Ads 468x60px

Friday, December 16, 2011

සිංහල උපසිරැසි දාන හැටි...(I කොටස)

අද කාලයේ සිංහල උපසිරැසි කියන එක ඉතාම ජනප්‍රිය වෙලා මුලින්ම සිංහල උපසිරැසි කලාව ලංකාවේ ප්‍රච්ලිත කරන්න මහත් වෙහෙසක් ගත් ටයිටස් තොටවත්ත මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරල ඉන්න ඕන.....ඉතින් අපිටත් පහසුවෙන්ම ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති චිත්‍ර පට සඳහා සිංහල උපසිරැසි දාන්න පුළුවන්. කරන්න තියෙන්නෙ අදාල චිත්‍රපටය මුලින්ම බාගත කරගන්න ඕන නොමිලේ භාගත කරන්න දන්නෙ නැත්නම් මෙතන ක්ලික් කරන්න.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඒ චිත්‍ර පටයට අදාල ඉංග්‍රීසි උපසිරැසි සොයාගන්න එක. ඒක කරන්න හරිම ලෙහෙසි Google එකේ අදාල චිත්‍රපටයේ නම අගට Subtitle ලෙස යෙදී මෙන් ඒ වගේ ලේඛනයන් සොයාගන්න පුළුවන් ඒවා ගොඩක්ම තියෙන්නෙ .srt කියන ක්‍රමයට. පහත රූපයේ පෙනෙන පරිදි


එහෙම නැත්නම් Open Subtitle  වගේ අඩවියකින් පහසුවෙන්ම මේව සෙයාගන්න පුළුවන්.......
ඊටත් පස්සෙ කරන්න තියෙන්නෙ .srt ආකාරයෙන් දර්ශනය වන Subtitle File එක Notepad  හරහා විවෘත කරගන්න එක ඊට පස්සෙ ඒකෙ තියෙන ඉංග්‍රීසි වාක්‍යය සිංහලට හරියන ආකාරයෙන් පරිවර්ථනය කළ යුතුයි ඒ වගේම එම චිත්‍රපටයේ අර්ථය වෙනස් නොවන ආකාරයෙන් ඒ කටයුත්ත කරන එක ඔබේ වගකීමක් .... චිත්‍රපට දෙක තුනක් මේ ආකාරයෙන් පරිවර්ථනය කළොත් ඔබට කවද හරි චිත්‍රපටතිර රචකයෙක් වෙන්නත් බැරි නෑ......සිංහල වලින් Type කරල ඒක Save කරද්දි  Encoding එක Unicode කළේ නැත්නම් අනිතිමට ප්‍රශ්නාර්ථ ටිකක් නැත්නම් කොටු ටිකක් විතරක් ඉතුරු වේවි...පහත පරිදි කරන්න


ඔන්න අද ඉඳන් විවේකීව ඉන්න අවස්ථාවලදී මේ වගේ වැඩකට අත ගහන්න උත්සාහ කරන්නකෝ සමහර ඉංග්‍රිසි වචන වල තේරුම් දන්නැත්නම් මධුර මහත්තයට පිං සිද්ධ වෙන්න මධුර ඔන්ලයින් වෙතින් සිංහල තේරුම් හොයාගන්න පුළුවන්
Enhanced by Zemanta

1 comment :

  1. post 1k nam hodai.
    aulakata thiyenne engirisi thamai

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...