Ads 468x60px

Monday, January 23, 2012

කංකුං ඩෙවල් (මස් හෝ මාළු සමඟ)

කංකුං කියන්නෙ චීනයේ ඉතාම ජනප්‍රිය කෑමක් චීන අවන් හලකට ගියොත් ඉතින් කංකුං චොප්සිය අනිවාර්යයි නේ...මම අද කියන්න හදන්නෙ අමුතු විදියකට කංකුං ඩෙවල් එකක් හදාගන්න හැටි කංකුං විතරක්ම හදල ගතියක් නෑ ඒකට මස් හෝ මාළු ටිකක් එක්කරගන්න ඕන.


අවශ්‍ය දෑ-

  1. මස් හෝ මාළු ග්‍රෑම් 250 ක්
  2. කංකුං දළු මිටක්
  3. ලොකු ළූණු ග්‍රෑම් 50 ක්
  4. මාළු මිරිස් ග්‍රෑම් 100 ක්
  5. තක්කාලි ගෙඩි දෙකක්
  6. අමුමිරිස් කරල් පහක්
  7. ඉඟුරු කැබැල්ලක්
  8. සුදු ළූණු බිකි කිහිපයක්
  9. සෝයා සෝස් හා තක්කාලි සෝස්
  10. ලුණු සහ ගම්මිරිස් කුඩු
  11. පොල්තෙල් හෝ මාගරින්
  12. කරපිංචා
  13. කහ කුඩු සිවල්පයක්
සාදන ක්‍රමය-

මුලින්ම කංකුං යාන්තමට මැලවෙන ආකාරයට ගැඹුරු තෙලේ බැද ගන්න පසුව මස් හෝ මාළු ටිකත් ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු තවරා රන්වන් පැහැ ගැන්වෙන තුරු බැද ගන්න එමෙන්ම අමුමිරිස් දික් අතට තීරු කපා ගන්න, ලොකු ළූණු රවුම් සිටින සේ සීරුවෙන් කපා ගන්න පසුව භාජනයකට පොල්තෙල් හෝ මාගරින් මිශ්‍රකර මදක් රත්වූපසු එයට අඹරාගත් ඉඟුරු, සුදුළූණු, කරපිංචා, අමු මිරිස්,මාළු මිරිස්,ලොකු ළූණු  දමා මදක් හොඳින් මිශ්‍රකරගන්න ඉන් පසුව එයට කංකුං,තක්කාලි කැබලි සහ මස් ‍හෝ මාළු එක්කර එයට සෝයා සෝස් ස්වල්පයක් හා තක්කාලි සෝස් ස්වල්පයක් කැමතිනම් එක්කරගන්න අවශ්‍ය ප්‍රමාණයට ලුණු එක්කර ගන්න  ලිපෙන් බා ගත් පසුව කැමති නම් දෙහි ඇඹුල් ස්වල්පයක් ද එක්කරගන්න...

2 comments :

  1. මං කවදාවත් මෙහෙම කංකුං හදලා නෑ... හදල බලන්න ඕන... ස්තුතියි රෙසිපියට...

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...