Ads 468x60px

Sunday, October 6, 2013

සීනි වැඩි ද? එහෙනම් මේක කියවන්න...(1 කොටස)

රුධිරයේ සීනි ප්‍රමාණය නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීම අද සමාජයේ බොහෝ පුද්ගලයින්ට ඇති ගැටලුවකි අප ගන්නා ආහාර වර්ග එයට බොහෝ සේයින් බලපායි මුලින්ම අපි බලමු සීනි ප්‍රමාණය වැඩිවීම සිදුවුව හොත් එමඟින් ඇති විය හැකි ලක්ෂණයන් මොනවාද කියා බලමු... 
නිතර නිතර ක්ලාන්ත ගතියක් ඇති වීම


  • ඔලුව බර ගතිය
  • අධික පිපාසය
  • රාත්‍රී කාලයේකිහිපවිටක්මුත්‍ර පහකිරීමේ අවශ්‍යතාවය ඇතිවීම
  • අධික විඩාපත්බව
  • දේහ බර අඩුවීම
  • ලිංගික අවයව වල ඇතිවන කැසීම
  • සිරුරෙහිඇතිවන තුවාල සුව වීමට කල්ගත වීම
  • පෙනීමෙහිඅපැහැදිලිතාවයන්
ග්ලූකෝස් ප්‍රමාණය වැඩිවීම නිසා දියවැඩියා තත්වක් මතුවිය හැකි අතර ඒ තුලින් ඇතිවන අහිතකර තත්වයන්

  • හෘදයාබාධ
  • ස්නායුවලට හානිසිදුවීම හේතුවෙන් අන්ධබව
  • අත්පා අහිමි වීම
  • වකුගඩුදුබලවීම
  • අංශභාගය
  • සදාකාලික කෝම තත්වයන්
දියවැඩියා ත්තවන් ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක මොනවාද?
  • දෙමව්පියන්ගෙන්එක්අයකුට  දියවැඩියාව වැළඳී තිබේ නම්
  • ඔබ රුධිර පීඩණය පාළනය කර ගැනීමට ඖෂධ භාවිතා කරන්නේ නම්
  • රුධිර නාලයන්හිරුධිර සංසරණය හා ආශ්‍රිත ගැටළු පවතින්නේ නම්
  • දේහ ස්කන්ධ දර්ශක අගය වැඩි වූ විට
  • ඔබ දරුණුමානසික ආබාධයකින්පෙලෙන්නේ
  • සීනි සහිත ආහාර වලට හුරු පුරුදු වී ඇත්නම්
  • දීර්ඝ කාලීනව ඖෂධ භාවිතා කරන්නෙක් නම්
  • අවුරුදු 25 වැඩි අයෙක් නම්
ඔබගේ රුධිරගක ග්ලූකෝස ප්‍රමාණය නිවසේදීම මැන බලන්නේ කෙසේද?

ඒ සඳහා ඔසුසල් වල ඇති ග්ලූකෝස් මාපකයක් ඔබට මිලදී ගත හැක විවිධ නම් වලින් වෙළද පලට හදුන්වා දී ඇති මෙම උපකරණය මිල රු.3000/- -40000/- අතර මිලකට මිලදී ගැනීමට හැකිය එහිදී ඒ සඳහා ඇති ස්ට්‍රිප් වල මිල රු.35/- සිට මිලදී ගත හැකි අතර ලේ ලබාගැනීම සඳහා භාවිතා කරන කටු රු.10/- වැනි මිලකට ලබා ගත හැක තම ඇඟිල්ලේ ලේ බිඳුවක් මෙම ස්ට්‍රිප් එක මතට මුසු කල විට රුධිර සීනි ප්‍රමාණය නිවැරදිම දැනගැනීමට හැකි වෙයි මෙහිදී අප බැලිය යුත්තේ පැය 10 වත් ආහාර නොගත් විටකදී ඇති රුධිර ප්‍රමාණයයි. උදෑසන ආහාර ගැනීමට පෙර රුධිරයේ ග්ලූකොස් ප්‍රමාණය මැණ බැලිය යුතුය



ග්ලූකෝස් මීටර්
ස්ට්‍රිප්ස්
තිබිය යුතු ග්ලුකෝස් අගයන් මොනවාද? 50 ත් 180 අතර ප්‍රමාණය සාමාන්‍ය තත්වයක් ලෙසත් 180 වඩා වැඩි නම් එය අවධානම් තත්වයක් ලෙසත් දැක් වෙයි අගය 380 වඩා වැඩි නම් වහාම වෛද්‍ය වරයකු හමු වීම කල යුතුව ඇත එය ඉන්සියුලින් එන්නත් කිරීමට පවා අවශ්‍යවන තත්වකි mg/dl අගය යනු ඩෙසිලීටරයට අඩංගු මිලිග්‍රෑම් ප්‍රමාණයයි 


මතු සම්බන්ධයි...................

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...