Ads 468x60px

Monday, March 29, 2010

අන්තර්ජාල මහ ගෙදරත් අන්තර්ජාලය තහනම්!

ලංකාවටම ඉන්ටර්නෙට් දෙන පුරෝගාමියා ලෙස ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවක සේවිකාවන්ට අන්තර්ජාලය තහනම් කර ඇත. මෙම කථාව ඇසූ ඕනෑම කෙනෙක්ට මතක් වෙන්නෙ වඩුවාගෙ ගෙදරත් පුටුවක් නැත යන කථාවයි.එසේ අන්තර්ජාලය තහනමට ලක්වීමට ඇති හේතුව වශයෙන් එහි කළමණාකාරීත්වය දක්වන්නේ ඵලදායී තාවය වැඩි කරණු පිණිස මෙම පියවර ගන්නා ලද බවයි.අන්තර්ජාලය තිබුණහොත් ඵලදායීතාවය නැති වන්නේ කෙසේද? එසේ නම් ටෙලිකොම් කලමණාකාරීත්වයට තම සේවකයන් පිළිබද ඇත්තේ අවිශ්වාසයක්ද? අඩුම තරමින් විකිපීඩියා වෙත ගොස් නොදන්නා කරුණක් වත් දැන  ගැනීමට අයිතියක් නැද්ද? තමාගේ විද්‍යුත් තැපෑල පරික්ෂාකිරීමට කැ‍ෆේ වලට යෑමට වීම ගැන ඔවුන් ලැජ්ජා වෙති.අපටත් එය විහිළුවක් වැනිය.

23 comments :

  1. ගොඩක් කාර්යාල වල අන්තර්ජාලය සීමා කරලා තියෙන්නෙ අපේ මිනිසුන් ඒක ඕනෙවට වඩා භාවිතා කරන නිසා. ගොඩක් අය Facebook වගේ දේවල් වලට ගොඩක් කාලය නාස්ති කරනවා. ඉතින් පහසුකමක් තියෙන කොට ඒක නිවැරදි විදිහට භාවිතා කරනවා නම් ඔය කිසි ප්‍රශ්ණයක් නෑ.

    ReplyDelete
  2. ආයතනයක් තුළ අන්තර්ජාලය භාවිතා විය යුත්තේ රාජකාරිමය කටයුතු සඳහා පමණි.

    ReplyDelete
  3. budhajeewa said...
    ආයතනයක් තුළ අන්තර්ජාලය භාවිතා විය යුත්තේ රාජකාරිමය කටයුතු සඳහා පමණි.

    නමුත් විවේකී අවස්ථාවන් වලදී අන්තර්ජාලය භාවිතා කිරීමේ වැරද්දක් තියද විවේකී යනුවෙන් අදහස් කලේ දිවා ආහාර කාලය හෝ රාජකාරි ඇරඹිමට ප්‍රථම

    ReplyDelete
  4. @Anonymous March 30, 2010 12:19 AM:

    කිසි ගැටළුවක් නැහැ. ඒ සඳහා තමන්ගේ පෞද්ගලික පරිගණකයක් සහ පෞද්ගලික අන්තර්ජාල සම්බන්‍ධතාවයක් පාවිච්චි කරන්න පුළුවන්.

    ReplyDelete
  5. owa monawada apitath Internet na....

    ReplyDelete
  6. බුධාජීව උඹට සල්ලි තිබුණට මේ රටේ ඉන්නෙ අන්තර්ජාල සබඳතාවයක් තියා තුන්වේල හරියට කන්නවත් නැති ශ්‍රමිකයන් පිරිසක්.

    ReplyDelete
  7. @Anonymous March 30, 2010 1:34 AM:
    කෙනෙක් රාජකාරි වේලාවේ කළ යුත්තේ තමන්ගේ රාජකාරියද, එහෙම නැත්නම් අන්තර්ජාලයේ රස්තියාදු ගහමින් සිටීමද?

    තුන්වේල හරියට කන්න නැති අයට යම් දියුණුවක් ලබාගන්න පුළුවන් අන්තර්ජාලයේ රස්තියාදු ගහමින් සිටීමෙන්ද, තමන්ගේ රස්සාව හරියට කිරීමෙන්ද?

