ලංකා රාජ්‍ය තොරතුරු ජාලය (LGN) අද ලංකාව පුරා ව්‍යාප්ත කර ඇති රාජ්‍ය සේවයට ඉතාම ප්‍රයෝජන වත් පද්දතියකි ඉක්ටා ආයතනය හා ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව කරන මෙම වැදගත් ව්‍යාපෘතියේ යම් අඩුපාඩුද ඇත.කෙසේ වෙතත් ඉක්ටා ආයතනය විසින් නිති විරෝධී පරිගනක වැඩසටහන් මේ රටින් තුරන් කිරීම උදෙසා මෙම ජාලයේ පරිගණක සඳහා විවෘත කාර්යාල මෘදුකාංග (Open Office) හදුන්වා දී ඇත එමෙන් විද්‍යුත් තැපෑල සඳහාද තන්ඩර් බර්ඩ් (Thunderbird)නැමැති විවෘත වැඩසටහන හදුන්වා දී ඇත නමුත් මෙම වැඩසටහන් සියල්ලම ධාවනය කිරීම සඳහා ලබාදී ඇති මෙහෙයුම් පද්දතිය වන්නේ වින්ඩොස් විස්ටා (Windows Vista)මෙහෙයුම් පද්දතියයි නිති විරෝධි වැඩසටහන් නැවැත් වීම සඳහා ඉහත කී විවෘත වැඩසටහන් හදුන්වා දෙමින් විස්ටා වැනි මුදල් ගෙවා ලබාගත යුතු වැඩසටහනක් මෙහෙයුම් පද්දතිය සඳහා යොදා ගැනීම කොතෙකුත් දුරට සාර්ථක ද? එය හරියට එළ හරකකු සහ මී හරකකු සංසංර්ගයේ යෙදවීමක් වැන්නය
Sunday, May 9, 2010
Saturday, May 8, 2010
For Mobile users
An SMS making rounds urging mobile users to beware of calls from some mobile numbers saying it could harm the brain is false- TRC Chief
Tuesday, May 4, 2010
වත්සලාගෙ හොල්මන....
තිස්සමහාරාම අලුත්ගොඩ පාරේ වත්සලාගේ හොල්මන හොල්මන් කරපු හැටි බලන්න හොල්මන් අඩවියට ගොඩවෙන්න
http://holmanadaviya.blogspot.com/
http://holmanadaviya.blogspot.com/
ප්‍රභේදය-
හොල්මන්
Sunday, May 2, 2010
ජරාම පාර අම්පාර....
අම්පාර කියන්නෙ නැගෙනහිර පළාතෙ ප්‍රධානතම නගරයක් එහෙත් මේ දක්වා කිසිම සංවර්ධන වැඩපිළිවෙලකට අයත් නැති නගරයත් අම්පාර. අම්පාර නගරයට එන ඕනැම පුද්ගලයෙකුට ඇයි මේ...?? කියල හිතෙනව මේ ප්‍රධාන නගරයේ පාරවල් ටික දැක්කම ඇවිදගෙන යන්නත් එපා වෙනව වැස්ස දවසට නගරය එකම මඩ වගුරක් මිනිහෙක්ට පාරක යන්න බෑ මඩ වලින් නැහැවෙනව ඒ මදිවට ප්‍රධාන බස් නැවතුම් පල තියෙන්නෙ අස්සක.. කාක්කන්,කොක්කුන්,වව්ලන්ගේ රජ දහන...අලුත් ඇඳුමක් ඇදගෙන ගමනක් යන්න ගියොත් ඒ කුරුල්ලන්ගෙ වසුරු ප්‍රහාර වලට ලක්වෙන එකේ ගැලවෙන්න නම් අමාරුයි කුඩයක් හරි ඉහලන්න වෙනව.
ප්‍රභේදය-
සමාජීය-අසාධාරණකම්
Wednesday, April 28, 2010
එක්සත් ජාතික පක්ෂ නායකයා කවුරුන් වියයුතුද?
එක්සත් ජාතික පක්ෂ නායකයා කවුරුන් වියයුතුද? යන මාතෘකාව ඔස්සේ තවත් දේශපාලනික වශයෙන් මතභෙදයට තුඩුදිය හැකි තරඟයක් පවත්වන්නයි මගේ අදහස.මගේ පෞද්ගලික අදහස නම් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂය භාරදීමට කාලය එළඹ ඇති බවයි කෙසේ වෙතත් විවිධ පුද්ගලයින් මේ ගැන විවිධ මත පලකරති බොහෝපිරිසකගේ අදහස් මොනවාදැයි විමසා බලමු. කළ යුත්තේ පහත ඇති සබැදියෙන් අදාල අඩවිය වෙත පිවිස කැමැත්ත පලකිරීමයි.
ප්‍රභේදය-
දේශපාලන
හොඳම සින්ඩිය කුමක්ද?
ඉහත මාතෘකාව ඔස්සේ පැවැත්වූ තරඟය (මතබේදයට තුඩුදුන්) නිමා කිරීමට මනුස්සකම අඩවිය තිරණය කළේය කෙසේවෙතත් මෙහි ප්‍රතිඵලය නිර්ව්‍යාජව ඉදිරිපත් කිරීමට ද කටයුතු කරමු.මෙම තරඟයේ ප්‍රතිඵල මෙසේය...
