Ads 468x60px

Thursday, June 17, 2010

දෙහිවල තැපැල් කාර්යාලයේ නිලධාරීන් ලියාපදිංචි ලිපියක් ගැන කිව් හැටි....

පහුගිය දිනක මනුස්සකම අඩවියට වගකිවයුතු නිලධාරීන් කිව් අපූරු කථාවක් ගැන අසන්නට ලැබින. ජූනි මස 4 වන සිකුරාද හම්බන්තොට ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් දෙහිවලට තැපැල් කළ ලියාපදිංචි කරන ලද ලිපිය 19 වන සෙනසුරාදා වන විටත් නොලැබීම හේතුවෙන් මේ පිළිබද හම්බන්තොට තැපැල් කාර්යාලයෙන් විමසීමක් සිදු කළේය නමුත් එහි දී ඔවුන් කියා සිටියේ එදිනම එය දෙහිවල කාර්යාලය වෙත යැවූ බවකි පසුව දෙහිවල කාර්යාලයෙන් ද මේ ලිපිය පිළිබඳ විමසීමක් සිදුකළේය නමුත් එහි දී ඔවුන් කියා සිටියේ එම ලිපිය අස්ථාන ගත වී ඇති බවත් කාර්ය බහුල බැවින් එම ලිපිය සොයාදිය නොහැකි බවත්ය එහිදී එම ලිපිය පිළීබද විමසීමට ගිය පුද්ගලයා ඔවුන්ට කියා ඇත්තේ එය ලියා පදිංචි ලිපියක්ය යන්නයි එහිදී දෙහිවල තැපැලි කාර්යාලයේ නිලධාරින් පවසා ඇත්තේ,

නිළධාරියා- ලියාපදිංචි උනත් ඉතින් කරන්න දෙයක් නෑ ඕව හොයන්න අපේ ස්ටාෆ් එක මදි

පුද්ගලයා- එහෙනම් ඉතින් ඇයි අපි වැඩියෙන් ගෙවල ලිව්මක් රෙජිස්ටර් කරන්නෙ? මොකද්ද සාමාන්‍ය ලිව්මකයි රෙජිස්ටර් ලිව්මකයි වෙනස?

නිළධාරියා-වෙනස ඉතින් සාමාන්‍ය ලිව්ම අත්සන් කරල නෙවෙයි ගන්නෙ රෙජිස්ටර් ලිව්ම අත්සන් කරල ගන්නෙ

පුද්ගලයා- ආ...එතකොට අත්සන් කරල ගන්නද වැඩියෙන් ගෙවන්නෙ?

නිළධාරියා- මේ අපිට වැඩ තියනව වෙරි සොරි තව දවස් තුන හතරකින් එන්න හොයල දෙන්නම්

මොනවද මේ කථා කරන්නෙ මේක හදිසි ලිපියක්...හරි මම මේක පෝස්මාස්ට ජෙනරාල් තුමාට පැමිණිලි කරනව කියමින් එම පුද්ගලයා එම ස්ථානයේ සිටම දුරකථනයෙන් එම පැමිණිල්ල සිදු කළේය...විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් ඔවුන් මදක් කාර්යක්ෂම වනු දැක ගන්නට හැකි විය.එම සිංහලීලාවෙන් කථා කළ පුද්ගලයින්ම හීලෑවුන සුනක ලීලාවෙන් හෙට පැමිණෙන්නැයි එම පුද්ගලයාට දැනුම් දුන්නේය...පසුදින යන විට එම ලිපිය සොයා තිබූ අතර ලිපිය භාරදෙන විට නිළධාරියා මෙසේ පවසා ඇත-

"ඔයා කරපු වැඩෙන් අපිට ඉහලට වාර්ථාවකුත් යවන්න උණා" .... එසේම එදිනම තවත් පිලි 15 පමණ අස්ථාන ගතවී ඇති බවද දැන ගන්නට ලැබිණ.මෙසේ පිලි කොපමණ සංඛාවක් අස්ථාන ගතවේද? එවා ඔබේ ලිපි විය හැකිය.

ඉහත අදහස් හුවමාරුවෙන් පැහැදිලි වන්නේ තැපැල් කාර්යාලයේ නිළධාරීන් වත් ලියාපදිංචි කරනව කියන එකේ තේරුම නොදන්නා බව නොවෙද? හයක් හතරක් නොදන්න මැටි මෝල්ලුන් දේශපාලන ලොක්කන්ට පෝස්ටර් අලවමින් හා පන්දම් අල්ලමින් රජයේ ආයතන වෙත ගොස් වගකීමක් නැතිව කරන මේවැනි දේ වලින් තොතෙකුත් පිරිසක් අපහසුතාවට ලක්වේද? අසරණ දුප්පත් තරුණයෙකුට රැකියාවකට එන්නට කියා එව් ලියාපදිංචි ලිපියක් මේ ලෙස අස්ථාන ගත වූයේ නම් සිදුවන තත්වය වත් අඩුම තරමින් තේරුම් ගන්නට දශම ගානක හෝ බුද්ධියක් දෙහිවල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම නිළධාරීන්ට පහල වේවා කියා මනුස්සකම ප්‍රාර්ථාන කරමු.

3 comments :

  1. දෙහිවල පොස්ට් ඔෆිස් එකේ ඉන්නෙ අමු මැට්ටො ටිකක් නේ

    ReplyDelete
  2. නැට්ට තිබූ පලියටම අලි මැරෙන්නේ නැතැයී සහතියකක් නැතිවා සේම, ලියාපදින්චි වුනු පලියටම ලිපිය නැතිවන්නේ නැතැයී සහතිකයක් ලැබෙන්නේ නැහැ. නමුත් ලිපිනය පිලිබද වාර්තාවක් තබාගෙන ඉන්න තැපැල් කන්තෝරුව බැදිලා ඉන්නවා. වාර්තාවක් තියන නිසාම සොයාගැනීමේ සම්බාවිතාව වැඩි වෙනවා. ඒ කෙසේ උනත්, ලංකාවෙ කිසිම දෙයක් අදුරන කෙනෙක් නැතිව හෝ, පගාවක් නොදී කරගන්න බැහැනේ. දුරකතන ඇමතුමකින්ම වැඩේ ගොඩදාගත්තු එක ලොකු දෙයක්.

    ReplyDelete
  3. අපෝ මටත් ඔහොම වැඩක් උනා. රෙජිස්ටර් ලියුමේ ලිපිනය ටයිප් කරලා අලවලා තියෙනවා කියලා කරන්න බෑ කිව්වා. දෙහිවලම තමයි.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...