    ආයතන වල අන්තර්ජාල සබඳතා ඇත්තේ ආයතනික ප්‍රයෝජනයටද, එහි සේවකයන්ට රස්තියාදු ගහමින් සිටීමටද?

    ආයතනයක ඵලදායීතාවය ඉහළ යන්නේ එහි සේවකයන් රාජකාරි කාලය තුළ අන්තර්ජාලයේ රස්තියාදු ගහමින් සිටීමෙන්ද, සේවකයන් තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉටු කිරීමෙන්ද?

    තුන්වේල හරියට කන්න නැති සේවකයන්ට යම් වැටුප් වර්ධකයක් ලබාගත හැක්කේ ආයතනයක ඵලදායීතාව වැඩිවීමෙන්ද, අඩුවීමෙන්ද?

    එසේනම් ආයතනයක සේවකයන් කළ යුත්තේ තමන්ගේ රැකියාව හරියට කිරීමද, අන්තර්ජාලයේ රස්තියාදු ගැසීමද?

    ReplyDelete
  8. මමත් මේ comment එක ලියන්නෙ රජ්‍යයේ කාර්යාලයක අන්තර්ජාල පහසුකම ප්‍රයෝජනයට ගනිමින් තමයි. මම හිතන විදිහට නම් කට්ටිය එකතුවෙලා කඩ දාන වෙලාවට අන්තර්ජාලයේ සැරිසුරුවට වුරුද්දක් නැහැ.මාත් එහෙමයි.

    ReplyDelete
  9. @wath: නමුත් යම් ආයතනයක සේවකයන් නිදහස් වේලාවන්හීදි පමණක් ආයතනික කර්තව්‍යයන්ට අදාළ නොවන වෙබ් අඩවිවල සැරිසරනවා කියා ආයතන පරිපාලනයට සහතික විය නොහැකි නිසා ගත හැකි එකම විසඳුම ආයතනය තුළ අන්තර්ජාල භාවිතය පාලනය කිරීමයි.

    මතක තබාගන්න යම් ආයතනයක් විසින් අන්තර්ජාල සබඳතාවක් ලබාගෙන ඇත්තේ සහ ඒ සඳහා ගෙවීම් කරන්නේ එය ආයතනික ඵලදායීතාව ඉහළ දැමීම සඳහා බව. නමුත් අන්තර්ජාල සබඳතාවයම එහි ඵලදායීතාවය පහළ දමන්නට හේතු වෙනවානම් ආයතනය තුළ අන්තර්ජාල සබඳතාවය පාලනය කරනු මිස අන් කළ හැක්කක් පරිපාලනයට නැහැ.

    මෙම ලිපියට හේතුවී ඇත්තෙ SLT හි අන්තර්ජාල භාවිතය සීමා කිරීමට එහි පරිපාලනය ගත් තීරණයකි. සීමා කරනවා නම් ඉන් ඉහතදි සීමා රහිතව අන්තර්ජාලය භාවිතා කිරීමට එහි පරිපාලකයන් සේවකයන්ට ඉඩ දී තිබිය යුතුය. දැන් එය පාලනය කරන්නේ අන්තර්ජාල සබඳතාව ආයතනික දියුණුවට නොව පරිහානියට හේතුවන බව පරිපාලනයට තේරුම්ගොස් ඇති නිසාය.

    ආයතනයක් තුළ සේවකයන්ගේ සුභ සිද්ධිය සඳහා කෙරෙන කාර්යයන් රාශියකි. නමුත්, උදෑසනම සියලු පුවත්පත් පිටපත් ගණනාවක්ම මිලදී ගන්නා ආයතනයක සේවකයන් වැඩ කිරීම පසෙක තබා පුවත්පත් කියවීමට පටන්ගතහොත් කළ හැක්කේ පුවත්පත් මිලදී ගැනීම නතර කිරීමයි. සේවකයන්ගේ අන්තර්ජාල භාවිතාව සම්බන්ධව තත්වයද එසේමය. නිදහස් අවස්ථාවන්හීදී සේවකයන් අන්තර්ජාලයේ සැරිසැරීම ආයතනික දේහයට ගැටළුවක් නොවූවද, එය පමණ ඉක්මවා යන අවස්ථාවක් උද්ගත වුවහොත් කළ යුත්තේ කුමක්ද?

    SLT පරිපාලනයද මුහුණ දී ඇත්තේ එවන් අවස්ථාවකට විය යුතුය.

