Ads 468x60px

Sunday, March 14, 2010

ලැජ්ජයි කියන්නෙ විලි ලැජ්ජයි....!

ශ්‍රී ලංකාවේ දැනට විශාලම පරිගණක ජාලය වන School Net හී හැම පාසලකටම ලබා දුන් වෙබ් අඩිවි සේවාවට මොකද වුනේ? පාසල් වෙබ් අඩවි ‍ටික කෝ? මෙයට වග කිවයුත්තේ කවුරුන්ද? අප දන්නා ආකාරයට නම් සිදුව ඇත්තේ මෙම වෙබ් අඩවි Hacker වරයකුගේ ග්‍රහණයට හසුවී මයි මහ ගෙදරටත් හොරු පැනපි. කෙසේ නමුත් මෙම වෙබ් අඩවි භාරව ක්‍රියා කළ ආයතනය ගැනද සඳහන් කිරීම වටී එනම් ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ මහ ගෙදර නමින් විරුදා වලිය ලත් මොරටුව සරසවියයි.මෙම සරසවියේ මහ ලොකු ඉංජිනේරුවන්ට අඩුම තරමින් වෙබ් සර්වර් එකක් වත් පාලනය කළ නොහැකිද? මොවුන් මෙසේ වගකීමෙන් තොරව කටයුතු කරන්නේ මන්ද? මා ඉහත කී කථාව කට කථාවක් නම් වහාම මේ පිළිබඳ වගකිව යුත්තන් අහිංසක පාසල් ළමුන් ඉදිරියේ මෙම පාසල් වෙබ් අඩවි නැති වීම සම්බන්ඳව කරුණු දැක්විය යුතුය.

මොරටුව සරසවියේ (බලධාරියා විසින් කපාහරින ලදී) අදාල බලධාරින්ට මීට වැඩිය ලැජ්ජාවක් තවත් කොයින්ද එහෙව් වගකීමක් නැති සරසවියේ අදාල අංශය ඉදිරියේ සරම කැහිපට ගසා හූවක් කීමට තරම් වටී.
*සැලකිය යුතුයි- මෙහි දී මා ඉදිරිපත් කළ කරුණු අසත්‍ය නම් එහි සත්‍යය කරුණු දන්නා අයට මෙහි සත්‍යය වටහා දීමට හැකියාව ඇත
*එසේම මේ පිළිපිබඳ පාසල් ප්‍රජාව ඉදිරියේ කරුණු දැක්වීම වටී

14 comments :

  1. "මෙම සරසවියේ මහ ලොකු ඉංජිනේරුවන්ට අඩුම තරමින් වෙබ් සර්වර් එකක් වත් පාලනය කළ නොහැකිද?"

    "දැනටමත් මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ අංශයේ නිරුවත සියල්ල දැක හමාරයි ඔවුන්ට මීට වැඩිය ලැජ්ජාවක් තවත් කොයින්ද එහෙව් වගකීමක් නැති සරසවියේ තොරතුරු තාක්ෂණ අංශය ඉදිරියේ සරම කැහිපට ගසා හූවක් කීමට තරම් වටී."


    මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ අංශය හා ඉංජිනේරු අංශය යනු සම්පූර්නයෙන්ම වෙනස්, එකිනෙකින් බොහෝ සෙයින් ස්වායක්ත ආයතන දෙකක් බව ඔබ තුමා දන්නේ නැද්ද??

    ReplyDelete
  2. malli oya dannawada mokada wela thiyenne kiyala hariyatama,,,,mama nam eyet school net eka throw ubuntu 9.10 version eka 1.2Mbps walin download kala.....mokadda wune kiyala hariyatama kiyana 1 wedagat.....

    ReplyDelete
  3. [said]
    එහෙව් වගකීමක් නැති සරසවියේ තොරතුරු තාක්ෂණ අංශය ඉදිරියේ සරම කැහිපට ගසා හූවක් කීමට තරම් වටී.
    [/said]
    "මනුස්සකම"?

