Ads 468x60px

Sunday, May 2, 2010

ජරාම පාර අම්පාර....

අම්පාර කියන්නෙ නැගෙනහිර පළාතෙ ප්‍රධානතම නගරයක් එහෙත් මේ දක්වා කිසිම සංවර්ධන වැඩපිළිවෙලකට අයත් නැති නගරයත් අම්පාර. අම්පාර නගරයට එන ඕනැම පුද්ගලයෙකුට ඇයි මේ...?? කියල හිතෙනව මේ ප්‍රධාන නගරයේ පාරවල් ටික දැක්කම ඇවිදගෙන යන්නත් එපා වෙනව වැස්ස දවසට නගරය එකම මඩ වගුරක් මිනිහෙක්ට පාරක යන්න බෑ මඩ වලින් නැහැවෙනව ඒ මදිවට ප්‍රධාන බස් නැවතුම් පල තියෙන්නෙ අස්සක.. කාක්කන්,කොක්කුන්,වව්ලන්ගේ රජ දහන...අලුත් ඇඳුමක් ඇදගෙන ගමනක් යන්න ගියොත් ඒ කුරුල්ලන්ගෙ වසුරු ප්‍රහාර වලට ලක්වෙන එකේ ගැලවෙන්න නම් අමාරුයි කුඩයක් හරි ඉහලන්න වෙනව.

 ගරු නගරාදිපති තුමත් මේ ගැන බලන්නෙ නැතුව වගේ ඔව් ඉතින් ඔවුන්ට මේ ගැටලු බලපාන්නෙ නැහැනේ මොකද ඔවුන්ගෙ ගමන් බිමන් සුඛෝපබෝගී වාහන වල නිසා..ඡන්දයකුත් ඉවර වුණා ඒ පත්වුණ මංත්‍රීවරුත් ඡන්දය ඉල්ලන්න නම් විලි ලැජ්ජ නැතිව මේ නගරයේ ඇවිද්ද ඒත් ඡන්ටදන් පස්සෙ නම් ඇහැටවත් දකින්න නැතිලු කොහොම වඅණත් ඇමති වරුත් දෙන්නෙක්ම පත්වුණා දැන්වත් ඔවුන්ට අම්පාර නගරය දියුණුකරන්න හිත පහළවෙයිද? පහුගිය දවස් වල පාර හදනව හදනව කියල වටේ පිටේ තිබුණ ඉදිකිරීම් පවා ඉවත් කරා ඔන්න ආපහු ඒවත් නැවත හැදීගෙන එනව ඒ කියන්නෙ මේ පාර මේ පාරවත් හදනනෙ නැද්ද ? බලධාරින්ගෙන ඇහුවම කිව්වෙ මේ නගරය මෙතුවක් අයිතිවෙලා තිබුනෙ පරිසර අධිකාරියට කියල ඒ නිසා තමයි නගරය සංවර්ධනය කරන්න බාධා වුණේ කියල ඒත් දැන් එහෙම නෑ මීට මාසකිහිපයකට කලින් පරිසර අධිකාරියෙන් ඉවත් කරගත්තලු කතාවෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ කියන අය නම් කියන්නෙ එහෙම එවා මේවා කොහොම වුණත් හෙට අනිද්දම අම්පාරෙ වැඩ පටන්ගන්නවනම් හොඳයි මොකද දැනට ප්‍රධාන නගර අතුරින් අප්‍රසන්නම නගරය අම්පාර නිසා........

2 comments :

  1. හොද ලස්සන ගෑණු ලමයෙක් තෝරලා (අම්පාරේ එහෙම ලමයීගෙන් අඩුවක් නැහැනේ), රාජපක්ෂ පවුලෙ කෙනෙකුට බන්දලා දෙන්න. නාමල් කුමරුටනම් වඩාත් යහපත්. සතියෙන් අම්පාරත් හරියට තංගල්ල වාගේ වෙයී.

    ReplyDelete
  2. නගර + ධිපතිට වැඩ ඇති මොකෝ වෙන දෙවල් නැද්ද නගරේ බලන එක හැර.ගෙදර දේවල්, අරයගේ දේවල් . මෙයාගේ දේවල් කොච්චර කියලා දේවල්ද

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...