    මතක තබාගන්න, උදෑසන පුවත් පත් මිලදීගෙන සේවකයන්ට දීමටවත් නිදහසේ අන්තර්ජාලයේ සැරිසැරිමට අවස්ථාව ලබා දීමටවත් කිසිදු ආයතනයක් බැඳී නොපවතී. ඒවා හුදු සේවක සුභසාදන කර්තව්‍යයන් පමණි. ඒවාම ආයතනයක පරිහානියට හේතුවේනම්, නතර කරනු හැර කුමක් කරන්නද?

    ReplyDelete
  10. රාජකාරි වෙලාවන් තුල අනවශ්‍යය සයිට් වෙත යෑම වැරදියි තමයි ඒත් බුධා...හදිසියේ වත් ටෙක්නිකල් හෝ තම විශයයට සම්බන්ධ ගැටලුවකදී අන්තර්ජාලයෙන් උදවුක් ගැනිමට කරුණුසෙවීමට අවශ්‍ය වුවහොත් හෝ එහි සේවකයන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවකදී අන්තර්ජාලය අව්‍ශ්‍ය වුවහොත් ඒ සඳහා කැෆේ යන්නට උවමනාද?
    සාමාන්‍යයෙන් අපි සිතමු ඉංජිනේරුවෙක් නැත්නම් තාක්ෂණික නිලධාරියෙක් කියල එයා සියල්ල දන්නෙ නෑ නේ එයාට අන්තර්ජාලයෙන් උදවු ඕනමයි කොහොමද ගන්නෙ තේ බොන්නට කඩේ දුවනවා වගේ වෙනත් තැනකට යන්නද?

    එමෙන් ම රහස්පදයක් ලබා දී අන්තර්ජාලය පිරික්ෂීමට අවසර දෙන්නේ නම් ඔවුන් අනවශ්‍ය සයිට් වලට යෑම ගැන සොයාබලන්නට හැකියාව ඇත එවිට යම් අකටයුත්තක් සිදුවනවා නම් තනි තනිවම ඒ සඳහා වගකීම දැරීමට ඔවුනට සිදුවේ එවිට අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් ජාලය බාවිතා කිරීමට පෙළඹේ එවැනි වැඩපිළිවෙලක් නොමැතිව සම්පූර්ණ ජාලය නවතා දෑමීම නොසුදුස් යැයි මගේ හැඟීමයි

    ReplyDelete
  11. අපෙ මිනිස්සුන්ට දෙයක් දුන්නම එකේ සීමාවක් නැති වෙනවා. මම හිතන්නෙ ඒ වගේ දෙයක් නිසා මෙහෙම කරන්න ඇති. ඒත් ඒ වගෙ අනව්ශ්ය අඩවි තහනම් කරල අනික් වැදගත් ඒව ට යන්න අවස්තාවක් තිබ්බනම් හොදයි ඉතින්.

    ReplyDelete
  12. ප්‍රොක්සියක් දැම්මම මොන මැෂින් එකේ මොන යූසර් මොන වෙලාවේ මොනවද බලපු සයිට් කියල හොයාගන්න පුලුවන් කියල දන්නැතිව ඇති.
    පාවිච්චි කරපු බ්‍රව්සරේ හිටන් හොයාගන්න පුලුවන් එකේ ඒ වගේ දෙයක් කරල බලං ඉන්නව කිවුවනං ඉවරනේ.

    ReplyDelete
  13. @තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:
    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි ]
    හදිසියේ වත් ටෙක්නිකල් හෝ තම විශයයට සම්බන්ධ ගැටලුවකදී අන්තර්ජාලයෙන් උදවුක් ගැනිමට කරුණුසෙවීමට අවශ්‍ය වුවහොත්
    [/said]
    ඒකට කියන්නේ තමන්ගේ රාජකාරිය සඳහා අන්තර්ජාලය භාවිතා කරනවා කියලා.

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි ]
    හෝ එහි සේවකයන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවකදී අන්තර්ජාලය අව්‍ශ්‍ය වුවහොත් ඒ සඳහා කැෆේ යන්නට උවමනාද?
    [/said]
    රාජකාරි වෙලාවේදී රාජකාරිය කරන්නේ නැතිව ඉගන ගත්තත් වැරදියි තමා.

