Ads 468x60px

Monday, August 1, 2011

ග්‍රීස් යකා සහ නින්ජා.....

පසුගිය දිනවල කහවත්තේ සිදුවූ සිදුවීමත් සමඟම රටපුරා තැනින් තැන විවිධ කටකථා පැතිරෙන්නට විය...දැනට අම්පාර, පොළොන්නරුව, මොණරාගල...හා තවත් ප්‍රදේශයන්හී නින්ජා භියක් පැතිරෙමින් පවතී .නින්ජා ලෙස ගැමියන් හදුන්වන්නේ රෑ කාලයේ ගැහැණුන්ගේ කාමරවලට හොරෙන් එබිකම් කරන හා ගැහැණුන්ගේ ඇඳුම් හොරකම් කරන විකෘති මනස් ඇති පුද්ගලයින්ටය රෑට ගැහැණුන් පමණක් සිටින ගෙවල් වලට මෙවුන් පැමිණෙතැයි බියෙන් පසුවෙයි එමෙන්ම ග්‍රීස් යකා ලෙස ප්‍රසිද්ධ ඇඟපුරාම ග්‍රීස් තවරාගත් ගැහැණුන්ගේ පපු ප්‍රදේශය සපා කනවිකෘති මානසික ඇත්තවුන් එතැයි බොහෝ දෙනෙක් බියෙන් පසුවෙති. එසේම කහවත්තේ සිද්ධිය සමඟ හටගැනුනු මෙම තත්වයට ප්‍රධානතම හේතුවවී ඇත්තේ එම සිද්ධිය නිසා  මිනිසුන් වෙනදාට වඩා රාත්‍රී කාලයේ අවධානයෙන් සිටීම බව කිව යුතුය ඒ මන්ද යත් අනියම් සම්බන්ධතා මත රාත්‍රී නිවාස වලට පැමිණෙන පුද්ගලයින් (කොටු පනින) අවධානයෙන් සිටින ප්‍රදේශවාසීන් ගේ ඇස ගැටීමයි කෙසේ වුවත් ස්ථාන කිහිපයක එවැනි සැක සහිත සිද්ධින් කිහිපයක්ම වාර්ථා වී ඇති අතර ඊයේ රාත්‍රී අම්පාර ප්‍රදේශයේ සිදුවූ  පුද්ගල ඝාතනයේ ද මෙම කටකථා අතරද යම් සම්බන්ධයක් ඇතිබව බොහෝ දෙනෙකු පවසයි එම ඝාතනයට මුහුණ දී ඇත්තේ එම ප්‍රදේශයේම අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි රෑ කාලයේ නින්ජකු යැයි සිතා ප්‍රදේශවාසින් විසින්ම කපා කොටා ඝාතනය කර ඇත.


නමුත් තවත් සමහර පුද්ගලයින් පවසන්නේ මෙම රෑ කාලයේ හොල්මන් කරන්නෙ හා මිනිසුන් භිය ගන්‍වන්නේ ප්‍රදේශයේම  ග්‍රාමාරක්ෂක භටයින් බවය එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ග්‍රාමාරක්ෂක භටයින් ඈත ප්‍රදේශවල ගොවිපල හා වෙනත් රාජකාරි කටයුතු වල නිරත කිරීම නිසා නිතර තම නිවෙස්හා කුඹුරු කරා ඒමට නොහැකි බැවින් නැවතත් නිවෙස් ආශ්‍රිතව සේවය කිරීමට අවස්ථාවක් උදාකරගනු පිණිස මෙවැනි ක්‍රියා සිදුකරන බවයි.

රටේ විවිධ ප්‍රදේශයන්හී සිදුවන මෙවැනි ක්‍රියා වැලැක්වීමට පොලිසිය හා අදාල ආරක්ෂක අංශ විසින් වගබලාගත යුතුය මන්ද යත් මහජනතාවට නිදහසේ ජීවත්වීමේම අයිතිය රජය මඟින් සැලැස්විය යුතු බැවිණි. වෙනදා නිදහසේ සැරි සැරූ කාන්තාවන් අද කඩපිලට තියා දොට්ටපිලට යන්නටත් බියක් දක්වති ඔවුන් සවස 5 පමණ වන විට ගෙවල් වලට කොටු වෙති එසේම ඔවුන්ගේ පුරුෂයින්ද තම පවුලේ ආරක්ෂාව වෙනුවෙන් සවස් කාලයේ සිට සියලු වැඩ අත් හැර නිවෙස් වලට වී විපරමෙන් සිටිති.... කෙසේ වෙතත් මෙමඟින් සිදුවී ඇති හොඳ ප්‍රවනතාවක් ගැන ද හෙළිකරයුතුව ඇත ඒ එදා මත්පැන් බී සූර් වී හතරඝාතෙන් ගෙදර පැමිණි බෙ‍හෝ දෙනෙක් ග්‍රීස් යකාගෙන් තම පුවුල බොරාගැනීම උදෙසා හොඳ සිහියෙන් ගෙදර පැමණිමයි....

6 comments :

  1. මොනා උනත් ග්‍රීස් යකා හොඳ වැඩත් කරනවනෙ සමාජයට... හතර ගාතෙන් එන අයව කලින්ම ගෙවල්වලට එවන්න වෙන කාටද පුළුවන්...නැද්ද මම අහන්නෙ

    ReplyDelete
  2. හොඳ වෙලාවට මේව අපි කොටු පනින කාළේ තිබුනේ නෑ.. පොඩි ප්‍රශ්නයක් තිබුනේ භීෂනය කාළේ. ඒත් දෙපැත්තම ෂේප් නිසා ඒ හ්.අටි අවුලක් උනේ නෑ..

    ReplyDelete
  3. @දිල්-
    ඔව් ඔව් ඒකනම් ඇත්ත ...වෙනද කලින් ගෙදර එන්නෙ නැති මහත්වරු දැන් කලින්ම ගෙදර

    ReplyDelete
  4. @මාතලන්-

    මේ ඉස්සර පැන්නට කමක් නෑ දැන්නම් පනින්න යන්න එපා .... දැන් කොටු පැන්නොත් කොටුම තමා

    ReplyDelete
  5. ලංකාවේ කාලෙන් කාලෙට එන එන එක එක යනුන්ට හොඳම පිළියන තමන්ගේ ආරක්ෂාව තමන් විසින් උපරිම ආකාරයෙන් සපයා ගැනීමයි. ග්‍රාමයන් ගැන විශ්වාසය තැබීම උගහටය, සමහර විට ඒ පිළිබඳ කට කතාව ඇත්ත වීමටද පුළුවන..

    ReplyDelete
  6. හිටිගමන් අණ්ඩුවත් හම්බන්තොට,අසනික් ප්‍රශ්ණ අමතක කරවන්න මේ වගේ කටකතා ඇතිකරනව වෙන්න බැරිද?අණ්ඩුවට කෙසේවෙතත් මේ වගේ කටකතාවලින් වාසි ලැබෙන ඇත්තොත් ඇති.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...