    ReplyDelete
  4. මල්ලී
    අපි පුංචි දරුවොත් එක්ක දවස් ගානක් මහන්සිවෙලා හදපු වෙබ් සයිට් එකත් නෑ.ඒත් මට ඊට වඩා ගොඩක් දුක හිතුනා ඔයාගේ මනුස්සකම උදෙසා අන්තර්ජාල සත්කාරයට මොකද උනේ කියලා.මනුස්සකම මීට වඩා ගොඩක් ලොකුයි මල්ලී.
    සුභ දවසක්

    ReplyDelete
  5. @ ඉශාන් තිළිණ: අැත්ත
    @ තිසර : ලිපිය පැහැදිලි මදියි. මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ පිඨ අංශයේ මේවනි project එක සිදු නොකරන බව ඔබ තම දන්නේ නැද්ද? :P

    ReplyDelete
  6. @ ඉෂාන්-ලිපිය පැහැදිලි මදියි. මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ පිඨ අංශයේ මේවනි project එක සිදු නොකරන බව ඔබ තම දන්නේ නැද්ද?

    ඇත්ත වශයෙන්ම මට අවශ්‍යව තිබුනේ මෙම සිද්ධියේ සැබෑ තත්වය දැන ගැනීමට සැලැස්වීමයි කෙසේ හෝ නොදැනුවත් කමින් ,තොරතුරු තාක්ෂණ අංශයේ නමින් සඳහන් වීම පිළිබද මාගේ බලවත් කණගාටුව එම අංශයේ සියලු දෙනා වෙත පුදකර සිටිමි එමෙන් මෙම ලිපියේ /මා ඉහත කී කථාව කට කථාවක් නම් වහාම මේ පිළිබඳ වගකිව යුත්තන් අහිංසක පාසල් ළමුන් ඉදිරියේ මෙම පාසල් වෙබ් අඩවි නැති වීම සම්බන්ඳව කරුණු දැක්විය යුතුය./ යනුවෙන් සඳහන් කර තිබුණේ ඔබට කරුණු දුක්වීමටයි

    ReplyDelete
  7. @බුධාජීව /මනුස්සකම"?
    මනුස්සකම කියන්නෙ හොදදේ අගය කීරීමත් දුර්වල තැන්වලට අමු අමු වේ විරුද්ද වීමත් සහ තවත්....නැතුව මේ නිකන් ඇල් වතුරත් නිවල බොනවට නෙවෙයි සහොදරයා පටු විදියට හිතන්න එපා.

    ReplyDelete
  8. @දයියා-අපි පුංචි දරුවොත් එක්ක දවස් ගානක් මහන්සිවෙලා හදපු වෙබ් සයිට් එකත් නෑ.ඒත් මට ඊට වඩා ගොඩක් දුක හිතුනා ඔයාගේ මනුස්සකම උදෙසා අන්තර්ජාල සත්කාරයට මොකද උනේ කියලා.මනුස්සකම මීට වඩා ගොඩක් ලොකුයි මල්ලී.

    ඔයාට දුක හිතුනෙ වෙබ් සයිට් ටික නැතිවුනු එකටද නැත්නම් මම ඒ වෙනුවෙන් කථා කරපු එකටද?
    හරි ඔබ තුමා කියන්න මනුස්සකම කියන්නෙ මොකද්ද කියල?

    මම දන්න විදියට මනුස්ස කම කියන්නෙ තිරිසන් නොවීමට

    ReplyDelete
  9. @indi-mama nam eyet school net eka throw ubuntu 9.10 version eka 1.2Mbps walin download kala.....

    Wenna puluwan Mama katha karanne school web site gana SChool net aka wada kiyala aranchiy..Habai School net haraha download karanna nam oya pasal paddathiyata aythi kenek wenna ona nathuwa wena kenek ahema download karanawanam akath prasnayak ne da?