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි ]
    සාමාන්‍යයෙන් අපි සිතමු ඉංජිනේරුවෙක් නැත්නම් තාක්ෂණික නිලධාරියෙක් කියල එයා සියල්ල දන්නෙ නෑ නේ එයාට අන්තර්ජාලයෙන් උදවු ඕනමයි කොහොමද ගන්නෙ තේ බොන්නට කඩේ දුවනවා වගේ වෙනත් තැනකට යන්නද?
    [/said]
    ඒකට කියන්නේ තමන්ගේ රාජකාරිය සඳහා අන්තර්ජාලය භාවිතා කරනවා කියලා.

    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි ]
    එමෙන් ම රහස්පදයක් ලබා දී අන්තර්ජාලය පිරික්ෂීමට අවසර දෙන්නේ නම් ඔවුන් අනවශ්‍ය සයිට් වලට යෑම ගැන සොයාබලන්නට හැකියාව ඇත එවිට යම් අකටයුත්තක් සිදුවනවා නම් තනි තනිවම ඒ සඳහා වගකීම දැරීමට ඔවුනට සිදුවේ එවිට අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් ජාලය බාවිතා කිරීමට පෙළඹේ එවැනි වැඩපිළිවෙලක් නොමැතිව සම්පූර්ණ ජාලය නවතා දෑමීම නොසුදුස් යැයි මගේ හැඟීමයි
    [/said]

    ඔවු, ඒ ක්‍රමය පිළිගන්න පුළුවන්.

    @ගයාන් තාරක:
    [said:ගයාන් තාරක]
    ප්‍රොක්සියක් දැම්මම මොන මැෂින් එකේ මොන යූසර් මොන වෙලාවේ මොනවද බලපු සයිට් කියල හොයාගන්න පුලුවන් කියල දන්නැතිව ඇති.
    [/said]
    SLT එකේ තාක්‍ෂනික දැනුමයි තාක්‍ෂණික භාවිතයයි ගැන නම් කතා කරල වැඩක් නෑ.

    SLT එකේ මැදිහත්වීමෙන් නිර්මාණය වන වෙබ් අඩවි සියල්ලටම පාහේ www සමග ගියාම එන්නේ එක වෙබ් අඩවියක්, ඒක නැතිව ගියාම තව එකක්. මුං public_html ඇතුලේ www කියල ඩිරෙක්ටරියක් හදල ඒකට www කියල සබ්ඩෝමේන් එකක් ඇසයින් කරනවද කොහෙද! :D

    ReplyDelete
  14. budhajeewa said...
    @තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:
    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි ]
    හදිසියේ වත් ටෙක්නිකල් හෝ තම විශයයට සම්බන්ධ ගැටලුවකදී අන්තර්ජාලයෙන් උදවුක් ගැනිමට කරුණුසෙවීමට අවශ්‍ය වුවහොත්
    [/said]
    ඒකට කියන්නේ තමන්ගේ රාජකාරිය සඳහා අන්තර්ජාලය භාවිතා කරනවා කියලා./

    එහෙම වත් භාවිතා කරන්න නැති එක නේ මෙතන ප්‍රශ්නය.

    ReplyDelete
  15. Sorry I will post my comment in english.

    I highly believe that some professionals need internet to perform their job well. As example R&D staff, engineers ... etc need internet to get knowledge for day today work

    ReplyDelete
  16. @තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:
    [said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි ]
    එහෙම වත් භාවිතා කරන්න නැති එක නේ මෙතන ප්‍රශ්නය.
    [/said]

    මොකක්? ඔබ කියන්නේ SLT තුළ කිසිම පරිගණකයකට අන්තර්ජාල සම්බන්‍ධතාවය නැහැ කියලද?

