1. මගේ අවධානයද එදෙසට යොමුවිය. (කර්ම කාරක)
    2. මගේ අවධානය එදෙසට යොමු කළෙමි. (මෙතන මම කියලා නොලිව්වාට එලෙස අදහස් වෙනවා)

    ඔය සේරම නැත්තං - මාත් ඒ පැත්තට පොඩ්ඩක් හොට දැම්මා කියල ලියන්නකෝ. අවුලක් නෑනේ?

    ReplyDelete
  6. කතන්දරකාරයා /

    හ්ම්..එකත් හරි එතකොට ඔය වාක්‍යය මුලට මා කියල දාන්න බැරිද?

    කියන භාෂාවෙන් ලිව්වනම් හරි තමා..

    ReplyDelete
  7. මමනම් මට කුණුහරුපයක් කීවොත් කුණුහරුපෙකින්ම උත්තරත් දෙනව. මොකද අපේ අය නැත්නම් ඔළුවට අත හෝදනවනෙ.

    මමනම් හිතන්නෙ කුණුහරුපත් ඉගෙනගන්න ඕනෙ ඒව නොකිය ඉන්නනම්.

    ReplyDelete
  8. අගෙයි අගෙයි...
    මමත් මේක ගැන පෝස්ට් එකක් දැම්මම තමා දන්නේ ඔයාත් දාලා කියලා..
    ඒ වුනාට ඉතින් ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා බලන එකත් හොඳ නැති බව උඩ කොමෙන්ට් කියවද්දි මට හිතුනා..
    නෑ නෑ ඒවත් කෙරෙන්න ඕනි තමා.. ඒත් අනේ මන්දා මට නිකන් හරි නෑ වගේ....

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...