Ads 468x60px

Monday, October 4, 2010

මේ සොච්චමත් තොපිම තියාගනිව්!

ලෝක වැඩිහිටි දිනය ගැන පහුගිය දවස්වල හැමොටම වගේ තිබුණෙ පුදුම කැක්කුමක් ඉතින් ගොඩක් වැඩසටහන් එහෙමත් විශාල මුදල් වැයකිරීම් කරල සංවිධානය කරල තිබුණ...හැමොම වගේ ඒ ගැන කථා කර නිසා මනුස්සකම වෙනුවෙන් වැඩිහිටි‍යන්ට සාධාරණයක් ඉටු කරන්න පොඩි හඬක් නඟන්න ඕන කියල හිතුණ. රජය විසින් වැඩිහිටියන් වෙනුවෙන් ලබා දෙන පිං පඩිය රුපියල්වලින් කීයද? කියන්න කනගාටුයි එය රුපියල් 100/- තරම් කුඩා මුදලක් නමුත් ඒ මුදල ගන්නත් අදාල දිනයට තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉන්න වැඩිහිටියො දිහා බැලුවම දැනෙන්නෙ හිතට දුකක් අද කාලෙ රුපියල් සියයකින් කරන්න පුළුවන් කජ්ජක් ති‍‍බේද?  එය එක් බත් පාර්සලයක් ගැනීමට යන්තම් ප්‍රමාණවත් වන මුදලක් පමණි. දුර බැහැර ප්‍රදේශයක සිටින පුද්ගයෙකු මෙම මුදල ගැනීමට බස් කුළිය වශයෙන් රුපියල් විසිපක් වියදම් කළහොත් කඩේකට ගොස් බනිස් ගෙඩියක් කා තේ උගුරක් බිව්වොත් ඉතුරුවෙන සොච්චම අහවල් දෙයක් කරන්නද?


වැඩිහිටියන් ගැන අනුකම්පාව දක්වන මිනිසුනේ ,ඔවුන්ට තව ජීවත් වීමට ඇති කාලය ඉතා අඩුය. වැඩක් පලක් කරගන්නට බැරි අන්ත අසරණ අපේ වැඩිහිටියන් වෙත අප මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය.බොරුවට මුදල් වියදම් කරමින් වැඩිහිටි දිනය උජාරුවෙන් සමරණ රජයේ වගකීම මොවුන්ගේ ජීවිතයේ ඉතුරු කාලය සතුටින් ගතකිරීමට සුදුසු වැඩපිළිවෙලක් සැකසීමයි එසේ නොමැති නම් අඩුම තරමින් මෙම පිංපඩිය වත් අදට සරිලන ආකාරයෙන් වෙනස් කිරීමයි එය අඩුම තරමින් රුපියල් දෙදහසක් හො දෙදහස් පන්සියයක් වියයුතුය ඒ එම මුදල අවම පහසුකම් යටතේ මිනිසෙකුට අද කාලයේ ජීවත් විය හැකි මුදලක් බැවිණි.. දිගටම ලැබෙන්නේ රුපියල් සියයක් නම් අපේ වැඩිහිටියන් ‍නොරවට්ටා ඒ සොච්චමත් තියාගෙන තොපිම කාපියව්!


2 comments :

  1. ඇත්ත......මේ ගැන කථා කරන්න එකත් ලැජ්ජාවක්. මහ රජවරුයි සිටුවරුයි කෝටි ගනන් වියදම් කරමින් ලෝකේ වටේ බයිලා ගහන එකේ මේ වගේ වැඩකට කීයක් හරි වෙන් කරා නම් පස්සට හෙන ගහයිද. ලැජ්ජාවක් නැතිව 100ත් දෙනවනේ දෙයියනේ. මෙහෙමත් විලි ලැජ්ජා නැති පාලන තන්ත්රජයක්.

    ReplyDelete
  2. මේක තමයි පට්ටම ඇත්ත.
    ලංකාවේ දුප්පත් වැඩිහිටියන් කියන්නේ හොඳටම ආන්තික සමාජ තීරුවක්. ඔවුන්ගේ ආර්ථික ගැටළු විතරක් නෙමේ. ගෘහස්ථව ඔවුන් බහුතරයක් විඳින දැඩි පීඩනය ගැනත් පුළුල් කතාබහක් ඕනෙ.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...