    ReplyDelete
  17. machan mama slt eken.....mama den internet yanne ubuntu live cd eka gahala mobitel dongle eken.....
    mama internet godak use karapu kenek....
    *apita proxy damala thibbe eth india wala wage inna blog karayo nisa apita block karapu dewala balanna lebuna....
    *kalin internet eke hitapu un den ninden negitala wage weda karaida?????
    *api ta iganagatta nethi alut subject kellak use unot ekata wisandum hoyanna wenne heta ude thama......
    *api wedakarana theena godak alut dewal add wena thenak ithin godak forigners la ewith apita unge product gena pampori gahanawa undena info wala reality 1 balanna wenne gedaradi thamai....
    *forign companiwala limited periods wala internet denawa kiyala ahala thiyanawa.....
    *live cd eken log wena nisa sinhalen liyanna beri una

    ReplyDelete
  18. මචං මෙහෙමයි අනිවාරියෙන් අන්තර්ජාලය සහ කාරියාලිය පරිගණකය භාවිතා කල යුත්තේ රාජකාරිමය සදහා පමණයි කියන එක තමා මමත් විශ්වාෂකරන්නේ

    ReplyDelete
  19. මමත් SLT එකේ තාක්ෂණික නිලධාරියෙක්. කවුරු මොනවා කිව්වත් අපි තමයි දන්නේ අපිට නොමිලේ ලැබුන මේ වරප්‍රසාදයෙන් අපි ගත්ත ප්‍රයෝජන. එදිනෙදා රාජකාරී වැඩ වලට අපිට අන්තර්ජාලය නැතිවම බැරි අංගයක් වුනා. දැන් හරියට කකුල් දෙකයි අත් දෙකයි බැඳලා පුටුවේ වාඩි කරලා තියෙනවා වගේ දැනෙන්නේ.

    බුධාජීව මලයා මොනවා කිව්වත් මතක තියා ගන්න ඔයා අපි ඉන්න තැන හිටියනම් කවදාවත් මේ නොමිලේ ලැබුන අන්තර්ජාල පහසුම්කමට විරුද්ධව කතා කරන්නේ නෑ. මොකද මල්ලි, මේකෙ රස දැනුන එකා උපරිම ඵලදායී විදිහට අන්තර්ජාලය පරිහරණය කළා. ඉගෙන ගන්න එවුන් ඉගෙන ගත්තා. තාක්ෂණික විසඳුම් හොයපු එවුන් අල වෙච්ච ලෙඩ ගොඩ දාගත්තා. හරියට වැඩ කරපු එකා ආයතන‍යට කෙළ වෙන්න දුන්නේ නෑ. රාජකාරියයි තමන්ගෙ වැඩයි දෙකම කරගත්තා. ඒත් එහෙම නොකරපු කිහිප දෙනෙක් නිසයි බහුතරයකට මෙහෙම වුනේ.

    @ ගයාන් තාරක,

    ප්‍රොක්සි දාලා තියෙන්නේ.. එ වගේම intranet user name / password දීලා තියෙන්නේ...යන එන තැන් හැම දෙයක්ම මොනිටර් වෙනවා... හොර වැඩ කරන්න ටිකක් අමාරුයි [බැරුව නෙමෙයි :-) ]...

    @තිසර ප්‍රියංකර,

    විධායක නොවන අයට අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම තහනම්.... දැන් යන්න පුලුවන් Intranet අඩවියට පමණයි.

    @ පිස්සා ,

    අනවශ්‍ය වෙබ් අඩවි බොහොමයක් කොහොමත් තහනම් කරලා තිබුනේ... [ෆේස්බුකියත් ඇතුළුව] ...

    තව දෙයක්... කාටහරි හිතා ගන්න පුළුවන්ද අපිට තිබුන අන්තර්ජාල සබඳතාවයේ බෑන්ඩ්විත් එක කීයද කියලා... හරියටම සරලව කියනවානම් උබුන්ටු ලයිව් [700 MB] CD එක බාගත කරන්න යන්නේ විනාඩි 5 කටත් අඩු කාලයක්. ඒකයි බුධා මල්ලි මම කිව්වේ ඔයා මෙතන හිටියනම් කවදාවත් මේ දේවල් වලට විරුද්ධව කතා කරන්නේ නෑ කියලා.

    ආරංචි වුන විදිහට අප්‍රේල් මාසයේ ඉඳලා තෝරා බේරා ගත් අඩවි වලට යන්න ඉඩ ලබා දෙනවා කියලා ඉහළින් තීරණයක් අරගෙන තියෙනවා. මේ වෙලාවේ හැටියට ඒකත් ලොකු දෙයක් ..