    ReplyDelete
  10. මනුස්ස කම ගැන නෙ ඔයා කතා කරන්නේ. අඩුම ගානේ ඒක කරන කෙනා ඒ වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියල හොයල බැලුවද? එතන සර්වර් බලා ගන්න ඉන්නේ එක්කෙනයි. අනික ඔය තරමින් වත් ඕක කෙරෙන්නේ අපේ පැස්කුවල් සර් ගේ උනන්දුවට.අනික කැම්පස් එක ඇතුලේ ඕක කරන්න සැලසුම් කරේ මුල් අවුරුදු කිහිපයේ විතරයි, ඒ අධ්‍යාපන අමාත්‍යංශෙට මේක පවත්වගෙන යන්න පහසුකම් නැති නිසා (තාක්ෂණික දැනුම අන්තර්ජාල පහසුකම් වගේ). ඊට පස්සේ මේක නැවත අමාත්‍යංශෙට බාර ගන්න කියල ඉල්ලුවත් මේ තරමින් වත් හොඳට මේක කරන්න ලැබුනේ විශ්වවිද්‍යාලයේ තිබුණු නිසා කියල මේක තව කාලයක් කරන්න කියල බාරදීල තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශෙන් මයි.

    ඊලඟට උබුන්ටු ඉමෙජ් සර්වර් එකක් මේකෙ පවත්වගන යාම ගැන ඔයා කියල තියනවනේ. මේකේ සර්වර් වලින් දැනට පාව්ච්චි නොවෙන ලොකු ඉඩ ප්‍රමානයක් තියනව. මොකද සමහර පාසල් වලට වෙබ් සයිට් හදන්න කිව්වට එයාල හදල නැ. ඉතින් මේ වගේ ඉඩක් අපරාදේ පාවිච්චි නොකර ඉන්න එකද හරි ඒවගේ දේ කින් මුලු සමාජෙටම වැඩක් වෙන දෙයක් කරන එකද හරි කියල හිතල බලන්න. ඔයා මේ ගැන හරියට දන්නේ නැ කියන එක indi ට දීපු උත්තරෙන්ම පේනව. මොකද උබුන්ටු ඉමේජ් එක කියන්නේ schoolnet moodle එක හරහා දෙන දෙයක් නෙමේ. ඒක වෙනම ගන්න පුලුවන් දෙයක්.

    ReplyDelete
  11. @Akila:- අන්න ඒකනේ දන්න අය ඉදිද්දි මේව රටට හෙළි නොකරන එක නේ ප්‍රශ්නය ඇයි මේ වගේ දේවල් කට කථා විදියට යන්න ඇරල ඔයාල පාඩුවේ ඉන්නෙ
    /said/ඔයා මේ ගැන හරියට දන්නේ නැ කියන එක indi ට දීපු උත්තරෙන්ම පේනව./

    කව්ද හද්දෙයියනේ ඕව දන්නෙ අපි Ubuntu ඕනනම් ඕක හරහා ගන්නෙ නෑ වෙන ක්‍රම ඕන තරම් තියනව නේ.

    /said/මනුස්ස කම ගැන නෙ ඔයා කතා කරන්නේ. අඩුම ගානේ ඒක කරන කෙනා ඒ වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියල හොයල බැලුවද? එතන සර්වර් බලා ගන්න ඉන්නේ එක්කෙනයි./

    හරි ඒව බලාගන්න ඉන්නෙ එක්කෙනයි කියන දේ අපිට අදාල නෑ නේ ඒක පාසල් ළමයිගෙ අවුලක්ද නැත්නම් මගේ අවුලක් ද ? කවුද ඒවට වග කියන්න ඕන අපිද? ඒකත් ඔයාලගෙම වැරද්දක් නේ ඇයි සර්වර් බලා ගන්න දන්නෙ ඒ පුද්ගලය විතරද?

    ReplyDelete
  12. "අන්න ඒකනේ දන්න අය ඉදිද්දි මේව රටට හෙළි නොකරන එක නේ ප්‍රශ්නය ඇයි මේ වගේ දේවල් කට කථා විදියට යන්න ඇරල ඔයාල පාඩුවේ ඉන්නෙ"

    ඔයා සයිට් එකට ගිහින් බලන්න ඒ ගැන පැහැදිලිවම කියල තියනවනේ.

    "කව්ද හද්දෙයියනේ ඕව දන්නෙ අපි Ubuntu ඕනනම් ඕක හරහා ගන්නෙ නෑ වෙන ක්‍රම ඕන තරම් තියනව නේ."

