Ads 468x60px

Wednesday, August 6, 2014

බබාලා ඉන්න අම්මලාට කෙට්ටු වෙන්න හොඳම ක්‍රමයක්!

ඔන්න මම කියන්න හදන්නෙ බබාලා ඉන්න අම්මලාට ඉතාම වැදගත් වෙන දෙයක්.. ගොඩක් ගැහැණු බබාල හම්බවුණාම (මල්ටි) බැරල් වගේ මහත් වෙනවා ඉතින් බබාගෙ කිරි වලට අවශ්‍ය විටමින් වර්ග ගැනීමෙන් සහ ව්‍යායාම් නොමැති වීමෙන් තමයි මේ තත්වය ඇති වෙන්නෙ ඉතින් මම කියන මේ ක්‍රමයෙන් තරබාරු බව අඩුකරගන්න වගේම සිහින් සිරුරක් පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා ඒ වගේම අද කාලෙ ළමයි අඬන්න පටන් ගත්තම යක්කු වගේ කොක්කු පෙන්නලා වත් ඇඬිල්ල නවත්තන්න බෑ හැබැයි මේ ක්‍රමයෙන් බබාව නලව ගන්නත් ලෙහෙසියෙන්ම පුළුවන් මොකද බබාල ෆන් එකට කැමතියි නේ...පහල තියෙන වීඩියෝ පටය බලන්න... ඒ විදියට කරගෙන යන්න...... තාත්තලාටත් මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන් .......





විදුහල්පති තුමාගෙ සංවේදී ආදර කථාව...(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)

අම්පාර කියන්නෙ යුද්ධයෙන් අධික ලෙස බැට කාපූ ප්‍රදේශයක්.... මේ විදුහල්පති තුමාටත් යුද්ධය එයාගෙ මුලු ජීවිතයටම බලපෑව ඒ කාලෙ නම් තරුණ කඩවසම් ගුරුවරයෙක් වැඩිදුර අධ්‍යාපනයට නුවර දිහා ගියා දවසක්  නුවර වීදියකදි ඇහැ ගැටුන සුන්දර යුවතියක් නිසා ආදර හැඟිමක් පහල වුණා... එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත.. මුල් දවසෙ සිනා සුනා විතරයිලු ඒත් දෙවෙනි දවසෙ හමු වෙද්දි වුණේ අමුතු සිදුවීමක්.. දෙදෙනාම එදා නෙදැනුවත් කමින් එකම වෙළදසැලකදි අහම්බෙන් හමුවුණා ඒ වගේම දෙදෙනාම ඇවිත් තිබුණෙ මහ වැස්සක් එන නිසා කුඩයක් ගන්න හිතාගෙන ආවෙ එකම කාරණයකට වීමත් පුදුමයි වගේ.. කොහොම හරි දෙන්න එතනදි සුහද කථා බහකට වැටුණ.මලිති කුඩයක් ගත්තත් සර් නම් කුඩයක් ගත්තෙ නැත්තෙ කපටි කමට මොකද දෙන්නම යන්නෙ එකම පැත්තට ඒ වගේම වැස්සක් වැස්සොත් කෙල්ලගෙ කුඩේ යටින් යන්න පුළුවවන් කියල සර් හිතුව.. එහෙම හිතල පොඩි බිස්කට් පැකට් එකක් විතරක් අරගත්ත කොහොම හරි දෙන්නම කථා කර කර එළියට ඇවිත් බස් නැවතුමට යන්න කියල ටික දුරක් එන කොට මලිතිගෙ යාළුවෙක් හම්බ වුණා සර්ට මල.... හිතින් බැණ බැණ සර් දැන් ටිකක් දුරස් වෙලා යනව කෙල්ලො දෙන්න කිචි බිචි ගගා හිනා වෙවී යනව... මලිති තමන්ගෙ යාළුවට සර්ව හදුන්වා දුන්න එයාගෙ යාළුවෙක් කියල.. ඔන්න ඒ එක්කම මහ වැස්සත් පටන් ගත්ත මලිතියි යාළුවයි හනිකට කුඩේ  දිග ඇර ගත්තත් සර් ට කර කියා ගන්න දෙයක් නැතුව අතේ තිබුණ ෆයිල් එක ඔළුවට අල්ල ගත්තත් වැස්ස එන්න එන්නම වැඩි වෙන්න ගත්ත.. මලිතිට දුක හිතිල මලිතිගෙ කුඩේ සර් ට දුන්න දීල එයා යාළුවගේ කුඩේ යටින් යන්න උණා සර් ගෙ සිහිනය එදා බොඳ වුණේ එහෙමයි...