    කට්ටිය තරහා වෙන්න එපා සමහර තැන්වල මම ආවේගයෙන් වගේ ලිව්වට.. SLT එක කියන්නේ මම උසස් ඩිප්ලෝමාව කරපු තැන.. ඒ වගේම වසර තුනක් තිස්සේ රෑකියාව කරන තැන.. කවුරු හරි ඒ තැන ගැන වැරදි වැටහීමක් ලබාගෙන තියෙනවානම් එය දුරලන්නයි මම කමෙන්ට් කළේ... සුභ දවසක් .....

    ReplyDelete
  20. අනිවාර්යයෙන්ම කාර්යාල වලනම් අන්තර්ජාලය සීමා කලයුතුමයි (මම කියන්නේ තහනම් නෙමෙයි සීමා කරන්න ඕනේ) විශේෂයෙන් ෆේස්බුක් වගේ ඒවා. මිනිස්සුන්ට එළවළු වවන්න පඩි දීලා ඔෆිස් වල තියා ගන්න ඔනේ නැහැනේ. අන්තර්ජාලය උවමනා දේවල් වලට විතරක් භාවිත කරන එක එච්චර පුරුදු නැහැ අපේ අයට.

    ReplyDelete
  21. @කසුන් චානක:
    [said:කසුන් චානක]
    බුධාජීව මලයා මොනවා කිව්වත් මතක තියා ගන්න ඔයා අපි ඉන්න තැන හිටියනම් කවදාවත් මේ නොමිලේ ලැබුන අන්තර්ජාල පහසුම්කමට විරුද්ධව කතා කරන්නේ නෑ. මොකද මල්ලි, මේකෙ රස දැනුන එකා උපරිම ඵලදායී විදිහට අන්තර්ජාලය පරිහරණය කළා. ඉගෙන ගන්න එවුන් ඉගෙන ගත්තා. තාක්ෂණික විසඳුම් හොයපු එවුන් අල වෙච්ච ලෙඩ ගොඩ දාගත්තා.
    [/said]
    එතකොට තමුන්ගේ රාජකාරිය කළේ කොයි වෙලාවෙද?

    [said:කසුන් චානක]
    හරියට වැඩ කරපු එකා ආයතන‍යට කෙළ වෙන්න දුන්නේ නෑ. රාජකාරියයි තමන්ගෙ වැඩයි දෙකම කරගත්තා.
    [/said]
    ඒක තමයි විය යුත්තේ.

    [said:කසුන් චානක]
    ඒත් එහෙම නොකරපු කිහිප දෙනෙක් නිසයි බහුතරයකට මෙහෙම වුනේ.
    [/said]

    ඔහොම කළේ බහුතරයද සුළුතරයද කියලා අපිට හිතාගන්න පුළුවන් ඒ අදාළ කිහිප දෙනාගේ අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවන්නේ නැතිව සියළුම සේවකයන්ගේ අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවීමෙන්.


    [said:කසුන් චානක]
    තව දෙයක්... කාටහරි හිතා ගන්න පුළුවන්ද අපිට තිබුන අන්තර්ජාල සබඳතාවයේ බෑන්ඩ්විත් එක කීයද කියලා... හරියටම සරලව කියනවානම් උබුන්ටු ලයිව් [700 MB] CD එක බාගත කරන්න යන්නේ විනාඩි 5 කටත් අඩු කාලයක්. ඒකයි බුධා මල්ලි මම කිව්වේ ඔයා මෙතන හිටියනම් කවදාවත් මේ දේවල් වලට විරුද්ධව කතා කරන්නේ නෑ කියලා.
    [/said]

    "ඒකයි බුධා මල්ලි මම කිව්වේ ඔයා මෙතන හිටියනම් කවදාවත් මේ දේවල් වලට විරුද්ධව කතා කරන්නේ නෑ කියලා." අන්තර්ජාල සබඳතාවේ පිරිවිතර වලින් මට පළක් නොවේ.

    ආයතනයක සේවකයන්, සේවක සුබසාධන කාර්යයන් වලින් අයුතු ප්‍රයෝජන ගන්නේ නම්, ආයතනික පරිපාලනයකට ගැනීමට සිදුවන තීරණය කුමක්දැයි මා ඉහත ප්‍රතිචාරයක පැහැදිළිව දක්වා ඇත.

    ReplyDelete
  22. ඔක්කොමලා කියන්න ඕනේ දේවල් කියලනේ...
    සීමාව හරි හැටි දැන්ගෙන වැඩේ කලා නම් අවුලක් නැති වෙයි

    /බිඟුවා...!

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...