Ads 468x60px

Monday, June 3, 2013

බොහෝ දේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න...(ආධුනිකයන් සඳහා)

මේ පාඩම අන්තර්ජාලයේ ආධුනිකයින් සඳහාය...නොමිලයේ චිත්‍රපට හා අනෙකුත් වැඩසටහන් ලබා ගැනීමට තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඉතින් කිහිප දෙනෙකුම මගෙන් මේ පිළීබදව ඇහුව නිසා මට හිතුණ බ්ලොග් එකේ ලිපියක් විදියට දාන්න එතකොට කව්රුහරි මේ ගැන ඇහුවොත් මට තියෙන්නෙ බ්ලොග් ලිපිනය දෙන එක විතරයි..කථා ඕන නෑ පටන් ගමු වැඩේ.
මේ ක්‍රමයට අපි කියන්නෙ ටොරෙන්ට් (Torrent) කියල ඉතින් මුලින්ම කරන්න ඕන ටොරෙන්ට් බා ගත කිරීම් සඳහා ටොරෙන්ට් සේවාදායකයකු පරිගනකයේ ස්ථාපනය කරගන්න එක මටනම් හිතෙන්නෙ හෙඳම ටොරෙන්ට් වැඩසටහන තමයි u torrent එහෙනම් අපි මේ වැඩසටහන බා ගමු..මෙන්න මේ සබැදිය ක්ලික් කරන්න බලන්න - යූ ටොරෙන්ට් බා ගන්න හරි... දැන් ඒ බා ගත්තු වැඩසටහන පරිගනකයේ ස්ථාපනය කර ගන්න ඕන Install කරගන්න විදිය දන්නව නේ..බා ගත්තු File එක Run කරල Next ගිහින් Finish කරගන්න.....හරි දැන් පළවෙනි වැඩේ ඉවරයි දැන් ඉතින් Torrent File හොයාගන්න ඕන මෙහෙමයි කරන්නෙ...

  මෙන්න මේ වගේ ටොරෙන්ටි සර්ච් එන්ජින් එකක් වෙත යන්න..
Torrent z
Torrent Scoop

එහොමත් නැත්නම් අගට Torrent කියල ගහල Google එකේ සර්ච් කරන්නත් පුළුවන්

TorrentZ භාවිතා කරන ආකාරය-

01) http://torrentz.eu/ වෙත යන්න
02) අවශ්‍යදේ ටයිප් කර සර්ච් කරන්න



03) පසුව එන අවස්ථාවෙන් කැමති ප්‍රතිඵලයක් මත ක්ලික් කරන්න


04) උදාහරණයක් ලෙස h33t.com මත ක්ලික් කළේ නම් පහත පරිදි ලැබෙන අවස්ථාවෙන් "Torrent" නම් අවස්ථාව මත ක්ලික් කිරීම මඟින් අදාල Torrent ෆයිල් එක Download කරගත හැක

kickasstorrents.com මත ක්ලික් කළේ නම් පහත පරිදි ලැබෙන අවස්ථාවෙන් Download Torrent අවස්ථාව භාවිතා කර Torrent ෆයිල් එක Download කරගත හැක



05) Download වූ Torrent ෆයිල් එක මත ඩබල් ක්ලික් කිරීම මඟින් අදාල දේ පහසුවෙන් utorrent හරහා Download කරගතහැක


3 comments :

  1. මහත්තයෝ ,
    මේ සයිට් වලින් දෙන 99% දේවල් නිත්‍යානුකුලව නොමිලේ දෙන ඒවා නොවෙයි. හොර කොපි.
    තමන් දැනගෙන , තමන්ම ඉගෙනගෙන හොරෙන් කොපිරයිට් දේවල් බාන එක වෙනම දෙයක්.
    නමුත් ඒක කරන හැටි කියල දීම මනුස්ස කම නොවෙයි හොරකම. ජඩ කම. !

    ReplyDelete
    Replies
    1. යකෝ තොපිට සල්ලි තිබුණට සුද්දන්ට ුක දුන්නට අපේ එවුන්ට ‍ඔරිජිනල් සොෆ්ට්වෙයාර් ගන්න සල්ලි නෑ හොර කොපිට හරි ප්‍රයෝජනයක් තියෙන වැඩකට ගන්නවනම් ඒක තමයි වටින්නෙ .. පිට රට සමාගම් වලට සැප දෙන්න අපිට තියෙන අමාරුව මොකද්ද යකෝ පර සුද්දො ඇවිත් අපේ රටේ තිබුණ දේ හූරගෙන කාලා රටේ සම්පත් ඒ රටවල් වලට ඇදගෙන ගියා දැන් මේ වගේ දෙයකින් හරි උන් ඒකෙ ණය ගෙවන්න එපාය

      Delete
  2. මෙච්චර කාලයක් මං ටොරන්ට් පාවිච්චි කරේම නෑ. IDM තමයි හැමදේටම.. ඇත්තම කිව්වොත් මං දැනන් හිටියෙත් නෑ කොහොමද කරන්නෙ කියලා.
    ගොඩාක් ස්තූතියි!

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...