Ads 468x60px

Sunday, May 9, 2010

එළ හරකයි මී හරකයි!

ලංකා රාජ්‍ය තොරතුරු ජාලය (LGN) අද ලංකාව පුරා ව්‍යාප්ත කර  ඇති රාජ්‍ය සේවයට ඉතාම ප්‍රයෝජන වත් පද්දතියකි ඉක්ටා ආයතනය හා ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව කරන මෙම වැදගත් ව්‍යාපෘතියේ යම් අඩුපාඩුද ඇත.කෙසේ වෙතත් ඉක්ටා ආයතනය විසින් නිති විරෝධී පරිගනක වැඩසටහන් මේ රටින් තුරන් කිරීම උදෙසා මෙම ජාලයේ පරිගණක සඳහා විවෘත කාර්යාල මෘදුකාංග (Open Office) හදුන්වා දී ඇත එමෙන් විද්‍යුත් තැපෑල සඳහාද තන්ඩර් බර්ඩ් (Thunderbird)නැමැති විවෘත වැඩසටහන හදුන්වා දී ඇත නමුත් මෙම වැඩසටහන් සියල්ලම ධාවනය කිරීම සඳහා ලබාදී ඇති මෙහෙයුම් පද්දතිය වන්නේ වින්ඩොස් විස්ටා (Windows Vista)මෙහෙයුම් පද්දතියයි නිති විරෝධි වැඩසටහන් නැවැත් වීම සඳහා ඉහත කී විවෘත වැඩසටහන් හදුන්වා දෙමින් විස්ටා වැනි මුදල් ගෙවා ලබාගත යුතු වැඩසටහනක් මෙහෙයුම් පද්දතිය සඳහා යොදා ගැනීම කොතෙකුත් දුරට සාර්ථක ද? එය හරියට එළ හරකකු සහ මී හරකකු සංසංර්ගයේ යෙදවීමක් වැන්නය

මෙතරම් විවෘත මෙහෙයුම් පද්දති තිබියදී දී ඉක්ටා ආයතනය කරන මේ හරුපය කුමක්ද ඔවුන්ට මේ සඳහා උබුන්ටු (මනුස්සකම) වැනි මෙහෙයුම් පද්ධතියක් හදුන්වා දෙන්නට හැකියාව තිබුණී .මෙසේ විස්ටා මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම තුලින් සිදුවන අහිතකර බලපෑම නම් රාජ්‍ය තොරතුරු ජාලය භාවිතා කරන රාජයේ සේවකයන් විස්ටා වැනි මෙහෙයුම් පද්ධති තම පෞද්ගලික ස්ථානවල පවා භාවිතා කිරීමට පෙළඹීමයි ඒ තුලින් නිතී විරෝධී වැඩසටහන් ව්‍යප්ත වීමේ අවධෘනමක් පවතී ඒ තුලින්  ඉක්ටා ආයතනයේ බලා පොරොත්තු සුන්වී යනු ඇත...

වින්ඩොස් විස්ටා මොහෙයුම් පද්දතිය භාවිතා කළ එකේ හැමෝම දන්න වින්ඩොස් කාර්යාල වැඩසටහන ද භාවිතා කරානම් මෙකද වෙන්නෙ? එහෙමත් නැත්නම් විවෘත කාර්යාල වැඩසටහන් භාවිතා කළ එකේ විවෘත මෙහෙයුම් පද්දතියකුත් ඒ සඳහා භාවිතා කළානම් මෙකද වෙන්නෙ? ආදී වශයෙන් ගැටළු කිහිපයකි එළ හරකකු සහ මී හරකකු එක් කරනවාට වඩා එකවර්ගයේ හරක් දෙදෙනෙකු එක් කළානම් හොඳ බව ඕන හරකෙකුට හැඟීයන කාරණාවකි...! 



1 comment :

  1. 'වින්ඩොස් විස්ටා මොහෙයුම් පද්දතිය භාවිතා කළ එකේ හැමෝම දන්න වින්ඩොස් කාර්යාල වැඩසටහන ද භාවිතා කරානම් මෙකද වෙන්නෙ?' - The vista installation is a paid installation quite obviously they are not willing to pay for Office.

    'මෙසේ විස්ටා මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම තුලින් සිදුවන අහිතකර බලපෑම නම් රාජ්‍ය තොරතුරු ජාලය භාවිතා කරන රාජයේ සේවකයන් විස්ටා වැනි මෙහෙයුම් පද්ධති තම පෞද්ගලික ස්ථානවල පවා භාවිතා කිරීමට පෙළඹීමයි ඒ තුලින් නිතී විරෝධී වැඩසටහන් ව්‍යප්ත වීමේ අවධෘනමක් පවතී ඒ තුලින් ඉක්ටා ආයතනයේ බලා පොරොත්තු සුන්වී යනු ඇත' - Have you checked the market lately?

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...