Ads 468x60px

Thursday, June 17, 2010

මනමාලයා නැති මඟුල් ගෙදර....

අද දින මහා උජාරුවෙන් සමරන ශ්‍රී ලාංකේය විරුදිනය පිළිබඳව යමක් මනුස්සකම වෙනුවෙන් කියන්නට අදහස් කරමි... යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා උර දුන් අතිගරු ජනාධිපති තුමා ඇතුලු දැයේ වීරෝදාර පුද්ගලයින් වැඩිපිරිසක් එකතුවී අද දින මහා උත්සවයකි නමුත් යුධ ජයග්‍රහණයට සෟජුවම උරදුන් රුදුරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර වලටද ගොදුරුවූ ප්‍රධාන චරිතයක් වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද  සිරකුටියක හිඳ හිතින් මේ දිනය සමරනවා ඇත....අද ඔහුගේ නමක් හෝ ප්‍රකාශ කිරීමක් සිදු නොවේ මෙම සිදුවීම දුටු ඕනෑම කෙනෙක්ට සිහියට නැගෙන්නේ මේක හරියට මනමාලයා නැති මඟුල් ගෙදරක් වැනිය යන්නයි...

4 comments :

  1. ඒ මනමාලයා යුද්දය අවසන් වන කාලයේ රටෙත් සිටියේ නැත.. ඒ මනමාලයට ලොවෙත් නැති චෝදනා තොගයක් ගොනු වී ඇත..
    ඒ මනමාලයා නැති එක ජාතියේ වාසනාවක් ය...

    ReplyDelete
  2. ඔබතුමා 100% ක් ම නිවැරදියි

    ReplyDelete
  3. @rohan යුද්ධය අවසන් කාලයේ රටේ හිටියේ නැත්තේ රටට අවශ්‍ය වැඩකට ගිහින් සිටි නිසා බව ඔබ දන්නවාද? මොන තරම් චෝදනා තිබ්බත් මාස 6ක් ගිහිල්ලත් එකක්වත් ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා කියලා ඔබ දන්නවාද? මනමාලයා නැතුව ඉන්න එක ජාතියේ වාසනාවක්ද? එහෙනම් උඹලට ඉන්න තිබ්බා බෝම්බ පුපුර පුපුර. කලගුණ අමතක මිනිස්සු ගැන බොහොම කලකිරීමක් එන්නේ.

    ReplyDelete
  4. @රෙහාන් ඔබ ට ඔබ කැමති දේශපාලන අදහස් ඇතිවා සේම අනෙක් අයට ත් ඔවුන් කැමති දේශපාලන අදහසක් දැරීම ට ඇති අයිතිය ට ඔබ ගරු කළ යුතුය. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ යට තරඟ කළ පමනින් ඔහු දේශ ද්‍රෝහියකු කිරීමට තරම් ඔබ අමනයකු නොවනු ඇතැයි මම සිතමි. ඇතම් විට ඔබ නොදන්නා යමක් ඔබ ට කිවීම ට මට ඉඩ ලබා දෙන්න 2009 වසරේ පෙබරවාරි මස 3 වෙනිදා රාත්‍රියේ ත්‍රස්ථවාදීන් මුලතිව් හි අපගේ ඉදිරි ආරක්ශ වළලු (Front Defence Line) සියල්ල ම පාහේ අත් පත් කරගෙන සිටින අවස්ථාවකදී සරත් ෆොන්සේක මහතා විසින් කෙලින්ම අණ ලබා දෙන විෂේශ බලකාය ලවා ඒ සියල්ල නැවත අත් පත් කර ගෙන නැවතත් ඒවා එ ඒ හමුදා බලකා වලට 4 වෙනිදා පාන්දර වන විට නැවත ලබා දීමට කටයුතු කලේය. එදා ත්‍රස්ථවාදීන් ගෙ ඉලක්කය වී තිබුනෙ පෙබරවාරි 4 වෙනිදා වන විට මුලතිව් ප්‍රදේශය නැවත ඊලම් කොඩිය ඔසවා අත් පත් කර ගැනීමටය. එය වැලක්වුනෙ සරත් ෆොන්සේකා මහතාට මුලතිව් ප්‍රදැශය ගැන තිබූ මනා වැටහීම නිසායැයි හමුදා බුද්ධි අංශයක් විසින් සැකසූ වාර්තාවක සඳහන් ව තිබුනි. වන්නි ප්‍රදේශයේ සෑම බිම් අඟලක් ගැනම මනා වැටහීමක් ඔහුට තිබීම හමුදා ඉදිරි ගමනට මහත් ශක්තියක් ව තිබූ බවට එම වාර්තාවෙ තව දුර ටත් සඳන් ව තිබුනි.
    මෙය ඔබ පිලිගන්නවා ද නැද්ද යන්න මට අදාල නැත. මේ සිදුවීම ගැන මා හමුදාවේම කිහිප දෙනෙකු ගෙන්ම අසා සනාථ කර ඇති බව පමනක් මා කියන්නම්.
    අවසාන වශයෙන් රෙහාන් ඔබට කියන්නෙ ඇත්තෙ ඔබගෙ දේශපාලන දැක්ම වෙනුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීම සාධාරණීයකිරීමට තරම් කුහක නොවෙන්න යන්නැයි. ජෙනරාල් වරයාට කිසිම අවස්ථාවකදීවත් රට පාලන කිරීමට අවශ්්‍යය නොවූ අතර ඔහුට තිබුනේ විශාල හමුදාවක් පාලනය කිරීමට ඇති ආසවය. එයට ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේකම් තුමා ඉඩ නොදීම ගැන ඔහු කල කිරීමෙන් සිටි බවත් මට ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබුනි.
    -Dinesh Silva-

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...