- සිංහල බ්ලොග් කියවනය (ලබාගත් ඡන්ද ප්‍රතිශතය 54%)
- ලාංකීය සිතිවිලි (ලබාගත් ඡන්ද ප්‍රතිශතය 42%)
- කොත්තු (ලබාගත් ඡන්ද ප්‍රතිශතය 05%)
සිංහල බ්ලොග් කියවනය වෙත "මනුස්සකම" වෙතින් සුභපැතුම්!
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
පිරිමින්ගෙ බොළඳ කම..
පුංචිකාලෙ පුංචි ගෑණු ළමයි කැමති බෝනික්කන්ට ඒත් පුංචි පිරිමි ළමයි කැමති යෝධයින්ට...කල් ගතවන විට මේක වෙනස් වෙනව ඒ කියන්නෙ අනිත් පැත්ත පෙරලෙනව ලොකු උණාම ගෑණුලමයි කැමති යෝධයින්ට ඒත් පිරිළමයින් කැමති බෝනික්කන්ට..මේ කථාව සම්පූර්ණ ඇත්ත.මේ නිසාම මට හිතුණ බොළඳ කම පිළීබඳව ටිකක් වැඩිපුර හොයල බලන්න ඒ සඳහා මම යොදාගත්තෙ සිග්මන් ප්‍රොයිඩ් (Sigmund Freud) කියන ප්‍රකට මනෝවිද්‍ය දාර්ශනිකයාගේ පොත් කිහිපයක්.වර්ථමානයේ ආදරය කරන්නට පිවිසි පිරිමි ළමයින් අතුරින් 80% පමණ බොළඳ බවින් පෙළෙනව කියලයි තතු දන්නෝ පවසන්නෙ එයට ප්‍රධාන හේතුව මනුස්ස සිතුම් පැතුම් හරි ආකාරව වටහා නොගැනීමයි.ගැහැණු ළමයකු අභියස බොළඳ වීමෙන් ඇතිවන්නේ එම ගැහැණු ළමයා තුල පිරිමියා යන්න පිළිබඳ තිබූ ආකල්ප (ගෞරවය හා පෞර්ෂ පිළිබද ආකල්ප) පලුදුවීමයි එමෙන් කාන්තාවක් පිරිමියා තුලින් බලාපොරොත්තු වන්නේ මොනවාද?
ප්‍රභේදය-
සමාජීය-පොදු
ඉස්තිරික්කය....
අද උදේ කමිසය මදින්න හදන කොට ස්තිරික්කයේ මුහුණත මත යම් තට්ටුවක් බැඳී තිබුණි එසේ වන්නට හේතුව ඇඳුම් මත ඇති ධුවිලි අංශු හා රෙදි වර්ණ කිරීමට යොදාගන්නා රසායනික ද්‍රවයයන් රත්වීම නිසා තටිටුවක් ලෙස ස්තිරික්ක මුහුණත මත බැඳීම විය හැකිය.එසේ තට්ටුවක් බැඳුන හොත් රෙදි මැදීම ඉතා අසීරුය රත් වූ විට ඒම මැලියම් වැනි දව්‍ය අපගේ ඇඳුම් මත තැවරීමටද ඉඩ ඇත. මෙම තට්ටුව ඉවත් කිරීමට ඉතා අපහසුය බොහෝ දෙනෙක් නොදන්නා කමින් යම් උපකරණයන්ගෙන සීරීමට තැත් කරයි එහිදී ස්තිරික්ක මුහුණතට හානී වී රෙදි මදින විට එම රෙදි සීරීමකට ලක්වේ එබැවිණ් මෙම ස්තිරික්කය මත බැදෙන තට්ටුව ඉවත් කිරීමට පහසුම ක්‍රමයක් කියන්නට කැමති ගොඩක් දෙනෙක් අතර බෙහෙවින් ජනප්‍රිය දෙයක්..ස්තිරික්කය රත්වෙන්නට හැර පැනඩෝල් පෙත්තක් ගෙන එය පරෙස්සමින් එම තට්ටුව බැඳී ඇති ස්ථාන මත අතුල්ලන්න එවිට එම තට්ටුව ද්‍රව බවට පත්වනු දැකිය හැක එය වේලෙන්ට ප්‍රථම රෙදි කඩකින් පිසදා හරින්න ලෙහෙසියෙන්ම එම බැඳී ඇති තට්ටුව ඉවත් කරගත හැක.
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ගරු සභාපති තුමණි !
සිංහල බ්ලොග් කලාව දැනට ව්‍යප්තවී ඇති ප්‍රමාණය ගැන සතුටුවිය නොහැක මෙය අධ්‍යාපන,සමාජීය,දේශපාලන හා නොයෙකුත් අංශ වලට ඉතා ප්‍රයෝජනවත් එකකි නමුත් ලංකාව තුල අන්තර්ජාලය භාවිතා කරන පිරිසත් සමග සංසන්දනය කලහොත් සිංහල බ්ලොග් ගැන දන්නෙ එයින් සියට 5% ත් අඩු පිරිසක්.මේවන විටත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයක් ක්‍රියාත්මක වූවද එය ඉතාම අක්‍රිය තත්වයේ පවතින්නකි සිංහල බ්ලොග් ලියන්නේද කියවන්නේද එකම පිරිසක් බව පෙනීයන කරුණකි.දිනකට එක් අඩවියකට පිවිසෙන ප්‍රමාණය දළ වශයෙන් 500 හෝ ඊට ආසන්න ගනනකි. මෙම කලාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට සිංහල බ්ලොග් ලියන්නන්ටද වගකීමක් ඇත.
ප්‍රභේදය-
සමාජීය-පොදු
Subscribe to:
Comments
(
Atom
)