    ඔයා උබුන්ටු අප්ඩේට් කරනකොට ලඟම තියන සර්වර් එකෙන් අප්ඩේට් කරන්න කියල දෙනව නම් අප්ඩේට් වෙන්නේ ඒකෙන් ඒක දන්නෙ නැත් නම් මට කරන්න දෙයක් නැ. අනික උබුන්ටු මිරර් එකක් තියන් බව සයිට් එකේ කියල තියනව. ඔයා ඒකට ගිහින් බලන්න. මට පේන්නේ ඔයා සයිට් එක දැකලවත් නැ වගේ.

    "කවුද ඒවට වග කියන්න ඕන අපිද? ඒකත් ඔයාලගෙම වැරද්දක් නේ ඇයි සර්වර් බලා ගන්න දන්නෙ ඒ පුද්ගලය විතරද?"

    නැ,ඒවගේම එයාට පඩි ගෙවන්නේත් ඔයා නෙමේ නේ. අනික තව කෙනෙක් දාන්න හරි සල්ලි දෙන්නේ ඔයාද? අනික මතක තියාගන්න විශ්වවිද්‍යාලෙට මේක තව දුරටත් කරන්න කියල දුන්නේ අමාත්‍යංශෙන්, ආපහු බාර ගන්න කිව්වම. ඒ මෙතෙක් කාලෙකට මෙහෙම ප්‍රශ්නයක් ආවෙ නැති නිසානේ.

    ReplyDelete
  13. හරි Ubuntu කථාව හරියි කියමු.ඔයා මොනව කිව්වත් සර්වර් එකේ ඩේටා වලට අත දැමුවෙ කවුද කියල කියන්න පුළුවන්ද? කොහොමද Data Lose වුණේ එත කොට ඔන මිනිහෙක්ට තේරෙනව මෙකෙ මොකක් හරි හොරයක් තියනව කියල මම සයිට් එක බැලුව ඒත් එකෙ හරිය කියල නෑ නේ මොක ද වුනේ කියල.සර්වර් එකේ බැක්අප් වලට අත දැම්මෙ කවුද? කවුරු හරි නරුමයෙක් හැක් කරා කියමු ..එත් ඔයාල ලඟ බැක්අප් තියෙන්න ඕන ...එහෙම තිබුනණම් මෙලහකටත් හදන්න තිබුණ ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ...?? බලමුකෝ හැදුවට පස්සෙ තිබුණ සියලුම සයිට් ඒ ආකාරයෙන්ම තියෙනව කියල ඔයාට සහතික වෙන්න පුළුවන්ද?

    /said/නැ,ඒවගේම එයාට පඩි ගෙවන්නේත් ඔයා නෙමේ නේ. අනික තව කෙනෙක් දාන්න හරි සල්ලි දෙන්නේ ඔයාද? අනික මතක තියාගන්න විශ්වවිද්‍යාලෙට මේක තව දුරටත් කරන්න කියල දුන්නේ අමාත්‍යංශෙන්, ආපහු බාර ගන්න කිව්වම. ඒ මෙතෙක් කාලෙකට මෙහෙම ප්‍රශ්නයක් ආවෙ නැති නිසානේ.

    පඩිගෙවන්නෙ මම නෙමෙයි තමයි(අපිටත් පඩි නැති කොට) ඒත් මම කියන්නෙ මේකට වගකිවයුතු හැමෝටම සමහර විට අමාත්‍යංශය වෙන්න පුළුවන්...ඔයාලට කරන්න බැරිනම් ඉක්ටා එකටවත් දෙන්න ...ඔයා කියන්නෙ අමාත්‍යංශය බලෙන් ඔයාලට බාර දුන්න කරන්න දෙයක් නැති කමටයි කරන්නෙ කියලද? ඒක වගකීමක් ඇති කෙනෙක් කිවයුතු කථාවක් නෙවෙයි.

    තෙරුවණ්සරණයි!

    ReplyDelete
  14. මම වැඩ කරන්නෙ උබුන්ටු වල නිසා අපේ School site එකට උබුන්ටු වල ඉඳන් file upload කරන්න ඇහුවහම මොකක්ද කුණුහරුපයක් helpdesk එකෙන් කීව.

    File Upload කරන්න විදියක් අපිට දෙන්න බැරි උනාට ලංකාවෙ උබුන්ටු File Server එක කරන්නෙ ඒ අය.

    අනේ කාලේ වනේ වාසේ

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...